sdr

කොළඹ- නුවර මාර්ගයේ මාවනැල්ල මහත්තේගම හංදිය අවහිර කරමින් අද (14) විරෝධතාවයක් පැවැත්වේ.

කොළඹ- නුවර මාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට ගම්පොල දක්වා දිවෙන මහන්තේගම මාර්ගය අලුත්වැඩියා කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම විරෝධතාවය පවත්වනු ලබයි.

වගකිව යුත්තන්ගේ ප‍්‍රකාශකයක් ලැබෙන තුරු විරෝධතාකරුවන් ප‍්‍රධාන මාර්ගයෙන් ඉවත් නොවන බව පැවසු අතර එහි පැමිණ රඹුක්කන විධායක ඉංජිනේරු රොෂාන් වික‍්‍රමසිංහ මහතා මාර්ගය සංවර්ධනය කර දෙන බවට ලිඛිත පොරොන්දුවක් ඉදිරිපත් කිරිමෙන් පසුව විරෝධතාකරුවන් ප‍්‍රධාන මාර්ගයෙන් ඉවත්ව මාර්ගය අයිනට වි සිය විරෝධතාවයේ යෙදෙමින් සිටියි.

පැය 04කට ආසන්න කාලයක් පුරා පැවැති මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ- නුවර මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා ඇති වී තිබේ

රහල් තිලකරත්න/එස් වී බණ්ඩාර – කෑගල්ල