පසුගිය සතියේ සිදු වූ තෙල් අර්බුදයෙන් රටම අවුලට පත් විය. මේ පිළිබඳ ජනතාවගෙන් නොයෙකුත් චෝදනා එල්ල විය. මේ කරුණු කාරණා ගැන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි, මේ.

ප‍්‍ර: තෙල් අර්බුදය සම්පූර්නයෙන්ම ඉවරයිද?
පි: තෙල් අර්බුදය හුඟක් දුරට ඉවරයි. නැව ඇවිත් පොම්ප කරන වැඩ 9 වැනිදා එකහමාරට විතර පටන් ගත්තා. අද හතරයි පහයි අතරදී අපිට බෙදා හැරීමේ කටයුතු පටන් ගන්න පුළුවන්. 9 වැනිදා අපි මෙටි‍්‍රක් ටොන් 1600ක් විතර බෙදා හැරියා. එ්ක ඉවර වෙනකොටත් 4 විතර වෙනවා. අපි ඉල්ලීම් කරලා තියෙනවා සියලූම පෙට‍්‍රල් ෂෙඞ්වලට පැය 24ක් ඇතුළත තෙල් බෙදා හරින්න.

ප‍්‍ර: සිද්ධවුණු අර්බුදය සම්බන්දයෙන් විවිධ අදහස් පළවෙනවා. ආණ්ඩුවටත් චෝදනා එල්ල වෙනවා?
පි: මෙහෙම දෙයක් මට කියන්න  පුළුවන්. මේ බාලතෙල් නැව ගත්තා නම් මේ බාල තෙල් මිනිස්සුන්ගේ වාහනවලට ගියා නම් වාහන කැඩෙන්න ඉඩ තිබුණා. එක එක්කෙනා කතා කරලා මට කිව්වා මේක ගත්තා නම් හො`දයි කියලා.

අපි පරීක්ෂණ දෙකක් කළා. දෙකෙන්ම මේක ප‍්‍රතික්ෂේප වුණා. ඉතින් මම තීරණයක් ගත්තා කොලිටි එකෙන් බාල නම් මේ තෙල් නැව ප‍්‍රතික්ෂේප කරන්න. ප‍්‍රතික්ෂේප වුණු තෙල් නැවක් ගන්න එක සාධාරණ නැහැ. එ්කයි මේ ප‍්‍රශ්නයට මූලික වුණේ. එ් වගේම මේ තෙල් නැව ප‍්‍රතික්ෂේප වුණත් දෙවැනිදා තුන්වැනිදා වගේ සංස්ථාව මගින් ගෙන්වපු නැවක් එ්මට නියමිතව තිබුණා. කවදාවත් නැතුව එ් නැව දවස් හතරක් ප‍්‍රමාද වුණා. සාමාන්‍යයෙන් ටර්මිනල් එකක තෙල් ගහන කොට ප‍්‍රමාද වෙන්නේ දවස් දෙකයි. මේක දවස් හතරක් ප‍්‍රමාද වුණා. එ් විතරක් නෙවෙයි බංකරින්වලටත් නැව නැවැත්වූවා. මේ හරහා ලොකු ප‍්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිද්ධවුණා. එ් අතරේ අපේ තෙල් පිරිපහදුව කැඩුණා. මේ සියල්ලම එකතු කරලා බලන කොට සාමාන්‍යයෙන් වෙන සිදුවීම් නෙවෙයි. එ් නිසයි පරික්ෂණයක් පවත්වන්නේ. පරීක්ෂණය පවත්වන්නත් කලින් මට  ඕනෑ වුණා මේ ගැටලූව විස`දලා ඉන්න.

ප‍්‍ර: ඉන්දියන් ඔයිල් සමාගමට තියෙන්නේ සියයට 16යි. සියයට 84ක්ම තියෙන්නේ සංස්ථාවට. එහෙම තියෙද්දී ඇයි තෙල් බෙදා හැරීම නිසි ලෙස කළමනාකරණය කර ගන්න බැරි වුණේ?
පි: අපේ ටැංකිවල පෙට්රල් මෙටි‍්‍රක් ටොන් 9,000යි ගබඩා කරන්න පුළුවන්. අද වෙනකල් සාමන්‍යයෙන් මෙටි‍්‍රක් ටොන් 40,000 එ්වයි ගේන්නේ. එ් කියන්නේ 92න් 30000යි. අනෙත් එකෙන් 10000ක් වගේ. සාමාන්‍යයෙන් ප‍්‍රතික්ෂේප නැවක් තියෙන කොට එ් අයට අවස්ථාවක් දෙන්න  ඕනේ නැවත වරක් වෙනත් නැවක් ගේන්න. අපි 17 වැනිදා මේ නැව ප‍්‍රතික්ෂේප කර තිබෙන බව දැනුම් දුන්නා. එ් අනුව  31 හා 01 අතරේ තව නැවක් එන්න  ඕනෑ වුණත් එ් නැවත් අන්තිම මොහොතේ එ් අයට දෙන්න බැහැයි කිව්වා. එ් නැව නැති වුණත් නියමිතව තිබුණු විදියට 02 හෝ 03 අපේ නැව ආවා නම් මේ ප‍්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. මම කාටවත් ඇඟිල්ල දිගු කරනවා නෙවෙයි.

ඇමැතිවරයා විදියට වගකීම මම භාරගන්න  ඕනේ. මෙතන ප‍්‍රශ්නයක් වෙලා නැතුව තිබුණත් අඩුපාඩුවක් තියෙන බවයි පේන්නේ. රටේ මහජනතාවට වුණු අපහසුතාව සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා.

ප‍්‍ර: බාල තෙල් ගන්න ඇමැතිවරයාට බලපෑම් සිදුවුණු බව කියැවුණත් එ් සම්බන්ධයෙන් හෙළිදරව් නොකළේ ඇයි? පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරන අවස්ථාවේදීවත් මේ සම්බන්ධයෙන් කියැවුණේ නැහැ?
පිි: මම කියන්න  ඕනේ පුද්ගලයින්ට කිව්වා. කිප දෙනෙක්ම මට කතා කරලා මේ නැව ගත්තා නම් මේ ප‍්‍රශ්නේ ඉවරයිනේ කියලා කිව්වා. එහෙම වුණා නම් මගේ ප‍්‍රශ්නේ ඉවරයි. රටේ මහ ජනතාවට විශාල ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එතැනදී තමයි මම නිලධාරින් එක්ක කතා කරලා නැව ප‍්‍රතික්ෂේප කරන තීරණයට එළැඹුණේ. හදිසියේ මම මේ නැව ගත්තා නම් කියයි මම ඉන්දියානු සමාගමෙන් සල්ලි අරගෙන එ් නැව ගත්ත බවක්්. එක වෙබ් සයිට් එකක තිබුණා මට සල්ලි දීලා මේ නැවේ තෙල් ගොඩබාන්න සූදානම් වෙන කතාවක්.

හො`ද වෙලාවට මම මුල සිටම මේකට විරුද්ධ වෙලා හිටියා. එකම කනගාටුව මහජනතාවට ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණ එකයි. අපිට ඇත්තටම අද හවස වෙනකල් තෙල් තිබුණා. මේ තරම් කාලයක් අපි දවසකට මෙටි‍්‍රක් ටොන් 2500ක් 2600ක් වගේ තමයි දීලා තියෙන්නේ. එක එස්. එම්. එස්. පණිවුඩයක් රට පුරා ගියා තෙල් ස්ට‍්‍රයික් එකක් එනවා කියලා. එතැනදී සෙනග කලබල වුණා” කොයි තරම් කාලයක් මේ ස්ට‍්‍රයික් එක තියෙයිද කියලා. දැන් මාස දෙක තුනකට කලිනුත් ස්ට‍්‍රයික් එකක් ගියා. අපිට ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න වුණත් තෙල් තිබුණ නිසා එ් ප‍්‍රශ්නය අපි ඉතා ඉක්මනින් නිරාකරණය කළා. මේ වෙලාවේ ඉල්ලූම මෙටි‍්‍රක් ටොන් 4200ට, 4500ට යන්න ගියා. එ් කියන්නේ හැමෝම වෙනදාට වඩා තෙල් ගහන්න ගත්තා. මේ වෙලාවේ ප‍්‍රශ්නය ඇති වුණේ වාහනවලට නෙවේ.

තී‍්‍රවිල්වලටයි, බයික්වලටයි. එ් අයට ලොකු කැපෑසිටි එකක් නැහැ. තී‍්‍රවිල් රුපියල් 300ක විතර තෙල් ගහනවා. ඊට පස්සේ ආයෙත් තෙල් ගහන්න එනවා. එ් අයට තමයි මේ ප‍්‍රශ්නයට වැඩියෙන් මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉල්ලූම වැඩිවීම නිසයි එ් කලබලකාරි පරිසරය ඇති වුණේ. අපි මේ එස්. එම්. එස්. එක ගියේ කොහොන්ද කියලා හොයන්න  ඕනේ. එ් ගැන මම ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලීමක් කළා. එතුමා කිව්වා එ් ගැන සී. අයි. ඞී. එකට දැනුම් දෙන්න කියලා. මම ඊට අදාළ පියවරත් ගන්නවා. තෙල් නැති වුණේවත් අඩු වුණේවත් නැහැ. ඉල්ලූම වැඩි වුණා. සමහරු මේක ව්‍යාපාරයක් බවටත් පත් කර ගත්තා. සමහරු කෑන්වලට තෙල් ගහගෙන ගිහින් ෂෙඞ් එකේ එහා පැත්තේ විකුණනවා වටිනාකම වගේ දෙගුණයකට.

ප‍්‍ර: මේ සිද්ධිය වෙන දවසේ මෙටි‍්‍රක් ටොන් 2600ක් නිකුත් කරනවා වෙනුවට මෙටි‍්‍රක් ටොන් 600ක් ප‍්‍රමාණවත් බව නිලධාරීන් ප‍්‍රකාශ කළ බවකුත් කියැවෙනවා. ?
පි: එ් ගැන මම නම් කියන්න දන්නේ නැහැ. නිලධාරියා කවුද කිව්වොත් මට බලන්න පුළුවන්.

ප‍්‍ර: මේ සම්බන්ධයෙන් තීරණය කෙරෙන්නේ කමිටුවකින් නේද ?
පි: අපේ හැම අ`ගහරුවාදාවකම තොග නැවත පරීක්ෂා කිරීමක් සිදු වෙනවා. මේක ආවේ මාස තුනකට පෙර ඉ`දන්. ඉදිරියට එන්න තියෙන නැව් මේ වෙනකොට නිශ්චිත කරලා තියෙන්නේ. අපිට ඉන්දියන් තෙල් නැවක් ඇවිත් එ්ක ප‍්‍රතික්ෂේප වුණොත් එ් අය රිප්ලේස් නැවක් දෙන්න  ඕනේ. රිප්ලේස් එක දෙන්න බැහැ කියන කොටත් කාලයක් ගිහින් තිබුණා. අපි ඉමේජන්සි එකක් ගේන්න හැදුවා. නමුත් අපිට 10 වෙනිදාට පස්සේ එන්නේ. ඉල්ලීම් කරලා තියන එ්වායි දැන් එන්න තියෙන එ්වයි මම ඉදිරියේදී මාධ්‍යයට කියනවා. 90000 ක ධාරිතාවක් තියෙන ටැංකි නිසා නැව් ගෙනත් මෙතැන තියන් ඉන්නත් බැහැනේ. එහෙම වුණොත් එ්කටත් ගෙවන්න සිද්ධ වෙනවා. අපිට පේනවා මේ ක‍්‍රමවේදයේ යම් අඩුපාඩුවක් තියෙන බව. ඉස්්සර තෙල් ගෙනත් තියෙන්නේ මෙටි‍්‍රක් ටොන් 10000 වගේ පොඩි ප‍්‍රමාණවලින්. එ්කට ලොකු වියදමක් ගිහින් තියෙනවා. ඊට පස්සේ 40,000ක් ගේන්න අරන් තියෙන්නේ. එ් වගේ ඉස්සර ගත්ත තීරණවල හො`ද පැත්තක් තිබුණත් යම් යම් අඩු පාඩු තියෙනවා. මේ අවස්ථාවේ අපි එ්ක හදා ගන්න  ඕනේ.

ප‍්‍ර: ඉන්ධන තොග හරියට ගබඩා කරගන්න බැරි වෙලා කියලයි හිටපු ජනාධිපතිවරයා සදහන් කර තිබුණේ?
පි: එතුමා හරියට කළා නම් හරිනේ. එතුමාගේ කාලේ ටැංකි වගයක් හදන්න දාපු කැබිනට් පේපර්ස් වගයක් තියෙනවා. අද වෙනකල් අවුරුදු ගානක් ගිහින් හදලා නැහැ. හිටපු ජනාධිපතිතුමා අවුරුදු  9ක් ආණ්ඩු කළා. පිරිපහදුව හදන්න තිබ්බා. එ් පිරිපහදුව හදලා තිබුණා නම් මේ ප‍්‍රශ්නය අපිට අද තියෙන අවුරුදු 50ක් පරණ පරිපහදුවේ අද වෙනකොට පිරිපහදු කරන්නේ බැරල් 32,000 යි- 35,000යි. එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන්න නම් හරි ලේසියි.

ප‍්‍ර: කොළොන්නාවේ තෙල් ටැංකි ටිකවත් හරියට හදලා නැහැ කියනවා.
පි: කැබිනට් පති‍්‍රකාවක මේ ටැංකි හදන්න තීරණයක් අරන් තිබුණට හදලා නැහැ. පිරිපහදුවක් හදන්න තීරණය කළත් එ්ක හදලාත් නැහැ. පිරිපහදුවක් තිබුණා නම් ඔය තරම් තෙල් ගේන්න  ඕනේ නැහැ. බොර තෙල් ගෙනත් තෙල් නිෂ්පාදනය කරන්න තිබුණා. අපට දිනකට බැරල් ලක්ෂයයි, එක්ලක්ෂ දහදාහයි අතර තෙල් අවශ්‍යතාවක් තියෙනවා. අපේ පිරිපහදුවේ දිනකට බැරල් 35,000ක් වගේ තමයි පිරිපහදු කරන්නේ. පිරිපහදු කරපු තෙල් ගේන්න අපිට විශාල මුදලක් වැය වෙනවා. දැන් අපි තෙල් පිරිපහදුව හදන්නයි උත්සාහ කරන්නේ. අපි ඇවිත් කෙටි කාලෙන් කරන්න පුළුවන් දේවල් කළා. අපිට මුදල් තියෙන ප‍්‍රමාණයත් අපිට බලන්න වෙනවා. අපි මුදල් හොයාගෙන කරන්න  ඕනේ. අවුරුදු 9 ක් රට පාලනය කරපු අය හරියට රට පාලනය කළා නම් අද අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. මම හරිම අකැමැතියි හිටපු අයට ඇඟිල්ල දිගු කරන්න.

ප‍්‍ර: තෙල්  ගෙන්වීමට දීර්ඝ කාලින අනුමැතිය ඇති සමාගම් තියෙද්දි වෙනත් සමාගමකින් ගෙන්වූ බවට අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළා.
පි: එ් වෙලාවේම මම පාර්ලිමේන්තුවේදී උත්තරයක් දුන්නා. එහෙම දෙයක් වෙලා නැහැ. අඩුපාඩුවක් තියෙනවා. පහුගිය කාලේ එකම කට්ටිය තමයි මේ ටෙන්ඩර්වලට ඇතුළු වෙලා තියෙන්නේ. අපිට පළමුවෙනිදා එන්න තියෙන කෙනාමයි හය වෙනිදා එන නැව ගේන්නේත්. පළමුවැනි නැව බාල වුණත් එයාට පුළුවන් මේක ගත්තොත් අපි අනික් නැව ගේන්නේ නැහැ කියලා බලපෑම් කරන්න. මට සාමාන්‍යයෙන් ක‍්‍රමවේදය හරියටම තියෙන්න  ඕනේ කියන කෙනෙක්. ලෝකේ තවත් තෙල් ගෙන්වන්න පුළුවන් ආයතන තියෙද්දී එකම ආයතනයකින් තෙල් ගේනවා නම් මොකක් හරි තියෙනවා. මේ ටෙන්ඩර් හදලා තියෙන්නේ කිහිපදෙනකුට. අගමැති හා ජනාධිපති සමග මම මේ ගැන කතා කළා. වෙනත් සමාගම් සමග සාකච්ඡුා කරලා රජයන් අතර ගිවිසුමක් විදියට තෙල් ගෙන්වන්න අදහසක් තියෙනවා. එහෙම වුණාම කාටවත් ඇ`ගිලි ගහන්න බැහැ. මේක මේ තරම් කාලයක් නොකිරීම ගැන මගේ ප‍්‍රශ්නයක් තියෙනවා. මේකෙන් මැද හම්බ කරගන්නේ එ්ජන්තවරු. එ්ජන්තවරු ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. මේ ප‍්‍රතික්ෂේප කරපු නැව යන්න  ඕනේ වුණත් තාම ගියේ නැහැ. තවම ති‍්‍රකුණාමලයේ තියෙනවා. එ් නැවට තව නැවක් ගෙනත් ෆි‍්‍රල්ටරින් කරලා ගහන්න හදනවා. මටත්  ඕක කරන්න තිබුණා. එක සාමාන්‍ය ක‍්‍රමවේදයේ නැහැ. මේක කරනවා නම් මම සාමාන්‍ය ක‍්‍රමවේදයෙන්  ඕබ්බට ගිහින් කරන්න  ඕනේ. කළත් එ්ක හරි යයි කියලා හිතන්න බැහැ.

එ් අය බෙහෙත් ගහලා යම් තත්ත්වයක් ගත්තත් යම් කාල සීමාවකින් එ් තත්ත්වය නැති වෙනවා. එහෙම වුණාම වාහනවලට මොනවා වෙයිද කියලා මට ගැරන්ට් කරන්න බැහැ. මමත් මේ දේවල් දැනුයි ඉගෙන ගන්නේ.  ඕනෑම නැවක් රිජෙක්ට් කරපුවාම එ් අය නැවත උත්සාහ කරලා යන්න යනවා. නමුත් මේක තවමත් ති‍්‍රකුණාමලයේ තියන් ඉන්නවා. එ් මේ රටට කොහොම හරි තෙල් ටික ගහන්න. මම ඇමැතිවරයාව ඉන්න කල් එ්ක කරන්න දෙන්නේ නැහැ. ඊට වඩා හො`දයි මම ගෙදර ගිහින් ඉන්න එක.

ප‍්‍ර: ඔබ ගැන මුළු රටම බලන් ඉන්නවා. ඉන්දියන් ඔයිල් එකට විරුද්ධව මේ සම්බන්ධයෙන් කිසියම් කි‍්‍රයාමාර්ගයකට එළැඹෙනවාද?
පි: එ් සමාගමත් මේ නැව ගේන්නේ වෙන සමාගමකින්. එ් ගොල්ලෝ එ් සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න  ඕනේ. අපේ ආයතනයේ තුනෙන් එකක හිමිකරුවෙක් වුණාම අපේම කෙනෙක් වෙලා කොහොමද මෙහෙම කරන්නේ. නැවක් ගෙනා බව දැන් කියලා තියෙනවා. මම ආවට පස්සේ ප‍්‍රමිතියෙන් තොර දේවල් කරලා නැහැ.

ප‍්‍ර: තෙල් ටැංකි ඉන්දියාවට දෙන ප‍්‍රශ්නයක් තියෙනවා. අර ඇමැතිකම නැති වුණා වගේ දෙයක් වෙයිද?
පි: මට තියෙන එකම දේ රටට නරකක් නොවන දෙයක් කරන්න. එක එක්කෙනාට වුවමනා දේ මම කරන්නේ නැහැ. මට කනගාටු ජනතාවට වූ අපහසුතාවය මිස වැඩ කරගන්න බැරි ඇමැතිවරු කෑ ගැසීම හෝ හොරකම් කරපු අයගේ කෑ ගැහිම් නෙවේ. ගෙදර කුණු තියාගෙන අල්ලපු ගෙදර කුණු හොයනවා. මම කිසිවකුට උත්තර දෙන්න බැ`දිලා නැහැ. ජනාධිපතිතුමාටයි, අගමැතිටයි කියන්න කියන දේ කිව්වා.

ප‍්‍ර: කවුද ඔබට බලපෑම් කළේ?
පි: මේ ජරා තෙල් ටික ඇතුළට ගේන්න කැමැති ඇමැතිවරුත් ඇති. එක එක්කෙනා කියන දේ ගැන හොයලා බලන්න. කවුද කියන දේ හොයාගන්න පුළුවන්. මම මට අදාළ නැති අමාත්‍යංශවල දේවල් ගැන කතා කරන්නේ නැහැ. නමුත් කී‍්‍රඩකයෙක් විදියට මම කි‍්‍රකට් ගැන කතා කරනවා. දැන් වරාය ගැන කතා කරන්නේ නැත්තේ වරාය මට අදාළ නැති නිසා. මේ ගැන පරීක්ෂණයක් කරන්න  ඕනේ. දැන් ඇමැතිවරුන්ගේ කමිටුවක් දාලා තියෙනවා. මට  ඕනේ එහෙම නෙවෙයි. මේ තරම් සිදුවීම් වෙනකොට කොයිතරම් හයියක් තියෙන්න  ඕනේද මේ නැව තියාගන්න.

ප‍්‍ර: ආර්ථික ඝාතකයෝ මේවා ඇතුලේ ඉන්නවාද?
පි: මම හිතනවා මේ හැම ජාතියක්ම මේක ඇතුලේ ඉන්නවා. කඩාකප්පල්කාරයෝ, මේවයින් හම්බ කරන සෙට් එකක් කොමිෂන් ගන්න සෙට් එකක් ඉන්නවා.

ප‍්‍ර: ඔබතුමා ඉන්නේ මේ කොයි කට්ටියේද?
පි: මට එහෙම කරන්න කිසිම වුවමනාවක් නැහැ. එ් එක කණ්ඩායමක්වත් මම නැහැ. එ්ක මගේ පපුවට අත තියලා මට කියන්න පුළුවන්. කි‍්‍රකට් ගහද්දී හොයපු සල්ලි මම ඉන්වෙස්ට් කරලා තියෙනවා. මේ ඇමැතිකම මට පාඩුවක්. ඉස්සර ලීඩර් ෂිප් ගැන ලෙක්චර්ස් දෙනවා. දැන් එ්කවත් නැහැ. වෙන කී‍්‍රඩකයෝ වගේ මටත් පුළුවන් පිටරටකට වෙලා ඉන්න. මට පිට රටක ජීවත් වෙන්න  ඕන කමක් නැහැ. ඉපදුනේ මේ රටේ මැරෙන්නෙත් මේ රටේ. මම මගේ දරුවෝ දෙන්නටත් එ් දේ කියලා තියෙන්නේ.

සාකච්ඡුා කළේ – රන්මලී සෝමසිරි