කොළඹ ජාතික රෝහ‍ලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවල විවේකාගාර හා කාර්යාල තුළට රිංගා ඒවායේ තිබූ රුපියල් ලක්ෂ 6කට අධික වටිනා දේ‍පොළ සොරාගත් පුද්ගලයකු මරදාන ප්‍රදේශයේදී මරදාන ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ‍පොලිසිය කියයි.

සැකකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස 24ක් වන අතර කොළඹ ප්‍රදේශයේ නවාතැන්‍පොළවල සිටිමින් ස්ථාන මාරු කරමින් මෙලෙස සොරකමේ යෙදී ඇත. ඔහු විසින් සොරාගෙන උකස් මධ්‍යස්ථානවලට හා විවිධ පුද්ගලයන්ට අලෙවි කර තිබියදී ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන, බැංකු ඒ.ටී.එම්. කාඩ්පත්, මුදල් හා රන් ආභරණ ‍පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවත් ‍පොලිසිය පවසයි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සාලිය ද සිල්වා, සහකාර ‍පොලිස් අධිකාරී උදය හේමන්ත යන මහතුන්ගේ අධීක්ෂණයෙන් මරදාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍ර.‍පො.ප. සරත් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.‍පො.ප. වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ‍පො.සැ. 18354 රත්නපාල, ‍පො.කො. 57220 දසනායක. 11409 නිරෝෂන්, 81061 අමිල, 76634 නදීෂානි, 74188 චන්දන යන නිලධාරීන් විසින් සිදුකරගෙන යනු ලබයි.

ඩී.පී. හේරත්-දෙහිවල