රටම ගිනිගත් තෙල් අර්බුදය සතියක් පුරාවට ඔඩු දුවන්නට වූයේ එය දැවෙන ප්‍රශ්නයක් බවට පත් කරමිනි. ඉන්දියානු තෙල් සමාගමට (ඹ්ඛි) අයත් තෙල් නැවක බාල තෙල් ප්‍රතික්‍ෂේප වීමත්, නියමිත වේලාවට ඒ වෙනුවට තෙල් නැවක් නොපැමිණීමත් හමුවේ මෙම අර්බුදයට මග පෑදුණේය.

මේ සමගින් රටපුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගිය පෙට්‍රල් හිඟය පිළිබඳ ආරංචියත් සමග ඉන්ධන පිරවුම්හල් පිරී ඉතිරි යන්නේ රටේම තෙල් හිඟයක් ඇති කරමිනි.

තෙල් සංස්ථාව මෙම අර්බුදයට මුහුණ දුන් පසුගිය සිකුරාදා ‍පෝය දිනයක් වූයෙන් කොළොන්නාව නිමාවේත් තෙල් බෙදාහැරීමට බලධාරීන් අසමත් වීම ද මෙම තෙල් හිඟයට තවත් මග පෑදුණේය. ඒ වන විටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන පිරිපහදුවේ ඔක්ටෙන් 92 තෙල් පිරිපහදු නොවීම මෙම අර්බුදය ඉහළයාමට තවත් හේතු සාධක වූයේය.

රටම ගිනිගත් මෙම අර්බුදයට මග පෑදෙන්නේ ලංකා ඉන්දියන් තෙල් සමාගම ටොටාල් ආයතනයෙන් ආනයනය කළ ටොම් ඇස්ට්‍රඩ් නෞකාව තුළ ගෙනා මෙට්‍රික් ටොන් තිස්දහසක පෙට්‍රල් කොළොන්නාව හා සපුගස්කන්දේ පිහිටි තෙල් සංස්ථාව සතු රසායනාගාරවල දී ප්‍රතික්‍ෂේප වීමය. ඊට හේතුව වන්නේ එම සාම්පල පරීක්ෂාවේ දී අපද්‍රව්‍ය ඇති වග අනාවරණය වීමයි.

මේ තත්ත්වය හමුවේ ප්‍රතික්‍ෂේප වූ තෙල් නැව ත්‍රිකුණාමලය බලා යන්නේ නැවකින් නැවකට තෙල් මාරු කර නියමිත පිරිවිතයන්ට අනුකූල වන පරිදි පිරිපහදු කර (ඉඩඪන බධ ඉඩඪන) හෝ ලබා දීමටය. ඉන් පසුව එම නැව ත්‍රිකුණාමලයෙන් ගොඩබෑමට ගත් උත්සාහය ද ව්‍යර්ථ    වන්නේ මෙම තෙල් නැව ලබාගැනීම තෙල් සංස්ථාව ප්‍රතික්‍ෂේප කිරීම හමුවේය. තංගල්ලට මුහුදු සැතපුම් පනහකට නුදුරින් අවසානයේ තෙල් නැව නැංගුරම්ලන්නේ සති තුනක් තිස්සේය.

මෙම අර්බුදයත් සමග ඛනිජ සම්පත් ඇමැති අර්ජුන රණතුංග මහතා කී ආකාරයට මෙම නැවේ ඉන්ධන ගොඩබෑමට ඇමැතිවරයාට ද බලපෑම් එල්ල වී තිබුණේය. ඛනිජ තෙල් ඇමැතිවරයාට බාල තෙල් නැව බාන්නට බලපෑම් කරන්නට වූයේ රජයේ ප්‍රබලයෙක් ද නැතිනම් ඉන්දියානු බලපෑමක් ද යන්න සනාථ නොවිණි.

මෙම තෙල් නැව ප්‍රතික්‍ෂේප වීම හමුවේ ඉන්දියානු තෙල් සමාගම වෙතින් ඉන්ධන නැවට සරිලන නැවක් ගෙන ඒමට ප්‍රමාද වීමත් තෙල් සංස්ථාව මගින් ඇණවුම් කළ නැවෙස්කා ‍ලේඩි තෙල් නැව ප්‍රමාදවීමත් හමුවේ රටම ඉන්ධන අවුලෙන් ගිනිගත්තේය.

අවසානයේ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ පතු‍ලේ වූ අවසන් ඉන්ධන තොග පවා මුහුදු වතුර ‍පොම්පකර ඉහළට ගැනීමේ ක්‍රියාවලියකට පවා යාමට සිදුවන්නේය.

නැවෙස්කා ‍ලේඩි නෞකාවේ තෙල් එනතුරු රටම බලා සිටින තත්ත්වයට පත්වන්නේ දිනෙන් දින මුතුරාජවෙල හා කොළොන්නාවේ තෙල් සංචිත අවසන් වීම නිසාය. මෙම අර්බුදය යම්තාක් දුරට හෝ මගහැරුණේ තෙල් පිරිපහදුවෙන් කෙසේ හෝ ඉන්ධන පිරිපහදු කරගැනීම නිසාය.

එසේ පිරිපහදු වන ඉන්ධන තොග බෙදාහැරීමේදීත් සංස්ථා පිරවුම්හල්වලට අවශ්‍යතා සපුරන්නට පෙර ඉන්දියානු තෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල්වලට ද යැවීමට තෙල් ලොක්කන් ගත් ක්‍රියාමාර්ගය මේ වනවිට අභ්‍යන්තර විමර්ශනයක් දක්වා දුරදිග ගොස් තිබෙන්නේය.

තෙල් අර්බුදයක් ඇතිවන තත්ත්වයකට මග පෑදෙන්නේ ද තෙල් සංස්ථාව හා ඉන්දියානු තෙල් සමාගම කොළඹ වරායට එන තෙල් නෞකාවල තෙල් එකම ටැංකියක ගබඩා කිරීමය. කොළොන්නාව නිමාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 48,000ක් ගබඩා කළ හැකි වන අතර මුතුරාජවෙල පර්යන්තයේ මෙට්‍රික් ටොන් හැටදහසක් ගබඩා කළ හැකිය.

කොළොන්නාව නිමාවේ ඛනිජ තෙල් සංස්ථාව හා ඉන්දියානු තෙල් සමාගම ආනයනය කරන ඉන්ධන ගබඩා කරන අතර දෙපාර්ශ්වය අතර ඇතිකරගන්නා එකඟතාවන් මත එය ගබඩා කිරීම හා තොග හුවමාරුව සිදු වන්නේය. ඉන්ධන නැව් ඇණවුම් කිරීම දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතාවන් මත සිදුවන්නේය.

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු තෙල් සමාගමේ ගබඩාවලට ගෙන එන ඉන්ධන තෙල් සංස්ථාවේ එම ප්‍රදේශවලට ලබාදීමටත්, ඒ වෙනුවට කොළඹ පිහිටි ඉන්දියානු තෙල් සමාගමේ ඉන්ධන හල්වෙත තෙල් සංස්ථාවේ බව්සර් මගින් බෙදා දීමේ ක්‍රියාවලියක්ද සිදුවන්නේය.

රටපුරා තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් 1235 කි. ලංකා ඉන්දියන් තෙල් සමාගම් සතු පිරවුම්හල් 212 කි. 2003 දී එක්සත් ජාතික පෙරමුණ ඉන්දියානු තෙල් සමාගම වෙත මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයෙන් කොටසක් බෙදාදීම හමුවේ මෙම සියලු අර්බුද ඇතිවන්නේය. කොළඹ නගරයේ අක්කර 106 ක් සමග කොළොන්නාව නිමාවේ තෙල් ටැංකි, බෙදාහැරීම් පද්ධතිය, ගොඩනැගිලි, මුතුරාජවෙල තෙල් ටැංකි පද්ධති, ලංකාව පුරා ඇති තොග ගබඩා දොළහකට අයත් භූමිය සමග සිලෝන් පෙටේ‍රා්ලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් (ඛිඉඊඹ්) නමින් වූ සමාගමක් පිහිටුවා ඉන් තුනෙන් එකක කොටසක් රුපියල් බිලියන 7.3 කට ඉන්දියානු තෙල් සමාගමට විකුණන්නෙය්. ඊට සමගාමීව ත්‍රිකුණාමල චීන වරායේ තෙල් ටැකි 99 කින් සමන්විත අක්කර 800 ක භූමිය ඉන්දියාවට පවරන්නේ ද බදු පදනමින්ය.

අවසානයේ මේ වන විට අර්බුද සියල්ල හට ගන්නේ ඉන්දියානු තෙල් සමාගමට (ඛි) පැවරුණ තුනෙන් එක බලය නිසාවෙනි.

මේ හමුවේ රටේ තෙල් බෙදාහැරීමේ සැප් පරිගණක ක්‍රියාවලිය ද ඉන්දියාවේ ග්‍රහණයට නතු වූ අතර තෙල් බෙදැහැරීමේ පරිගණක ජාලයද මෙහෙයවීම ඉන්දියාව අතට පැවරුණේය.

දැනට ඛනිජ තෙල් සංස්ථාව හා ඉන්දියානු තෙල් සමාගම තෙල් ගෙන ඒමේදී නෞකාවල ඇති නැවි තෙල් ටැංකිවලට ‍පොම්ප කිරීමට පෙර සාම්පල පරීක්ෂාවක් සිදුවන්නේය. එහිදී කොළඹට එන තෙල් නැව් ගොඩබෑමට පෙර සාම්පල සපුගස්කන්ද හා කොළොන්නාව තෙල් සංස්ථා රසායනාගාර තුළ දී පරීක්ෂාවන් සඳහා යොමු කරන්නේය.

මෙවර ඉන්දියානු තෙල් නැවේ බාල තෙල් ඇති බවට අනාවරණය වන්නේ ද ඒ අයුරින් සපුගස්කන්ද හා කොළොන්නාවේ කරන ලද රසායනාගාර පරීක්ෂාවෙනි.

කොළඹ දී ගොඩබාන තෙල් මෙසේ දෙවතාවක් පරීක්ෂාවට ලක්වුවද, ත්‍රිකුණාමලයේ ඉන්දියානු තෙල් නැව්වලින් ගොඩබාන තෙල් පරීක්ෂාවට ලක්වන්නේ එක් වතාවක් පමණි. එය ඉන්දියානු තෙල් සමාගමට අයත් රසායනාගාර ඒකයේ දී පමණක් පරීක්ෂාවට ලක්වීම නිසා බාල තෙල් ඒමේ අවදානමද වැඩිය.

තෙල් නැව් මෙරටට ගෙන ඒමට පෙරාතුව අදාළ රටේදීම සාම්පල් පරීක්ෂාව කර මෙරටට ගෙනවිත් නැවත පරීක්ෂාවක් කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූවා නම් බාල තෙල් ගොඩබෑමටද නොහැකය.
මේ සියලු කාරණා හමුවේ තෙල් නැවක් එනතුරු රටක්ම බලා සිටින තරමට රට පත් වූයේය.

සෑම සතියකටම වරක් තෙල් තොග සමාලෝචනයක් කළද තෙල් නැවක් ප්‍රතික්‍ෂේප වීම හමුවේ ඇතිවිය හැකි අර්බුදයට නිසි පිළියම් යෙදුවාද යන ප්‍රශ්නය රට හමුවේ ඇත.

කෙසේ වුවද, මේ වන විට මාස තුනක තෙල් සංචිතයක් පවත්වාගෙන යාමටත්, ලහිලහියේ කොළොන්නාවේ පැරණි ටැංකි අලුත්වැඩියාවටත් අවධානය යොමුව ඇත්තේ බලධාරින්ට ළඟ නොපෙනුණ නිසාය. මතෛක් කාලයක් රට හමුවේ ඇති මූල්‍ය අර්බුද හමුවේ ඉන්ධන තොග රැස් කිරීම දින විස්සකට පමණ ප්‍රමාණවත් ලෙස කළ ද ඉන් ඇති වූ අර්බුදය රජයටත් බලපෑමක් එල්ල වූයේ ය.

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසන්නට නොව ඉදිරියේදීවත් රට හමුවේ ඇති අර්බුදය තේරුම්ගෙන රටේ අවශ්‍යතාවට සරිලන තෙල් තොග පවත්වාගෙන යාමත් රටේ ඛනිජ තෙල් ඒකාධිකාරියෙන් සියයට අසූහතරක් හිමිව තිබියදීත් ඉන්දියානු බලවේගවලට යට නොවීමත් රට හමුවේ ඇති අභියෝගයකි.

නවෛස්කා ‍ලේඩි තෙල් නෞකාව නියමිත දිනයට නොපැමිණියා නම් රට තව තවත් තෙල් අර්බුදයෙන් අරාජික වන්නට තිබුණේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com