අද රටේ ජනමතය සකස් කරන්නන් අතර ජාතිකවාදීන් ඉන්නේ ඉතා ස්වල්පයයි. ජාතිකවාදීන් ලෙස පෙනී සිටින්නන් බොහෝ දෙනා ජාතික අරමුණු ඇති ව නොව දේශපාලන අරමුණු ඇති ව වැඩ කරන අය. ඔවුන්ගේ පසුබිම අවසානයේ දී ව්‍යාජ සමාජවාදය. විශේෂයෙන් ම පැරණි ජ වි පෙරමුණේ ව්‍යාජ සමාජවාදය. මේ අය මහින්දගේ හොඳක් කියන විට මෛත‍්‍රිපාලගේ වැරැුද්දක් කියන විට රනිල්ට දොස් කියන විට ගම්මන්පිලගේ හෝ විමල්ගේ හෝ ප‍්‍රකාශයක් අගය කරන විට සතුටු වනවා. සයිටම් ගැන මොවුන්ට ඇත්තේ නිදහස් අධ්‍යාපනය ඉවරයි වැනි අඳෝනාවක් පමණයි. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු කුමක් දැයි ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ගේ ස්ථාවරවල ඇති පරස්පර ඔවුන්ට පෙනෙන්නේ නැහැ. සයිටම් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළේ යැයි කියන එහෙත් තවමත් ජීවත්වන දොස්තරවරුන් ගැන ඔවුන් හිතන්නේ වීරත්වයෙන්. දෙමව්පිය මාරාන්තික උපවාසයෙන් අවසානයේ දී වාසි ලබන්නේ රනිල් හා දෙමළ ජාතිවාදීන්.

මගේ  ලිපි කියවන්නන් ගැන මට යම් තක්සේරුවක් තියෙනවා. ඔවුන් මේ ලිපියක් සමස්තයක් ලෙස කියවන්නේ නැහැ. වාක්‍යයක් දෙකක් පමණක් තමන් කැමති ආකාරයකින් ග‍්‍රහණය කර ගන්නවා. ලිපියක හරය ග‍්‍රහණය කර ගන්නේ නැහැ. මේ රටේ ව්‍යාජ සමාජවාදය ජාතිකත්වයට උඩින් තිබෙනතාක් රටට යහපතක් වන්නේ නැහැ. මහා සංඝයා වහන්සේ මැදිහත් වූ අවස්ථාවක  ජාතිකත්වයට තාවකාලික ජයග‍්‍රහණ පමණක් ලබා ගන්න පුළුවන් වේවි.

පසුගියදා නව ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂෙප කිරීමට මහා සංඝයාවහන්සේ ගත් තීරණය නිසා පනස්හයේ මෙන් අපට තාවකාලික ජයග‍්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. එහෙත් වැඩිකල් නොගොස් රනිල් ආපසු ඒවි. අපට වැඩිපුර ඇත්තේ පසුබැසීම්. ශ‍්‍රී පාද අඩවිය අද නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවට අයත් වන්න යනවා. එය අඹගමුවේ ප‍්‍රාදේශීය සභාවේ තියෙන එක වුණත් වැරුද්දක්. ඒ සුද්දන්ගේ වුවමනාවට වූ දේ.

සෝල්බරි කොමිසම ඉදිරියට ගිය දෙමළ ජාතිවාදී නායකයන් ඉල්ලා සිටියේ කෙසේ නමුත් පාර්ලිමේන්තු මැතිවරණවල දී සිංහලයන් (සිංහල මන්ත‍්‍රීවරුන්* සුළුතරය බවට පත්වන ලෙස සීමා නීර්ණ කරන්න කියා. සෝල්බරි කියා සිටියේ එය කළ නොහැකි බවයි. ඒ ඔහු සිංහලයන්ට පක්ෂපාති වූ නිසා නොවෙයි. 75%ක් සිංහලයන් සිටින රටක එසේ කිරීමට ඔහුට තබා ඔහුගේ දෙවියන් වහන්සේටවත් බැරි නිසා. මේ කතා ඇති වුණේ 1956 සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට බොහෝ කලකට පෙර බව ව්‍යාජ සමාජවාදීන් දන්නේ නැහැ. ඔවුන්ට දැන ගන්නට වුවමනාවකුත් නැහැ.

සීමා නීර්ණ කොමිසම් ක‍්‍රියාත්මක වන්නේ දී ඇති නිර්ණායක මත පදනම්ව. මේ නිර්ණායක සකස් කරන්නේ දේශපාලනඥයන්. ඔවුන් ඇතැම් විටෙක ඊනියා විශාරදයන්ගෙන් උපදෙස් ගන්නවාත් වෙන්න පුළුවන්. කොහොමටත් මේ නිර්ණයන් තවමත් පදනම් වන්නේ සුද්දන් ඇති කළ නිර්ණායක මත. සුද්දන් මෙරට ඉතිහාසය ගැන සංස්කෘතිය ගැන සැලකිලිමත් වූයේ නැහැ. අද රටේ නිල බෙදීම පදනම් වී ඇත්තේ දිස්ත‍්‍රික්ක මත. එය තනිකරම සුදු ඒජන්තයන්ගේ පහසුව සඳහා කෙරුණක්. සුද්දන්ගේ කාලයේ සිට දිස්ත‍්‍රික්ක මායිම් තරමක් වෙනස් වී තියෙනවා. එහෙත් මූලික ව ගැනුණේ සුදු ඒජන්තයාට (අද දිසා ලේකම්* තම පාලනය පහසුවෙන් කර ගෙන යැමයි.

සීමා නිර්ණයනයේ දී තවමත් ජනවාර්ගික පදනම සැලකෙනවා. දෙමළ මුස්ලිම් ජනවාර්ගික ගොඩවල් ලොකු වෙන ආකාරයෙන් ඔවුන්ගෙන් වැඩි මන්ත‍්‍රි පිරිසක් තේරෙන ආකාරයෙන් සීමා නීර්ණය වෙනවා. මේ සෝල්බරි කොමිසමටත් ඉහත සිට එන දෙයක්. 1833 පළමු වරට ව්‍යවස්ථාදායක සභාවට මන්ත‍්‍රින් පත් කෙරුණේ ජනවාර්ගික පදනමකින් සිංහලයන්ට විශාල අසාධාරණයක් වන ආකාරයට. ඒ සභාවේ සිංහලයන් වෙනුවෙනුත් දෙමළ කතාකරන්නන් වෙනුවෙනුත් පත් කෙරුණේ එක් මන්ත‍්‍රිවරයා බැගින්. මෙරට සංස්කෘතිය හා ඉතිහාසය ගොඩනැගූ 75%ක් පමණ වූ අවුරුදු දෙදහස් පන්සියයකට කිට්ටු ඉතිහාසයක් ඇති සිංහලයන් වෙනුවෙනුත් දහහතරවැනි දහසයවැනි සියවස්වලින් පසුව පැමිණි 20%ක් වත් නොවූ දෙමළ කතාකරන්නන් වෙනුවෙනුත් පත් කෙරුණේ එක් මන්ත‍්‍රිවරයා බැගින්. මේ අසාධාරණය දිගින් දිගට ම පැවතුණා. අදත් සීමා නීර්ණය වන්නේ පාර්ලිමේන්තුවේත් ප‍්‍රාදේශීය සභාවලත් සිංහලයන්ට අවාසි වන අයුරින්. මන්ත‍්‍රී ධුර හා ජන අනුපාත සංසන්දනය කළහොත් එය වැටහේවි. පාර්ලිමේන්තුවේ  සිංහල මන්ත‍්‍රීවරුන් 75%ක් නැහැ.

ශ‍්‍රී පාද කන්දේ පහළ කොටස සීත ගඟුල දක්වා නුවරඑළිය දිස්ත‍්‍රික්කයටත් ඉහළ කොටස රත්නපුර දිස්ත‍්‍රික්කයටත් අයත් වන්නේ කෙසේ ද? ශ‍්‍රීපාදයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එය සබරයන්ගේ ඉතිහාසයට සමාන ඉතිහාසයක්. සුමන සමන් (මේ අර ලයිට් එළිය වැනි සිංහල අනුකරණයක්* දෙවියන්ගේ අඩවිය ඓතිහාසික ව සබරගමුව මිස ඊනියා මධ්‍යම පළාත නො වෙයි. දෙමළ ජාතීිවාදී්න් කෙතෙක් බෙරිහන් දුන්නත් මෙරට සුද්දන් ඇති කෙළේ පළාත මත නොව දිස්ත‍්‍රික්කය මත පදනම් වූ පාලන ක‍්‍රමයක්. අපේ පැරණි පාලන තන්ත‍්‍රය රුහුණු මායා පිහිටි. සබරගමුව රුහුණේ කොටසක්. හැටන් පාරෙන් සිරි පාදේ යන

අයටත් සුදුසු පරිසරයක් තියෙන්න  ඕන. හැටන් කියන්නේ මෙහේ තේ වවන්න ආපු ස්කොට් ජාතිකයන්ගේ ස්කොට්ලන්තයේ නගරයක්. ඒ නිසා අපට හැටන් මාර්ගය අහිමි වෙන්න බැහැ.

නලින් ද සිල්වා
නලින් ද සිල්වා

සුද්දන් මෙරට ඉතිහාසය සංස්කෘතිය අබමල් රේණුවකටවත් මායිම් නොකර ශ‍්‍රි පාද කන්ද දිස්ත‍්‍රික්ක දෙකකට බෙදුවා. අද ප‍්‍රශ්නයේ මුල ඇත්තේ එතැනයි. ශ‍්‍රී පාදය මුළුමනින් ම අයත් විය යුත්තේ සබරගමුවටයි. කුරුවිට කෝරළයටයි. අද කියන විධියට නම් රත්නපුර දිස්ත‍්‍රික්කයටයි. මෙය තවකාලික ව විසඳන්න ආණ්ඩුව මැදිහත් වී රටට ම  ස්ථිර විසඳුමක් ඇති කිරීමට මහා සංඝයා වහන්සේගේ උපදේශකත්වයෙන් සීමා නීර්ණ නිර්ණායක කමිටුවක් පත් කළ යුතුයි.

දිස්ත‍්‍රික්කය හෝ වෙන යම් පාලන ඒකකයක් ඇති කළ යුත්තේ සුදු ඒජන්තයාට අශ්වයා පිටේ යැමට ඇති පහසුව නොව රටේ ඉතිහාසය සංස්කෘතිය දේශගුණය, භූ විෂමතා ආදිය සැලකීමෙන් පසුව.  බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන්නේ යැයි කියන රටේ ශ‍්‍රී පාදය ගැන තීරණ ගන්නේ හාමුදුරුවරුන් නොවෙයි පැරණි ඉංගිරිසි ඒජන්තයන් සහ පැරණි හා වත්මන් දෙමළ දේශපාලනඥයන්. මේ දේශපාලනඥයන්ගේ ඉතිහාසය හැටන් ඉතිහාසයට වඩා පරණ නැහැ. අඩු තරමේ දහඅටවැනි සියවසට යන ඉතිහාසයක් ඔවුන්ට තියෙනවා ද? සුද්දන් අර ගිවිසුම අත්සන් කෙළේත් 1815 දී. ඊට ඉස්සර තේ තිබුණේ නැහැ. වතු කම්කරුවන් හිටියේත් නැහැ. අපෙත් වැරදි තියෙනවා. අප හැටන් පාර එනමින් හඳුන්වන්නේ ඇයි. දුම්රියෙන් ගොස් බහින දුම්රිය ස්ථානය හැටන් නිසා ද? මේ කතාබහට අවුරුදු දෙසියක්වත් නැහැ. බුදු හාමුදුරුවන් ශ‍්‍රි පාදයට වැඩම කරළා අවුරුදු දෙදහස් පන්සියයකට වැඩියි.