මේෂ – සමපලයි
තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක්කේ උත්සාහය සහ කැපවීම තුළින්ය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා දක්ෂතාවන් ඉස්මතු වුවද, ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වනු ඇත. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුද වැඩි අහිතකර තත්ත්වයන් උදා නොකරනු ඇති අතර සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය : රතු, ජය අංකය : 09

වෘෂභ – බාධා සහිතයි
අනාගතය ගැන සිතා කටයුතුවල යෙදිය යුතුයි. බලා‍පොරොත්තු කිහිපයක් වෙනස් වී යයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා මධ්‍යයේ තමාගේ කටයුතු කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. මුදල් ඉතිරිකර ගැනීම ඉතා අසීරුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු වලදීද සුළු සුළු බාධා අවහිරතාවන්ට ඉඩනැත්තේ ද නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයටත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : නිල්, ජය අංකය : 06

මිථුන – ශුභදායකයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා අවහිරතා නැත්තේද නොවේ. එහෙත් ස්වකීය උත්සාහය, කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්පත් කරගත හැක. වාසි ගෙන දේ. ගෙදර දොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක්ද යොමු කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. සමාජයීය සහ ආගමික අංශයේ වැඩකටයුතුවලට වැඩි නැඹුරුවක් ගෙන දේ. ඒ තුළ සහනයක්ද, සැනසීමක්ද ලබනු ඇත. ගමන් බිමන් අධික වේ.
ජය වර්ණය : කොළ, ජය අංකය : 05

කටක – බාධා සහිතයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක බවක් පෙන්නුවද, විටින් විට වියදම් පක්ෂය ඉහළ යාම තුළ ණයතුරුස් වීමේ ඉඩක්ද පවතී. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී වුවත් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතුවලදීද, යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශයන්හි නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක.
ජය වර්ණය : ක්‍රීම් පාට, ජය අංකය : 02

සිංහ – ලාභ ලබයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී උසස් නිලධාරින්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසෙියෙන්ද, පහසුවෙන්ද ඉටුකරගත හැක. ආර්ථික වශයෙන් ශුභදායක තත්ත්වයක් පෙන්විය. විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ, ගේදොර බඩුමුට්ටු ආදිය පිළිබඳ ලාභ ලැබේ. අලංකාර වස්ත්‍ර ලැබේ. හිතවතුන්ගෙන්ද හිතවතියන්ගෙන්ද ලාභ ප්‍රයෝජන ලැබිමට පුළුවන. ස්වකීය උත්සාහයට තුළ ආදායම් මාර්ග වැඩිකර ගනී. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. හොඳ හිතවත්කම් පවත්වන්නට පුළුවන්. සමාජයෙහි කිසියම් ස්ථානයකට පත්වී තම තත්ත්වය දියුණු කරගත හැක. සමාජයට ප්‍රිය වේ. ගමන් බිමන් අධික වන අතර ඒවා නිෂ්ඵල ගමන් නොවේ.
ජය වර්ණය : රතුපාට, ජය අංකය : 01

කන්‍යා – අන්‍යයන්ගේ ආධාර ලැබේ
ආදායම් මාර්ග වැඩිකර ගැනීමට ලැබෙන කාලයකි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වැඩිකර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. ස්ත්‍රී පුරුෂයන් අතර හොඳ හිත පවත්වන්නට ඉඩ ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධිය සමාජයට ප්‍රියවීම ඇති කරයි. තම තත්ත්වයෙහි කිසියම් දියුණුවක් ලබයි. වැඩිදියුණුවට අවශ්‍ය කටයුතු සැලසේ. බලා‍පොරොත්තු රහිත මාර්ග තුළින් ආදායම් ලබා ගනී. සමාජයෙහි වැදගත් අය සමග කටයුතු කිරීමට ඉඩ සැලසේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානය යොමු කළ යුතුයි. ආගමික අංශයට යොමුවීම තුළ සහනයක්ද, සැනසීමක්ද උදාකරගනු ඇත.
ජය වර්ණය : කොළ, ජය අංකය : 05

තුලා – මිශ්‍රඵලදායකයි
තමා සමග කටයුතු කරන අය නිසා කරදර, සිත්තැවුල් ඇතිකරයි. තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ගැටලු ආදිය ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේ දී අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ඔබ බලා‍පොරොත්තුවන තරමට නොලැබිමේ ඉඩක් පවතී. පවු‍ලේ වැඩිහිටි සමීපතම ඥාතීන්ට අපල පීඩා, උවදුරු මතු කළ හැක. සිතෙහි සැනසීම තරමක් අඩුවන නිසා සිත් පීඩා, සිත් තැවුල් යනාදියට ඉඩ පවතී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අශුභදායක නොවේ. තම වියදමට සරිලන ආදායම් ලැබේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට මාර්ගය සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. ගමන් බිමන් අධිකයි.
ජය වර්ණය : නිල්, ජය අංකය : 06

වෘශ්චික – ආදායම් ලැබේ
විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ආදායම් පුළුල් වේ. මිල මුදල් ලාභ සහිතයි. අමුතු දේ නිපදවීම්වලින්ද, ශාස්ත්‍රීය කටයුතුවලින්ද තෑගි ලැබිමෙන්ද ධනය උපයා ගැනීමට අවස්ථාව උදාවේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. බලා‍පොරොත්තු කීපයක් ඉෂ්ට සිද්ධ වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. ආගමික අංශයට නැඹුරුවීම තුළ සහනයක්ද, සැනසීමක්ද උදාකරයි. කෙටි ගමන් බිමන් කිහිපයක්ම යෙදේ. ඒවා නිශ්ඵල ගමන් නොවේ.
ජය වර්ණය : රතු, ජය අංකය : 09

ධනු – මිශ්‍රඵලයි
ආදායම් ලැබුණද ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ආදායම් ලැබුණද අනපේක්ෂිත සිද්ධීන් තුළ වියදම් පක්ෂය ඉහළ යයි. ආගමික සහ සමාජයීය තත්ත්වය කිසියම සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා අංශවලදී සුළු වශයෙන් හෝ අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ කිසියම් මට්ටමක සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැකි බවද පෙනී යයි. ගෙදර දොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ජය වර්ණය : රන්වන්, ජය අංකය : 03

මකර – තත්ත්වය උසස් වේ
ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ. ඔවුන්ගෙන් කිසියම් මට්ටමක ආධාර උපකාරය ලබයි. ආදායම් ලැබුණද නුවමනා දෙයට වියදම් කරයි. විටෙක අදාළ නොවන වියදම් කිහිපයක් මතු කළ හැක. කෙසේද වුවත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථකවේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වේ.
දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිද්ධ වේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදාකරගත හැක. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : නිල්,  ජය අංකය : 06

කුම්භ – මිශ්‍රඵලයි
යම් යම් බාධා අවහිරතා ඉස්මතු වීම තුළ තමාගේ කටයුතුවල කිසියම් ප්‍රමාදයක්ද, ගැටලුකාරී තත්ත්වයක්ද උදාකරනු ඇත. එම නිසා වෘත්තීය සහ රැකීරක්ෂා ක්‍ෂේත්‍රයේ දී යම් යම් අතපසුවීම් සහ පසුබෑම්වලට ඉඩ නැත්තේද නොවේ. එනිසා උත්සාහයෙන්ද, කැපවීමෙන්ද ක්‍රියා කිරීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ.
විවිධ අංශතුළට යොමු වීම මගින් සාර්ථක ආදායම් මාර්ග උදාකරනු ඇත. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. සමාජයීය සහ ආගමික ආංශවලට යොමුවී ක්‍රියා කිරීම තුළ සහනයක්ද, සැනසීමක්ද ලබයි.
ජය වර්ණය : නිල්, ජය අංකය : 08

මීන – ශුභාශුභයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී උස් නිලධාරින් සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකුලතා, ව්‍යාකූලතා ඉස්මතු කරනු ඇත. ආදායම් ලැබිම අතින් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැකි වුවත් වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරුවන නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී බුද්ධිමත් වන්න. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි.   දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට බාධා මතු කළ හැක.
ජය වර්ණය : රන්වන්, ජය අංකය : 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී
ජී.ඇම්. ගුණපාල