සිංගර් කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන අවු. 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව කඩුලු 8ක ජයක් ලබාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය පසුගියදා සමත් විය. මෙම තරගය මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු ඉනිමේදී කඩුලු 3ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් දවාගත් අසෙල් සිගේරා ලකුණු 69කට කඩුලු 10ක් දවා ගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

මේ අතර කොළඹ ශාන්ත ජෝශප් හා කඳාන ද මැසනොද් විදුහල් අතර  පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකරගැනීමට ශාන්ත ජෝශප් පිල සමත් විය.  එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 124කට කඩුලු 11ක් දවා ගනිමින් ජෝශප් ජයග්‍රහණය තහවරු කළේය.

කොළඹ තර්ස්ටන් හා මාතර ශාන්ත තෝමස් විදුහල් අතර පැවති තරගයේදී තර්ස්ටන් විදුහල කඩුලු 10 ක ජයක් වාර්තා කරනු ලැබුවේ සඳරු ඩයස් ලකුණු 30ට තෝමසුවන්ගේ කඩුලු 8ක් දවාගැනීම නිසාය.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය හා  මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලය අතර පැවති තරගයෙන් ද බණ්ඩාරවෙල මැදිමහ විදුහලට කඩුලු 10ක ජයක් හිමිවිය. එහිදී  දක්ෂ පන්දු යැවීමක නිරත වූ චරිත් බස්නායක ඉනිම දෙකේ දී ලකුණු 43ට කඩුලු 11ක් දවාගෙන තිබුණි.

ලකුණු සාරාංශය
ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – ඕවර 50.4කදී සියලු දෙනා දැවී ලකුණු 235
කමේෂ් නිර්මාල් 46, කනිෂ්ක රංතිලකගේ 41, කලණ විජේසිරි 31, මොහොමඩ් අධිල් 67/5
සහිරා විද්‍යාලය පළමු ඉනිම – ඕවර 38.4කදී සියලු දෙනා දැවී ලකුණු 99
රිද්මික නිමේෂ් නොදැවී 51, අසෙල් සිගේරා 23/2, සනත් දසනායක 18/2, ලක්ෂිත අමරසේකර 28/2
සහිරා විද්‍යාලය දෙවැනි ඉනිම – ඕවර 54.2කදී සියලු දෙනා දැවී ලකුණු 181
මොහොමඩ් රිෆාත් 42, මොහොමඩ් සැකී 38, අසෙල් සිගේරා 46/7
ආනන්ද විද්‍යාලය දෙවැනි ඉනිම – ඕවර 10.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 46
කවිඳු ගිම්හාන 21, මොහොමඩ් අධිල් 29/2

ශාන්ත ජෝශප් – ද මැසනඩ් තරගය
මැසනඩ් විදුහල පළමු ඉනිම-සියලු දෙනා දැවී 94 (පසිඳු රාජ මුනින්ද්‍ර 28,නදුන් දිල්ෂාන් 27, දුනිත් වෙල්ලාලගේ 6/32,)
දෙවන ඉනිම-සියලු දෙනා දැවී 254, (මිථිල ගීත් 54, පසිඳු රාජමුනින්ද්‍ර 51, දුනිත් වෙල්ලාගේ 5/92)
ශාන්ත ජෝශප් පළමු  ඉනිම-සියලු දෙනා දැවී 254 (රේවන් කෙලී 68, ලක්ෂාන් ගමගේ 67, ප්‍රවීන් ෆොන්සේකා 3/35,
දෙවන ඉනිම-කඩුලු 6ට 95 (සචින්ත රවිඳු 28 නොදැවී, මිථිල ගීත් 4/52,
ශාන්ත ජෝශප් විදුහලට කඩුලු 4ක ජයක්.
තර්ස්ටන්-ශාන්ත තෝමස් තරගය
ශාන්ත තෝමස් පළමු ඉනිම  සියලු දෙනා දැවී 171 (තරුෂ 52, ලහිරු දිල්ෂාන් 35, නිපුන් ලක්ෂාන් 6/36)
දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 101 (ලහිරු දිල්ෂාන් 34, සඳරු ඩයස් 8/30)
තර්ස්ටන් පළමු ඉනිම සියලු දෙනා දැවී 247 (ෂවාන් ප්‍රභාෂ් 90, නිපුන් ලක්ෂාන් 48, සචිර රශ්මික 3/38,
දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 26.
තර්ස්ටන් විදුහලට කඩුලු 10ක ජයක්.
බණ්ඩාරවෙල මැදි විදුහල හ ශාන්ත මයිකල් තරගය.
ශාන්ත මයිකල් පළමු ඉනිම  සියලු දෙනා දැවී 81, (ඩේන් ඩවානන් 47, චරිත් බස්නායක 4/13,
දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 90යි. (චරිත් බස්නායක 7/30)
බණ්ඩාරවෙල මැදි විදුහල පළමු ඉනිම සියලු දෙනාම දැවී 164 (රුචිර විජේසුන්දර 51, පඒ කේෂාන් 4/19)
දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 8.
බණ්ඩාරවෙල මැදි විදුහලට කඩුලු 10යක ජයක්.
ලුම්බිණි – සිල්වෙස්ටර් තරගය
සිල්වෙස්ටර් පළමු ඉනිම සියලු දෙනා දැවී 91යි. (පසන් හෙට්ටිආරච්චි 21, ශසික චන්දිර, 6/25)
දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 131 නිම්සර අත්තරගොල්ල 37 යි, කවීන් පීරිස් 6/38)
ලුම්බිණි පළමු ඉනිම සියලු දෙනා දැවී 102 යි. (ලකිඳු උපේන්ද්‍ර 33යි, පසන් හෙට්ටිආරච්චි)
දෙවැනි ඉනිම කඩුලු 7/121යි, කවීන් පීරිස් 38, රවීෂ මදුමාල් 36 නොදැවී, නිම්සර අත්තරගොල්ල 2/22)
ලුම්බිණි විදුහලට කඩුලු 3ක ජයක්

සමීර ගොඩපිටිය