කෑගල්ල දිස්ති‍්‍රක් විශේෂ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ කටයුතුවලදී පොලිතින් භාවිතා නොකිරීමට එම අවස්ථාවට සහභාගි වුණු සියළුම දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින් පොදු එකඟත්වයකට පැමිණ තිබේ.

මෙම විශේෂ ප‍්‍රගති සමාලෝචන රැස්වීම සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතාගේ ප්රේධානත්වයෙන් කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී පසුගියදා (09)  පැවැත්විණි.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය තුසිතා විජේමාන්න, සුජිත් සංජය පෙරේරා, සබරගමුව පළාත් ප‍්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න සහ කෑගල්ල දිසාපති චන්ද‍්‍රසිරි බණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.