ඉතිහාසයක හරිගිය තැන් නොව, වැරදුණු තැන් ප‍්‍රතිනිර්මාණය වන විට වරදින්නේද පරදින්නේද වර්තමානය පමණක් නොවල ඒ වැරදීමේල පැරදීමේ ලකුණු සහිතව ගොඩනැෙඟන අනාගතයය.  ඉතිහාසයක් ප‍්‍රතිනිර්මාණය විය හැක්කේ ද විවිධාකාරයෙනි. බොහෝ විට මේ සංසිද්ධිය තුළ අතීත වාරයේ මැදිහත්කරුවන් වර්තමාන වාරයේ මැදිහත්කරුවන් වන්නේද නැත.  එහෙත්ල මේ බොහෝ විට නොපෙනෙන දේ අද එළිපිට පෙනෙන්නේ ඉතිහාසයක් ප‍්‍රතිනිර්මාණය වීමේ වර්තමාන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදයේදීය.

එහිදීද මේ ඇතැම් මැදිහත්කරුවන් සිය අතීත භූමිකාව කණපිට හරවාගෙන වර්තමානයේ රඟදක්වන්නේ ප‍්‍රතිවිරුද්ධ භූමිකාවකි. 1979 සිට 1989 දක්වා දික් ගැසුණු උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදයේදී වරද්දා ගත් තැන් 2011 සිට තවමත් දික් ගැසෙමින් පවතින සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදයටද පුරුද්දා ගෙන ඇත්තේ මෙබඳු පසුබිමකදීය.

‘වෛද්‍ය සභාවේ මහ පුටුවට කොල්වින්’, ‘වැඩ භාර ගන්න ගිය කොල්වින්ට හූ සංග‍්‍රහයක්’,ිකොල්වින්ගේ පත්වීමෙන් තවත් ප‍්‍රශ්න ඇති වුණා’, ‘විරෝධතා මැද කොල්වින් වැඩ භාර ගනී’ ආදී වශයෙන් වන මේ වර්තමාන පුවත්පත් සිරස්තල අතරින් අපේ හිත ගොස් නතර වන්නේ 1979 සිට හැබැහින්ම ලද අත්දැකීම් සහිත මතකයටය. අපට හිතැතිව, අප කැමැතිව සිටි ඒ ආචාර්යවරයාට වර්තමාන වෛද්‍ය ශිෂ්‍ය පරම්පරාවේ හූ සංග‍්‍රහයක් බුක්ති විඳීමට සිදුවීම කණගාටුදායකය. එහි වඩාත්ම ඛේදජනක ස්වභාවය වන්නේ, 1979 දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතාවයට ප‍්‍රථමයෙන්ම එක් වූ ආචාර්යවරයාට එයින් තිස්අට වසරකට පසු මෙබඳු ආකාරයේ සංග‍්‍රහයක් හිමිවීමය.

1979 දී එතෙක් රට තුළ නොපැවති මාතෘකාවක් ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට සැරසීමේ ආරංචියත් සමඟ ශිෂ්‍යයින් ලෙස අපට කළ යුතු දේ පිළිබඳව මුල්ම ආචාර්ය ගුරුහරුකම අපට ලැබෙන්නේ ඔහුගෙනි. කොළඹ වෛද්‍ය පීඨයේ තෙමහල් කායික විද්‍යා ගොඩනැඟිල්ලේ, දෙවැනි මහලේ වූ කොල්වින් ගුණරත්න ආචාර්යවරයාගේ කාමරයේදී අප කිහිප දෙනකු හමුවන්නේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ඡුාවටය. එහිදී නිතර එක්වූ පිරිස අතර නිහාල් අබේසිංහල රවීන්ද්‍ර සතරසිංහ, දර්ශන වීරසේන හා ධම්මික පේ‍්‍රමරත්නද විය. කොළඹ වෛද්‍ය පීඨ සිසු සිසුවියන් වැඩි පිරිසකටද කාලයක් යන තුරු අසංවේදී කාරණයක් වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදයේ ස්වභාවය රටේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට පහදා දීම ආරම්භයේදී වූ මූලික අවශ්‍යතාවයය. එහිදී අපත් සමඟ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව දැනුවත් කරනු පිණිස සහභාගි වූයේද කොල්වින් ගුණරත්න ආචාර්යවරයාය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතා ව්‍යාපාරයේ ඊළඟ පියවර වූයේ රටේ වෘත්තීය සමිති, පොදුජන සංවිධාන දැනුවත් කිරීමය. ඒ සඳහා වන ප‍්‍රථම මහජන සංවිධාන සම්මන්ත‍්‍රණය පැවැත්වූයේ කායික විද්‍යා ගොඩනැඟිල්ලේ තෙවන මාලයේ දේශන ශාලාවේදීය. එදින සම්මන්ත‍්‍රණයට සහභාගි වූ අය අතරින් එක් අයෙකු හැරෙන්නට අනෙක් සියල්ලන්මදල සියලූ සංවිධානද විරෝධතාව ගොඩනැඟිය යුතු බවට හා විසඳුමක් සඳහා රජයට බල කළ යුතු බවට දැක්වූයේ පොදු එකඟතාවයකි. රජයේ වෛද්‍ය පීඨයට නොතේරෙන තමන්ගේ දරුවන්ට පෞද්ගලික වෛද්‍යවිද්‍යාල අවශ්‍ය බවට එහිදී අදහස් දැක්වූ එකම පුද්ගලයා වූයේ ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපතිව සිටි හඞ්සන් සිල්වා මහතාය. එකල විකල්ප පුවත්පත් වූ ‘ඇත්ත’, ‘ජනදින’ පුවත්පත්වලින් ඔහුගේ අදහස දැඩි ලෙස විවේචනයට ලක් වූ ආකාරයද අපට මතකය.

කාලෝ ෆොන්සේකා ආචාර්යවරයා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතාවට සක‍්‍රිය දායකත්වය සපයන්නේ මේ සම්මන්ත‍්‍රණයේදීය. කෙසේ වෙතත් 1979 සිට මේ දක්වා තවත් තිස්අට වසරකින් වියපත්ව පසුවන එදා අපේ ආචාර්යවරුන් වූ මේ මහාචාර්යවරුන් දෙදෙනා වර්තමාන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදයේදී දෙපසකය. පුවත්පත් වාර්තාවකට අනුව පසුගිය දා කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයා ප‍්‍රකාශ කොට ඇත්තේල කොල්වින් ගුණරත්න මහාචාර්යවරයා

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීම සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් සිදු කළ දෙයක් විය හැකි බවය.

කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයාගේ සැකය සාධාරණ බවට සාක්ෂි සපයන්නේද ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස  පත්වීමෙන් අනතුරුව කොල්වින් ගුණරත්න මහාචාර්යවරයා මාධ්‍යයට කළ ඇතැම් ප‍්‍රකාශයන්ය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ පිහිටුවන ලද ආයතනයක් බවත්, සිසුන් බඳවා ගැනීම සිදු වූයේ රජයේ නීති රීතිවලට එකඟව බවත්ල රාජ්‍ය ප‍්‍රතිපත්තියක් අනුව මේ සියලූ දේ සිදුවන බව අමතක නොකළ යුතු බවත් එලෙස අද මාධ්‍යයට පවසන්නේ වෛද්‍ය සභාවේ නව සභාපතිවරයාය. 1979 දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවන්නේද රජයේ පූර්ණ අනුග‍්‍රහය ඇතිවය.  එදාද ඒ රජයේ ප‍්‍රතිපත්තියට අනුවය.

රජයේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව හා රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුකූලව සිදුවන දේ සර්ව සාධාරණ දේ ලෙස ඉවසා ගිවිසා ගත යුතු බවට අද දරන අදහස එදා ඔහු දැරුවේ නම්ල උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතාවයේදී අප හා එක්වූ හා අපට ගුරුහරුකම් දැක්වූ ප‍්‍රථම ආචාර්යවරයා බවට ඔහු පත්වන්නේද නැත. වසර තිස් අටකට පසුව සිදුවන මේ සියලූ පරිවර්තන, අනුවර්තන සඳහා ඇතැම් දේශපාලන හා පෞද්ගලික අපේක්‍ෂා හෝ සම්බන්ධතා හේතුකාරක වන්නට ඇති බවද පැහැදිලිය.

ප‍්‍රථම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය හා බැඳුණු  1979 ත් 1989 ත් අතර විනාශකාරී දසවසරක මතක සේයාවන් දෙවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය හා බැඳුණු 2011 සිට ගෙවෙමින් පවතින කාලයේදී ප‍්‍රතිනිර්මාණය වන මොහොතක කොල්වින් ගුණරත්න මහාචාර්යවරයා වැන්නන්ගෙන් විය යුත්තේ ගිනි මොළවන තාලයේ නොව, ගිනි වළකන තාලයේ මැදිහත්වීම්ය. ගිනිගත් ඒ දසවසරින් ගිනි ගනිමින් පවතින මේ සය වසරට ගත යුත්තේ ගිනි නිවාලනු පිණිස භාවිතා කළ හැකි ගුරුහරුකම්ය.

පසුගියදා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයාද ප‍්‍රකාශ කොට ඇත්තේ ව්‍යාවස්ථාව අනුමත   කිරීමට වඩා සයිටම් ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රමුඛතාව ලබා දිය යුතු බවය. අනාගතයත් සමඟ සෙල්ලම් කිරීම නුසුදුසු බවට එහිදී ඔහු සිය අදහස් ඉදිරිපත් කොට ඇත්තේල මෙරට වෛද්‍ය සිසු සිසුවියන් 6500 ක් සත් මසක් තිස්සේ දේශනවලට සහභාගි නොවන බවත්ල සීමාවාසික වෛද්‍යවරුන්  බිහිවීම නැවතීමෙන් නව වෛද්‍යවරුන් 1200 ක් රෝහල්වලට ඉදිරියේදී නොලැබෙන බවත් සඳහන් කරමිනි. පසුගියදා පළවූ තවත් මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේල සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ද සයිටම් අර්බුදයට විසඳුම් ලැබෙන තෙක් වෛද්‍ය පත්වීම් භාර නොගැනීමට තීරණය කළ බවකි.

මෙලෙස ප‍්‍රතිනිර්මාණ වෙමින් පවතින්නේ අප හැබැහින්ම අත්විඳි අතීත ඛේදවාචකයය. ගැටුම්කාරී වාතාවරණයකට, ජීවිත විනාශයකට ඉඩ සලසන මේ ස්වභාවයන් හේතුකාරක වන්නේ රට ආපස්සට ඇදගැනීමකටය. විරෝධතාද, ජල, පොලූ හා ගෑස් ප‍්‍රහාරයන්ද රෝහල්ගතවීම් හා බන්ධනාගාරගතවීම්ද සාමාන්‍ය ලෙස ගලපා ගැනීමේ ආදීනව අතිශය බරපතල විය හැකි බව අමතක කළ යුතු නැත.

ප‍්‍රථම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතාවයේ අවසාන වකවානුවේදීද අකර්මණ්‍ය වූයේ වෛද්‍ය පීඨ අධ්‍යාපනයය. වෛද්‍ය සිසු සිසුවියන් සිය අධ්‍යාපනය අවසන් කළයුතු කාලය වසර ගණනින් දික් කොට ගනිද්දී සීමාවාසික පුහුණුව අවසාන කළ වෛද්‍යවරුන්ට සිදු වූයේ තවත් දෙවසරකට ආසන්න කාලයක් එහිම රැුඳෙන්නටය. එලෙස රැුඳෙන අතරවාරයේදීද ඇතැමකුට මේ 1988, 1989 කාලයේදී සිදු වූයේ මර්දනකාරී වටපිටාවට අනාගන්තුක වූ භීෂණයේ පීඩාකාරී බව විඳින්නටය.

අදාළ කාලසීමාවේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය නිල නිවාසවල අප පසු වූයේ සීමාවාසික පුහුණු කාල සීමාවෙන් පසුවද බිරිඳට එහි තවදුරටත් රැුඳෙන්නට සිදු වූ හෙයිනි. එහිදී ඇතැම් රාත‍්‍රියක නිල නිවාසයේ දොර පිටතින් අගුුළු දමා තබන්නට පවා රෝහල් සේවකයින් උනන්දු වූයේ අපගේ ආරක්ෂාව පිණිසය. ඒ නිල හමුදා පමණක් නොව නොනිල හමුදාද ක‍්‍රියාත්මක වන කාලයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ලෙස අප අවදානමට ලක්විය හැකි බවට වූ වැටහීමකිනි.

1979 අර්බුදයට පමාවී විසඳුම් ලැබෙන විට වෛද්‍ය සිසු ජීවිත කිහිපයක්ම නිමාවී ගියේ ඒ සම්බන්ධයෙන් වන කිසිදු ආකාරයක පිළියමකට ඉඩ නොතබාමය. විභාගවීමකින්ද පලක් නැති ඒ අවනඩුවේ පාඩුව අදටත් හරි හැටි දැනෙන්නේ ජීවිත අහිමි වූ සිසුන්ගේ පවුලේ සමීපතමයින්ටම පමණි. එදා ඒ අර්බුදය ගිනියම් වෙමින් පැවති 1989 ඔක්තොම්බර් 22 වනදා පද්මසිරි ත‍්‍රිමාවිතාන වෛද්‍ය ශිෂ්‍යයා ඝාතනය වන්නේ දේශපාලනය ගැන උනන්දුවක් නොදැක්වූ අතිවිශාල පිරිසකගේද හිත්වල ගිනි අවුලූවාලමිනි. ඒ ආරංචියද සරත් කොල්ලූරේ ඇතුළු වෛද්‍ය සිසුන් පිරිසක් විසින් මුලින්ම ලබා දෙන්නේ කින්සි පාරේ වෛද්‍ය පීඨ වැටෙන් එහා මධ්‍යම ලේ බැංකුවේ එවකට සිටි වෛද්‍යවරයා වූ මා වෙතය.
Untitled-6
එහිදීද දේශපාලනය කෙසේ වෙතත් අසාධාරණයට එරෙහිව ක‍්‍රියාත්මක විය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත වන යෝජනාවට යහපත් ප‍්‍රතිචාර හිමිවන්නේ නැත. කෙසේ හෝ රටේ කලාකරුවන්, මාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන නිලධාරීන් ඇතුළු පොදුජන සංවිධාන සමඟ ඒ ක‍්‍රියාදාමයේදී අප එක් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස නොව රජයේ වෛද්‍යවරුන් ලෙසටය.

පැහැදිලි විසඳුමක් ලැබෙන දිනයක් හෝ වකවානුවක් අවිනිශ්චිතවල ප‍්‍රශ්නය දිගින් දිගටම පවත්වා ගැනීමේ නපුරු ප‍්‍රතිඵල එදා ලැබුණේද මෙදා ලැබෙමින් පවතින්නේද විවිධ පාර්ශ්වයන්හි විවිධ අරමුණුවලට අනුකූලව බව පැහැදිලිය.

අවුල අවුල් ජාලයක් වන කාලයක කොල්වින් ගුණරත්න මහාචාර්යවරයාද අවුලේ හවුල්කරුවකු බවට පත්වන ආකාරය දකින එදා සටනේදී ඔහු හා එක පිලක එක හිතින් සිටි අපට පහළ වන්නේ ප‍්‍රසාදජනක හැඟීමක් නොවේ. ඔහු එදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදයේදී ශිෂ්‍ය ප‍්‍රජාව වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබඳ කිසිත් නොදන්නා මෙදා ශිිෂ්‍ය පරම්පරාවට අපේ කාලයේ වීරයා මාරයකු ලෙස පෙනීමද අස්වාභාවික නොවිය හැකිය. එහෙත් වියපත් හා පරිණත මනසින් මේ සියල්ල ඇති සැටියෙන් දැකීම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පත් වූ කොල්වින් ගුණරත්ත මහාචාර්යවරයාගේ වගකීම බව අපගේ හැඟීමය. අවුල අවුල් ජාලයක් වීමේ හෝ  නොවීමේ අවකාශය තීරණය වන්නේ මේ වගකීම පවරා ගන්නා හෝ නොගන්නා ආකාරයට අනුරූපවය.

ඡුායාරූප- ටෙරාන් නානායක්කාර