තමිල්නාඩු හිටපු මහ ඇමතිනිය වන ජයලලිතා ජයරාම් ගේ සමීපතම හිතවතිය වන වී.කේ ශෂිකලා නොහොත් චින්නම්මාගේ පවුලේ සමාජිකයන් සතුව තිබු රුපියල් කෝටි 1430 ක ධනය හෙළිදරවු කර ගැනීමට එරට බදු නිලධාරීන් සමත්ව තිබේ.

එම නිලධාරීන් මෙම ධනය හෙළිදරවු කරගෙන ඇත්තේ ශෂිකලා ඇගේ සෙහොයුරු දිනකරන් හා පවුලේ සමාජිකයන් සතුව තිබියදීයි.

එ් අනුව අදාළ නිලධාරීන් විසින් තමිල්නාඩුවේ, ආන්ද්‍රා ප‍්‍රදේෂ් හී මෙන්ම පුදුචේරි හා දිල්ලියේ ඇති ඔවුන්ගේ ව්‍යාපාර සහ වත්කම් පරික්ෂා කර ඇති අතර එහිදී මෙම ධනය අනාවරණය වී තිබේ.

මෙම පරික්ෂණ වලදී හෙළිිදරවු නොකළ රුපියල් කෝටි 7 ක මුදලක් හා රුපියල් කොටි 5 ක වටිනාකමින් යුත් රත‍්‍රං ද හමුව ඇත.

මෙහිදී බදු නිලධාරීන් විසින් ජායා ටී.වී ආයතනයද පරික්ෂාවට ලක්කර ඇත් අතර එය සැළකෙනුයේ එ්.අයි.එ්.ඞී.එම්.කේ පක්ෂයේ නිළ නොවන රූපවාහිනි නාළිකාව ලෙසිනි.

දැනට හෙළදරවු වී ඇති තොරතුරු පිළිබඳව ගනු ලබන ඉදිරී නීතිමය පියවර පිළිබඳව බදු නිලධාරීන් අවධානය යොමු කරමින් සිටින බවද සඳහන් වේ.

(සී නිව්ස්*