ඉරාක හා ඉරාන දේශසීමා ආසන්නයේ සිදුවූ ප‍්‍රබල භු කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම අපදාවෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 7000 කි.
භූ කම්පනයෙන් ගොඩනැගිලි විශාල ලෙස කඩාවැටී ඇති අතර සහන කණ්ඩායම් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් දියත්කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

සිද්ධියෙන් වැඩි ජීවිත හානි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ බටහිර ඉරානයේ සර්පොල් – ඊ – සහාබ් නගරයේය.
මෙම නගරය ඉරාන හා ඉරාක දේශසීමාවේ සිට කිලෝමීටර් 15 ක් දුරින් පිහිටා ඇත.

එමෙන්ම මීළඟට දෙවැනියට වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් සිදු ඇත්තේ කරමනාහ් පළාතෙහි වන අතර මෙම ප‍්‍රදේශ දෙකෙහිම විශාල දේපළ හානියක් ද සිදුව තිබේ.

එ් අනුව අදාළ නගර දෙකෙහිම පිහිටි රෝහල් ද මෙම භූ කම්පනය හේතුවෙන් සම්පූුර්ණයෙන් විනාශ වී ඇත් බවද විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඉරානයේ මවක් හා ඇගේ කුඩා බිලිිඳා සුන්බුන් අතර සිරව සිටියදී මුදාගෙන ඇති අතර දෙරටේම නගරවලට ජලය හා විදුලිය සැපයීම් ඇනහිට ඇති බවද සඳහන් වේ.

මේ නිසාම අවතැන්වූ දෙරටේම ජනතාවට දැඩි අපහසුතාවලට ලක්වීමට සිදුව ඇති අතර ඔවුන්ට අධික ශීතලේ රාත‍්‍රිය පහන් කිරීමට සිදුව ඇත්තෙූ් එළිමහනේ බවද වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කරන පරිදි අවතැන්වූවන් අතරින් බහුතරය රැුඳී සිටිනුයේ උද්‍යානවල හෝ මහා මාර්ග වලය.
සහන කණ්ඩායම් සඳහන් කරනුයේ අවතැන්වූවන් සඳහා කූඩාරම් අවශ්‍ය බවයි.

මේ අකාරයට අවශ්‍ය කූඩාරම් සංඛ්‍යාව 70,000 ක් පමණ වන බවද වාර්තා වේ.
දැනට ඇති වාර්තාවලට අනුව ඉරාන ඉරාක දේශසීමාවේ ආරක්ෂාව සඳහා යොදවා සිටි දෙරටේම හමුදා සෙබළන්ද භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇත.

ඉරාකයේ වැඩිම අපදාවට ලක්ව ඇත්තේ ඉර්බිල්, සුලෙයිමානියා, කිර්කුක් හා බස්රා යන ප‍්‍රදේශ බවද වාර්තාවල දැක්වේ.

මෙම ප‍්‍රදේශ මේ වනවිට දැඩි දුහුවිලි ගතියකින් යුතුව පවතී.
අමෙරිකා භූ විද්‍යා මධ්‍යස්ථානය පවසන පරිදි මෙම රිච්ටර් මාපකයේ එ්කක 7.3 ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනයේ මධ්‍යයය ඊසාන දිග ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි ඩර්බාන්ඩිකාන් ප‍්‍රදේශයට කිලෝමීටර් 30 ක් දකුණින් පිහිටා ඇත.

අධික ජනගහනයක් වෙසෙන මෙම ප‍්‍රදේශයේ මිලියන 1.8 ක් පමණ වෙසෙන බවද වාර්තාවල සඳහන්ය.
මෙම ප‍්‍රබල භූ කම්පනය අසල්වැසි රටවල් වන තුර්කිය, ඊශ‍්‍රායලය හා කුවෙට් යන රටවලටද දැනී තිබේ.

(අල් ජසීරා)

Untitled-4 Untitled-3 Untitled-2