සමාජ සේවකයකු ලෙස හො`ද මුහුණ පෙන්වා රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වංචා කොට සැ`ගව සිටි බිංගිරිය ප‍්‍රදේශයේ සමාජ සේවා පදනමක අධ්‍යක්‍ෂවරයකු දඹුල්ල ඇඹුල්අඹේ ප‍්‍රදේශයේ ඥාතිවරයකුට අයත් නිවසක සැ`ගව සිටියදී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකය පවසයි.

එසේ අත්අඩංගුවට ගත්තේ බිංගිරිය ප‍්‍රදේශයේ සමාජ සුබසාධනය ස`දහා පිහිටුවාගෙන තිබූ පදනමක අධ්‍යක්‍ෂවරයකු වූ අතර සැකකරු ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ලේකම්වරයකු බව පවසමින් රජයේ රැුකියා ලබාදෙන බවට පවසා රුපියල් කොටි ගණනින් මුදල් වංචාකර තිබූ බවට දිගින් දිගට ලද පැමිණිලි මත අත්අඩංගුවට ගෙන තිබිණ.

මූලික පොලිස් විමර්ශනවලදී රජයේ රැුකියා පමණක් නොව අමාත්‍යාංශවලට ලැබෙන කෝටාවන් මත ජපන් රටේ රැුකියා ලබාදෙන බවටත් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන වාහන හොර පාරෙන් ලබා දෙන බවටත් පවසා ද සැකකරු විසින් මුදල් වංචා සිදුකර ඇති බවටත් තොරතුරු හෙළිව තිබිණ. බිංගිරිය ප‍්‍රදේශයේ සැකකරුගේ රුව රැුගත් නාමපුවරු පාසල් නාමපුවරු ආදිය පවා පසුගිය වකවානුවේ දක්නට තිබූ බවද පැවසේ.

එමෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ 2015 සිට 2017 පමණ වනතෙක් සේවය කර ඇති බවත් හලාවත, දුම්මලසූරිය, අනුරාධපුර, ගාල්ල, රත්නපුර, බිංගිරිය, නිකවැරටිය, වැලිඔය ආදී ප‍්‍රදේශ රැුසක පිරිස් රවටා සැකකරු විසින් මුදල් වංචාකොට තිබිණ. සැකකරු හෙට්ටිපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක වික‍්‍රමනායක, පොලිස් සැරයන්වරුන් වන ජයකොඩි (52609* සෙනවිරත්න (33604* පොලිස් කොස්තාපල්වරු වූ චමිල (37525* වීරසේකර (35826* ප‍්‍රියදර්ශන (53311* ආනන්ද (49077* අනුර (2007* යන නිලධාරීහු විශේෂ අවසරය මත දඹුල්ල ප‍්‍රදේශයට ගොස් සැ`ගව සිටි සැකකරු අත්අඩංගුවට ගත්හ.

ඩී.යූ. සේරසිංහ – කුරුණෑගල/ ළහිරු මධුසංඛ – බිංගිරිය