සමිත් උපන්නේ කල්පිටියේය. ඔහු ගෙවී ගියවසර විසිඅට පුරාම හැදී වැඩුණේද කල්පිටියේ කරිජ්ජ මිශ්‍ර සුළඟත් සමගය. සමිත් මුහුදත් එක්ක ඔට්ටු වෙන්න පටන් ගත්තේ ඉලන්දාරි වයසේදීමය. වසර කිහිපයකට පසු ධීවර කටයුතු අත්හළ සමිත් සංචාරක කර්මාන්තයට සේන්දු වූයේය. ඒ අදින් වසර හත අටකට ඉහතදීය.

කල්පිටිය ආශ්‍රිත මුහුදේ නිබඳව සැරිසරන තල්මසුන්, ඩොල්පින් වැනි දුර්ලභ සතුන් සංචාරකයන්ට පෙන්වීම එතැන් පටන් සමිත්ගේ ෙදෙනික රාජකාරිවලට එක් විය. සමිත් ඒ ආශ්‍රිත මුහුදේ නොගිය තැනක් නොවීය. ඔහු බොහෝ තැන්වල සැරිසැරුවේය. ඒ ප්‍රදේශවල වාර්තා වන සමුද්‍ර ක්ෂීරපායීන් ගැන වැඩිදුරටත් උගත්තේය. නිතර දකින ඉඳහිට දකින කවදාවත් නොදකින සතුන් පිළිබඳ සමිත් කල්පනා කළේය. සමිත්ගේ පියා ජූඩ්ය. මෙම සංචාරක බෝට්ටු සේවය ආරම්භ කළේ ජූඩ්ය.

එම ප්‍රදේශයේ සිටින සතුන් අතරින් වඩාත්ම දුර්ලභ සත්ත්ව විශේෂය මුහුදු ඌරන් බව සමිත්ද දැන සිටියේය. මුහුදු ඌරන් පණ පිටින් දැකපු කෙනකු මුළු කල්පිටියේම සිටියේ නැත. එහෙත් මුහුදු ඌරන් සොයා බොහෝ දෙනා කල්පිටියට පැමිණියහ. ඇතැම් විදේශිකයෝ සති මාස ගණන් කල්පිටියේ ගත කළහ. ඔවුහු දිවා රෑ දියඹ පීරමින් මුහුදු ඌරන් සෙවූහ. දේශීය පර්යේෂකයෝද ඒ අතර වූහ. ඔවුහු දින ගණන් සති ගණන් මාස ගණන් මුහුදු ඌරන් සජීවීව බැලීමට වෙහෙසුණහ.

එහෙත් මුහුදු ඌරන් කෑ තෘණ භූමි හමු වුණා මිස මුහුදු ඌරන් හමුවූයේ නැත. මෙම ලියුම්කරුද කිහිප වතාවක් මුහුදු ඌරන් දකිනු රිසියෙන් කල්පිටිය, බත්තලංගුණ්ඩුව, මන්නාරම හා පලුගහතුරේ මුහුදු සීමාවල සංචාරය කර ඇත. එම සංචාරවලදී තල්මසුන්, ඩොල්පින් වැනි සමුද්‍ර ක්ෂීරපායී හමුවුණද මුහුදු ඌරන් දුටුවේ නැත.

මුහුදු ඌරන් පිළිබඳ විදු ලොවේ ඒ තරම් කතිකාවක් තිබුණද සාමාන්‍ය ජනයා මුහුදු ඌරන්ගේ සැබෑ සතු නොදනිති. මුහුදු ඌරා යනු මධ්‍යම ප්‍රමාණයේ අති දුර්ලභ සාගර ක්ෂීරපායී විශේෂයෙකි. විද්‍යාත්මකව ච්භඨධදඨ ඤභඨධද ලෙස හඳුන්වන මෙම විශේෂය සම්පූර්ණයෙන් ශාක භක්ෂකයෙකි. (ඩඥපඡඪමධපධභඵ ථචථථචඤ) ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මුහුද යට තිබෙන තෘණ (ඉඥචඨපචඵඵ) විශේෂයකි. ඒ හේතුවෙන්ම මෙම සතුන් හැඳින්වීමට මුහුදු ගවයා (ඉඥච ජධඹ) යන යෙදුමද යෙදේ. එහෙත් අතීතයේදී වෙනත් සත්ත්ව විශේෂයක් මේ නමින් ජීවත්ව සිට ඇත.

18 වන සියවසේදී පමණ මිහිතලයෙන් වඳ වුණු මෙම විශේෂය ඉබඥතතඥප’ඵ ඉඥච ජධඹ ලෙස හඳුන්වනු ලැබිය. එම විශේෂය වඳවීමත් සමග ‘ඉඥච ජධඹ’ යන වදන මුහුදු ඌරන් සඳහාද භාවිත වන්නට පටන් ගත්තේය. මුහුදු ඌරා දුටු (විදේශ මුහුදු සීමාවල) විදේශිකයන් පවසන්නේ මුහුදු ඌරා අරුම පුදුම හැඩයක් සහිත සත්ත්වයකු බවය.
සාමාන්‍යයෙන් දිගින් මීටර් 3ක් පමණ වන මෙවැනි වැඩුණු සතෙකුගේ බර කිලෝග්‍රෑම් 450 ද ඉක්මවයි. දළ වශයෙන් මෙවැනි සතුන් වසර හැත්තෑවක පමණ ආයු කාලයකට උරුමකම් කියයි.

අප මෙච්චර මුහුදු ඌරා ගැන කීවේ පසුගියදා වාර්තා වුණු විස්මිත සිද්ධියක තතු ඔබ හමුවේ තැබිමටය. එම විස්මිත සිදුවීම විදු ලොවට වාර්තා කළේ සුමිත්ය. එය ලංකාවේ පුවත්පත පළ වන්නේද මේ පළමු වතාවටය. ලංකාවේ මුහුදු ඌරන් සජීවීව වාර්තා වූ පළමු වතාවද මෙය වේ. සුමිත් ඒ අරුම පුදුම දුර්ලභ සිදුවීම ‘රිවිර’ට කීවේ මේ ආකාරයෙනි.

“එදා මම උදේ 7.30ට විතර තමයි කල්පිටියේ පිහිටි අපේ වත්තෙන් මුහුදට බෝට්ටුව දැම්මේ. විදේශික සංචාරකයන් දෙදෙනෙක් හා දේශීය සංචාරකයන් දෙදෙනෙක් අපිත් සමග එක්ව සිටියා. මමත් මගේ මිතුරෙක් වන මැක්මිලනුත් ඒ වගේම මගේ බාප්පා කෙනෙක් වන සුනිලුත් මේ ගමනට එකතු වුණා. අපි ගියේ ‘සමිත් පුතා’ බෝට්ටුවෙන්. ඔහොම සුපුරුදු ගමන ගිහින් එන ගමන් මම කිව්වා බාප්පාට ඉලුක්පන්දූව පැත්තට බෝට්ටුව අල්ලමු කියලා. කලපුවේ දී අපි කබර මුල්ලන් වගේ දුර්ලභ සතුන් දැක්කා. මට ඕනෑ වුණේ තවත් මොනවා හරි මේ සංචාරකයන්ට පෙන්වන්න.

මගපෙන්වන්නාගේ යුතුකමත් ඒක තමයි. ඒ හින්දා අපි ඉලුක්පන්දූව පැත්තට බෝට්ටුව ධාවනය කළා. වේලාව දොළහට දොළහමාරට විතර ඇති. ඒ හරියේ මුහුදේ ගැඹුර අඩි 15ක් 18ක් විතර. බෝට්ටුවේ ඇණේ උඩට නැගලා බැලුවාම මං දැක්කා මුහුදේ ඈත මොකක් හරි විශේෂයක් තියෙනවා. මං මුලින් හිතුවේ කබර මුල්ලෙක් කියලා. මොකද මේ හරියේ කබර මුල්ලා ඉන්නවා. කබර මුල්ලත් ඉතාම දුර්ලභ විශේෂයක්. මම කබර මුල්ලාගේ පැටව් තුන්දෙනකුත් දැකලා තියෙනවා. පසුගිය දවසක මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්තයත් ආවා. එයාගේ නිලධාරීන් එක්ක තල්මසුන්, ඩොල්ෆින්ලා බලන්න. එදාත්  පුදුම දෙයක් වුණා. කබර මුල්ලෝ එදා වෙරළට ආවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් ඒක දැක්කා.” සමිත් කියාගෙන යයි.

කබර මුල්ලා යනු ඩොල්ෆින් විශේෂයකි. ඉංග්‍රීසි බසින් ඩ්භථනඡචජඬ ච්ධතනඩඪද ලෙස හඳුන්වන මෙම විශේෂය ද ඉතාම දුර්ලභ විශේෂයකි. මෙම කලපුව තුළ ඉතා කුඩා ග්‍රහණයක් මෙම සතුන්ගෙන් ඉතිරිව තිබේ. ඊට අමතරව තලෙයිමන්නාරම ආශ්‍රිත මුහුදේ ද මේ සතුන් දැකගත හැක.

“ඇත්තටම සමිත් කබරමුල්ලාගේ පැටව් දැක්කා කියන එකත් වැදගත් සිද්ධියක්. මොකද ඒකෙන් අපිට තේරෙනවා ඔවුන්ගේ ග්‍රහණයේ වර්ධනයක් තිබෙන බව.” සාගරජීව පර්යේෂකයකු වන සජිත් සුභාසන මහතා ‘රිවිර’ට අදහස් දක්වමින් කීවේය.

සමිත් නැවතත් සිය කතාව පටන් ගත්තේය.
“අපි ඒ පැත්තට බෝට්ටුව ධාවනය කළා. ටික දුරක් යන කොට මම දැක්කා අමුතු සතෙක් මුහුදු වතුර මැද්දෙන් උඩට එනවා. මම ටිකක් පුදුම වෙලා බලන් හිටියා. දශකයකට වැඩි මගේ මුහුදු ජීවිතේ මෙවැනි අත්දැකීමකට මම මුහුණ දීලා නෑ. ඒ හින්දා මම හොඳින් බැලුවා. ඒ වෙලාවේ තමයි මම දැක්කේ මේ වතුරෙන් උඩට ආවේ මුහුදු ඌරෙක් කියලා. මට මගේ ඇස් දෙක අදහගන්න බැරි වුණා. මමත් අපේ බෝට්ටුවේ සංචාරකයෝත් පුදුම වෙලා බලන් හිටියා. එතැන මුහුදු ඌරෝ පස් දෙනෙක් හිටියා. අපි මේක වාර්තා කළා. ඒ නිසා අපිට මේක අද සත්‍ය වශයෙන්ම පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා.

විනාඩි දහයක් පමණ වතුර යට හිටපු මේ සත්තු නැවත වතාවක් උඩට ආවා. ඊට පස්සේ වතුර යට ගිහිල්ලා තවත් මීටර් සීයක් විතර දුරින් මේ සත්තු වතුරෙන් මතු වුණා. අපි ඒ පැත්තටත් බෝට්ටුව ධාවනය කළා. නමුත් ඊට පස්සේ මේ සත්තු කොහාට ගියාද කියලා හොයා ගන්න බැරි වුණා. මේක දැකපු ගමන් විශාල ආසාවක් මට ඇති වුණා. මේ සත්තු දෙන්නෙක් මීට කලින් මම වෙනත් තැනක යාන්තමට දැක තිබෙනවා. නමුත් මේ තමයි ඉතාම පැහැදිලිව සහ ඉතාම ළඟට මේ සත්තු දැක්කේ. ගොඩට ඇවිල්ලා මම ඒක කිව්වම කල්පිටියේ ධීවර රස්සාව කරන අයත් සංචාරක බෝට්ටුවල වැඩ කරන අයත් කිව්වා මං කියන්නේ බොරු කියලා. පස්සේ මං ඔවුන්ට මං ජංගම දුරකථනයෙන් ගත්ත ඡායාරූප පෙන්නුවා. ඊට පස්සේ තමයි ඔවුන් මේක පිළිගත්තේ. ඇත්තටම ඔවුනුත් පුදුම වුණා.”

මෙම දර්ශනය දුටු දිනයේ මුහුද පිළිබඳවද අපි සමිත්ගෙන් විමසා සිටියෙමු.
“එදා මුහුදු රළු දවසක්. ඒ වුණත් සම්පූර්ණයෙන්ම මුහුද පැහැදිලියි. මුහුදේ අමුතු කොළ පාටකුත් තිබුණා. මෙවැනි දවස්වලට විශේෂ දේවල් දකින බව මම අත්දැකීමෙන්ම දන්නවා. මුහුදු පැළෑටි තොගයකුත් ගැලවිලා පාවි පාවි තිබුණා. මම හිතන්නේ ඒවා කන්න තමයි මේ ගොල්ලො එන්න ඇත්තේ.” සමිත් පැහැදිලි කළේය.

සැබැවින්ම සමිත් දුටු එම දසුන පුදුම සහගතය. එය ඉතාම විරල දසුනකි. මින් ගම්‍ය වන්නේ එම නොගැඹුරු ජල තලය තුළ මෙවැනි දුර්ලභ සතුන් තවමත් ඉතිරිව සිටින බවකි.

සමිත්ගේ මේ වාර්තාවත් සමගම විදු ලෝකය ද කැලඹී තිබේ. ඒ තවමත් මෙවැනි දුලබ සොඳුරු මසුන් ඉතිරිව සිටින බව පසක් වීමෙනි. එය මුහුදු ඌරන් පිළිබඳව ලොව පුරා පර්යේෂණ කරන සිය ගණනකට සතුට කාන්දු කරන ආරංචියකි.

මුහුදු ඌරන් සජීවීව වාර්තා නොවුණ ද 2016 වර්ෂයේ පමණක් මන්නාරම ආශ්‍රිත මුහුදු සීමාවේ මස් පිණිස මරන ලද මුහුදු ඌරන් 13 දෙනකුගේ සිරුරු හමුවී ඇත. ඒ අතර පැටව් සමග සිටි ගැහැනු සතුන් ද තිදෙනකු සිටි බව එම සාක්ෂි විමර්ශනයේ දී පෙනී යයි. මින් ගම්‍ය වන්නේ මෙවැනි දුර්ලභ සතුන් පවා ගෙවන අනතුරු ගහන දිවි පෙවත පිළිබඳවය. බලධාරින් වහාම මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම සිදුවිය යුතුම දෙයකි. එය මගහැරීම යනු නිවැරදි කළ නොහැකි වරදකි.

නයනක රන්වැල්ල

Untitled-7 Untitled-6 Untitled-5 Untitled-4