උතුරුඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ පිහිටි ගල් අ`ගුරු විදුලි බලාගාරයක සිදු වූ හදිසි පිපිරීමකින් එහි සේවයේ යෙදී සිටි පුද්ගලයින් 22 දෙනකු ජීවිතක්ෂට පත්ව ඇත.

මෙම පිපිරීමෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 100 කට අධිකය.
මේ අතර අදාළ බලාගාරයේ හිමිකරුවන් වන ජාතික බලශක්ති සංස්ථාව පවසන්නේ මේ අනතුර හේතුවෙන් සේවකයින් 80 ක් පමණ බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි.

එලෙසම එ් අතරින් ද අවදානම් තත්ත්වයේ පසවූ 10 දෙනකු ඔවුන් මුලින් ඇතුළත් කළ ප‍්‍රාදේශීය රෝහලින් වෙනත් රෝහලක් වෙත මාරුකර යවා තිබේ.

පිපිරීම සිදු වූ බලාගාරයේ විවිධ ශබද ඇසෙමින් පවතින අතර එහි ඇති ගෑස් හා වෙනත් වායූන් හේතුවෙන් තවත් පිපිරීම් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම්ද සිදු කර ඇත.
අදාළ පිපිරීම සම්බන්ධයෙන් සමාගම මට්ටමින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

දැනට සැකකෙරෙන්නේ බලාගාරයේ පීඩනය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවයි.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ සේවා ස්ථානයේ දී සිදුවන අනතුරුවලින් සිදුවන මරණ ඉන්දියාව තුළ අතිශය සුලබ බවයි.

(එන්.ඞී.ටී.වී*

Untitled-11