ලාංකීය දේශපාලන ‍පොරපිටිය කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඔස්සේ උණුසුම්වීම දැකගත හැක. පසුගිය දින කිහිපය තුළ දේශපාලන සන්දර්භය ඇතුළත කතාබහට ලක්වූයේ එළැඹෙන පළාත් පාලන ඡන්දය පිළිබඳවය. එම ඡන්දයට අවශ්‍ය අපේක්ෂකයන් රැස් කිරීමට බොහෝ පක්ෂ මහන්සි ගන්නා බවක් පෙනෙන්නට තිබුණි. වඩා ජනප්‍රිය අපේක්ෂකයන් පසුපස හඹා යෑමේ වෙන වෙනම මෙහෙයුම් ද මේ පක්ෂ අතර දියත්ව තිබුණි. පළාත් පාලන මැතිවරණයේදී සැමගේම වැඩිම අවධානය දිනා ගන්නා මහ නගර සභාව බවට පත්ව ඇත්තේ කොළඹය. කොළඹ නගරාධිපති තනතුර කැබිනට් තනතුරක් හා සමාන බව බොහෝ දෙනා පවසති.  ඒ හේතුවෙන් මෙවර ද කොළඹ නගර සභාව සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් මේ පක්ෂ කිහිපය තුළම තිබෙන බව පෙනෙන්නට ඇත.

කොළඹ බලය කොළ පාට බව බොහෝ දෙනා දන්නා කරුණකි. තමන්ට තිබෙන එම බලය රැක ගැනීම සඳහා මෙවරද එජාපය විශේෂ ප්‍රයෝග අනුගමනය කරන බව පෙනෙන්නට ඇත. ඔවුන්ගේ මෙවර තේරීම වී ඇත්තේ රෝසි සේනානායක මහත්මියයි. ඇය කලක් තිස්සේ මෙරට හා ජාත්‍යන්තර තලයේ විශේෂ ප්‍රසිද්ධියක් උසුලන කාන්තාවකි. එජාපය මේ බව ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකත්වය ප්‍රබල ව්‍යාපාරික කාන්තාවකට ලබාදීමට උත්සාහයක් ගත් බව දන්නේ තිරය පිටුපස කිහිප දෙනකු පමණි. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛතාව මත බිහිව තිබෙන ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ ද කොළඹ නගරාධිපති අපේක්ෂකත්වය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට ඇත. එම තනතුර සඳහා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ වැඩිමහල් මුනුපුරා ඉදිරිපත් කිරීමට මේ වන විටත් ඔවුන් තීරණය කර ඇත.

ඡන්දය පිළිබඳව අවසන් එකඟතාවට පැමිණෙන අවසාන තත්පරය වන විට ඊට අදාළ සීමා නිර්ණ නිවැරදි නොවන බවට පෙත්සම් කිහිපයක් පසුගියදා ගොනුවිය. එම පෙත්සම්වලට එරෙහිව මේ වන විට බොහෝ පක්ෂ අධිකරණයට කරුණු දක්වන තත්ත්වයට පත්ව තිබේ.

මෙම ආරංචි සැලවීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝද ඒ පිළිබඳව අවධානය යොමු කළහ. ඒ ඔවුන්ගේ පක්ෂ නායක රැස්වීමේදීය. ඒ පිළිබඳව ඒකාබද්ධයේ පක්ෂ නායකයින් දැනුවත් කරන ලද්දේ සිසිර ජයකොඩි මහතාය.

”ආරංචියක් තියෙනවා ආණ්ඩුව ආයෙත් පාරක් පළාත් පාලන ඡුන්දය කල්දාන්න සැලසුම් කරනවා කියලා. මට දැනගන්න ලැබුණු විදියට ලබන සතියේ සීමා නිර්ණය ගැන කියලා උසාවි යන්න සූදානම් වෙනවලූ” ඔහු  එ්කාබද්ධයේ පිරිස් දැනුවත් කළේය.

”ආණ්ඩුවට ඡුන්ද කිව්වම කකුල් වෙවුලන්න ගන්නවා. මිනිස්සුන්ට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න බැරුව ඉන්න කොට කොහොමද ඡුන්දයකට යන්නේ?” ප‍්‍රසන්න රණතුංග ඇසුවේය.

”ආණ්ඩුවේම ඇමැතිවරු තමන්ගේ පක්ෂවල නායකයන්ට කියනවා ඇති අනේ ඡුන්ද නම් තියන්න එපා, අපිට රෙද්දක් ඇදගෙන ගම්වලට යන්න බැහැ කියලා” රංජිත් සොයිසා කීවේ සියලූදෙනා සිනහා ගන්වමිනි.

මේ පිළිබඳව අභ්‍යන්තර තොරතුරු ප‍්‍රමාණයක් ජවිපෙ නායකයින්ටද දැනගන්නට ලැබිණි.
”ආණ්ඩුව දිගටම ඡුන්දය කල්දාන්න උත්සහයක හිටියා. දැන් ආයෙත් වටයකින් ඒ උත්සහය ක‍්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ සැරේ සෘජුවම මෛත‍්‍රී පාර්ශ්වයෙන් තමයි මේ නඩුව දාලා තියෙන්නේ. මට නීතිඥයෙක් මේ ගැන කතා කරලා කිව්වා. පෙත්සම්කරුවන් අතර ලක්ෂ්මන් යාපාගේ, ඩිලාන් පෙරේරාගේ, දයාසිරි ජයසේකරගේ හිතවත්තු ඉන්නවා කියලා දැනගන්න ලැබුණා.” විජිත හේරත් කියා සිටියේය.

”දිගින් දිගටම මේ විදියට ඡුන්දය කල්දාන්න ඉඩ දෙන්න බැහැ. මේ ගැන මොකක් හරි ක‍්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.” අනුර දිසානායක කියා සිටියේය.

මෙම පෙත්සම ගොනු කිරීමත් සමඟ බොහෝ පිරිසක් ජවිපෙ නායකයින්ට ඇමතුම් ලබාදෙමින් මේ පිළිබඳව මැදිහත්වීමක් කළ හැකිදැයි විමසීය. ජවිපෙ නායකයින් මේ පිළිබඳව සාකච්ඡුා කොට මෙම පෙත්සම සඳහා අතරමැදි පාර්ශවකරුවෙකු වශයෙන් සහභාගිවීමට හැකිදැයි සොයා බැලීය. නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥයින් කණ්ඩායමක් සමග කළ සාකච්ඡුාවකින් අනතුරුව මැදිහත්කරුවෙකු ලෙස නඩුවට සහභාගිවීමට අවශ්‍ය ලියකියවිලි සකස් කිරීම ආරම්භ කෙරිණි.
”අභියාචනාධිකරණයේ මේ පෙත්සම දාලා තියෙන්නේ  ඕනෑකමින්මයි. මේ නඩුවට කාලය ගන්නත් පුළුවන්.  වෙන අයට මැදිහත්වෙන්නත් සීමාකම් තියෙනවා. මේක ආණ්ඩුව ප්ලෑන් කරලා කරපු එකක් බව හොඳටම පැහැදිලියි. සීමා නීර්ණ වාර්තාව දාලා  ඕන තරම් කල් තිබුණා නඩු දාන්න. ඒත් නඩු දැම්මේ නැහැ. දැන් මේ ඡුන්දෙ ළංවෙලා නඩු දාන්නේ කල්දාගන්න  ඕන නිසාමයි.” සුනිල් වටගල පැහැදිලි කළේය.

16 වෙනිදා පැවැති පෙත්සම විභාගයේදී ජවිපෙ වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන කරුණු දැක්වීය. පෙත්සම්කරුවන්ගේ නීතිඥයා දේශපාලන පක්ෂවලට මැදිහත්වීමට විරෝධය පළ කළද මෙය දේශපාලන පක්ෂවලට බලපාන කරුණක් බැවින් නඩු විභාගය සඳහා මැදිහත්වීමට අනෙක් පාර්ශ්වකරුවන්ට අවස්ථාව ලබාදීමට විනිසුරුවරයා අවස්ථාව ලබාදුන්නේය. ඒ අනුව ලබන 22වෙනිදා පෙත්සම නැවත සලකා බැලීමට නියමිතය. උසාවියෙන් පිටතට පැමිණි ජවිපෙ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ ඡුන්ද කල්දැමීමේ උත්සාහය පරාජයට පත්කරන බවයි.

මේ හා හූව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද දැන ගන්නට ලැබුණි.
මේක මහ පිස්සු කතාවක්. අපිට ඡන්දෙ කල්දාන්න ඕන නම් අපේ අයම දාලා පෙත්සම් දානවද? මේක වෙන කාගේ හරි කුමන්ත්‍රණයක්. අපිව පටලවන්න ඕන හන්දම තමයි ඔය විදිහේ වැඩක් කරලා තියෙන්නේ. ජනාධිපතිවරයා සිය නිලධාරීන්ට කීවේය.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවසානයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක යන ඇමතිවරු වහා කැඳවූහ.

ශ්‍රීලනිපය හැටියට අපි ඉන්නෙත් ඡන්දෙ තියන්න ඕන කියන මතයේ. ඒකෙ කිසි වෙනසක් නෑ. මේ පෙත්සම්වලට විරෝධය පළ කරලා පක්ෂය හැටියට අපිත්  අධිකරණයට කරුණු වාර්තා කරන්න ඕන. වහාම ඒ ගැන හොයා බලන්න. ජනාධිපතිවරයා පැමිණි අයට දැනුම් දුන්නේය. ඒ අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ.

පුංචි ඡන්දය පිළිබඳව නැග එමින් තිබූ උණුසුම සති අන්තය ආසන්න වන විට වෙනත් පැත්තකට දෝලනය වීම ආරම්භ විය. ඒ කෝප් කමිටුවේ කටයුතු කළ මන්ත්‍රීවරු විසි අට දෙනාගෙන් පස් දෙනකු එම පර්යේෂණ කටයුතු අතරවාරයේම මහ බැංකු වංචාව සම්බන්ධයෙන් නම කියැවුණු අර්ජුන් ඇලෝසියස් සමග සම්බන්ධතා පවත්වා තිබෙන බව හෙළිදරව් වීමත් සමගය. මෙය හෙළි වූයේ බැඳුම්කර කොමිසම හමුවේදීය. එහිදී මෙම මන්ත්‍රීවරු පස්දෙනා සමග පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අවස්ථා 148කදී දුරකථන සම්බන්ධතා පවත්වා තිබේ. එලෙස චෝදනා ලද පිරිස වූයේ අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා හා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා යන අයයි. එම ප්‍රවෘත්තිය සමාජගත වීමත් සමග ක්ෂණිකව දේශපාලන තලය උණුසුම් වන්නට විය.

“මේ කට්ටියෙන් හතර දෙනෙක්ම ෆුට් නෝට් දාපු අය. ඒත් දයාසිරි මේ ගනුදෙනුවට විරුද්ධව කතා කරපු කෙනෙක්. එයාගේ නමත් මෙතැන තියෙන එක තමයි පුදුමේ.” මේ පිළිබඳව අදහස් දක්වන මධ්‍යස්ථ දේශපාලකයින් බහුතරයකගේ මතය එය විය. ඉන් නොනැවතුණු එම පිරිස එම කරුණ සෘජුවම අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් විමසා සිටියහ.

ඇත්තටම වුණේ අර්ජුන් ඇලෝසියස් මට කතා කරපු එකයි. ඒකට පිළිතුරු දීමට මට තහනමක් නෑ. ඔය කා‍ලේ එයා මට එක දවසක් කතා කරලා හම්බු වෙන්න එ‍පොයින්ට් එකක් ඉල්ලුවා. මට මේක සැක හිතුණා. ඒ හින්දා මම හිතුවා යාළුවෝ හම්බ වෙනවා වගේ පිටස්තර පෞද්ගලික තැනක හමුවීම නුසුදුසුයි කියලා. මම කෙළින්ම අර්ජුන් ඇලෝසියස්ට කිව්වා මගේ අමාත්‍යාංශයට එන්න කියලා. අර්ජුන් අමාත්‍යාංශයට ආවා. එයා ඇවිල්ලා මට කිව්වා බැඳුම්කර සිද්ධිය සම්පූර්ණ නීත්‍යනුකූල සිද්ධියක්. නමුත් දැන් ඒකට එයාව අමාරුවේ දාන්න හදනවා කියලා. එහෙම කියලා එයා මගෙන් උදව් කරන්න කියලා ඉල්ලුවා. මම එතකොට එයාට කිව්වා මට එහෙම උදව් කරන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ පිළිබඳව විශේෂ පර්යේෂණයක් දැන් යනවා කියලා. ඒ හරහා ලොකු ලොකු දේවල් හෙළිවෙමින් තිබෙන බවත් මම ඔහුට කිව්වා. ඒ වෙලාවේ අර්ජුන් ඇලෝසියස් මගෙන් නැවත වතාවක් උදව් කරන්න කියලා ඉල්ලුවේ නෑ. ඔහු කිව්වා “බොහෝම ස්තුතියි. පුළුවන්නම් විතරක් මට උදව් කරන්න කියලා” එහෙම තමයි ඒ හමුව අවසන් වුණේ. මම එදා ඉඳන්ම මේක සම්බන්ධයෙන් හිටියේ එක මතයක. ෆුට් නෝට් කල්ලියටත් මම අයිති නෑ.” දයාසිරි ඒ පැමිණි මිතුරන්ට මතෛක් අනාවරණය නොවූ කරුණක් හෙළි කරමින් කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තය වන විට රැඳී සිටියේ ‍පොළොන්නරුවේය. සති අන්තයට පෙර දින ජනාධිපතිවරයා දරුවන් රැකීමේ ජාතික ව්‍යාපාරයේ දෙවැනි සැසිය ඇමතුවේය. මෙය සංවිධානය කරන ලද්දේ ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය සහ ‍පොළොන්නරුව දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාල එකතුවීමෙනි.

කනගාටුවෙන් වුවත් කිව යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඇතැම් පියවරුන්ගෙන් දරුවන් රැක ගැනීමේ ප්‍රශ්නය මතු වෙලා තියෙනවා. ඇතැම් මව්වරුන්ගෙන් දරුවන් රැක ගැනීමේ ප්‍රශ්නය මතු වෙලා තියෙනවා. ඇතැම් පාසල්වලින් දරුවන් රැක ගැනීමේ ප්‍රශ්නය මතු වෙලා තියෙනවා. ඇතැම් වෙලාවට පූජනීය ස්ථානවලින් දරුවන් රැක ගැනීමේ ප්‍රශ්න මතු වෙලා තියෙනවා. මේ සියල්ල දැක ගන්න පුළුවන් අධිකරණයක නඩු අහන අවස්ථාවක. මේ කරුණු බලද්දී පේනවා දරුවන් කොතරම් අනාරක්ෂිතද කියලා. මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. මෙය කෙසේවත් දියුණු සමාජයක ලක්ෂණයක් නෙවේ. අපේ වගකීම තමයි මේ දරු සම්පත රැක ගැනීම එහිදී ජනාධිපතිවරයා කීවේ තරමක ආවේගයද සහිත ස්වරයකිනි. ඒ සඳහා දීර්ඝ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවටද ජනාධිපතිවරයා යෝජනා කළේය.
සෙනසුරාදා උදෑසන මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්ත පුවත්පත් කියවීමෙන් පසු එදිනට නියමිත කටයුතු පිළිබඳව සොයා බැලුවේය. සති අන්ත ‍පොළොන්නරුවේ ගත කළ ජනාධිපතිවරයා කොළඹට පැමිණියේ සතියේ වැඩකටයුතු සඳහා සහභාගි වීමටය.

ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවූයේ පසුගිය අඟහරුවාදාය. එම උත්සවයට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. එහිදී ජනාධිපතිවරයා තරමක අපූරු කතාවක් කීවේය. ඒ කොළඹ නගරයේ මාර්ග සහ ගොඩනැගිලිවල දකින අලංකාරය නගර වැසියන්ගෙන්ද දැක ගත යුතු බවය. ජනාධිපතිවරයා ව්‍යංගයෙන් කීවේ භෞතික සංවර්ධනයට එහා ගොස් ජනතාවගේ ජීවිත සංවර්ධනය කළ යුතු බවය. එම උත්සවයට පැමිණ සිටි වෘත්තීයවේදීහු කිහිප දෙනකු එම අදහස අගය කරමින් ජනාධිපතිවරයාට එහිදී සුබපැතූහ.

මෙවර කැබිනට් මණ්ඩල සැසිය පවත්වන ලද්දේ පාර්ලිමේන්තුවේදීය. අයවැය පැවැත්වෙන බැවින් කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ රැස්වීම වඩාත් යෝග්‍ය බව ජනාධිපතිවරයා කැබිනට් ‍ලේකම්වරයාට දැනුම් දී තිබුණි. මෙවර කැබිනට් සාකච්ඡාවද උණුසුම් වූයේ තෙල් අර්බුදය සම්බන්ධයෙන් පත් කළ අනුකමිටුවේ වාර්තාව භාර දීමත් සමගය.
ඉන්ධන හිඟයක අනතුරක් එන බව දැන දැනත් ඛනිජ තෙල් සංස්ථාව කල්තියා ඒකට කරන්න ඕන පිළියම් මගහැර තිබෙන බවයි අපිට නම් පේන්නේ. එම වාර්තාව භාර දෙමින් ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා ජනාධිපතිවරයාට කීවේය. එම කමිටුවේ සභාපතිත්වය දරන ලද්දේ ආචාර්ය සරත් අමුණුගම මහතාය. එහි සෙසු සාමාජිකයෝ ලෙස පාඨලි චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා හා අර්ජුන රණතුංග යන ඇමැතිවරු කටයුතු කළහ.

අපි කිහිප විටක්ම ඛනිජ තෙල් සංස්ථාවට ගිහිල්ලා මේ පිළිබඳව සොයා බැලුවා. එහිදී තමයි අපිට මේ කරුණු අනාවරණය වුණේ. ඔවුහු වැඩිදුරටත් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

මෙම අනුකමිටු වාර්තාවෙන් ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන නොයාම, තිබෙන ඉන්ධන තොග කළමනාකරණය නොකිරීම, ඉන්ධන හිඟයක අනතුරක් දැක දැකත් අදාළ කළමනාකරණ කටයුතු නොකිරීම යන කාරණා මෙම වාර්තාවෙන් අනුකමිටුව පෙන්වා දී ඇත.

කැබිනට් සැසිය උණුසුම් වූයේ ඉන් පසුවය. ප්‍රථමයෙන්ම මෙහිදී නැගී සිටියේ හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයකු වන චන්දිම වීරක්කොඩි මහතාය.

ජනාධිපතිතුමනි, අර්ජුන ඇමැතිතුමා කියලා තියෙනවා මේ තෙල් ප්‍රශ්නය පිටිපස්සේ හිටපු ඛනිජ තෙල් ඇමැතිවරු දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ වගේම දකුණේ කෙනෙක් ගැනත් මාධ්‍යවල පළ වුණා. මොකක්ද මේ වැඩේ? මේ ව්‍යංගයෙන් කියන්නේ අපි ගැන. මේකට කිසිම පදනමක් නෑ. අපි වැරැද්දක් කරලා තියෙනවා නම් නම කියලා කියන්න කියන්න. එහෙම නැතිව තැන තැන කියෝ කියෝ යන එක වැරදියි. දැන් මං අභියෝග කරනවා පුළුවන්නම් අපේ නම් සෘජුව කියන්න කියලා. වීරක්කොඩි ඇමැතිවරයා කීවේ ආවේගයෙනි.

නෑ, මං කිව්වේ එහෙම එකක් ‍නෙවෙයි. නැගී සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයා කීය.
මෙයා දැන් මෙතැන එහෙම කිව්වට රටම දන්නවා එවැනි චෝදනාවක් නැගූ බව. ඒක පත්තරවලත් ගියා. නැගී සිටි දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කීවේද කේන්තියෙනි.

ඔව් මේක ඇත්ත. මෙතුමා චෝදනාවක් කරනවා නම් ව්‍යංගයෙන් නැතිව කෙළින්ම කියන්න ඕන. මොකද අපිත් හිටපු තෙල් ඇමැතිවරු. මේක අපිටත් වදිනවා. අපි කියන්නේ කවුරුහරි එහෙම කළා නම් ඒ ගොල්ලන්ගේ නම් හෙළිකරන්න කියලා අපිත් කියනවා. නැගී සිටි සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යන අමාත්‍යවරු ද මෙහිදී විරෝධය පාමින් කියා සිටියහ.

මම කිව්වනේ මම එහෙම එකක් කිව්වේ නෑ කියලා. නැවතත් අර්ජුන කීවේය.
එහෙත් අනෙක් ඇමැතිවරු ඉන් සෑහීමකට පත් වන බවත් දිස්වූයේ නැත. අවසානයේ මේ කාලගෝට්ටිය සමථයට පත් කිරීමට ජනාධිපතිවරයාටද මැදිහත්වීමට සිදුවිය.

හරි දැන් මෙහෙමනේ, එහෙම දෙයක් කිව්වේ නැත්නම් ඔයාට පුළුවන් අර්ජුන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න. දෙපාර්ශ්වයම නිහඬ කරමින් ජනාධිපතිවරයා කීවේය.

මේ අතර බ‍්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රාජකාරි කිහිපයක් නිමකර කෙළින්ම ගියේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වීමටය. ඔහු එනතෙක් පාර්ලිමේන්තු අගමැති කාර්යාලයේ සිටි මැති ඇමැතිවරු හමුවීමට අගමැතිවරයා මුලින්ම ගියේය.

”කොහොමද ඊයේ එජාප කෘත්‍යාධිකාරී රැුස්වීම” කාර්යාලයට ඇතුළු වෙන ගමන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇසුවේ සිනාසෙමිනි.

”ගිය රජයේ වැරදි කළ අයට දඬුවම් පමා බවට ජනතාව වගේම අපේ මැති ඇමැතිවරු අතරත් තියෙන අදහසට කෘත්‍යාධිකාරියේදී පිළිතුර ලැබීම වටිනවා.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.

”ගිය රජයේ හොරුයි මිනීමරුවොයි අද ටී.වී. ඉස්සරහ රඟපාන තරම් සාර්ථක රඟපෑමක් කරන්න මම නළුවෙක් වෙලත් අමාරුයි” රන්ජන් රාමනායක කීවේ සිනා මැදය.

”ෆයිල් 91 ක් පොලිසිය නීතිපතිට යවපු එකයි ඉන් 12 කට නඩු දැමීමයි මෙතනදී එළිවීම වටිනවා” දයා ගමගේ කීය.
”නඩු දැමීමේ ප‍්‍රමාදයක් තියෙනවා. එතනයි ප‍්‍රශ්නය තියෙන්නේ. උසාවිවල අඩුපාඩුවත් මේකට බලපානවා. අලූතින් මහාධිකරණ හා අලූතින් විනිශ්චයකාරවරු දාල මේක කරන්න වෙනවා. නැතිනම් මේ යන විදියට ගියොත් මේ නඩු ටික විතරක් අහන්න තව අවුරුදු 8-10 ක් වත් යාවි” අගමැතිවරයා කීවේය.

”නඩු පමාව ගැන අගමැතිතුමා වාර්තාවක් කැඳවීම වටිනවා. සාගල ගෙනුත් සාධාරණ උත්තර ලැබුණා. තවත් කාලය ගත නොකර මේවා අහන ඉක්මන් ක‍්‍රමවේදය පවා ඉක්මන් කිරීමට කෘත්‍යාධිකාරිය ගත්ත තීන්දුව වටිනවා” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

”කෘත්‍යාධිකාරියේ ඇතිවූ ඇත්ත පසුබිම රටේ ජනතාවටත් ඉක්මනින් ගෙනියන්න  ඕනෑ. මැති ඇමැතිවරු හා එජාප පසුපෙළ ඒ වගකීම ඒ වගකීම භාරගන්න  ඕනෑ” ලක්ෂ්මන් කිරිඇල්ල කළ යෝජනාව අගමැති ඇතුළු සියලූ දෙනා අනුමත කළහ.

”අයවැය ඉතා සමබරයි. විපක්ෂයේ අයට සිල්ලර මිසක් මේ අයවැයට තොග ගණනේ ප‍්‍රහාර එල්ල කරගන්න බැරිව ඒ අය හිරවෙලා ඉන්නේ” දයා ගමගේ කීය.

”2040 දී ඉන්ධන නැති වාහන හා 2050 දී පුනර්ජනනීය බලශක්තිය ඇතිකරන වැඩපිළිවෙළ ගැන විපක්ෂය වගේම ජනමාධ්‍යත් කතා කරනව මදි” දයා ගමගේ කීය.

”හැම ක්ෂේත‍්‍ර වලටම මදිය නොකියන්න මේ පාර මුදල් වෙන් කරල තියෙනවා. ඒත් ගිය අයවැයෙන් වෙන් කළ මුදල් හරියට ප‍්‍රයෝජන අරන් නැහැ කියල එන චෝදනාව බරපතළයි” වජිර අබේවර්ධන කීවේ අගමැතිවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙනි.

”වෙන් කරන මුදල් උපරිම ලෙස ලෙස පාවිච්චි කිරීම හැම ඇමැතිගෙම වගකීමයි. අනික යම් අමාත්‍යාංශයකට වෙන් කරන සල්ලි ප‍්‍රමාණය ඒ අයගෙ හැකියාව මත පදනම් වෙලා වෙන් කිරීම ගැනත් බලන්න  ඕනෑ.” අගමැතිවරයා කීය.
”නාවික ක්ෂේත‍්‍රය ලෝකයට තරගකාරීව ගෙනයාමට තියෙන අයවැය යෝජනාව යට යවන්න සමාගම් 06 ක් දඟලන බව පේනවා. නාවික නෙවෙයි අපේ ගුවන් සේවාවත් තරගකාරීව ලෝකයට විවෘත කළ යුතුයි. ඒජන්ත නැව් සමාගම් කියන පදයට ආණ්ඩුවක් නැටිය යුතු නැහැ. ඒජන්ත සමාගම් වලට විතරක් මුදල් ගරන්න දීලා රටේ නාවික ක්ෂේත‍්‍රයට එක තැන පල්වෙන්න දෙන්න නරකයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.

”ඒ යෝජනාව වෙනස් කළ යුතු නැහැ. ශ‍්‍රීලනිපයේ දෙතුන් දෙනෙක් හැර සමස්ථය විරුද්ධ නැහැ” අගමැතිවරයාගේ අදහස එය විය. ”නාවික වගේම අපේ ගුවන් සේවාවත් ලෝකයට පුළුල් කළ යුතුයි.” ඔහු තවදුරටත් කීය.

”අගමැතිතුමා බැ`දුම්කර කොමිසමට ගෙන්නනකම් සමහරුන්ට නින්ද යන්නෙ නෑ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

”එයාල මගෙන් අහල එවපු ප‍්‍රශ්න වලට මම උත්තර යැව්වා. කොමිසමටත් මම යනවා. මට ඉඩ තියන දින කීපයක් කොමිසමට මම යෝජනා කරලත් යැව්වා මට ඉන්දියාවේ නිල සංචාරයකුත් තියෙනවා. කොමිෂන් නිසා රටේ වැඩ අතපසු කරන්න බැහැ. සමහරු හිතුවෙ මම කොමිසමට යන්න බැහැ කියාවි කියලයි” අගමැතිවරයා කීවේ සැහැල්ලූවෙනි.

”කොමිසමට නොගියොත් ඔබතුමා පරාදයි” රන්ජන් රාමනායක කීවේ සිනාමැදය.
”කොමිසමේ වැඩ දෙසැම්බර් 08 ඉවරයි. එතකං අගමැතිතුමාට රිවස් යන්න කියල යෝජනාවක් ආවා කියල කතාවක් පැතිරෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි.

”නෑ කවුරුත් මට එහෙම කියල නෑ. පැතිරෙන මේ කතාව ගැන ඇහුවම ජනාධිපතිතුමාත් කීප දෙනෙකුට බැණල කියල මට ආරංචියි” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

”එජාප පසුපෙළ ෆයර් වේගෙන එන එකට සමහරු බයවෙලා වගේ පේන්නෙ. අගමැතිතුමාව වට්ටන්න දඟලපු සමහරු දැන් හිර වෙලා ඉන්නේ.” රන්ජන් රාමනායක කීය.

”කාගේ වුණත්  ඕනවට වඩා කතාව නරකයි. හැමෝටම මම මේ කියන්නෙ” එසේ කී අගමැතිවරයා නළල රැුළි ගන්වා ඉවත බලා ගත්තේය.

”පළාත් පාලන ඡුන්දය ජනවාරිවල තියන එක වටිනවා. ඒත් අලූතින් සභිකයන් 3800ක් වැඩිවීම රටට මහා බරක්” දයා ගමගේ කීය.
”එජාපයයි ජවිපෙයි සභික ගණන අඩුකරන්න යෝජනා කළා. ඒකට ගියානම් තව මාස 7-8 ක් ඡුන්දය කල් යනවා. ඡුන්ද ඉල්ලලා රට වටේ හා පංසල් කෝවිල් ගානෙ ගිය අය සභිකයන් 3800 වැඩිවීමේ වගකීම බාරගන්න  ඕන” අගමැතිවරයා කීය.

”අර රුසියාවෙන් ගන්න හදන නැව ගන්නවද” වජිර අබේවර්ධන ඇසීය.
”ඒ නැවට හතර වටෙන් ප‍්‍රහාර එල්ල වෙනවා. නැව ගත්තත් වදිනවා. නොගත්තත් වදිනවා. ඒක මාර වැඬේ” රන්ජන් රාමනායක කීවේය.

”වෙබ් සයිට් කීපයක් හිර කරලා කියලා පැතිරෙන කතාව මොකක්ද? ඇමෙරිකාව පවා ඒකට විරෝධය පාලා කියලා ආරංචියි. නීතිය මත මිසක් හිතුමතයට වෙබ් හිර කිරීම මානව හිමිකම් කඩ වීමක් බවට චෝදනා එන්න පුළුවන්ලූ” පී. හැරිසන් කීවේ එවැන්නකි.

”මහින්ද මහත්තයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා හයිටි හෝටලය හදන්න දීපු රුපියල් කෝටි 1800 න් කෝටි 400 ක් අරන් හම්බන්තොට හෝටලයක් හැදීම ගැන චෝදනාවට රිමාන්ඞ්. තව ටික දවසකින් ඇප ලැබේවි කියලයි.මිනිස්සු කියන්නේ” රන්ජන් රාමනායක කීවේ සිනාසෙමිණි.

”අපි ඔවුන්ට උදව් කළා කියලා සමහරු හිතනවා. ඒක අසාධාරණ චෝදනාවක්. පොලිසිය හා උසාවිය නීතියට අනුව වැඩ කරන්නේ. මමයි සාගලයි උදව් කළේ නැහැ කියලා දැන් ඔප්පු වෙලා තියෙන්නේ” අගමැතිවරයා කීය.
”සෙවණගල සීනි එක දයා ගමගේට ආපහු දෙනවද” ලක්ෂ්මන් කිරිඇල්ල දයා ගමගේගේ පිටට තට්ටු කරමින් ඇසුවේ සිනාසෙමිනි.

”එක පත්තරයක් මිසක් ඒක ආපහු දයාට දෙනවා කියලා අපි කවුරුත් කියලා නෑ” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.
”සෙවණගල ගොඩගන්න මම අවුරුදු 10 ක් කැප කළා. අද ඒ දියුණුව විනාශ වෙලා. ඒක ආණ්ඩුවට පවරා ගැනීමෙන් ලංකාවට එන ආයෝජන පවා ඒ කාලේ නැවතුණා. කම්හල මට ආපහු දුන්නොත් මම යළික් ඒක දියුණු කරනවා.

නැතිනම් මට සාධාරණ වන්දියක් දෙන්න. රජයේ තීන්දු මම දන්නේ නෑ” දයා ගමගේ කීවේ හැ`ගුම්බරවය.
”ටී.එන්.ඒ එක ඒකීය රටක බුදු දහම පිළිගන බලය බෙදීමකට සූදානම් වෙලා තියෙද්දි පෙඩරල් ඉල්ලන විග්නේෂ්වරන් සිවාජිලිංගම් පේ‍්‍රමචන්ද්‍රන් පොන්නම්බලම්ලා දැන් වෙනමම සන්ධානයක් හදාගෙන යන්නයි බලන්නේ”  ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

”නව ව්‍යවස්ථාවට දකුණේ අන්තවාදීන් විරුද්ධ වෙලා ඒක කල් යන්න යන්න උතුරේ තවත් දරුණු අන්තවාදීන් බිහිවේවි. දේශපාලනය කරන මිනිස්සු මේක තේරුම් ගන්න  ඕන” අගමැතිවරයා කීවේ නළල රැුලි ගන්වමිනි.
”පෙට්රල් අර්බුදය කුමන්ත‍්‍රණයක් බව ඇමැති කමිටුව කියනවා. සල්ලි කෑදරකමට සමහර නිලධාරීන් තෙල් සංචිත නැති බව කියලත් නෑ. ”ස්පොට් පර්චසින්” වලට ගිහින් සල්ලි ගරන මේ මාෆියාවට මේ වෙලාවේ හරි තිත තියන්න  ඕන. ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැනත් ඉක්මන් තීන්දුවක් ගන්න කියලයි ඇමැති කමිටු නිර්දේශ වල තියෙන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයා ඇතුළු සියලූ දෙනා අනුමත කළහ.

මේ අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද පුංචි ඡන්දය සඳහා වැදගත් වන මුහුණු එක්කාසු කරන වැඩපිළිවෙළක නිරතව සිටින බව පෙනෙන්නට ඇත.

ලුණුගම්වෙහෙර, සද්ධාතිස්සපුර සදිසිගම ජනතා අයිතියට පත්කළ දිනයේ විපක්ෂයේ ප්‍රබලයන් පස් දෙනෙකු ඉඩම් හා නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වූ පුවත පිටුපස වූයේද එවැනි දෙයකි.

ලුණුගම්වෙහෙර, පඩව්ගම සියතුරුගම ජනතා අයිතියට පත් කළ දිනයේ ද සූරියවැව ප්‍රාදේශීය සභාවේ දෙවරක්ම උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ සුගත් ගාමිණී රුවන්පතිරණ මහතාද ප්‍රේමදාස අමාත්‍යවරයා හා එකතු විය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සුගත් ගාමිණී මහතාට වේදිකාව මතට ඇරයුම් කළේය.

කොහොමද සර් මේ ගම්මානවලට නම් හදලා දාන්නේ වේදිකාව මතට ගොඩ වෙන ගමන් රුවන් පතිරණ මහතා විමසුවේය.
මගේ තාත්තගේ කාලයේ ඉඳන් ඒක හරිම පිළිවෙළටයි කළේ. ගමකට නමක් තියන්නේ නැකැත් – පාද – කිලි – හෝරාව – පක්ෂියා බලලයි. අතීතයේ ජාතික සටන් මෙහෙයවපු සෙන්පතිවරුන්ගේ වගේම රටට සේවය කළ දේශපාලන නායකයන්ගේ නම් වලිනුත් ගම්මාන නම් කරනවා. පක්ෂ භේදයකින් තොරවයි ඒ දේ කරන්නේ.

ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් ආශිර්වාදය ඊට හිමි වෙනවා. අද අපි මේ කරන්නෙත් පවුල් 1,000 කට විතර ප්‍රතිලාභ ලැබෙන, ඒ අයගේ ජීවිතවලට ආලෝකයක් ලැබෙන වැඩසටහනක් යනුවෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මේ සංවර්ධන වැඩසටහන්වලින් මගේ පළාතේ දුක් විඳින ජනතාවට ප්‍රතිලාභ අත්කරදීමයි මගේ වෑයම. මං විතරක් ‍නෙවෙයි, අනාථ වෙලා ඉන්න සූරියවැව හුඟ දෙනෙක් සර් එක්ක එකතු වෙන්න ලෑස්තියි රුවන් පතිරණ මහතා කීය.
පහුගිය ආණ්ඩුව කා‍ලේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලින් ගමේ ගොවියාට, ධීවරයාට, කම්කරුවාට සත පහක වැඩක් වෙලා නෑ. ඒ අයටත් එන්න කියන්න. හැබැයි ඔයා ආ විදියටම පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් තොරව කැපකිරීම් කරන්නත් බලාගෙන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කීවේය.

මේ අතරඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක්ද පසුගිය සිකුරාදා මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි.  එහිදී 12 වැනි දා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු ජනරැුලිය සහ අයවැය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

”ආණ්ඩුව මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ජනතාව ගැන හිතලා හදපු අයවැයක් නෙමෙයි. මේකෙන් ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික ප‍්‍රතිපත්ති පැහැදිලිව පේනවා” මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

”ආණ්ඩුව හදන්නේ මිනිස්සුන්ට බියර් පොවලා රටේ ප‍්‍රශ්න අමතක කරවන්නයි” ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය.

”කොහොමත් මංගලලා නියෝජනය කරන්නේ විස්කි බිබී පිස්සු නටන පැලැන්තිය තමයි. මිනිස්සු කන්න නැතුව ඉද්දි බියර් අඩු කරලා තියෙන්නේ ඒ හින්දානේ” රංජිත් සොයිසා මන්්ත‍්‍රීවරයා කීවේය.

”මේ ආණ්ඩුවට කිසිම දැක්මක් නැහැ. නොවැම්බර් මාසේ අයවැය ගෙනල්ලා එක ආර්ථික ප‍්‍රතිපත්තියක් කියන ගමන් ජනවාරියේ ඉඳලා මාසෙන් මාසෙට වෙන වෙන සැලසුම් ඉදිරිපත් කරන්නේ ඒ නිසයි” පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය පෙන්වා දුන්නාය.

”කෝ අර කේක් එක ගේන්න” මේ අතර මහින්ද රාජපක්ෂ මහතා කීවේය. මහින්දගේ උපදෙස් මත පක්ෂ නායක හමුවට අලංකාර කේක් ගෙඩියක් ගෙන එන ලදී. ”අපේ මේ බර්ත් ඬේ ගර්ල්ට සුබපතලා අපි මේක කපමු” මහින්ද රාජපක්ෂ මහතා එසේ පවසත්ම කේක් ගෙඩිය ගෙනැවිත් තිබෙන්නේ තමන්ගේ උපන් දිනය නිමිත්තෙන් බව පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය දැන ගත්තාය.

සියලූදෙනාගේ සුබපැතුම් මැද පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය කේක් ගෙඩිය කැපුවාය. ”දැන් කීයද පවිත‍්‍රා වයස? විස්ස ද, තිහ ද, හතළිහද?” මහින්ද ඇසුවේ පවිත‍්‍රා කේක් කපනකොටය.

”සරුත්  ඕනේ නැති ප‍්‍රශ්නනේ අහන්නේ? දන්නේ නැද්ද ගෑනු අයගෙන් වයස අහන්න හොඳ නැහැ කියලා” පවිත‍්‍රා සිනාසෙමින් කීවාය.

පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය පළමු කේක් කැබැල්ල වාසුට කැව්වේ ”මගේ දිස්ත‍්‍රික්කයේ ඉන්න ජ්‍යෙෂ්ඨයාට තමයි මම මුලින්ම කේක් කවන්නේ” කියමිනි. අනතුරුව අසල සිටි රංජිත් සොයිසාට ද පවිත‍්‍රා කේක් කැව්වාය. ඒ අතර අනෙක් මන්ත‍්‍රීවරුන් කෑගසන්නට වූයේ ”කෝ මහින්ද මහත්තයාට කේක්” කියමිනි.

වෙනම කේක් කැබැල්ලක් ගත් පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය පීරිසියක තබා එය දෝතින්ම මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූවාය. ”කෝ මහින්ද මහත්තයාට කවන්නේ නැද්ද?” මන්ත‍්‍රීවරු ඇසූහ. ”මගේ හිතේ තියෙන ගෞරවයේ හැටියට මට සර්ට කේක් කවන්න බැහැ” පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය කීවාය.

”ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපට යෝජනා කිහිපයක්ම ඇවිත් තියෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තරග කරන ආකාරය ගැන මට විවිධ යෝජනා එනවා. ඒ වුණත් අපි තීන්දුවක් ගන්න  ඕනේ ගිය පාර වෙච්ච දේවල් ගැනත් හිතලයි. පසුගිය මැතිවරණයේ දි අපි නිහතමානීව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡුන්දෙ ඉල්ලූවා. ඒකෙන් වෙච්ච දේවල් තමුන්නාන්සේලා දන්නවා. අපි මේ පාර තීන්දුවක් ගන්න  ඕනේ අපේ මන්ත‍්‍රී කණ්ඩායම රැුස්කරවලා බවයි මම නම් හිතන්නේ” මහින්ද මහතා පැවසීය. මහින්දගේ කතාවට පක්ෂ නායකයන්ගේ අනුමැතිය ලැබුණි.

මහින්ද කවදත් තමන්ගේ සටන් ආරම්භ කිරීමට භාවිත කරන්නේ අනුරාධපුරයය. එක අතකින් පුණ්‍ය භූමියක් ලෙසත් අනෙක් අතින් ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් සහිත වීමත් නිසා මහින්ද සිය සටන් ආරම්භ කිරීමේ අංක එකේ නගරය ලෙස අනුරාධපුරය භාවිත කරයි.

ඒකාබද්ධ විපක්ෂය මෙවර සිය රැුලිය සඳහා තෝරාගෙන තිබුණේ අනුරාධපුරය සල්ගාදු ක‍්‍රීඩාංගණයය. කටින් නොකීවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ ඒකාබද්ධ විපක්ෂයේ පළමු වෙඩිමුරය ලෙස මෙම රැුලිය හැඳීන්වීමට පුළුවන. ඒ තරම් අවධානයක් මෙම රැුලියට යොමුව තිබුණි.

රැුලියේ සංවිධාන කටයුතු මෙහෙයවමින් සිටි රෝහිත අබේගුණවර්ධන, එස්. එම්, චන්ද්‍රසේන, එස්. එම්. රංජිත් සහ ෂෙශාන් සේමසිංහලා වදවෙමින් සිටියේ රැුලියට එන සෙනඟ සම්බන්ධයෙන් නොව වැස්ස සම්බන්ධයෙනි.

එසේ වී තිබුණේ එම සතිය පුරාම අනුරාධපුරයට නොකඩවා ඇද හැළුණු වර්ෂාව නිසාය. එම නිසා රැුලිය සාර්ථකව අවසන් කරගන්නට අවස්ථාව ලැබෙන්නට කියා භාරයක් වීමට ද සංවිධායකයන් කටයුතු කර තිබුණි. රැුලියේ මෙහෙයුම් කටයුතු භාරව සිටි රෝහිත සියලූ ග‍්‍රාමසේවා වසම් නියෝජනය වන පරිදි සාකච්ඡුා පවත්වමින් විශාල වෙහෙසක් දරමින් සිටියේ කිසිවකට නොදෙවෙනි දැවැන්ත රැුලියක් පැවැත්වීමේ අරමුණ ඇතිවය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයට ආවේ සෙනසුරාදාය. මහින්ද ආ ආරංචිය දිස්ත‍්‍රික්කයේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන හිටපු නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මහින්ද හමුවීමට පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරු ද එදින සිටියේ අනුරාධපුරයේය.

පසුදා එනම් ඉරිදා උදෑසනම මහින්ද ජය ශ‍්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට ගියේය. එතැනින් මහින්ද රාජපක්ෂ මහතා ගියේ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්නටය. එහි පැමිණ සිටි බැතිමතුන් මහින්ද රාජපක්ෂ මහතා දුටු වහාම ඔහු වටකරගෙන තමන්ගේ සිත්වල තිබූ දේ කියන්නට වූහ.

”සර් අපේ රට බේරලා දෙන්න. මේ මිනිස්සු හදන්නේ රට බෙදන්න. බෙදෙන්න ගිය රට එකතු කළේ සර්. ඒ හින්දා මේ පාරත් මේකෙන් රට බේරාගන්න පුළුවනුත් සර්ටම විතරයි” මහින්ද රාජපක්ෂ මහතාට එසේ කීවේ කළුතර සිට අනුරාධපුරයට පැමිණ සිටි වන්දනා නඩයක සිටි අයෙකි.

”ඔයාලා බය වෙන්න එපා. මම ඉන්නකම් මේ රට බෙදන්න ඉඩ තියන්නේ නැහැ” මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සනසවමින් පැවසීය.

රුවන්වැලි සෑය වන්දනාමාන කිරීමෙන් අනතුරුව මිරිසවැටිය චෛත්‍යටත් එතැනින් ජයන්ති විහාරයටත් ගිය මහින්ද රාජපක්ෂ මහතා ජයන්ති විහාරයේ ඉදිකෙරුණු කේ. බී. රත්නායක අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.
”ඔබතුමා තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළේ. අද නිදහස් පාක්ෂිකයෝ ඉන්නේ ඔබතුමා සමගයි. ඔබතුමාට වරදින්නේ නැහැ” විහාරාධිපති හිමියෝ මහින්ද රාජපක්ෂ මහතාට කීහ.

එදින අනුරාධපුරයේ රැුස්වීම ආරම්භ කෙරුණේ සවස දෙකටය. එතෙක් දිනක් අනුරාධපුරයට ඇදහැළුණු වර්ෂාව එදින නතර වී තිබීම කාගෙත් පුදුමට හේතුවක් විය.
රැුස්වීමට පෙර දිනයේ රෝහිත සහ එස්.එම්. ඇමතූ පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය කියා තිබුණේ රැුලියේ කාන්තාවන් වෙනුවෙන් වෙන් කෙරෙන කතාව ගීතාට දෙන්න කියාය. මේ වෙලාවේ රැුලිය අමතන්නට සුදුසු හොඳම කාන්තාව ගීතා බවත් පවිත‍්‍රා වන්නිආරච්චි  මන්ත‍්‍රීවරිය මන්ත‍්‍රීවරුන් දෙදෙනාටම කීවාය.

එහෙත් රැුලිය ආරම්භ කළ පසුවත් ගීතා පැමිණ සිටියේ නැත. වහාම පවිත‍්‍රා ඇමතූ රෝහිත ”ඔයා කොහෙද ඉන්නේ” ඇසුවේය.

”මම මේ එන ගමන්” පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය  කීවාය.
”එහෙනම් ඉක්මනට එන්න. ගීතා ඇවිත් නැහැ. දැන් කතාවටත් වෙලාව හරි” රෝහිත පැවසීය.
වහාම රැුස්වීමට පැමිණි පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය ඒ වන විටත් නියමිත වේලාව උදාවී තිබුණු නිසා ජනතාව ඇමතුවාය. ඒ අතරතුර ගීතා කුමාරසිංහ මහත්මිය ද රැුස්වීමට පැමිණි නිසා ගීතාට ද කතාවක් දීමට රෝහිතට සිදුවිය. අන්තිමේ දී කාන්තාවන් දෙදෙනකුටම රැුලිය ඇමතීමේ අවස්ථාව හිමිවිය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින බවට තැන තැන පැතිරුණු කතාබහවලට තිත තබමින් මහින්ද රාජපක්ෂ මහතා රැුලියේ දී ජනතාවට කීවේ නැවත වරක් රැුවටීමට තමන් සූදානම් නැති බවය.

රැුස්වීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් කතාබහ කරමින් සිටියේ එහි සාර්ථකත්වය ගැනය.

”ඉතිහාසයේ අනුරාධපුරයේ දී පවත්වපු ලොකුම රැුලිය තමයි මේක” එස්. එම්. චන්ද්‍රසේන කීවේය.
”අන්න දුමින්ද දිසානායක අනුරාධපුර ටවුමේ කඩවල් ගාණේ ඇවිදිනවලූ” ප‍්‍රසන්න රණතුංග පැවසීය.
”ඒ මොකද?” ෂෙහාන් ඇසුවේය.

”නෑ එයා දැන් අමුඩ ලේන්සු හොයනවලූ. මොකද දැන් දුමින්දට ලබන සතියේ ඉඳන් පාර්ලිමේන්තු යන්න වෙන්නේ අමුඬේ ගහගෙනනේ” ප‍්‍රසන්න කීවේ අනුරාධපුර රැුලියට දස දහසකට වඩා සෙනඟ ආවොත් අමුඩය පිටින් පාර්ලිමේන්තු යන බවට දුමින්ද දිසානායක කියා තිබුණු කතාව ගැනය.

ඉරිදා රාත‍්‍රිය අනුරාධපුරයේ ගත කළ මහින්ද පසුදා ගියේ ගනේබිඳුණුවැවටය. ඒ ගලෙන්බිඳුණුවැව උල්පත්ගම විහාරස්ථානයේ පැවැති පින්කමකට සහභාගී වීම සඳහාය. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා කැකිරාවේ සහ කුරුණෑගල පැවැති උත්සව දෙකකට ද සහභාගී වී කොළඹ බලා ආවේය.

මේ අතර අනුරාධපුර රැුස්වීම අතරවාරයේ නාමල් රාජපක්ෂ මහතා තංගල්ල බලා පිටත්ව ගියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ද අවසරය ඇතිවය. එ් හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සහභාගී වීම නිසා රිමාන්ඞ් භාරයේ සිටින ප‍්‍රසන්න රණවීර ඇතුළු පිරිසගේ ඇප අයැදුම එදිනට සලකා බැලීමට නියමිතව තිබුණු බැවිනි.

රිමාන්ඞ් භාරයේ සිටින සියලූදෙනා නිදහස් කර ගැනීමට කටයුතු කළ ද මුලින් ඇප ලැබීමට නියමිතව තිබුණේ දෙදෙනකුට පමණි. එහෙත් පොලිසිය විසින් චෝදනා ගොනු කර නොමැති බව කියමින් තර්ක කළ විත්තියේ නීතිඥයන්ගේ ඉල්ලීමට කන්දුන් මහෙස්ත‍්‍රාත්වරයා සියලූදෙනාට ඇප නියම කළේය.

ඇප ලබාදීමේ දී උද්ඝෝෂණ පවත්වන්නේ නැති බවට පැමිණිකාර පාර්ශ්වය කොන්දේසි ඉදිරිපත් කිරීමට සූදානම් වුවත් මහෙස්ත‍්‍රාත්වරයා එයට විරුද්ධ වූයේ එවැනි කොන්දේසි පැමිණීම තමන්ට පුළුවන්කමක් නැති බව කියමිනි. ඒ අනුව ඇප ලැබුණු රණවිර, අජිත් ප‍්‍රසන්න ඇතුළු පිරිස හම්බන්තොට දී උද්ඝෝෂණයකට එක් වූහ.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කරන බව දැන් තහවුරු වී තිබේ. අවසාන මොහොත දක්වාම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ සිට පහළටම බොහෝ දෙනා උත්සාහ කළේ ඒකාබද්ධය සමග එකට එක්ව තරග කිරීමටය.

එහෙත් පසුගිය මහ මැතිවරණයේ දී ලැබුණු අමිහිරි අත්දැකීම් නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිටියේ වෙනම තරග කළ යුතුය යන ස්ථාවරයේය. නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයන්ට පණිවිඩ පිට පණිවිඩ එවමින් එක්ව තරග කිරීමට දැඩි උත්සාහයක් දැරූහ.

ඒ අනුව සුසිල් පේ‍්‍රමජයන්ත මහින්ද හමුවී ඉල්ලීමක් කළේ එකතු වී තරග කිරීම සම්න්ධයෙනි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා කීවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම රැුස් වී එය තීන්දු කළ යුතු බවය. සුසිල්ට කියන්නට තිබෙන කාරණා එතැන දී ඉදිරිපත් කරන්නැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමේ තීරණාත්මක හමුවක් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. රැුස්වීම ආරම්භයේ දී ම මන්ත‍්‍රීවරුන් ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරය රැුලිය සාර්ථක කරගැනීමට දැක්වූ දායකත්වය ගැන ස්තුතිය පළ කළේය.

”මේක ලොකු වැඩක්. අපි හිතුවටත් වඩා සාර්ථකව රැුලිය පැවැත්වුණා. ආණ්ඩු විරෝධි ගමනට මේ රැුලියෙන් ලොකු ජවයක් ලැබුණා” මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අනතුරුව අවධානය යොමු වූයේ සඳහිරු සෑයේ ඉදිකිරීම් නතර කිරීම සම්න්ධයෙනි.

”ඔව් මටත් දැන ගන්න ලැබුණු සඳහිරු සෑයේ වැඩ නතර කරලා කියලා. මම  ඕක හදන්න ගත්තේ අපේ රණවිරුවන් ලබපු ජයග‍්‍රහණය සිහිපත් කරන්නයි.  ඕකට මට ආධාර දෙන්නත් කට්ටිය ඉදිරිපත් වුණා. නමුත් මම ඒවා භාර ගත්තේ නැහැ. ඒවා භාර ගත්තා නම් එහෙම මටත් වෙන්නේ සිල් රෙදි බෙදා දුන්න එකේ අනික් පැත්ත” මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

දවසේ වැදගත්ම කතාබහ ආරම්භ කෙරුණේ ඉන්පසුවය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යොමු කෙරෙන ඉල්ලීම් ගැන එහිදී අදහස් දැක්විණි. ”මටත් කිහිපදෙනෙක්ම යෝජනා ඉල්ලීම් ඉදිරිපත් කළා. සුසිලූත් මේ ගැන ඇහුවා. මම සුසිල්ටත් එන්න කිව්වා” මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ඒ වන වටිත් රැුස්වීමෙන් පිටත සිටි සුසිල්ව කැඳවාගෙන ආවේ පවිත‍්‍රා වන්නිආරච්චි මන්තී‍්‍රවරිය සහ පියංකර ජයරත්න මහතාය.

”සුසිල් අපිට විවිධ යෝජනා එනවා. හැබැයි මේ මන්ත‍්‍රීවරුන්ගේ නම් වැඩි කැමැත්තක් නැහැ ඒකට” මහින්ද රාජපක්ෂ මහතා සුසිල් අසුන් ගත් පසු පැවසීය.

අනතුරුව සුසිල් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කළේය. පළමුවැන්න වූයේ පොදුජන එක්සත් පෙරමුණ සක‍්‍රීය කර තරග වැදීමය. දෙවැන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් තමන්ට වාසිසහගත කොට්ඨාස වෙන වෙනම බෙදාගෙන තරග වැදීමය. තුන්වැන්න සියලූ දෙනා එකතු වී නිදහස් පක්ෂය යටතේ තරග කිරීමය.
”මම නම් ඔය යෝජනාවලට පුද්ගලිකවම විරුද්ධයි. අපි පක්ෂයට කොන්දේසි හතක් ඉදිරිපත් කළා. ඒ ගැන කතාවක්වත් නැහැ. අපි කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න  ඕනේ කියලයි. එහෙම නැතුව අපි එකතු වුණොත් ගම්වල අපිට ලැබෙන්න තියෙන ඡුන්දත් නැතුව යයි” පළමු බෝම්බය අතහැරියේ ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයාය.

”අපි කියන දේ අහන්නේ නැතුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතු වුණා. දැන් අපෙන් දිගටම පළිගන්නවා. එහෙම තියෙද්දී අපි එකතු වෙන්න ගියොත් ගම්වල මිනිස්සු අපිට ගහයි” සනත් නිශාන්ත ද පැවසීය.

අනතුරුව කතා කළේ පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරියයි.
”එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඇත්තටම සටන් කරන්නේ ඒකාබද්ධයේ ඉන්න අපියි. ආණ්ඩුවේ ඉන්න පාර්ශ්වයක් සමග එකතු වුණොත් අපිට ඒ සටන ගෙනියන්න වෙන්නේ නැහැ. එහෙම එකතු වෙන්න…”
පවිත‍්‍රාට එසේ කියන විටම රැුස්වීමට ආවේ චමල් රාජපක්ෂ මහතාය.

”මොකක්ද එකතු වෙන කතාව” චමල් රාජපක්ෂ මහතා ආවේ එසේ කියමිනි. ”අපි කොහොමද මෙච්චර දෙයක් කළාට පස්සේ එකතු වෙන්නේ? එහෙම නම් අපිට මුලින් එකතු වෙන්න තිබුණානේ” චමල් රාජපක්ෂ මහතා කියාගෙන යන්නට විය.

”නෑ සර් මමත් කිව්වේ එකතු වෙන්න  ඕනේ නැහැ කියලා තමයි” පවිත‍්‍රා චමල්ට කීවාය.
”එහෙම නම් කමක් නැහැ” චමල් පවිත‍්‍රා දෙස බලමින් කීවේය.

”සුසිල් ඔයාලගේ යෝජනා ටික අපිට ලිඛිතව එවන්න කියන්න. ඊට පස්සේ අපි ඒ ගැන සාකච්ඡුා කරන්නම්” මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. සුසිල් එතැනින් පිටත්ව ගිය ද මන්ත‍්‍රීවරුන් දිගින් දිගටම කතා කළේ එකතු වීම ගැනය. බෙහෝදෙනා සිටියේ එකතු නොවිය යුතුය යන මතයේය.

මේ අතර සිසිර ජයකොඩි කීවේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව ගැසූ ගැටය හෙළිදරව් වී ඇති බවය.
”මම එදත් කිව්වා ආණ්ඩුව ඡුන්දේ කල්දාන්න සැලසුම් හදනවා කියලා. දැන් ඡුන්දදායකයෝ හයදෙනෙක් පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා. මේ හයදෙනාගෙන් එක්කෙනෙක් ඩිලාන් පෙරේරාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙක්. තව කෙනෙක් ලක්ෂ්මන් යාපාගේ පුතාගේ කාර්යාලයේ වැඩ කරන කෙනෙක්. අජිත්. පී. පෙරේරා කියනවා ඒකාබද්ධය ඡුන්දේ කල්දාගන්න හදනවා කියලා. හැබැයි නඩු දාලා තියෙන්නේ නම් ආණ්ඩුවේ අයම තමයි” සිසිර පැවසීය.

මේ අතර ප‍්‍රසන්න රණතුංග මහතා බදාදා තම්මිට ප‍්‍රදේශයේ අවමඟුලකට සහභාගිවීමට ගියේය. එහි පැමිණ සිටි පිරිස ප‍්‍රසන්නව වටකර ගත්තේ ඒ වන විටත් පුවත්පත්වලත් පළව තිබුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකතු වීම නොවීම ගැන අහන්නටය.

”සර් එයාලත් එක්ක එකතු වෙන්න නම් එපා. එකතු වුණාත් සර්ලටවත් අපි ඡුන්දෙ නම් දෙන්නේ නැහැ” එහි සිටි බොහෝදෙනා ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයාට කීහ.

”නෑ නෑ අපිත් මේ පාර රැුවටෙන්න සූදානම් නැහැ” ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා පිරිස අස්වසමින් පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා කළුතර මදුරාවල පැවැති උත්සවයකට සහභාගීවීමට ගියේය. මහින්ද සමග වෙල්ගම, රෝහිත සහ පියල් නිශාන්ත ද එම උත්සවයට සහභාගී වී සිටියහ. උත්සවයෙන් අනතුරුව තේ පැන් පානය කරමින් සිටින අතරතුර පිරිස කතාබහ කළේ ද මේ ගැනය.

”අපිට නම් එකතු වෙලා තරග කරන්න බැහැ. එක පැත්තකින් චන්ද්‍රිකා අපේ අයගේ කන් පළන්න කතා කරනවා. අනෙක් පැත්තෙන් ඩිලාන්ලා  අමරවීරලා බැණ බැණ යනවා” පියල් කිවේය.

”ඒක නම් ඇත්ත තමයි” මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
”අපෝ ඔව් එකතු වෙලා ඡුන්ද ඉල්ලන්න ගියොත් ගම්වල මිනිස්සු අපිටත් ඉලපත තමයි ගන්නේ” කුමාර වෙල්ගම පැවසීය.
”ඒ තරම් ලොකු විරෝධයක් ගම්වල දැන් තියෙන්නේ. අපිටත් කියන්නේ එකතු වුණොත් ගම්වලට එන්න එපැයි කියලා” රෝහිත කීවේය.

”අපිට එහෙම නම් යූ. ඇන්. පියත් එක්ක ආණ්ඩු කරන අපේ ඇමැතිවරුන්ට කොහොම පිළිගැනීමක් ඇද්ද? සමහරු නම් ගම්වලට ආපු කාලයක්වත් මතක නැහැ කියලයි ආරංචිය නම් තියෙන්නේ” වෙල්ගම පැවසුවේ සිනාසෙමිනි.
”මම නම් මන්ත‍්‍රීකම නැතිව ගියත් ඔය එකතු වෙලා ඉල්ලන සෙල්ලමට නම් විරුද්ධයි.” පියල් යළි කීවේය.
”කලබල නැතුව ඉන්නකෝ. අපි වෙලාව ආවාම බලමු” මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර පියල් තමන්ට අසන්නට ලැබුණු කතාවක් මහින්ද රාජපක්ෂ මහතාට හෙළි කළේය.
”මට දැනගන්න ලැබුණු විදියට ගාමිණි සෙනරත් අත්අඩංගුවට ගන්න ඉස්සර මලික් සමරවික‍්‍රම ජනාධිපතිවරයා හමුවුණාලූ. එතැනින්  ඕ.කේ. එක ලැබුණට පස්සෙලූ අත්අඩංගුවට ගත්තේ” පියල් පැවසීය.

මේ අතර බැසිල්ට රාජපක්ෂ මහතාට එරෙහි ලිත් නඩුව කොළඹ මහ අධිකරණයේදී බදාදා සවස 1.30ට කැ`දවා තිබුණා.

උසාවිය හමුවේ පෙනී ඉන්න යන අතර තුර මැතිවරණ කොමිසමේ නිලධාරියෙකුගෙන් බැසිල්ට රහසිගතව ඇමතුමක් ලැබුණා. පළාත් පාලන මැතිවරණයේ සීමානිර්ණ ගැසට් පත‍්‍රය අවලංගු කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට අද පෙත්සමක් ගොනු කරන්න යන බව ඇමතුමේ අනිත් පැත්තෙ හිටි නිලධාරියා බැසිල් රාජපක්ෂ මහතාට කීවේය.
සීමානිර්ණයට විරුද්ධව පෙත්සම ඉදිරිපත් කළේ ආණ්ඩුවේ ඇමැතිවරු කිහිප දෙනෙක්ගේ ඍජු නියෝජිතයන් පිරිසක් බව එවෙලෙම දැන ගන්න තරම් බැසිල් රාජපක්ෂ මහතා සමත විය.

පෙත්සමේ වැඬේ දුරදිග ගියොත් ඡුන්දය කල් යන නිසා මෙය වහාම වැළැක්විය යුතු බව ක්ෂණිකව තේරුම් ගත් බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ට එවෙලෙම දුරකථනයෙන් ඇමතුවේය.
”සාගර… ඉක්මනින් අභියාචනාධිකරණයට යන්න…” බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

”ඇයි සර් හදිස්සියෙ….?” සාගර බැසිල්ගෙන් ඇසීය.
”කට්ටිය එකතුවෙලා ආයිත් ඡුන්දය කල් දාන්න තව ටිකකින් අභියාචනාධිකරණයට පෙත්සමක් භාර දෙනවා. ඔයා ඉක්මනින් ගිහින් ඒකට විරුද්ධව කරුණු දක්වන්න. තවත් අපේ කාවහරි ඡුන්දෙ කල් දානවට විරුද්ධව ඉදිරිපත් කරවන්න.”

කළ යුතු සියලූ දේ බැසිල්, සාගරට පැහැදිලි කළේය.
ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වුණු සාගර පෙත්සමට විරුද්ධව අභියාචනාධිකරණයේ පෙනී සිටි අතර පොහොට්ටුවෙන් ඡුන්දෙ ඉල්ලන්න ඉන්න නීතිඥවරියක්වද පෙත්සමක විරුද්ධව ඉදිරිපත් කළේය. ඇය වෙනුවෙන් පෙනී සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංවිධානයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න වීමත් විශේෂත්වයකි.
ඡුන්දය කල් දැමීමේ උත්සාහයට විරුද්ධව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුම සාර්ථක වුණු බව කාටත් වැටහුණේ සිකුරාදා යළි කැ`දවපු පෙත්සමට විරුද්ධ නඩුවේ විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණයෙන් අවසර ලැබීමත් සමගය.

තරංග රණවක

Untitled-16
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේ කෝප්පයකුත් අතැතිව සිනහව රැඳි මුහුණින් ඈත පෙනෙන ලස්සන දර්ශනය දෙස මෙසේ බලා සිටියේ ෂැංග්‍රිලා හෝටලයේ 32 වැනි මහ‍ලේ නැරඹුම් මැදිරියේ සිටය. මේ දර්ශනය කැමරාවට හසුවූයේ ගාලුමුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැංග්‍රීලා හෝටලය ජනාධිපතිවරයා විසින් විවෘත කළ අවස්ථාවේදීය. ඡුායාරූපය : සුදත් සිල්වා
Untitled-17
දකුණු ආසියානු ඇඟලුම් හා රෙදිපිළි සැපයුම්කරුවන්ගේ ප්‍රදර්ශනය කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පසුගියදා (15) විවෘත කෙරිණි. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං යන මහත්වරු කතාබහක නිරතව සිටි අයුරු.
Untitled-18
නොවැම්බර් මස 18 වැනි දිනට යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය සිහිපත් කරමින් ඒ මහතාට ආශීර්වාද පතා බෙල්ලන්විල රජමහා විහාරයේ දී ආශීර්වාද පින්කමක් පැවැත්විණි. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිරිකර පූජා කළ අයුරු.