මෙවර අය වැයට ප‍්‍රථම නුවරඑළියේ අල ගොවියා පිළිබ`දව කිසිදු තැකිීමක් නොකර රජය මගින් ආනයනික අර්තාපල් කිලෝවක බදු මුදල් ඉවත් කර අර්තාපල් කිලෝවක පාලන මිල රුපියල් අසූව දක්වා ගෙන ඒම නිසා තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී සිටින බව නුවරඑළිය ප‍්‍රදේශයේ අල ගොවීහු මැසිවිලි නගති.

මේ නුවරඑළියේ අල අස්වනු නෙළන කාලය බවත් තමන්ට අල කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 80/= ත් 85/= අතර මිලක් වැය වී තිබියදී නුවරඑළියේ අල ව්‍යාපාරිකයන් තමන්ගෙන් එම අස්වැන්න කිලෝවක් රුපියල් හැත්තෑවකට ලබා ගැනිීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් ඔවුහු පවසති.

බීජ අල හොණ්ඩරයක් රුපියල් 14500/= 15000/= අතර මිලකට ගෙන එය වගා කිරීමේදී අධික පොහොර මිල කෘමි නාශක මිල හා කම්කරු වැටුප් ගෙවීමේදී ගොවීන්ට  විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇත.

නුවරඑළිය ප‍්‍රදේශයට ගතවූ මාස හය තුළ අඛණ්ඩව වර්ෂාව ලැබීම නිසා මෙවර අල වගාවේ අස්වැන්නද අඩුවී ඇති අතර නුවරඑළිය ප‍්‍රදේශයේ අල අස්වැන්න නෙළාගැනීමෙන් පසු ආනයනික අර්තාපල්වල බදු මුදල් අඩු කර තිබිය යුතු බවද ගොවීහු සඳහන් කරති.

මේ පිළිබ`දව අදහස් දක්වන නුවරඑළිය ප‍්‍රදේශයේ අල ගොවියකු වන ගුණසේකරම් සිවා මහතා පැවසුවේ ‘‘දැන් ගැටලූව තමයි මාස අටක් වැස්ස අල වවන්න බැහැ අලවලට ගහන බෙහෙත් එහෙම ගණන්. රුපියල් අසුවත් අනුවත් අතර වෙනවා අල ගලවලා ගන්න කොට රජයෙන් විකුණන්න කියන්නේ රුපියල් 80/= අපිට වෙළෙ`දුන්ට දෙන්න වෙන්නේ එතකොට 70කට රුපියල් 15ක් අතෙන් යනවා මාස හතරක් මහන්සි වෙනවා. ඒ මොනවත් ගැන හිතන්නේ නැහැ. නුවරඑළියේ ඉන්නවා වගාකරන ගොවියෝ ලක්‍ෂ දෙකහමාරක් විතර මේ ගොවීන් ගැන හොයලා බලන්නේ නැතුව රජය මෙහෙම කරනවා.

හේලිස් කොම්පැනියෙන් බිජ කිලෝවක් 250 කට ගෙනත් දෙනවා බාල එක 240 ක් විතර වෙනවා. නුවරඑළියේ අල වවන්න අල කිලෝවකට රුපියල් 85-90 ක් විතර යනවා. එතකොට සීයයට වැඩියෙන් වික්කොත් තමයි අපිට කිලෝවකින් රුපියල් දහයක් පහළොවක් විතර තියන්නේ. අල හොණ්ඩරයක් දාලා අල කිලෝ පන්සියක් ගලවන්න පුළුවන් එහෙත්් මේ වැස්ස නිසා දෙසිීය පනහක් තුන්සියක් තමයි ගලවන්න වෙන්නේ අපිට පාඩුවට තමයි එතකොට  කරන්න වෙන්නේ. රජයෙන් මෙ නුවරඑළියේ අල ගොවීන්ට කිලෝවක් සීයයට වඩා වැඩි මිලකට විකුණන්න  දෙන්න  ඕනි නැත්නම් රටින් ගෙන්නන එක නවත්තන්න  ඕනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නුවරඑළියේ අල ගොවියකු වන එන්.යු අමරපාල මහතා පවසන්නේ අසාධාරණයක් වෙනවා කි්යන්නේ අපිට හැමදෙයක්ම ගණන් ගිහිල්ලා බෙහෙත් වැඩි පොහොර වැඩි පොහොර සහනාධාරයක් තිබ්බා  දැන් අපිට ඒකත් නැහැ. අනෙක් එක ලේබර්ස්ලා වැඩ කරන්නේ නැහැ. ගැහැනු කෙනෙක් වැඩට ගත්තාම රුපියල් දහසක් දෙන්න  ඕනි කෑම බිමත් ඔක්කෝම එක්ක රුපියල් එක්දහස් දෙසියක් දෙන්න  ඕනි.

පිරිමි කෙනෙක් වැඩට ගත්තාම එක්දහස් පන්සියක් ඉල්ලනවා එතකොට එයාටත් එක්දහස් හත්සීියක් වෙනවා. අනෙක් එක බදු කුලිය බලන කොට අල හොණ්ඩරයක් දාන්න වත්තක් ගන්නේ රුපියල් දෙදහසක් තුන්දහසක් අතර බදුවලට.

අල හොණ්ඩරයක් හිටවනකොට තිස්පන්දහසක් විතර බදුවලට. අපිට වෙළෙ`දපොළෙන් අල ඉල්ලන්නේ රුපියල් හැත්තෑවකට අපිට කිසිම ලාභයක් නැහැ. දැන් වගා ණයක්වත් අපිට දෙන්නේ නැහැ. බැංකුවත් අපිට ණයක් වුණත් දෙන්නේ අපිට තියනවානම් විතරයි. දැන් වැලිමඩ අල දිගමට ගැලවෙනවා. නුවරඑළියේත් ගැලවෙනවා. ලූනුවල අඩුකළාට අලවල එහෙම කරන්න බැහැනේ. රජයට පුළුවන් පාලනය කරන්න මේ සියලූ දේම. අල තියන කාලයේ මේ ටැක්ස් එක අඩු කළාම හැත්තෑපහට අසුවට වැලිමඩ නුවරඑලියේ අල තියනවා. එහෙම තියෙද්දී බදු එක අඩු කළාම රුපියල් හැත්තෑවටවත් විකුණන්න බැහැනේ.’’ යනුවෙනි.

රංජිත් රාජපක්‍ෂ- හැටන්