ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරගාවලියේ තෙවැනි සතියට අයත් තවත් තරග හතරක් සති අන්තයේ පැවැත්වෙයි.

මතෛක් පැවැති තරගාවලිය තුළ සහභාගි වූ තරග දෙකම ජය ගන්නට හැව්ලොක්ස්, මහනුවර හා සී.ආර්. යන කණ්ඩායම් සමත්ව ඇති අතර සී.එච්, ගුවන් හමුදාව හා ‍පොලිස් පිල තවමත් ජයග්‍රහණ වාර්තා කරන්නට අ‍පොහොසත්ව සිටිති.

ඒ අනුව නොවැම්බර් 18 වැනිදා තුරඟ තරග පිටියේදී සී.එච් හා සී.ආර් පිල අතර තරගය පැවැත්වෙන අතර එදිනම වැලිසරදී නාවික හමුදාව සමග හැව්ලොක්ස් පිල තරග වැදීමට නියමිතය.

අනතුරුව පසුදින (19) මහනුවර පිල යුද හමුදාව සමග නිත්තවලදී ද, ගුවන් හමුදාව ‍පොලිස් පිල සමග රත්මලානේදී ද තරග වදිති.

මෙම තරග සියල්ලක්ම පස්වරු 4.00 පැවැත්වීමට සැලසුම් කර ඇත.

සීවලී එදිරිවීර