යටගිය දවසත්, බ‍්‍රහ්මදත්ත රජ සමයත් ගැන හිතේ නොමැකෙන සිතුවම් බෞද්ධ සාහිත්‍යයෙන් මවා ඇත්තේ, සමාජීයව තවත් එක් වටිනා චාරිතයක්ද හුවා දක්වමිනි. ඒ දිසාවන්ට ප‍්‍රමුඛ වනල ලෝකය විනිවිද දකින යන අදහසින් නම් කරන ලද දිසාපාමොක් චරිතයය. බොහෝ විට තක්සලාවේ දිසාපාමොක් ඇදුරුතුමන් ගැන සාහිත්‍යයේ සඳහන් වෙතත්, ඒ හැඳින්වීම හැම පළාතේම දිසාපාමොක්ලා පිළිබඳව වන බවද පැහැදිලිය.

දිසාපාමොක්ලා ගැන හිතන්නට, ලියන්නට හා කියන්නට අද රටේ තැනින් තැනද, දිනෙන් දිනද මතුවන්නේ සතුටුදායක තොරතුරුම නොවේ. මානව හිමිකම් කොමිසමකදී විත්තිකරුවන් වන, පොලිසියකට ඉදිරිපත්වන පැමිණිල්ලකදී සැලකිල්ලට ලක්වනල වැඩ හැඩ නොවූ නිසා වැඩ තහනම් වන ගුරුවරුන් ගැන මැවෙන මේ තොරතුරු විසිතුරු නැත. වමනය රෝග ලක්ෂණයක් ලෙස පහළ වූ දැරියකට ගර්භණීබව හේතුකාරකය කොට පාසලෙන් නෙරපා දැමීමේ තීරණයකට එළඹෙන්නේද මේ ගුරු පරම්පරාවේ පිරිසකි. හිතේ හටගත් පෞද්ගලික ක්‍රෝධ ගින්නකින් සිසුවකුගේ පෙළ පොත් පාසලේදී පුළුස්සා දමන තරමට ගිනියම් වී ඇත්තේද ගුරු පරපුරේ තවත් එක් නියෝජිතවරියකි.

නොදරුවන් දරුවන් කිරීමේ හා දරුවන් හොඳ පුරවැසියන් කිරීමේ වගකිව යුතු දෙපාර්ශ්වය ලෙස  සැලකෙන ගුරුන්ද, දෙගුරුන්ද පොලිසියකදීල උසාවියකදීල කොමිසමකදී පැමිණිලිකාර හා විත්තිකාර දෙපාර්ශ්වයන් ලෙස දෙපසට බෙදීම පොදුවේ අසුබදායක වන්නේ සමාජයටමය. මුද්‍රිත මාධ්‍යයේ හැරෙන්නටල නිවෙසේ සාලයේ රූප පෙට්ටියේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ අච්චාරුවේ සුලබ අඩුවැඩියක් ලෙස එක්වන මේ තොරතුරු දරුවන්ගේද නෙතේ හා හිතේ දැවටෙන්නේ හරි හරියටය. තමන්ගේ ගුරුවරයා දෙසද දරුවන්ට හැබැහින් නොව හොරැුහින් බලන්නට මේ තොරතුරු උත්තේජන හේතුකාරක වීමේ නොහැකියාවක්ද නැත.

නිලයේ පමණක් නොව විනයේ පිරිහීමද සමාජයේ හැම තැනකම කොඩිවිනයක්ව පවතින කාලයක පාසලද මේ අපල උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කොට ගැනීම පහසු කාර්යයක් නොවෙතත් කළ නොහැකි කාර්යයක්ද නොවන බව පැහැදිළිය. ඒ ආරක්ෂණයේදී භාවිතයට ගත හැකි ඉහළම උපකාරකය වන්නේ ගුරු සිසු සබඳතාවයය.  එවැනි දැනෙන හා හිතට වැදෙන සබඳතාවයකදී ඉදිරි අනාගතයට සුබදායක හා වැඩදායක ආයෝජනයක්ද විය හැකි දඬුවම පවා දරුවන්ද දෙගුරුන්ද භාර ගනු ඇත්තේ වෙනස් හා උසස් ආකාරයකිනි.

පාසල් දරු දැරියන් සඳහා වන දැනුවත් කිරීමේ දේශන පිණිස තවමත් පාසලට යන එන අපටද විටෙක දකින්නට අසන්නට ඇත්තේ හිත අකැමැති දේය. පාසල පැවැත්වෙන කාලය තුළ එහි පැවැතිය යුතු නිශ්ශබ්දතාවය වෙනුවට බොහෝ විට ඉස්මතුව පවතින්නේ සද්ද බද්දය. පාසලේ දරුවන් ගැන වන විමසුමකදී ඇතැම් විදුහල්පතිවරුන්ද, ගුරුවරුන්ද සිය ප‍්‍රතිචාරය දක්වන්නේ සිසුන් හැඳින්වීමේදී ඇට්ටර විශේෂණයද යොදා ගනිමිනි. දෙගුරුන්ගේද නිසියාකාර සොයා බැලීමකට ලක් නොවන මේ දරුවන්ගේ අනාගතය සුබදායක කළ නොහැකි බවට ගුරුවරුන් විසින් කල් ඇතිවම ඇති කොට ගන්නා සිතිවිල්ලත් සමඟම ඉඩ සැලසෙන්නේ ඇට්ටර පුරවැසියන් බිහිවීමටය.

වදන් කවි පොතේ ඇතුළත්ව බොහෝ පිරිසකගේ හිතේ සටහන් වූ කවියකින්ද නොකියා කියන්නේ සිප්හලේදී වුවද ලැබිය හැකි දඬුවමක අගයය.

‘වේවැල් කෝටු  නාරං සියඹලා     අතූ
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය     අතූ
මේ හැම ඉපල් මගෙ දෑසට නොපෑ     යුතූ
පමා  නොවී එමි අකුරට  මෙයින්     මතූ’

කිතුල් හෝ කහඹිලියා අතු කෙසේ වෙතත් වේවැලද, ගුරු ගෞරවය හා භක්තියද පාසලේ හරිහැටි පෙනෙන්නට, දැනෙන්නට පැවැති කාලය පිළිබඳව ඇතැමකුට මතක ඇතුවාට සැක නැත. අතීත ගුරු භූමිකාව පිළිබඳ මතකයේ පෞද්ගලිකව මට සමීපව දැනෙන චරිතය තාත්තාගේය. හෝඩියේ සිට පහේ පන්තිය දක්වා මා අකුරු කළ පහළ හෙවෙස්ස පාසලේ විදුහල්පතිවරයා ඔහුය. විදුහල්පති මේසය මත රඳවා ඇති වේවැල පාසල තුළ සැරිසරන මොහොතකද ඔහුගේ සුරතෙහි රැුඳුණේ බියකට නොව ගෞරවයකට, භක්තියකට සිසු දරු දැරියන්ගේ හිතේ හොඳහැටි ඉඩ සලසන්නටය. පාසල පැවැත්වෙන කාල සීමාවේදී එහි පාසලක් ඇති බව නොදැණුනු ආකාරය ගැන අදටත් හිත සතුටින් මතකයට නඟන්නේ වැඩිහිටි ගැමියන්ය.

නැකතට අකුරු කියවාගනු පිණිස දෙමාපියන් සිය දරුවා කැටුව ගුරු නිවාසයට ආවේ තාත්තා හමුවන්නටය. නැකතේ සටහන්ව ඇති ආකාරයට අදාළ වේලාවටල අදාළ දිසාවට හැරී අ යනු ආ යනුද අකුරුවලට ගැලපෙන කෙටි වදන්ද තාත්තා කියවන්නේ ආදරයෙන් මේ දරුවන් සමීප කොට ගනිමිනි.  දරුවාගේ ඇඟිලිදල ගල් කූරද සිය ඇඟිලි අතර සිර කොට ගනිමින් අකුරුදල ඉලක්කම්ද ගල්ලෑල්ලේ ලියන්නට තාත්තා ගත් උත්සාහය අදටත් හිතේ පවතින්නේ නොමැකෙන සිතුවමක් වශයෙනි.

තාත්තා පිළිබඳව අදටත් ගමේ වැඩිහිටියන් අදහස් දක්වන්නේ අප නොදැන සිටි ඇතැම් සිදුවීම්ද මතකයට නඟමිනි.  එවැනි එක් සිදුවීමකට අනුව දෙමාපියන්ටද මේ විදුහල්පතිවරයාගෙන් වේවැල් පහර වැදී ඇත්තේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. සිදුවීමට නිමිත්ත වී ඇත්තේ ගමින් සැතපුමකට පමණ දුරින් ඇති පැලවත්තේ පැවැත්වෙන බදාදා පොළය. ඇතැම් දෙමාපියන් සිය දරුවන්ද කැටුව බදාදා පොළට යාම තාත්තා දැක ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපනයට මේ වැඩිහිටියන් දැන හෝ නොදැන සිදු කරන වැරැුද්දක් වශයෙනි. මේ වැරැුද්ද නිවැරදි කරනු පිණිස පාසලේ දිග පියගැට පෙළින් පහළ ඇති තුන්මංහන්දියට බැස ඔහු දරුවන්ටදල දෙමාපියන්ටද අවවාදය සපයා ඇත්තේ වේවැලද භාවිතයෙනි.

ඒ පොළට දරුවා කැටුව යන වැඩිහිටියාට දෙකක් සහ වැඩිහිටියා විසින් රැුගෙන යනු ලැබූ දරුවාට එකක් වශයෙන් වේවැල් පහර සැපයීමෙනි. මේ අවවාදයේදීල මඟ පෙන්වීමේදී වේවැල භාවිතා වූ ආකාරය වුවද ගැමියන් භාරගෙන ඇත්තේ අනාදරයකින් නොවේ.

අනූ අට වසරක සියදිවි මගේ අවසන් දෙවසර වෙනදා තරමටම කායිකව ක‍්‍රියාශීලී නොවූ තාත්තා දවස ගත කළේ මහා මාර්ගයට මුහුණලා ඇති නිවසේ ඉදිරිපස කාමරයකය. සිය අනාගතයට දැඩි වුවමනාවෙන්දල විටෙක තරවටුවෙන්ද මඟ පෙන්වූ ගුරුවරයා වයස්ගතව හා කායිකව දුර්වලව පසු වන බව දන්නා ඇතැම් ගෝලයින් ඒ දිනවලදී මේ මාර්ගයේ ගමන් ගන්නා විටදී ගත් එක් විශේෂිත ක‍්‍රියාමාර්ගයකි. එනම් පාපැදියෙන් ගමන් ගන්නා විටදී පාපැදියෙන් බැස පා ගමනින් ගුරුවරයාගේ නිවසේ සීමාව පසු කොට යාමය. මේ සියලූ ආකාරයේ පෞද්ගලික අත්දැකීම් ඔස්සේ අපට පැහැදිළි වන්නේ ගුරු සිසු සබඳතාවයන් පවත්වා ගැනිමේදී මඟ හැර නොයා යුතු ගුරුහරුකම් පිළිබඳවය.

පාසලේදී අකුරු පමණක් නොව ජීවත්වීමේ රටාවද හරිහැටි අධ්‍යයනය කළ යුතු දරුවන්ට හරි දේ ලබා දීම දෙගුරුන්ගේද වගකීමය. විදුහල්පතිවරයාට හෝ ගුරුවරයාට එරෙහිව පාසලේ හෝ පාසල ඉදිරිපිට විරෝධතාවයක යෙදෙන දෙගුරුන්දල දරුවන්ද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ අද දුලබ දසුන් නොවන බවද පැහැදිලිය. එලෙස දරුවන්ට දැනෙන්නට පාසල සම්බන්ධයෙන් සිදුවන  ඕනෑම විරෝධතාවයකදී දරුවන්ගේ මනසට වන හානිය බරපතලය. ඒ හානියේ අසුබදායක ප‍්‍රතිඵල අනාගතයේදී දරුවා විඳින්නේ එහි අතුරු හා හතුරු ප‍්‍රතිඵල තමන්ටද සමාජයටද දෙමින් බව දෙගුරුන් වටහා ගත යුතුය. පාසල සම්බන්ධයෙන් ගැටලූවක් ඇත්නම් විසඳා ගත යුත්තේ දරුවන්ට නොදැනෙන්නටය.
රටේ ජරාජීර්ණ දේශපාලනයේ මඩ පාසලේද තැවරීමට ඇති ඉඩද ගුරු සිසු සබඳතා පළුදු වීමට බලපෑ හැකි බවට නැගෙන මැසිවිලි නැතුවා නොවේ. එහෙත් අපට දැනෙන්නේ රටම මේ දේශපාලන මඩ ගොහොරුවේ එරුණු පමණින් පාසල පිරිසිදුව පවත්වා ගැනීමේ නොහැකියාවක් නැති බවය. ගුරුවරුන්ට පමණක් නොව සිසුන්ටද දේශපාලනය අකැප නොවූ කාලයකදී පවා පාසලට ඉන් කිසිදු බලපෑමක් නොවූ බව අපට මතකය. හැටේ හැත්තෑවේ දශකයේදී ඇතැම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ ශිෂ්‍ය සංවිධාන පවා පාසල් තුළ ක‍්‍රියාත්මක වීම ගැටලූ සහගත වූයේද නැත. ලංකා සම සමාජ  පක්ෂයේ ලංකා ශිෂ්‍ය සම්මේලනයදල ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජාතික ශිෂ්‍ය සංගමයද මේ සම්බන්ධයෙන් දැක්විය හැකි උදාහරණ දෙකකි. මේ ක‍්‍රියාකාරකම් ස්වයං වාරණයකට ලක්වන්නේ 1971 රාජ්‍ය විරෝධි කැරැුල්ලේ අතුරු ප‍්‍රතිඵලයක් වශයෙන් මිස පාසලේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවයක ප‍්‍රතිඵලයක් වශයෙන් නොවන බවද පැහැදිලිය.
shantha
ඉන් අනතුරුව හැත්තෑව දශකයේ මැද භාගයේදී රටේ රැුඩිකල්වාදී දේශපාලන කණ්ඩායමක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් ගොඩනැගුණු ‘ජනවේගය’ සංවිධානයද ප‍්‍රධාන පාසල් කිහිපයක ක‍්‍රියාත්මක වූයේ අප‍්‍රසිද්ධියේය. එලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ පිහිටුවා ගත් ‘ජනවේගය’ කණ්ඩායමේ නායකත්වය අපට දරන්නට සිදුවන්නේ 1974 දීය. දේශපාලනය පාසල අභ්‍යන්තරයේ මෙලෙස ක‍්‍රියාත්මක වූ කාලයකද පාසලේ ගුරු සිසු සබඳතාවයකට හෝ විනයානුකූල පාලනයකට කිසිදු අහිතකර බලපෑමක් නොවූ බවට පෞද්ගලිකවද අපට සාක්ෂි දැරිය හැක්කේ ඒ අනුවය.
පාසල තුළින් වර්තමානයේ උද්ගත වන මේ ගුරු සිසු සබඳතාවයේ හා සුහදතාවයේ ගැටලූ සඳහා විසඳුම් සැපයීමේදී කල් මැරීමදල පිල් බෙදීමද බැහැර කළ යුතුමය. තවදුරටත් අහිතකර සිදුවීම් සිදු වන්නටත්, වාර්තා වන්නටත්ල යළි සිදු වන්නටත් වශයෙන් වන මේ චක‍්‍රාකාරී ක‍්‍රියාකාරකම නවතා දමනු පිණිස කටයුතු කිරීම වගකිවයුත්තන්ගේ වගකීමය. යම් සිදුවීමක් පිළිබඳව වන මාධ්‍ය ප‍්‍රකාශයකට වඩා වැදගත් වන්නේ මෙවැනි සිදුවීම් සිදු නොවන්නට හෝ අවම වන්නට විය යුතු ගුරුල දෙගුරුල සිසු සාමුහික ක‍්‍රියාකාරිත්වයක් සඳහා පසුබිම සැකසීමය.