නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයේ පිහිටි ත‍්‍රීබාල් ගම්මානයේ වැසියකුට සිය ගෙවත්තේ රැුඳී සිටි භයානක අමුත්තකු හමුව ඇතැයි වාර්තා වේ.

අඩි 12 ක් පමණ දිගු කිඹුලකු වන මේ අමුත්තා නිවැසියාට හමුව ඇත්තේ පාන්දර 3 ට පමණය.
සිය ගෙවත්තෙන් ඇසුනු අමුතු ශබ්ධයක් හේතුවෙන් සිදු කරන ලද පරික්ෂාවකදී ඔහු මෙම සත්ත්වයා දැක තිබේ.
පසුව අනෙක් ගම්වැසියන්ටද දැන්වීමෙන් අනතුරුව කිඹුලා ගස් බැඳීමට පිරිස සමත්ව ඇත.

මෙහිදී ගම්වැසියන් විසින් කිඹුලා මරා දැමීමට උත්සහ දරා ඇතත් ගම්නායකයා එම ප‍්‍රයත්නය ව්‍යර්ථ කර තිබේ.
ප‍්‍රදේශීය වනජීවී නිලධාරීන් විසින් කිඹුලා රැුගෙන ගොස් ඇති අතර සත්ත්වයා නිදහස් කරන ස්ථානය සම්බන්ධයෙන් මතභේදයක්ද හට ගෙන තිබේ.

වනජීවී නිලධාරීන් මෙම කිඹුලන් වසන සතිගුදා වේල්ල වෙත යළි මුදා හැරීමට උත්සහ දැරුවද ගම්වැසියන් ඊට සිය විරෝධය පළකර තිබේ.

වනජීවී නිලධාරින් පවසන්නේ මෙම වේල්ල ආශ‍්‍රිතව කිඹුලන් 30-40 අතර සංඛ්‍යාවක් වාසය කරන අතර බිත්තර දැමීම සඳහා පැමිණි කිඹුලකු මේ ආකාරයට ගෙවත්තට පැමිණෙන්නට ඇති බවයි.

(ද හින්දු*

Untitled-8 Untitled-9