අලූත විවාහපත් වූ පාකිස්තාන ජාතික කාන්තාවක් සිය සැමියා හා තවත් පුද්ගලයින් 15 දෙනකු ඝාතනය කිරීමට වැරදිකාරිය වී තිබේ.

ඇය මේ ආකාරයට අදාළ ඝාතන සිදුකර ඇත්තේ වස මිශ‍්‍ර කරන ලද ලක්සි නම් කිරි ආශ‍්‍රයෙන් සාදන පානයක් ඔවුන්ට ආහාරය සඳහා ලබා දෙමිණි.

ආසියා බිබී නම් මෙම කාන්තාව විවාහ වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.
ඔවුන් වාසය කරන ප‍්‍රදේශය පාකිස්තානයේ ඉතා දිළිඳු ප‍්‍රදේශයක් වශයෙන් ද සැලකේ.

ඇය සිය විවාහය සම්බන්ධයෙන් ඉතා අසතුටින් සිට ඇති අතර එම කාන්තාවට අවශ්‍යව ඇත්තේ යළි සිය දෙමාපියන් වෙත යාමටයි.

මෙම සිද්ධියට අදාළව ඇයට මීනිමැරීමේ චෝදනා ගොනුකර ඇති අතර ඇගේ පෙම්වතා හා ඥතී කාන්තාවක් ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඇය විසින් ලබා දී ඇති පානය ලබා ගැනීමෙන් පසුව පුද්ගලයින් 8 දෙනකු මුලින්ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුව රොහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී  තවත් 7 දෙනකු මියගොස් තිබේ.

අපරාධකාරිය මෙම වස මිශ‍්‍ර කිරීමට පෙර එ් සම්බන්ධයෙන් පරික්ෂණ ද සිදුකර ඇති බව සඳහන්ය.

(බී.බී.සී*