ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට්පිලට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් එක් කොට  ඉන්දීය ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල ශක්තිමත් කිරීමට පියවර ගත් බව අනාවරණය වේ.

අවසන් පාකිස්තානු ටෙස්ට් තරගාවලියට සහභාගි වූ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සහ කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට අ‍පොහොසත් වූබැවින් කොදෙව් ‘ඒ’ සංචාරයේදී ලකුණු අතරට ප්‍රවේශවූ ධනංජය ද සදිල්වා හා දසුන් ශානක ටෙස්ට් සංචිතයට එක් කිරීමට පියවර ගෙන ඇති අතර අවසන් ටෙස්ට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඊයේ උදෑසන වන විටත් ලැබි නොතිබුණි. කෙසේ වුවත් දිමුත් කරුණාරත්න සමග ආරම්භක පිතිකරණයට ධනංජය ද සිල්වා හෝ සධීර සමරවික්‍රම එක් කිරීමේ සැලසුමක් ඇති බවද වාර්තාවේ.

මැතිව්ස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීම නිසා  මෙවර ටෙස්ට් පිලට  කැඳවීමට අදහස් කළ බව අනාවරණ්‍ය වන අතර අසේල  ගුණරත්න හා කුසල් ජනිත් මේවන විටත් ටෙස්ට් තරගාවලියට අවශ්‍ය මට්ටමේ ශාරීරික යෝග්‍යතාවට ළඟා වී නොතිබූ අතර අසේල හා කුසල් ජනිත් ඉන්දීය  එක්දින තරගාවලිය සඳහා එක්වීමේ වැඩි ඉඩක් ඇති බවත්කිඞකට් ආයතන නිලධාරියකු පැවසීය.

ශ්‍රී ලංකා ටෙස්ට්පිලට අලුතෙන් එක්වන ධනංජය ද සිල්වා  කොදෙව් ‘ඒ’ සංචරයේදී සිව්දින නිල නොවන ටෙස්ට් තරගාවලින් තරග තුන තුල ඉනිම පහක් ක්‍රීඩා කොට ශතකයක් හා අර්ධ ශතක 2ක් ලබා දස්කම් දක්වා තිබුණි.
කෙසේ වුවත් රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සමගින් ලක්ෂාන් සඳකැන් හෝ මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් සංචිතයට නම්වෙනු ඇතැයි පැවසේ. පුෂ්පකුමාර කොදෙව් ‘ඒ’ සංචාරයේදී වඩාත්ම සාර්ථක පාදඟ පන්දු යවන්නා වූ අතර  පසුගිය ඉන්දීය තරගාවලියේදී ටෙස්ට් වරම් ලබා තිබිමත් ඔහු කෙරෙහි ද තේරීමේදී සැළකිල්ලට ගනු ඇත. සුරංග ලක්මාල්, ලහිරු  ගමගේ, විශ්ව ප්‍රනාන්දු හා නුවන් ප්‍රදීප් වේග පන්දු බළඇණියට එක්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර ශ්‍රී ලංකා  පි‍ලේ නව පිතිකරණ පුහුණුකරු  ෙලස තිලාන් සමරවීර එක්වීම නිසා පිතිකරුවන්ගේ  කුසලතා වර්ධනය වනු ඇතැයි  බලාපෙරොත්තු වේ.

තරග දෙකකින් යතු ඉන්දීය ටෙස්ට් තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගය 16 දා කල්කටාහිදී අරඹේ.

ධම්මික රත්නවීර