තම දරුවා පාසල් ගමන ආරම්භ කිරීමෙන් පසු සෑම මවකගේම හා පියකුගේම සිහිනය වන්නේ ඔහු හෝ ඇය පාසලේ දීප්තිමත් තරුවකු වනු දැකීමයි.  නමුත් සෑම විටම මෙය එසේ නොවේ.  තම දරුවා සම වයසේ අන් දරුවන්ට සාපේක්ෂව අධ්‍යාපනයෙන් පසුබෑමක් දක්නට ලැබෙන්නේ නම් හෝ ගුරුවරුන් ඒ පිළිබද පැමිණිලි කරන්නට පටන් ගතහොත් බොහෝ මව්පියෝ කලබලයට හා පීඩාවට පත්වෙති.  කිසියම් දරුවකුට අධ්‍යාපනික ගැටලූ මතුවීමට හේතු විය හැකි දෑ අපි අද සලකා බලමු.

පාසල් ගමන ආරම්භ කරන දරුවකු මූලිකවම වයසට අදාළ වර්ධන අවස්ථා සම්පූර්ණ කර තිබිය යුතුය. එවිට පාසලෙන් ලැබෙන මගපෙන්වීම ඔස්සේ දරුවාට මූලික අධ්‍යාපන කුසලතා ක‍්‍රමයෙන් වර්ධනය කර ගත හැක. කිසියම් කාර්යක් නිමවන තුරු ඊට නිසි අවධානය දිය හැකි වීම මීට අත්‍යවශ්‍ය සාධකයකි.  සාමාන්‍යයෙන් කුඩා කල දරුවකුගේ අවධාන පරාසය ඉතා සීමිතය. නමුත් වයසින් වැඩෙත්ම මෙය ක‍්‍රමයෙන් දියුණු වේ. වයස අවුරුදු අට පමණ වන විට සාමාන්‍යයෙන් දරුවකුට විනාඩි 40-45ක් පමණ එක දිගට එක දෙයකට අවධානය යොමු කළ හැක. ප‍්‍රාථමික පන්තිවල අධ්‍යාපනික ගැටලූවලට උදවු පතා සායනවලට රැුගෙන එන දරුවන් තුළ එක දිගට අවධානය ර`දවා ගැනීමේ අපහසුව දක්නට ලැබේ. මෙබදු දරුවන්ගේ පොත් පිටු බොහෝවිට අසම්පූර්ණය. එක වැඩකට අවධානය දිය හැක්කේ ඉතා සුළු වේලාවකි. ඉන්පසු එය අතරමග නවතා වෙන දෙයක් කිරීමට පටන් ගනී.

නොසැලකිල්ලෙන් වෙන වැරදි නිතර සිදු කරයි. පාසලෙන් දෙන පණිවිඩ නිතරම අමතක වේ. තමාගේ පොත්, පැන්සල්, අනෙකුත් අධ්‍යාපනික උපකරණ නිතර නැතිකර ගනී.  කියන දේ නොඇසුණා සේ සිටි. ඉගෙනීමේ වැඩ, පාසලෙන් දෙන ගෙදර වැඩ කිරීම වැනි එක දිගට අවධානය දිය යුතු වැඩවලට ඉතා අකමැතිය. මේ නිසා නිතරම ගුරුවරුන්ගේ මෙන්ම දෙමව්පියන්ගේද බැණුම්වලට ලක් වේ. ඇත්තෙන්ම මෙවැනි දරුවන්ගේ බුද්ධි වර්ධනයේ ගැටලූවක් නොමැත. නමුත් අවධානය අඩු කමින් විභාගවලදී ලකුණු අඩු වීමටද, වැඩ බැරි ලෙස සැලකීමටද ඒ හේතුවෙන් දරුවාගේ ආත්ම ශක්තිය හීන වීමටද ඉඩ ඉඩ ඇත. මෙම තත්ත්වය මුලින් හ`දුනා ගෙන පිළියම් දීමෙන් අධ්‍යාපනික දුර්වලතා මග හරවා ගත හැක.

ප‍්‍රාථමික පන්තිවලදී මූලිකව අවධානය යොමු විය යුත්තේ දරුවන්ගේ මූලික අධ්‍යාපනික කුසලතා එනම් ලිවීම, කියවීම හා තේරුම් ගැනීම, හා ගණිත සංකල්ප තේරුම් ගැනීම වයසට අදාළ මට්ටමට දියුණු කිරීමට උදවු කිරීමයි.  සමහර දරුවන් තුළ මෙම හැකියාවන් වයසට අදාළ පරිදි දියුණු නොවීමද අධ්‍යාපනික ගැටලූ ඇති වීමට හේතුවකි.

උදාහරණයක් ලෙස 5-10% අතර දරුවන්ට කියවීමේ දුර්වලතා දක්නට ලැබේ. මෙබ`දු දරුවන්ට තමාට අදාළ පන්තියේ පොත නිවැරදිව කියවීම අපහසුය. ඒ හේතුවෙන් කියවා පිළිතුරු ලිවීමට ඇති ක‍්‍රියාකාරකම්වලට ලකුණු අඩුවේ. නමුත් එය ඇසෙන්නට වෙනත් අයෙකු කියවා ප‍්‍රශ්න ඇසූ විට නිවැරදිව පිළිතුරු දිය හැක.

ඔවුන්ට අකුරුවලට අදාළ ශබ්දය ගළපා ගැනීම අසීරු වේ. මේ තත්ත්වය ඇති දරුවන් සමහරකට මීට අමතරව ලිවීමේ, ව්‍යාකරණ ගැළපීමේ හා ගණිත සංකල්ප තේරුම් ගැනීමේ දුර්වලතා ද තිබිය හැක. විෂයන්වලට ලකුණු අඩු වන බැවින් ඔවුන් වැඩ බැරි හෝ මොළේ නැති ලෙස යම් අවස්ථාවලද හදුන්වනු අපි දැක ඇත්තෙමු. නමුත් මෙය බුද්ධි මට්ටමේ ගැටලූවක් නොවේ. මේ තත්ත්වයෙන් පෙළෙන දරුවන්ට සාමාන්‍ය ජීවිතයේ කටයුතු හො`දින් කර ගෙන යා හැකිය. එසේම වෙනත් ක්ෂේත‍්‍රවල සුවිශේෂ දක්ෂතාද තිබිය හැක.

මේ තත්ත්වය විවිධ වයස් කාණ්ඩවලදී විවිධ ලෙස මතු විය හැක. උදාහරණයක් ලෙස පෙර පාසල් සමයේදී අලූත් වචන ඉගෙන ගැනීම අසීරු වීම, එකම රිද්මය සහිත වචන හ`දුනා ගැනීම අපහසු වීම ආදිය දැකිය හැක. පන්තියේ වැඩවලදී කොතරම් කියා දුන්නද වචනයක අකුරු අමතක වීම, ශබ්ද කීපයක් එකතු කර වචනයක් තැනීම අපහසුවීම, ඇලපිලි පාපිලි ආදිය නිතර නිතර අමතක වීම, ව්‍යාකරණ ඉගෙන ගැනීම අපහසු වීම, කියවීමේදී නිතර වචන මගහැර කියවීම, වචනවලින් ලිය ඇති ගණිත ගැටලූ විස`දීමේ අපහසුව ආදී ලක්ෂණ දැකිය හැක.

ක‍්‍රමයෙන් ඉහළ පන්තිවලට යනවිට මෙම දුර්වලතාව මතුවී පෙනෙන අතර කියවීමේ කුසලතාව තමාට වඩා පන්ති දෙකකට වඩා අඩු දරුවකුගේ මට්ටමේ පමණ පවතින බව හැෙ`ග්.

මෙබ`දු තත්ත්වයන් කලින් හ`දුනා ගතහොත් විශේෂිත ඉගැන්වීමේ ක‍්‍රම මගින් ඔවුන්ගේ අපහසුතා දියුණු කර ගැනීමට උදවු කළ හැක. උදාහරණ ලෙස පින්තුරය සමග වචනය හ`දුන්ව දීම, වැලි මත ලිවීම, විනෝද ක‍්‍රීඩා භාවිත කිරීම ආදී විවිධ ක‍්‍රම යොදා ගත හැක. ඔවුන්ගේ දුර්වලතා වෙනුවෙන් අධ්‍යාපනික කටයුතුවලදී තනි අවධානය ලැබිය යුතුය.

නමුත් සාමාන්‍ය පාසල් පද්ධතිය තුළ මෙය දුෂ්කර කටයුත්තක් වන හෙයින් දෙමව්පියන්ගේ කාලය වැඩිපුර ඔවුන් කෙරේ යොමු කළ යුතු වේ. එසේම දරුවා තුළ ඇති වෙනත් කුසලතා දියුණු කර ගැනීමට අත දීම මගින් ඔවුන්ගේ ආත්ම ශක්තිය නංවාලීමද ඉතා වැදගත් වේ.

සාමාන්‍ය පාසල් පද්ධතිය තුළ කටයුතු කරගෙන යන දරුවන්ට සාමාන්‍ය බුද්ධි මට්ටමක් තිබිය යුතු වේ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස සැලකෙන බුද්ධි මට්ටම අඩු දරුවන් බොහෝවිට විශේෂ අධ්‍යාපන ධාරාවන් වෙත යොමු වෙනු දක්නට ලැබේ. බුද්ධි මට්ටම බොහෝ සෙයින් අඩු දරුවන්ට තමාගේ කටයුතු තනිව කර ගැනීම අපහසුවීම හා සමහරුන් හැසිරීමේ ගැටලූ පෙන්නුම් කිරීම මීට හේතුවයි. කෙසේ වුවත් බුද්ධිය ම`ද වශයෙන් අඩු දරුවන් යම් අවස්ථාවල සාමාන්‍ය පාසල් පද්ධතිය තුළ ඉගෙනුම ලබති. මොවුන්ටද ඉගෙනීමේ කටයුතුවල අසීරුතා ඇතිවේ. එසේ වුවද සාමාන්‍ය පාසල් පද්ධතිය තුළින් ඔවුන්ට ජිවිතයේ අනෙකුත් කුසලතා සංවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබේ.

ඒ නිසා විශේෂයෙන් ගුරුවරුන් මේ තත්ත්වයන් ගැන හො`ද අවබෝධයක් ලබා තිබීම වැදගත්ය. මේ දරුවෝ බොහෝ විට අනෙකුත් ළමුන්ගේ විහිළුවලට හා හිරිහැරවලට ලක් වනු අප දැක ඇත්තෙමු. මෙය වැළැක්වීම පාසලේ ගුරුවරුන්ගේ වගකීමකි.  අනෙක් දරුවන් ඒ පිළිබ`ද දැනුවත් කර එම ගැටලූව සහිත දරුවාගේ කුසලතා දියුණු කිරීමට උදවු කිරීමට අන් ළමුන් දැනුවත් කළ යුතුය. ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ. පසු කලෙක සමාජයේ ගැටී ජීවත් වීමට අවශ්‍ය කුසලතා හැකි පමණ දියුණු කර ගැනීමට උදවු ලැබීමයි.
malika
හො`දින් පාසල් වැඩ කර ගෙන ආ දරුවකු එක්වරම ඉගෙනුම් කටයුතුවලින් දුර්වල වීම දෙමව්පියන් කලබල වන තවත් අවස්ථාවකි.  මීට විවිධ හේතු බල පෑ හැක. අද සමාජයේ දක්නට ලැබෙන අධික තරගකාරිත්වය හේතුවෙන් කුඩා දරුවෝද මානසිකව පිඩාවට පත්වෙති. අධික ආතතිය හේතුවෙන්ද දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල විය හැක. පවුල් පරිසරයේ ගැටලූ, අපයෝජනයට ලක් වීම, ගුරුවරුන්ගෙන් ලැබෙන දැඩි ද`ඩුවම්, අන් ළමුන්ගේ හිංසාවලට ලක් වීම, විභාග හේතුවෙන් ඇති වන පීඩනය ආදී විවිධ කරුණු දරුවන් තුළ අධික ආතතිය ඇති වීමට හේතු විය හැකිය.

ඊට අමතරව විෂාදය වැනි මානසික ගැටලූද දරුවන් අතර දක්නට ලැබේ. විශාදයේ මූලික ලක්ෂණ වන්නේ නිතරම කනස්සල්ලෙන් පසු වීම, පෙර ආසාවෙන් කළ දේට ආසාවක් නැති වීම, අලස බව, එපා වීම ආදියයි.

මුලින් උනන්දුවෙන් කළ දේට ඇති උනන්දුව අඩුවීම හා ශක්තිය නැතිකම නිසා පාසල් යන දරුවකුගේ අධ්‍යාපනික කටයුතු දුර්වල විය හැක. ඊට අමතරව නිතර නිතර තමාට පාලනය කර ගත නොහැකි කරදරකාරී සිතුවිලි සිතට ඒම, අධික බිය වැනි කාංසාව ආශ‍්‍රිත රෝග ද පාසල් වියේ දරුවන් අතර දක්නට ලැබේ. නමුත් දරුවන්ට තමාට ඇති පීඩාව අන් අයකුට කියා ගත නොහැකි වීම හේතුවෙන් එම පීඩාව අධ්‍යාපනික දුර්වලතාවක් ලෙස පිටතට දිස්විය හැක.

ඉහත ස`දහන් කළ පරිදි පාසල් දරුවකු තුළ අධ්‍යාපනික දුර්වලතා ඇති වීමට විවිධ සාධක බල පෑ හැක. බොහොමයක් ගැටලූ මුලින් හ`දුනා නොගැනීම හේතුවෙන් පිළියම යෙදීම ප‍්‍රමාද වේ. විශේෂ අධ්‍යාපනික ක‍්‍රම, චර්යාත්මක ප‍්‍රතිකාර හා අවශ්‍ය අවස්ථාවලදී ඖෂධ ප‍්‍රතිකාර මගින් පසු කාලීනව දරුවාට ඇතිවිය හැකි අපහසුතා බොහොමයක් මගහරවා ගත හැක.