වසර 8000 ක් පමණ පැරණි වයින් ගුදමක් ජොර්ජියාවෙන් හමුව ඇති බව විදෙස් පුවත් සඳහන් කරයි.
ජොර්ජියාවේ අගනුවර සිට දකුණට වන්නට පිහිටි ප‍්‍රදේශයකින් මෙම වයින් බඳුන හමුව ඇත් බව එය සොයා ගත් පර්යේෂකයින් සඳහන් කරයි.

මෙහි මිදි පොකුරු හා මිනිසුන් නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන රූප සටහන් ඇති බවද පැවසේ.
මේ පිළිබඳව පර්යේෂණයේ යෙදෙන පිරිස සඳහන් කර ඇත්තේ වනයේ වැවෙන මිදි යොදා ගනිමින් වයින් ගෘහාශ‍්‍රිතව නිෂ්පාදනයේ යෙදුනු බවට ලැබුනු ආසන්නම සාධකය මෙය බවයි.

වයින් බටහිර සංස්කෘතිය සමග අතීතයේ සිටම ඉතා සමීප සබඳතාවයක් පැවති අතර ඔවුන් වයින් ඖෂධයක් ලෙස, සමාජ සබැඳියාව ඇති කරන පානයක් ලෙස, මානසික උත්තේජනයක් ලෙස මෙන්ම ආගමික කටයුතු උදෙසාද යොදා ගෙන තිබේ.

එලෙසම වයින් යනු අතීත බටහිර ලෝකයේ ආර්ථික වටිනාකම හා සමාජ වටිනාකම ඉහළ දැමූ පානයක් ලෙසද පැවතී ඇත.

මීට පෙර ලොව පැරණිතම වයින් හමුව ඇත්තේ ඉරානයෙන් වන අතර එය වසර 7000 ක් පැරණිය.
මීට අමතරව වසර 6000 ක් පැරණි ගුදමක් ඇමරිකාවේ ගල් ගුහාවකින් හමුව ඇත.

මේ අනුව වයින් යනු ඈත අතීතයේ සිටම මානව සමාජය හා සබැඳී පානයක් බව පර්යේෂකයෝ පවසති.

(බී.බී.සී*

Untitled-7 Untitled-8