කිසි විටෙකත් නොදකින ලෝකයක් අන්වීක්ෂයක් තුළින් දැකිය හැකියි කියා රකිඳු  දැන ගත්තේ පාසල් යන්නටත් පෙර පටන්ය. ඒ පුංචිම කාලයේ තාත්තා රැුකියාව කරන වෛද්‍ය පර්යේෂණ  ආයතනයට යද්දී ඔහු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් සමග ගැවසෙමින් රකිඳුට නිතර කී ඒ කතාවෙනි. ඒ ඇසූ දුටු දෙයින් පුංචිම අවදියේ සිට රකිඳුගේ හිතේ පර්යේෂණ සඳහාත්, ඒ තුළින් ගොඩනැගී  විද්‍යාඥයකු වන්නටත් ඇතිවූයේ ආසාවකි. ඒ නිසාම ජාතික විද්‍යා පදනමේ පුහුණු සැසියකට සහභාගී වූ  රකිඳුගේ හිතේ ඒ ආසාව තවත් වැඩිදියුණු වුණේය.

”මගෙ ඒ ආසාව නිසාම මම පර්යේෂණ කරන්න පටන් ගත්තා. ඒ අනුව ගිය අවුරුද්දෙ අපේ‍්‍රල් මාසෙ මා කළ පරයේ්ෂණයකට ජර්මනියේ ස්ටුට්ගාට්හි පැවති 24 වැනි ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයා සමුළුවේද ලොව ලාබාලතම තරුණ විද්‍යාඥයා සම්මානය හිමිවුණා.

ඒ පරාග මත වායු ¥ෂක තැන්පත් වීම ආසාත්මිකතාවලට වැඩි බලපෑමක් සිදුකරනවාද කියන පර්යේෂණයටයි. ඊළ`ගට ජූලි මාසෙ දී මැලේෂියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වුණ ජාත්‍යන්තර ඍඵක්‍ තරුණ විද්‍යා සමුලූවේදී ඒ පර්යේෂණය සඳහාම රිදී පදක්කමක් ලැබුණා.”

එකම පයේෂණයට වුවත් රන් පදක්කම් දෙකක් ලංකාවට ගෙන එන්නට. හපනකු වූ මේ පුංචි විද්‍යඥයා ඒ පර් යේෂණය නිමාවේ තවත් පර්යේෂණයක් ඇරඹුවේ උණවටුනේ අම්මාගේ ගමට ගිය කල්හී  වැට අද්දර වූ බකිණි ගහේ පිපී තිබූ බකිණි මලක් දැකීමෙනි. ගෙදර පැමිණි ඔහු වෙනත් මල්වලට වඩා වෙනස්වට පෙනුණ බකිණි මල ගැන අන්තර්ජාලයෙන් සොයන්නට ගත්තේය.

”ඒ හොයාගෙන යනකොට මට කියවන්න ලැබුණා. බකිණි ගෙඩියෙ මැලේරියාව නසන ගුණයක් තියෙනවා කියලා. ඊට පස්සෙ මම හිතුවා තවත් ලෙඩකට බකිණි ගෙඩියෙන් ඖෂධයක් හොයන්න  ඕනෑ කියලා. එවන් රෝගයක් ගැන අන්තර්ජාලයෙන් හොයද්දී මට හම්බවුණා ගර්භාෂ බිත්තියේ වැළෙ`ඳන එන්ඩොමෙටි‍්‍රයල් ්භ3ක්‍් කියන දරුණු පිළිකා වර්ගය. එය දරුණුයි කියලා මම හිතුවේ මේ පිළිකාවට අනෙකුත් පිළිකා වර්ග නැසීම සඳහා භාවිත කරන ප‍්‍රධානම විෂධූලක ඖෂධය අහන්නේ නැති බව අන්තර්ජාලයෙන් මම දැනගත්ත නිසයි. ඉතින් මම හිතුවා ඒ නිසා එන්ඩොමෙටි‍්‍ර‍්‍රයල් ්භ3ක්‍් කියන පිළිකා වර්ගයට ප‍්‍රතිකාරයක් බකිණි ගෙඩියෙන් හොයන්න.

ඒක පහසුවෙන් පර්යේෂණය කළ හැකි දෙයක් නෙවෙයි. ලොකු විද්‍යාත්මක ක‍්‍රමයක්. බකිණි ගහේ පොත්තයි, මදෙයි වෙන වෙනම රසායන ද්‍රව්‍ය හතරකට නිස්සාරණය කළා. ඒ කියන්නේ පොත්ත රසායන වර්ග හතරටත් මදය රසායන වර්ග හතරටත් අවස්ථා අටකදී නිස්සාරණය කළා. ඒ අවස්ථා අටේදී ලැබුණු ප‍්‍රතිඵලවලින් එන්ඩොමෙටි‍්‍රයල් ්භ3ක්‍් පිළිකාව නසන්න පුළුවන් බවට මදය සමග සිදු කළ රසායන ද්‍රව්‍ය නිස්සාරණ දෙකකින් හොඳ ප‍්‍රතිඵල තිබුණා.

ඒ පර්යේෂණයේ අවසාන නිගමනය ලෙස මම පෙන්නුවේ බකිණි ගෙඩියේ මදයෙන් එන්ඩොමෙටි‍්‍රයල් ්භ3ක්‍් පිළිකාව නසන ඖෂධයක් හදන්න පුළුවන් කියලා. ඒත් කිවයුතු දෙයක් තියෙනවා බකිණි ගෙඩියෙ මදයෙන්  මේ පර්යේෂණය සාර්ථක වුණා කියලා බකිණි ගෙඩි කෑවට නම් මේ රෝගයට පිළියම් ලැබෙන්නෙ නෑ. මට මේ පර්යේෂණය පටන් අරන් අවසන් කරන්න මාස හයක විතර කාලයක් ගියා. ඒ නැවත නැවත අවස්ථා ගණනාවක් මේ පර්යේෂණය කරපු නිසා.”

කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික‍්‍රමරත්න ඔහුගේ පර්යේෂණය හයවන ආසියා පැසිපික් තරුණ විද්‍යා සමුළුවට ඉදිරිපත් කළේය. ලංකාවෙන් පළමුවරට මෙම සමුළුවට සහභාගී වූ විද්‍යාඥයා රකිඳු වූ අතර රුසියාව, චීනය, ඉන්දියාව වැනි ප‍්‍රබල රටවල් මෙන්ම තුර්කිය, ස්ලෝවේනියාව, මලයාසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, නේපාලයද මේ සඳහා තරුණ විද්‍යාඥයන් ඉදිරිපත් කර තිබුණි. නේපාලයේ කත්මණ්ඩු නගරයේදී පැවැත්වුණු මෙම සමුළුවට විද්‍යාත්මක පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සමග තරුණ විද්‍යාඥයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වී තිබුණි. නොවැම්බර් පළමුවැනිදා සිට පස්වැනිදා දක්වා පැවති මේ තරගයට රකිඳු ඉදිරිපත් කළ ජීව විද්‍යාත්මක පර්යෙෂණය සමුළුවට පැමිණි බොහෝ පිරිසකගේ ඇගයීමට ලක්වුණේය.

බකිණි ගසේ පළතුරු මදයෙන් නිස්සාරණයට කරගත් සුවිශේෂ වූ සංඝටකයකට රසායනික මුසුවක් මගින් ගර්භාෂ පිළිකා ප‍්‍රබේදයක් නැසිය හැකි බැව් රසායනාගාර පර්යේෂණයක් මගින් තහවුරු කරගැනීම වෙනුවෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති හයවන ආසියා පැසිපික් තරුණ විද්‍යා සමුළුවේ ජීව විද්‍යා අංශයේ රන් පදක්කම රකිඳු රන්දිව් වික‍්‍රමරත්නට පිරි නැමුණි.

”කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව රසායන, අනුක ජීව හා ජෛව තාක්ෂණ විද්‍යා ආයතනයේ ආචාර්ය සමීර ආර්.සමරකෝන් මහතාගේ උපදේශකත්වය හා අධීක්ෂණයත් විද්‍යාඥ කැලූම් රත්නායක මහතා හා නුවන්කා අබේසිංහ මහත්මියගේ දායකත්වයත් විශාල ලෙස මගේ පර්යේෂණය සඳහා ලැබුණා. ඒ වගේම සමුළුවට සහභාගී වන්නට ගුවන් ටිකට්පත් බර පැන දැරුවේ රේණුකා ජයසුන්දර මහත්මිය. කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතාත් පන්තිභාර ගුරුතුමිය වන ප‍්‍රමිතා ගලප්පත්ති මහත්මියත් පර්යේෂණ සංසදය බාර ආචාර්ය උපේක්ෂා අබේසේකර මහත්මියත් මේ මොහොතේ මම කෘතවේදීව සිහි කරනවා. ඒ වගේම මගේ තාත්තත්, අම්මත් මට දෙන සහයෝගය ලෝකයක් තරම් වටිනවා.”

රකිඳුගේ කතාව නම් සැබෑය. ඔහුගේ පියා වන බොරැුල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජේ්‍යෂ්ඨ වෛද්‍ය පර්යේෂණ  තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්නගෙන් හා මව වන ජාතික පිළිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥවරියක වන ජීවනී ගුණසේකරගෙන් ඔහුගේ පර්යේෂණ දිවියට ලැබෙන මග පෙන්වීම බොහෝය. ඒ මග පෙන්වීම මත වැඩිදියුණු වූ දක්ෂතා මැදින් රකිඳු මේ වසරේ ලංකාවට රන් පදක්කම් තුනක් දිනාදුන් පුංචි විද්‍යාඥයකු ලෙසට ද නමක් තැබුවේය.

බියංකා නානායක්කාර

Untitled-4