ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ සිදුවු භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 452 ක් මියගොස් ඇති බව CNN පුවත් සේවය පවසයි.
ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් මෙම මරණ බොහෝමයක් සිදුව ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
ඉරාන ඉරාක දේශසීමාවේ ජනාකීර්ණ හලබ්ජා නගරයේ නිරිතදිග ප්‍රදේශයේ සැතපුම් 21ක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රිච්ටර් පරිමාණ ඒකක 7.3ක් ලෙසිනි.