වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) උදෑසන 10.30ට පමණ වව්නියාව රෝහල අසල ගැවසෙමින් සිටි මෙම ඉන්දීය ජාතික පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (14) වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනුු ලබයි.