පාරේ දුවන වාහන සෙල්ලම් බඩු නොවේ. සාමාන්‍යයෙන් සෙල්ලම් බඩු දෙන්නේ ළමයින්ට මිසක් ලොකු මිනිසුන්ට නොවේ. එසේ වූ කලී සෙල්ලම් බඩු නොවන වාහන පාවිච්චි කළ යුත්තේ වැඩිහිටියන් මිස ළමයින් නොවේ. ළමයින් යනු අවුරුදු දහ අටේ සීමාවෙන් මෙහා සිටින්නවුන් ය. ඒ කියන්නේ පාසල් යන දරුවන් ය. ඔවුන් අවුරුදු දාසයෙන් දාහතෙන් පාසලේ වැඩිහිටි ළමයි වුවාට වැඩිහිටියන් කරන දේවල් කරන්නට නීතියෙන්ද තහනමක් ඇත. රැුකියාවකට යන්නට, ඡුන්දය පාවිච්චි කරන්නට, විවාහ වන්නට , රියදුරු බලපත‍්‍රයක් ගන්නට වැනි මෙකී නොකී කාරණා සඳහා පාසල් යන කිසිදු දරුවෙකුට නීතියෙන් ඉඩක් නැත. පාසල් හැරගිය පසු වයස අවුරුදු දහ අට සම්පූර්ණ වූ පසු  ඔවුන්ට ඡුන්ද අයිතිය සේම විවාහ වීමේ අයිතිය, රැුකියාවකට යෑම, වාහන පැදවීමේ හැකියාව වැනි වැඩිහිටියන්ට හිමි සියලූ වරප‍්‍රසාද හිමිවෙයි. ඒ නිසා  අවුරුදු දහසයේ දාහතේ නව යොවුන් වයසේ දරුවන් වැඩිහිටි ළමයින් මිස වැඩිහිටියන් නොවන බව මුලින් ඒ පවුල්වල වැඩිහිටියන් දැනුවත් විය යුතුය.  පවුලක එවන් දරුවන් සිටින ඇතැම් අම්මාවරුන් තාත්තාවරුන් වරද්දා ගන්නේත් ඒ දැනුවත්කම හෝ කල්පනාව නැති නිසාය.

තමන්ගේ පාසල් යන දරුවා උස් මහත් වෙද්දී හැම අම්මෙකුටම තාත්තෙකුටම ආඩම්බරයක් දැනීම ස්වභාවිකය. ඒත් ඒ ආඩම්බරය මැදින් ඒ දරුවා මහ මිනිසකු සේ සිතා කටයුතු කිරීමෙන් ඔවුන් විසින් ඒ දරුවාගේ අනාගතය අඳුරු කරනවා සේම ඇතැම් විට ජීවත්වීමේ අයිතියද නැතිවන තැනට මග පාදති. විශේෂයෙන් ඒ නිසි වයස සම්පූර්ණ නොවූ දරුවන්ගේ අතට වාහන පැදවීමේ අයිතිය ලබා දීමෙනි. බොහෝ විට මේ වරද සිදුවන්නේ යමක් කමක් ඇති පවුල්වල මව්පියන් අතිනි. ඇතැම් මව්පියන් එය ආඩම්බරයක්, ලොකුකමක්, තම දරුවාට දෙන විශේෂ වරප‍්‍රසාදයක් සේ සිතුවද එය මෝඩ වැඩක් හා දරුවන්ට කරන විනාශකාරී ක‍්‍රියාවක් පමණක් බව අසන්නට දකින්නට ලැබෙන සිදුවීම්වලින් හෝ ඔවුන් වටහා නොගැනීම අවාසනාවකි.

එසේ වාහන අතට ගත් පාසල් දරුවන් කරගත් අනතුරු සේම සිදු කළ අනතුරුත් පසුගිය කාලයේ වරින් වර අසන්නට ලැබුණේ කාගෙත් සිත් කම්පා කරවමිනි. එවන් තවත් සිද්ධියක්  අලූතෙන්ම පසුගිය සතියේ ද අසන්නට ලැබුණේය.ඒ අගනුවර ජනප‍්‍රිය පාසලක සිසුන් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් ගමන්ගත් කැබ් රථයක් තාප්පයක ගැටීමෙන් සිසුන් 8 දෙනෙකු තුවාල ලබා ඉන් එක් සිසුවෙකු මියගිය සිදුවීමකි. සිසුන් සියල්ලෝම එකී ජනප‍්‍රිය පාසලේ උසස් පෙළ පන්තියේ දරුවන්ය. ලබන වසරේ උසස් පෙළ විභාගයට ලියන්නට නියමිතව සිටි ඔවුන් වයස අවුරුදු දහ අටේ සීමාවේ සිටි වැඩිහිටි සිසුන්ය. දැනගන්නට  ඇති පරිද්දෙන් එදා ඉරිදා රාත‍්‍රීයේ ඔවුන්ගේ පාසලේ සැණකෙළියක් පැවැත්වෙමින් තිබී ඇති අතර පාන්දර ඔවුන් ආහාර ගැනීම සඳහා පාසලේ සිට කැබ් රථයෙන් හා කාරයකින් රාජගිරිය ප‍්‍රදේශයට ගොස් ඇති බව කියයි. අධික වේගයෙන් පැමිණි ඇති බැව් කියන කැබ් රිය හා කාරය වේගය පාලනය කරගත නොහැකිව අසල නිවසක තාප්පයේ  වැදීමෙන්  අනතුර සිදුව ඇතැයි කියයි.  ඒ අවස්ථාවේ මියගිය සිසුවා කැබ් රථයේ පසුපස අසුනේ හිඳ සිටි අයෙකි.. රථය පැදවූ සිසුවාද අනෙකුත් සිසුන් ද බරපතළ තුවාල ලැබූ බවත් රෝහල්ගත කිරීමෙන් පසු තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් පැවසේ. රෝහල්ගත කර මොහොතකට පසු ගල්කිස්ස ඉසුරු උයනේ පදිංචි මොහොමඞ් අමාන් කිචිල් සිසුවා මියගොස් ඇත. අනෙක් සිසුන් තුවාල ලබා ඇතැමෙක් මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබති.

මොහොමඞ් අමාන් ඔවුන්ගේ පවුලට සිටි එකම පිරිමි දරුවාය. ඔහුගේ මව්පියන්ට සිටිනුයේ තවත් එක දියණියක් පමණි. වයස අවුරුදු 18 කදී අමාන්ට ජීවිතය හැරයන්නට සිදුවූයේ ඔහුගේම මිතුරා පැදවූ වාහනයට ගොඩවීම නිසා නොව මිතුරා එ රාත‍්‍රියේ අපරීක්ෂාකාරී ලෙස වාහනය පැදවූ නිසාය. ඒ වාහනය, වාහනය පැදවූ සිසුවා ගෙදර සිට ගෙන ආ වාහනයද, වෙනත් අයෙකුගේ වාහනයක් දැයි වාර්තාවී තිබුණේ නැත. නමුත් පරීක්ෂණවලින් හෙළිවී තිබුණේ වාහනය අධික වේගයෙන් ධාවනය වී තිබූ බවත් තාප්පයේ ගැටී ඇත්තේ වේගය පාලනය කරගත නොහැකිව බවත් ය.
කෙනෙකුට නිසි කලට, වයසට වාහනයක් අතට ලැබුණා නම් එහි බැ?රුම්කම, පරික්ෂාකාරී බව හිතට අවබෝධ වනු ඇත. කෙළිලොල් වයසේ සිටින පාසල් දරුවන්ට නොඑසේ නම් බාලවයස්කාර දරුවන්හට වාහනයක් අතට ලැබුණු කල ඔවුන් එය පාවිච්චි කරනුයේ සෙල්ලම් බඩුවක් පාවිච්චි කරන්නාසේය. එවන් අය වාහනය පාරට ගත් පසු ඉගිළෙන්නට හදන්නේ ඒ  නිසාය. එවිට වන්නේ එක්කෝ වාහනයේ සිටින්නවුන් අනතුරේ වැටීම්ය. නැත්තම් මහමග සිටින්නවුන් අනතුරට ලක්වීමය. එවන් සිදුවීම්  ඕනෑතරම් එදා මෙදාතුර සිදුවී ඇති අතර ඒ තුලින් මිනිසුන්ට තවමත් මතක ඇති සිදුවීම්ද  ඕනෑතරම් ඇත.

මෑත කාලයේ එසේ බාලවයස්කාර දරුවෙකු සිය මවත් සමග නිවසේ වාහනයෙන් ඉගිලී යද්දී  බේස්ලයින් පාරේ දෙමටගොඩදී කහ ඉර මාරුවෙමින් සිටි දුප්පත් අම්මා කෙනෙකු හා කුඩා දියණියක් යට වුණේය.  ඒ අනතුරින් ඒ අම්මා ජීවිතක්ෂයට පත්වූ අතර අවසානයේ වන්දියක් ගෙවා වාහනය පැදවූ දරුවා නීතියෙන් නිදහස් වුණේය. ඒත් ඒ දුප්පත් පවුලට , ඒ දරුවන්ට අහිමි වූ ”අම්මා” ඒ සොච්චම් වන්දි මුදලින් තියා කෝටිගාණකින්වත් යළි ලබාගන්නට නොහැකිය. එසේම ජාතිය ආගම කුමක් වුවත් වාහනය පැදවූ දරුවාට ජීවිතයක් නැතිකිරීමේ පාපය එක්කිරීමේ වරදට, ඒ දරුවා රක්ෂිත බන්ධනාගාර ගතවීමට, වාහනයක් අතට නොගතයුතු වයසේ වාහනයක් පදවන්නට දුන්නාට සම්පූර්ණ වරදකරු විය යුත්තේ ඒ දරුවාගේ අම්මාය. තමන්ගේ පුත‍්‍රයා වීරයකු කොට ඒ අම්මා වාහනය පදවන්නට අතට දුන් අඥාන ක‍්‍රියාව අවසන් වූයේ ඛේදවාචකයකිනි. වසර ගණනක් ගියත් මිනිසුන්ට එවැනි සිදුවීම් අමතක වන්නේ නැත. සල්ලි වැඩිවෙන තරමට ඇතැම් දෙමාපියෝ තම දරුවන්ට සැප දෙන්නට සිතති.

පසුගිය කාලයේ එසේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු සිය බාලපුත‍්‍රයාට අරන් දී  තිබූ මිල අධික සුඛෝපභෝගී මෝටර් රථයෙන් ඔහුත් මිතුරන් සමග රාත‍්‍රී චාරිකාවක නියැළෙද්දී අධික වේගය පාලනය කරගත නොහැකිව හැප්පී වාහනය චප්ප වී ගොස් තිබුණි. ඒ අනතුරෙන් මැණික් ව්‍යාපාරිකයාගේ පුත‍්‍රයාගේ හා තවත් අයෙකුගේ ජීවිත අහිමි විය. ඒ කෙළිලොල් වයසේ වාහනය අතටගෙන ඉගිලූණ තවත්  අවස්ථාවක සිදුවූ අනතුරක මතකයයි.

මේ එකකි. දෙකකි. තව අනන්තවත් මෙවන් සිදුවීම් මේ ලංකාවේ සිදුව ඇතුවා මෙන්ම සිදුවෙමින් ද පවතී. ඒ නිසා එවන් අනතුරුද ඇසීමේ අඩුවක් නැත.  නමුත් අඩු වයසේ දරුවන් අතින් මෙවන් රිය අනතුරු සිදුවීම වැළැක්වීමේ හැකියාවක් ඇත. එය වැළැක්විය හැක්කේ වැඩිහිටියන්ටමය. තම දරුවාට නිසි වයස එනතුරු වාහන පැදවීමේ වගකීම මවක්, පියෙක් හැටියට ඔබ නොදෙන්නේ නම් ඔබේ දරුවාගේ ජීවිතය මෙන්ම මහමග යන්නවුන්ගේ ජීවිතද සුරක්ෂිතය.

දරුවාට ඔහුගේ වැඩවලට, වාහනයක අවශ්‍යතාවය ඇත්නම් ඒ අවස්ථාවල ඔබේ දරුවා වෙනුවෙන් ඔබ රියදුරු වී ඔහුගේ අවශ්‍යතා ඉටු කරනවානම් මෙවන් සිදුවීම් සිදුවීම අඩුවනු ඇත. ඒ මොහොත තමන් විවේකයෙන් ගතකර හෝ වෙනයම් කටයුත්තක නියැළී දරුවා අතට වාහනය දීමෙන් අත්වන්නේ ජීවිත කාලයටම පසුතැවිල්ලක් පමණක් විය හැක. එදා මේ පාසල් සිසුන්ටද නිවසේ වාහනයක් තනි පාවිච්චියට නොදී ඒ වෙනුවට රියදුරෙකු හෝ නිවසේ අයෙකු වාහනය වෙනුවෙන් සිටියා නම් මේ අනතුර සිදු නොවන්නට ඉඩ තිබුණි. එසේ නම් අද මොහොමඞ් අමාන් ද ජීවතුන් අතර සිට පුරුදු ලෙස පාසල් යනු ඇත.

බියංකා නානායක්කාර