“1989 භීෂණ කාලයේ සිටම ජීවිත පරිත්‍යාගයෙන් මට වැඩකළ හිනිදුම් පත්තුවේ ජනතාව එදා සිට මා අත්හැර ගියේ නැහැ.

පසුගිය මැතිවරණයේදී මා පරාජය කළේ හිනිදුම අය නොවේ.

මට ඡන්දය දෙන්න එපා එයා දිනුවොත් මෛති‍්‍ර ළඟට යනවා කිය කියා මට චෝදනා කළ මහින්ද මහත්තයාගේ පැත්තෙන් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු ගිය තුන් දෙනෙක්ම ගීහිල්ලා ඇමැතිකම් ගත්තා.

මම තනතුරු ඉල්ලාගෙන ගියේ නැහැ.

ජාතික ලැයිස්තුවෙන් වුණත් මට යන්න පුළුවන්කම තිබුණා.

මට ඡන්දය දුන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අයගේ ගෞරවය එදත් ආරක්ෂා කළා.

අදත් හෙටත් එහෙමමයි.

මට මේ ආසන සංවිධායකකම ලබා දුන්නේ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි.

අද නම් අපට එවැනි තනතුරක් ලබා ගන්න බැරිවේවි.

මම පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති වරයෙක්.

89 පාර්ලිමේන්තුවට ගිය මා ගාල්ල දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨතමයෙක්.

දැන් ඉතින් සියලු භේද අමතක කරමු.

මට ලැබෙන්න තිබුණු දේ ලැබුණා.

රට ඉදිරියට ගෙනියන්න හැමෝම එක්ව වැඩකරමු.”

ද්විත්ව පුරවැසි භාවය නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්තී‍්‍ර ධුරය අහිමි වීමත් සමගම යළි පාර්ලිමේන්තු වරම් හිමිවූ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියසේන ගමගේ මහතා මේ බව පැවසුවේ ජනතාවගේ ජයඝෝෂා මැද තම නිජ භුමිය වන නෙළුව ප‍්‍රදේශයේ පැවැති පිළිගැනීමේ උත්සවයකදීය.

වැඩි දුරටත් කතා කළ පියසේන ගමගේ මහතා මෙසේද පැවැසීය.

“මට සමහරු චෝදනා කරනවා අනුන්ගේ බත් පංගුව උදුරාගෙන කනවා කියලා. නමුත් උදුරාගෙන කෑවේ හිනිදුම ජනතාවගේ බත් පංගුවයි.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඇති භුමි ප‍්‍රමාණයෙන් විශාල ප‍්‍රාදේශීය සභා 4ක් තිබෙන මැතිවරණ කොට්ඨාසය හිනිදුමයි.

මේ පළාතට පසුගිය අවුරු දෙකයි මාස දෙකකට කිසිම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් හිටියේ නැහැ.

අවුරුදු 39ක් තුළ මා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මේ ප‍්‍රදේශයට විශාල සංවර්ධනයක් කළා.

පාරවල් හැදුවා. පාලම් හැදුවා. ලයිට් දුන්නා. රස්සා දුන්නා. මොනවද නොකළේ. පහුගිය අවුරුදු කිහිපය තුළ මේ කිසිවක් සිදුවුනේ නැහැ.

ලයිට් කණුවක බල්බ් එකක්වත් පත්තු වුණේ නැහැ.මේ නැවතී ගිය සංවර්ධන කටයුතු නැවතිලා තියෙන තැනින් නැවතත් ආරම්භ කරන්න මට තමුන්නාන්සේලාගේ සහය ඕනෑ.

දුකේදීත් සැපේදීත් මා අත්හැර නොගිහින් මා සමගම සිටි ජනතාව මට කිසිදාක අමතක වන්නේ නෑ.”

මෙම අවස්ථාවට නෙළුව ධර්මපාල විහාරාධිපති ගම්මැදෙගොඩ හිමිපාණන් සහ දකුණු පළාත සභා මනිතී‍්‍ර රන්දිම ගමගේ, නෙළුව ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ජයරත්න ගමගේ, තවලම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් ගමගේ යන මහත්වරුද සහභාගි වූහ.

හිරු සඳුන් ලියනගේ – හිනිදුම