කොළඹ ශා. ජෝශප් විදුහල සහ නාවල ජනාධිපති බාලිකා විදුහල පසුගියදා අවසන් වූ 47 වැනි ශ‍්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියේ බාලක සහ බාලිකා සමස්ත ශූරතා දිනාගත්හ. දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩා සංකීර්ණයේදී සිලෝන් බිස්කට් සමාගමේ රිට්ස්බරි අනුග‍්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය දින 3ක් තිස්සේ  පැවැත්විණි.

නාවල ජනාධිපති බාලිකා විදුහල ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙවර සටහන්වීම කැපී පෙනේ. පිරිමි අංශයේ අනු ශූරතාව මාතර රාහුල හා තෙවැනි ස්ථානය මීගමුව මාරිස්ටෙලා විදුහලට හිමි විය. කාන්තා අනු ශූරතාව රත්නපුර සුමන බාලිකා විදුහල දිනාගත් අතර තෙවැනි ස්ථානය මීගමුව ආවේ මරියා විදුහලට හිමි විය. ශ‍්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.

නව තරග වාර්තා 21ක් සහ වාර්තා සමකිරීම් 2ක් වාර්තා වූ මෙම තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස බලපිටිය සිද්ධාර්ථ මැදි මහ විදුහලේ මෙන්ඩිස් අබේසේකරද, දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස දික්වැල්ල විජිත මැදි මහ විදුහලේ සදිනි කවීෂාද සම්මාන ලැබූහ.

වයස අවුරුදු 15න් පහළ බාලක දුර පැනීමේ ඉසව්ව මීටර 6.52 කින් නිමකිරීම සහ එම වයස් සීමාවේ බාලිකා දුර පැනීමේ ඉසව්ව මීටර 5.47 කින් නිම කිරීම පදනම් කරගෙන මෙන්ඩිස් සහ සදිනි  සම්මාන දිනාගත්හ.

ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ නව තරග වාර්තා

 15න් පහළ පිරිමි
මීටර් 100 තත්පර 11.1 එච්. එස්. මවුලානා (ගාල්ල මහින්ද විදුහල* මීටර් 200 තත්පර 22.6 එච්. එස්. මවුලානා (ගාල්ල මහින්ද විදුහල* මීටර් 400 තත්පර 51.1 අයි. කේ. බී. අබේවර්ධන (මතුගම ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය* මීටර් 800 තත්පර 2: 04.9 එච්. එස්. මවුලානා (මාදම්පේ සේනානායක වි.* දුර පැනීම මීටර් 6. 52 එච්. එම්. අබේසේකර (බළපිටිය සිද්ධාර්ථ විදුහල* කවපෙත්ත විසිකිරීම මීටර් 53.23 සුසීන්ත කුමාර මිතුන්රාජ් (පේදුරුතුඩුව හාට්ලී විදුහල* මීටර් 100 සහය දිවීම තත්පර 46.3 සාන්ත ජෝසප් විදුහල මීටර් 400 සහය දිවීම විනාඩි 3:44.3 මීගමුව මාරිස්ටෙලා විදුහල

15න් පහළ කාන්තා
මීටර් 400 තත්පර 51.1 කේ. එස්. එදිරිසිංහ (නාවල ජනාධිපති බාලිකා විදුහල* දුර පැනීම මීටර් 5. 47 සදිනි කවීෂා (දික්වැල්ල විජිත විදුහල* කවපෙත්ත විසිකිරීම මීටර් 35.46 හේෂාණී මහේෂිකා (ක`දාන සා.සෙබස්තියන් විදුහල* 14න් පහළ පිරිමි මීටර් 400 තත්පර 55.1 ආර්. එස්. ජයසුන්දර (කුරුණෑගල සර් ජෝන් කොතලවල විදුහල* උස පැනීම මීටර් 1. 75 උදිල් විදසරිත් (පන්නිපිටිය ධර්මපාල විදුහල* මීටර් 80 කඩුලූ පැනීම තත්පර 11. 5 නදීව් දුල්නිත් (මාතර රාහුල වි.* මීටර් 100 සහය දිවීම තත්පර 47.8 කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහල

14න් පහළ කාන්තා
මීටර් 80 කඩුලූ පැනීම තත්පර 12. 7 එස්. ඞී. කහන්ගම (සුමන බාලිකා විදුහල* මීටර් 200 තත්පර 26. 4 ආර්. ජී. විජේරත්න (කොළඹ ආනන්ද බාලිකා විදුහල*

13න් පහළ කාන්තා
මීටර් 100 තත්පර 43.0 රුවන්සා වීරක්කොඩි (නාවල ජනාධිපති බාලිකා විදුහල* දුර පැනීම මීටර් 4. 88 රුවන්සා වීරක්කොඩි (නාවල ජනාධිපති බාලිකා විදුහල* මීටර් 80 කඩුලූ පැනීම තත්පර 13. 9 තුෂාරී හන්සිකා (දික්වැල්ල විජිත විදුහල* මීටර් 200 තත්පර 26. 7 රුවන්සා වීරක්කොඩි (නාවල ජනාධිපති බාලිකා විදුහල*

12න් පහළ පිරිමි
මීටර් 100 සහාය දිවීම තත්පර 54.7 මහනුවර ත‍්‍රිත්ව විදුහල

Untitled-4