මේ දිනවල සිදු කෙරෙන දකුණු කොරියා හා අමෙරිකා එ්්කාබද්ධ හමුදා අභ්‍යාසය න්‍යෂ්ටික යුද්ධයකට අතවැනීමක් විය හැකි බවට උතුරු කොරියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම නාවුක අභ්‍යාසය සඳහා ඇමෙරිකා යුද නෞකා 3 ක් හා දකුණු කොරියානු නෞකා 7 ක් යොද ගෙන ඇති බව සඳහන් වේ.

යූ.එස්.එස් – රොනල්ඞ් රේගන්, නිම්ට්ස් සහ තියඩෝර් රූස්වෙල්ට් යන යුද නෞකා මේ අනුව අදාළ නාවුකා මෙහෙයුම සඳහා ඇමෙරිකාව විසින් යොදවා තිබේ.

මෙම යුද නෞකා ත‍්‍රිත්වය එක්ව යුද අභ්‍යාසයක නිරත වන්නේ 2007 වර්ෂයට පසුව බවද වාර්තා වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු නිත්‍ය නියෝජිතයා සඳහන් ඇත්තේ මෙම යුද අභ්‍යාසය හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ පවතින උණුසම් වාතාවරණය තවත් උග‍්‍රවන බවයි.

දිගින් දිගටම අමෛරිකාව හැසිරෙන මේ ආකාරය හේතුවෙන් න්‍යෂ්ටික යුද්ධයක් අවිළී යාමේ කාල සීමාව පැවසිය නොහැකි බවද ඔහු සඳහන් කර ඇත.

(රොයිටර්*