කවුරු කෙසේ කොහොම කීවත් ප‍්‍රමිතියෙන් බාල තෙල් නැවේ ගැටලූව මුල් කරගෙන රට යම් අර්බුදයකට තල්ලූ වී ඇත. තෙල් අර්බුදය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙත ඇඟිල්ල දිගු වෙයි. රටේ බහුතර ජනතාව මේ ගැන දෝශාරෝපනය නගන්නේ රජයටයි. එමෙන්ම තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති තමන්ගේ විරෝධතාවය ප‍්‍රකාශ කිරීමේදි රජයට අමතරව තවත් පාර්ශ්ව වෙතද ඔවුන්ගේ අවධානය යොමු කරයි.

තෙල් අර්බුදය මුල් කරගෙන කවුරු කාට ඇඟිල්ල දිගු කළද පැහැදිලිව මෙහිදී පෙනෙන එක් කරුණක් ඇත. එනම් කොතැනක හෝ කාට හෝ වැරැුද්දක් සිදුව ඇති බවය. එම නිසා මේ මොහොතේ කළ යුතුව ඇත්තේ විමසිල්ලෙන් හා ඉවසිල්ලෙන් මෙම ගැටලූව ලිහා ගැනීම මිස තෙල් ප‍්‍රශ්නය තවතවත් අවුලෙන් අවුලට තල්ලූ කිරීම නොවේ.

අද වන විට ඛනිජ තෙල් රටේ තීරණාත්මක සාධකයක් වී හමාරය. පරිභෝජනය සඳහා අවැසි තෙල් තොග මුළුමනින්ම පාහේ අප රටට ආයාත කරනු ලබන බැවින් එදා සිටම ගැටලූ රැුසකට අප වරින් වර මුහුණ දුන්නෙමු. නමුත් එ් එ් අවස්ථාවල උද්ගත වූ එම ගැටලූ ලිහා ගැනීමට සැබැවින්ම අපට අවංක උවමනාවක් තිබුණාදැයි යන සැකය මෙහිදී මතු වෙයි. ඇත්තටම ඉන්ධන සම්බන්ධයෙන් පැන නැඟුණු ගැටලූ හරියාකාරව අප තේරුම් ගත්තා නම් මෙවැනි දැඩි බන්ධන හිඟයකට අප රට මුහුණ දෙන්නේ නැත.

මෑත කාලයේ මෙරට බලයට පත්වූ ප‍්‍රධාන දේශපාලන දහරාවන්ගේ ප‍්‍රමුඛ කතිකාව වූයේ ශී‍්‍ර ලංකාව ආසියාවේ විශිෂ්ටතම රට බවට පත් කරනවා යන්නයි. එවැනි සැලසුමක ඔවුන් සිටියා නම් ඛනිජ තෙල් ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් මීට වඩා විදිමත් සැලසුම් සහගත වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරනු නොඅනුමානය. නමුත් එවැන්නක් තවම මේ මහ පොළොවේ පැළවී නැත. ඉන් පෙනෙන්නේ දේශපාලන වේදිකා පතුරු ගැසූ එ් දේශපාලන ප‍්‍රකාශ සියල්ලම සුරංගනා කතාවලට එහා නොගිය එ්වා වූ බවය. ඇත්තම කතාව නම් අපි තවමත් ගැටළුව නිසියාකාරව හඳුනාගෙන නොගෙන අදුරේ අතපත ගාමින් සිටින අන්ධයන් මෙනි. එම නිසා සුරංගනා සිහිනවලින් අවදිවී නිරුවත් යථාර්ථය ස්පර්ශ කිරීමට කාලය එළැඹ ඇත.

මෙම තෙල් අර්බුදය හරහා මතු වන තවත් ගැටලූවකි. මෙරට ඛනිජ  තෙල් වෙළෙ`දපොළේ ඉන්දියානු තෙල් සමාගමට හිමිව ඇති අයිතියෙන් සියයට විස්සකි. එම වපසරිය යොදා ගනිමින් ඔවුන් විසින් එල්ල කරනු ලබන බලපෑම සුළුපටු නොවේ. ඉන්දියානු සමාගම පසුගිය 17 වැනිදා මෙරටට ගෙන්වූ ප‍්‍රමිතයෙන් බාල තෙල් නැව එයට කදිම උදාහරණයක්. මෙටි‍්‍රක් ටොන් තිස් දහසක ධාරිතාවකින් යුත් මෙම තෙල් නැව ප‍්‍රමිතියෙන් තොර එකක් බව සනාථ වීමෙන් අනතුරුව එය ප‍්‍රතික්ෂේප කිරීමට ඛනිිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළේය. මෙහිදී ඔක්තෝබර් 30 වන විට ඊට සමාන තවත් තෙල් තොගයක් ගෙන එ්මට ඉන්දියානු තෙල් සමාගම සංස්ථාවට පොරොන්දු විය. නමුත් පොරොන්දු ප‍්‍රකාරව එ් කාරණාව ඉෂ්ට වූයේ නැත. ඉන්දියානු තෙල් සමාගම එම තෙල් නැව ගෙන්වීම ප‍්‍රමාද වෙන බව දැනුම් දුන්නේය.

මේ සිද්ධිය ගැන අදහස් දක්වමින් සංස්ථාවේ සේවකයින් බහුතරය කියා සිටියේ ඉන්දියානු තෙල් සමාගම වුවමනාවෙන්ම තෙල් නැව මඟහරවා බාල තෙල් නැව නැවත අපට භාර දීමට අර ඇ`දි බවකි. මේ වන විටත් එම තෙල් නැව ති‍්‍රකුණාමල වරායේ නැංගුරම් ලා ඇත. රට තුළ ක‍්‍රමයෙන් තෙල් හිඟයක් නිර්මාණය වෙමින් පවතියි. බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මෙම රික්තය යොදා ගනිමින් ඉන්දියානු ඔයිල් සමාගම බාල තෙල් තොගය නැවත අප මත පැටවීමට උත්සාහ ගන්නා බවයි. සැබැවින්ම ඔවුන් මේ වන විටත් එම උත්සාහය අතහැර නැත.

ඉන්දියානු ඔයිල් සමාගමට මෙරට ඛනිජ තෙල් වෙළ`දාමේ අයිතියෙන් තවමත් ලැබී ඇත්තේ සියයට විස්සකි. එවැනි වාතාවරණයක් යටතේ ඔවුන් විසින් මෙතරම් බලපෑමක් කරනවා නම් මිට වඩා එහා ගිය අයිතියක් ඉන්දියානු ඔයිල් සමාගමට ලැබුණහොත් කුමකින් කුමක් සිදුවිය හැකිදැයි බොහෝ දෙනා විමතිය පළ කරති
මෙය අඩුකොට තැකිය යුතු කාරණාවක් නොවන බව රට කරවන වගකිව යුත්තන්ගේ අවධානයට යොමු වීම වටියි.

ප‍්‍රමාණවත් තෙල් තොග රැුස් කර ගත හැකි සම්පත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නොමැති බව අසන්නට ලැබුණු තවත් කතාවකි. මෙය කෙතරම් නම් විහිළු සහගත තත්ත්වයක්ද?
ති‍්‍රකුණාමලයේ අක්කර 800ට වැඩි භූමි භාගයක ඉදිවූ දැවැන්ත තෙල් ටැංකි 99ක් තවමත් අප සතුය. මෙම තෙල් ටැංකි සමූහය මුල් කරගෙන අතීතයේ සිටම අප දේශපාලන ගැටලූ රැුසකට මුහුණ දුන්නේය. මේ වන විටත් එම දේශපාලන මැදිහත්වීම් ඈත ගොස් නැත. වර්තමාන ඉන්දියානු මැදිහත්වීම එහි එක් අවස්ථාවකි.

තෙල් තොග රැුස් කර තැබීමට පහසුකම් නැතැයි කියමින් ගැටලූවට ඇති විසඳුම කල් දාන අපේ බලධාරීන්ට හා නිලධාරින්ට ති‍්‍රකුණාමල ප‍්‍රදේශයේ ඇති අප සතු මේ අනර්ඝ සම්පත නොපෙනෙන්්නේ මොන කරුමයක් නිසාදැයි අපට නොවැටහේ. එම තෙල් ටැංකිවලින් කිහිපයක් පුරවා ගන්නට අප සමත් වුවහොත් මාස ගණනක රටේ තෙල් පරිභෝජනයට එය ප‍්‍රමාණවත් වනු ඇත. නමුත් පය බරවායට පිටිකර බෙහෙත් බදින්නා සේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පසු අද දක්වා බලයට පත්වූ කිසිම දේශපාලන පක්ෂයක් හෝ ඛනිජ තෙල් ඇමැතිකමට පත් කිසිදු ඇමැතිවරයකු මේ ගැටලූව විස`දීම සඳහා නිවැරදිව මැදිහත් වූයේ නැත.

තවමත් අපි පමා නැත. අද අප මුහුණ දෙන තෙල් අර්බුදය තුළින් බොහෝ දෙනෙකුගේ දෑස් විවර විය යුතු කතාවක් අපිට කියා දේ. මේ මොහොතේ පැනනැගී ඇති මේ ගැටලූවට තිරසාර විසඳුම් සොයා නොගතහොත් ඊළඟ පියවරේදී මෙම ගැටලූව මතු වන්නේ මීට වඩා පියවර ගානක් දික් වූ යෝධයකු මෙනි.

දේශපාලන කණ්ඩායම් වශයෙන් විවිධ න්‍යායපත‍්‍ර මත රටක් හැටියට අපි කුළල් කාගෙන මරා ගනිමු. මේ ජරාජීර්ණ දේශපාලන ක‍්‍රමය නිසාම රටක් හැටියට අප යා යුතු ගමනද අපට අමතකව ඇත. දේශපාලන මතවාද තිබිය හැකිය. නමුත් දේශපාලනය හෝ වෙන කුමන දෙයක් කිරීමට හෝ පෙර අපට රටක් තිබිය යුතුය. එම නිසා ඛනිජ තෙල් අර්බුදය ජාතික ගැටලූවක් සේ සලකා දේශපාලන න්‍යායපත‍්‍රවලින් මිදී මේ ගැටලූව විස`දා ගැනීමට රටට ආදරය ඇති සියලූ දෙනාම පෙළ ගැසීම රටේ අනාගතය වෙනුවෙන් අද අපේ වගකීම වන්නෙමු.