ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය සංක‍්‍රමණිකයන් සඳහා ලබා දීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ ග‍්‍රීන් කාඞ් ලොතරැුයි ක‍්‍රමය ඉදිරියේදී අහෝසි කිරීමට එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර අතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එ් අනුව මෙම ක‍්‍රමවේදය අහෝසි කිරීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳව ඔහු කොන්ග‍්‍රස් මණ්ඩලයෙන්ද විමසා තිබේ.

එලෙසම පැවති කැබිනට් රැුස්වීමේදීද ඔහු සිය බලවත් විරෝධය මෙම ලොතරැුයි ක‍්‍රමය සඳහා එල්ල කර තිබේ.
ඇමෙරිකාවට සංක‍්‍රමණය වී එහි ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව හිමිවන මෙම ලොතරැුයිය සඳහා ලොව බොහෝ රටවල වැසියන්ට ඉල්ලූම් කිරීමට අවස්ථාව හිමිව තිබිණ.

මෙහිදී ඉල්ලූම් පත‍්‍ර අතරින් අහඹු ලෙස තෝරා ගන්නා අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණයකට අවස්ථාව ලබා දෙනු ලැබේ.

මෙම පරීක්ෂණයෙන් සමත්වන පිරිසට ඇමෙරිකා එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථිර නේවාසිකයන් වීමට හැකිය.
මෙම සම්මුඛ පරීක්ෂණය සිදු කරනුයේ ඇමෙරිකා එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරියෙක් විසිනි.
වසර 22 ක් පුරා ඇමෙරිකාව විසින් මෙම ලොතරැුයි ක‍්‍රමය ක‍්‍රියාවට නංවා තිබේ.

එ් අනුව සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී ලොව පුරා මිලියන 14 ක් පමණ මීට අයදුම්කරනු ලබයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය පිළිබඳව අවධානය යොමුකර ඇත්තේ නිව්යෝර්ක් නුවර මැන්හැට්න් ප‍්‍රදේශයේ පදිකයින් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ට‍්‍රක් රථ ප‍්‍රහාරය සිදුකර ඇත්තේ මෙම ලොතරැුයි ක‍්‍රමය උපයෝගී කර ගනිමින් එරටට සංක‍්‍රමණය වූ පුද්ගලයකු වූ හෙයිනි.

මෙම ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 8 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 12 දෙනකු තුවාල ලැබීය.
උස්බෙකිස්තාන ජාතිකයකු වන මෙම සැකකරු 29 හැවිරිදි බවද සඳහන්වන අතර ඔහුට එරෙහිව ත‍්‍රස්තවදයට එරෙහි නීතිය යටතේ දඬුවම් ලබා දීමට ද තීරණය වී ඇත.

මේ ප‍්‍රහාරයත් සමගම ඇමෙරිකාව ත‍්‍රස්තවාදයට එරෙහි නීති දැඩි කිරීම පිළිබඳවද අවධානය යොමුකර තිබේ.

(සී.එන්.එන්*