සංඥා, විඤ්ඥාන සහ ප‍්‍රඥාව
2017 ඔක්තෝබර් පළමුවන දින පියදිගම මහතා විසින් පළකළ ලිපිය මගින් මා විසින් පළ කරන ලද ලිපි සම්බන්ධව යහපත් චේතනාවෙන් සිදු කළ විවේචනයන්ටද, විශේෂයෙන්ම පයාසි රාජන්‍ය සූත‍්‍රය මතක් කර දීම සම්බන්ධවද ස්තූතිවන්ත වෙමි.

මෙම සංවාදයේදී මා උත්සාහ දරුවේ බෞද්ධ දර්ශනයේදී මෙන්ම වර්තමාන ලෝකයේ දැනුම් පද්ධතිය මගින් ද සිදුකරනු ලබන්නේ, විශ්වයේ පවතින්නා වූ ස්වභාව ධර්මයන්ගේ නියමයන් මඟින් රූප සහ ශක්තීන්ගේ ඇති වීම, පැවතීම, ව්‍යාධියට පත්වීම, විනාශ වීම, යන ලක්ෂණ පිළිබඳව කරනු ලබන අධ්‍යයනයක් බව පෙන්වීමටයි. මෙම රූපයන් හා ශක්තින්ගේ ව්‍යූහය පිළිබඳව නිවැරදිව දැන ගැනීම නාම, රූප පරිච්ෙඡ්ද ඥානය නම් වේ. එම රූප සහ ශක්තීන් යම් හේතූන් මගින් වෙනස් වීමට භාජනය වීම හා ඇති වන ඵල පිළිබඳ දැනුම පච්චය පරිග‍්‍රහ ඥානය ලෙස හැදින්වේ.

අපගේ අරමුණ විය යුත්තේ මෙම ධර්මය තේරුම්ගෙන තමන්ටත්, අනුන්ටත් යහපතක් පිණිස, අවබෝධ කර ගත යුතු සහ අවබෝධ කර ගත හැකි ධර්මයක් වේ නම් එය අවබෝධ කර ගැනීම පිණිස වූ යහපත් ව්‍යායාමයක් බවට මෙම සංවාදය පත්කර ගැනීම මිස ලෝභ, ද්වේෂ, මෝහ වැඩිවන ක‍්‍රියාවන් වෙනුවෙන් මෙම සංවාදය භාවිතා කිරීම නොවේ.

විදර්ශනා නුවණ හෙවත් ප‍්‍රඥාව
බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ විද්‍යාව කුමක් ද?, එය කෙසේ අවබෝධ කළා ද, යන්න විමර්ශණය කිරීමේ දී, මජ්ජම නිකායේ දැක්වෙන ආර්ය පර්යේෂණ සූත‍්‍රය අධ්‍යයනයෙන් බොහෝ කරුණු ඉගෙන ගත හැකිය. ආර්යන් වහන්සේ නමක් විසින් ඉපදීම, ව්‍යාධියට පත් වීම, ජරාවට පත් වීම, දුක්ඛ දෝමනස්සයන්ට පත් වීම, අවසානයේ මරණයට පත්වීම ද දුකක් වන බැවින් ඉපදීම නතර කිරීම මඟින් මෙම දුකට පත්වීම නතර කර ගැනීම සඳහා කරනු ලබන පර්යේෂණය ආර්ය පර්යේෂණය නමින් හැදින්වේ. එම පර්යේෂණයේ අවසාන ඵලය රහත් ඵලය හෙවත් නිර්වාණය බව පෙන්වා දෙයි. එම මාර්ගය සොයාගෙන යෑමේදී ආලාරකාලාම තවුසා ලබා සිටි සිත සමාධියට පත්කර ගැනීම තුළින් හතර වන අරූප ධ්‍යාන සමාප්තිය තමන් වහන්සේ ද සාක්ෂාත් කර ගත් බව සඳහන් වේ. නමුත් අලාරකාලාම තවුසා හට නිර්වාණය සාක්ෂාත් කර ගත නොහැකිව මිය පරලොව යෑමට සිදු විය.

බුදුරජාණන් වහන්සේ, නිර්වාණය අවබෝධ කරගැනීමට සමාධියට අමතරව විදර්ශනාව, ප‍්‍රගුණ කළ බව පෙන්වා දෙන සූත‍්‍රයක් ලෙස දීඝ නිකායේ සඳහන් සාමාඤ්ඤඵල සූත‍්‍රය ගෙන හැර දැක්විය හැකිය. එහි සාමාඤ්ඤඵල 15 ක් ඇති බව ද, කාමයන්ගෙන් වෙන්ව සිත රූප ධ්‍යාන සමාධියට සමවැදීමෙන් පිිළිවෙලින් 1,2,3,4 වන ධ්‍යාන ලබා ගැනීම තුළින් 3,4,5,6 වන සාමඤ්ඤ ඵලයන් ලබා ගත් බව සඳහන් වේ. 4 වන රූප, ධ්‍යාන සමාධිය මගින් ම සිත තුළ විදර්ශනා ඥානය ඇති කර ගැනීමෙන් විඤ්ඤාණයත්, ශරීරයත් යන දෙකෙහිම, අනිත්‍ය ස්වභාය අවබෝධ කිරීමෙන් 07 වන සාමාඤ්ඤඵලය ලබා ගන්නා ලදී.

එමෙන්ම තව දුරටත් සංඥාවන්ට හෝ ඇති වන්නා වූ ඵල චිත්තයන්ට ඇල්මකින් තොරව එ්වායේ අනිත්‍යබව මෙනෙහි කරමින්, පහළොස්වන සාමාඤ්ඤඵලය දක්වාම පැමිණෙන්නා වූ සියලූ සංඥාවන් නිරෝධ කරමින් සංඥාවේදයික නිරෝධය හෙවත් අරහත් භාවය සාක්ෂාත් කර ගත් බව සඳහන්ය. බෞද්ධ දර්ශනය තුළ මෙම නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා වූ විදර්ශනා නුවණ ප‍්‍රඥාව, සම්මා දිට්ඨි, විමංසා සෘද්ධිපාද, පඤ්ඤා ඉන්ද‍්‍රිය, පඤ්ඤා බල, ධම්ම විචයසම්බොජ්ංගය ආදී ලෙස හැ`දින්වෙන බව හ`දුනාගත හැකිය. මෙම විදර්ශනා නුවණ දියුණු කිරීමේ මාර්ග දෙකක් ඇති බව (ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය සහ ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය* මජ්ජම නිකායේ සඳහන් වන මහා චක්තාරික සූත‍්‍ර දේශනාව පැහැදිලි කරයි.

ලෝකෝත්තර මාර්ගයේ අරමුණ නිර්වාණයයි. ලෞකික මාර්ගය ආකාර දෙකකි. එනම් සුගතිගාමී සහ දුගතිගාමී ලෙසයි. සුගතිගාමී ලෞකික මාර්ගයේ අරමුණද නිවන නොව තමන්ගේත් අන් අයගේත් යහපත වෙනුවෙන් දිවි ගෙවීමයි. දුගතිගාමී මාර්ගයේ ද, තමන්ගේ ද, අන් අයගේ ද දුක් පිණිස ක‍්‍රියාත්මක වේ. ලෝකෝත්තර මාර්ගයේ අරමුණ නිවන බැවින් බුදුරජාණන් වහන්සේ යම් පුද්ගලයකුගේ නිර්වාණය අරමුණු කරගෙන කරන ලද ධර්ම දේශණාවල හරය, ඉහතින් සඳහන් කළ ආකාරයට සමථය සහ විදර්ශනාව වැඞීමයි.

පියදිගම මහතා විසින් ඔක්තෝම්බර් 01 වන දින ලිපියෙහි ගෙන හැර දක්වන සංයුක්ත නිකායේ දැක්වෙන සූත‍්‍ර කිහිපය තේරුම් ගත යුත්තේ අදාළ පුද්ගලයාගේ නිවණ අරමුණු කරගෙන විදර්ශනාව වැඩෙන ලෙස කරනු ලැබූ ධර්ම දේශනයන් ලෙසය. එහි සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, ”මහණ, (පලූදු වේ* නැසේහු එහෙයින් ලෝකයයි කියනු ලැබේ. කිමෙක් පලූදු වේ ද? යත් මහණ ඇස පලූදු වේ. රූ ප`ඵදු වේ. චක්කුවිඥානය පලූදු වේ. ඇස් පහස ප`ඵදු වේ. ඇස් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදත් නොසුව වූ හෝ යම් මේ විදුමෙක් උපදී නම් එයද ප`ඵදු වේ. මහණ, ප`ඵදු වේ, යනුය. එහෙයින් ලෝකයයි කියනු ලැබේ.” මෙ කරුණු අනුව එම භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරවීමට උත්සාහ කරනුයේ නාම රූපයන්ගේ යථා ස්වභාවය විදර්ශනා නුවණින් බැලීමයි. එනම් පරමත්ථ ලෙස නාම රූප අවබෝධ කර ගැනීමයි. මේ සම්බන්ධව පියදිගම මහතා ප‍්‍රතිචාර දක්වන්නේ  ”බාහිර නිරපේක්ෂ වාස්තවික යථාර්ථයක් ගැන අදහස බුදුරජාණන් වහන්සේ ප‍්‍රතික්ෂේප කළ බවට මෙය ඉතා පැහැදිලි උදාහරණයකි” යනුවෙනි.

අභිධර්ම චන්ද්‍රිකාවේ  9-14  පාඩමෙහි දැක්වෙන පරිදි විදර්ශනා නුවණ ප‍්‍රගුණ කිරීම මඟින් ලබා ගත යුතු දිට්ඨි විශුද්ධිය හා කංඛාරවිතරණ විශුද්ධිය මගින් පියදිගම මහතාගේ රූප පිළිබඳව දැනුමෙහි ඇති විචිකිච්චාත් මිත්‍යා දෘෂ්ටියත් වඩා හො`දින් පැහැදිලි වේ.

දිට්ඨි විශුද්ධිය ලබා ගැනීම ස`දහා නාම රූප පරිග‍්‍රහය හෙවත් නාම රූප පිළිබඳව පිරිසිද දැන ගැනීම අවශ්‍යය. එහි සඳහන් වන ආකාරයට  ”ආධ්‍යාත්ම ධර්ම දෙකඩ කොට සිතා මේ නාමය රූප නොවේ. මේ රූපය නාම නොවේ. නාමය අනිකකි. රූපය අනිකකි. එ් නාම රූප දෙකෙන් අන්‍ය වූ ආත්මයෙක් හෝ ජීවයෙක් හෝ සත්වයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ නැතියි දැනගැන්ම සංෂිප්ත පරිග‍්‍රාහි”ය. සරලව කියන්නේ නම් නාමය වෙනම ද, රූපය වෙනම ද, නොපිහිටන බවයි. එමෙන්ම නාම රූප පිළිබඳව වූ ලක්ෂණ, රස, ප‍්‍රත්‍යප්ස්ථාන පාදස්ථාන යන කරුණු හතරෙන් ද මනාව දැන ගත යුතුය. ලක්ෂණ නම් ධර්මයන්ගේ සාමාන්‍ය ස්වාභාවයයි. රස යනු ධර්මයන්ගේ කෘත්‍ය හා සම්පත්ති, ප‍්‍රත්‍යප්ස්ථාන නම් ධර්මයන්ගේ ඵලයයි. පාදස්ථාන නම් ධර්මයන්ගේ ඇති වීමට හේතු පිරිසිඳ ගැනීමයි. නාම රූප පරිග‍්‍රහ ඥානය නිවැරදිව ලබා ගනී නම් සක්කායදිට්ඨියද සංඥාවිපර්යාස ද, දෘෂ්ඨි විපර්යාස ද තුනී වන බව පැහැදිලි කෙරේ.

කංඛාවිතරණ විශුද්ධිය නම් නාම රූපයන්ගේ ප‍්‍රත්‍ය පරිග‍්‍රහය හෙවත් නාම රූප ඇති වන හේතු පිරිසිද දැනගැනීමයි. වස්තු හා ආරම්මණ නාම ඇති වීමේ හේතු වේ. වස්තු නම් සිත සහ සිතුවිලි ක‍්‍රියාත්මක කිරීමට දායක වන ඇස, කණ, නාසය, දිව, ශරීරය යන ප‍්‍රසාද රූප 05 සහ හෘදය වස්තුවයි. ආරම්මණ නම් අරමුණු වශයෙන් උපකාර වීමට, එනම් චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමටත්, පැවැත්මටත්, එහි ඇලී සිටීමටත් උදව් වන ධර්මතාවයන් වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන ආදියයි.

රූප ඇතිවීමේ හේතු ලෙස කර්ම, චිත්ත, ඍතු ආහාර යන හේතු ගෙන හැර දක්වයි. නාම රූප ඇති වීම සඳහා හේතු ලෙස අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදාන, කර්ම පෙන්වා දේ.

නාම රූප නිසා අතීතයේ (පුරාවාන්ත* අනාගත, (අපරාන්ත* සහ වර්තමානයේ පවතින රූප නිසා ඇති වන විඥාන සම්බන්ධව 16 ආකාරයකින් විචිකිච්ඡුාව ඇති වේ. නාම රූප ප‍්‍රත්‍ය, පරිග‍්‍රහ ඥානය මගින් මෙම විචිකිච්ඡුාවන් විතරණය වන හෙයින් මෙය කංඛාවිතරණ විශුද්ධිය කියනු ලැබේ.

අභිධර්මයේ දැක්වෙන ආකාරයට, යහපත් වූ ක‍්‍රියා හෙවත් කුසල ක‍්‍රියා ලෙස දැක්වෙනුයේ දාන, සීල, භාවනායි. මෙහි දාන වර්ග 02 ක් ඇත. එ්වා පුණ්‍යකාමී සහ අනුග‍්‍රහකාමී ලෙස පැහැදිලි කෙරේ. පුණ්‍යකාමී නම් පිං පිණිස දන් දීම ආදී ක‍්‍රියාවන් සිදුකිරීමයි. අනුග‍්‍රහකාමින් නම්, තමාගේත්, අන් අයගේත්, යහපත සහ සැප පිණිස, අනුග‍්‍රහයක් වන ආකාරයෙන් ක‍්‍රියාවන් සිදු කිරීමයි. එනම්, ලෞකික සුගතගාමී, ආර්යාෂ්ඨාංගික මාර්ගයයි. නූතන දැනුම් පද්ධතිය මගින් ද, සිදුකරනුයේ විදර්ශනා නුවණ වර්ධනය කර ගැනීම සඳහා කුඩා අවධියේ සිට අප සියලූ දෙනා තම තමන් කැමති ආකාරයට යහපත සහ සැප පිණිස වන අධ්‍යයනයන් මගින් ද, විදර්ශනා නුවණ ඇති කිරීම සඳහා වෘත්තීන් මගින් ද, සිදු කරනු ලබන්නේ මෙම අනුග‍්‍රහකාමී ක‍්‍රියා බව පැහැදිලි වනවා ඇත.

වෛද්‍ය සේවයේ රෝගීන් සුවපත් කරනුයේ එම රෝගීන්ගේ නිරෝගී භාවයට අනුග‍්‍රහයක් වීම උදෙසාය. ගොවීන් ගොවිතැන් කරනුයේ අන් අයගේ කුසගිනි නිවීම මගින් අනුග‍්‍රහයක් වීම ස`ඳහාය. තම තමන්ගේ සේවය වෙනුවෙන් අනුග‍්‍රහයක් ලෙස වැටුපක් හෝ, මිලක් ලැබුණ ද, එම ක‍්‍රියාවන් සියල්ල අනුග‍්‍රහකාමීත්වය උදෙසාය. එනම් වර්තමාන දැනුම් පද්ධතියේ දැනුම භාවිතා කරනුයේ අන් අයගේ යහපත වෙනුවෙන් නම් එයද, ලෞකික සුගතිගාමී ආර්යෂ්ඨාංගික මාර්ගයම බව වටහා ගත හැක.

මනෝවිශ්ලේෂණය  :(Psychoanalysis)
සිත සහ සිතිවිලිවල ස්වාභාවය අධ්‍යයනය කිරීම මගින් මානසික ගැටලූවලට මුහුණ දෙමින් සිටින රෝගීන් පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයන් හා පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස සිග්මන්ඞ් ෆොරොයිඞ් Sigmund Freud විසින් ලොවට දායාද කරන ලද මනෝවිශ්ලේෂණය පිළිබඳ දැනුම වර්තමානයේ ද, මානසික ව්‍යාධීන්ගෙන් පීඩා වි`දින රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීමට අනුග‍්‍රහයක් වෙමින් දැනුම ලබා දේ. ඔහුගේ සිද්ධාන්ත ඇතුළත් General Introduction to Psychoanalysis    නම් කෘතියෙහි සිතෙහිි ව්‍යූහය සහ ක‍්‍රියාකාරීත්වය කොටස් 03 කට බෙදා දක්වා ඇත.

01 Ego (Conscious part of the mind)   සවිඥාණික සිත
පංචේන්ද්‍රයන් මගින් ලබා ගන්නා සංඥාවන් උපයෝගි කරගෙන ක‍්‍රියාවන් සිදුකිරීමේදී නැවත නැවතත් එම ක‍්‍රියාවෙහි, විපාක, ක‍්‍රියාකාරිත්වය, විමර්ශණය කරමින් සවිඥාණිකව සිදු කිරීම  ෑටද  ලෙස හැදින්වේ.

02 Id (Unconscious part of the mind) අවිඥානක සිත
කුඩා කල සිට තම තමන් එකතු කර ගන්නා ලද මතකයන් සහ පළපුරුදු ගති ලක්ෂණ අනුව පංච ඉන්ද්‍රියන් පිනවීම පිණිස හොඳ හෝ නරක ආකාරයෙන් මනසට නිරායාසයෙන් ඇතිවන මතකයන් නිසා එදිනෙදා ජීවිතයේ ක‍්‍රියාකාරිත්වයේ දී අවිඥානකව සිදුවන බලපෑම මෙලෙස දැක්වේ.

03 Supper Ego (Pre conscious part of the mind)  පූර්ව විඥාණ
තමන් ජීවත් වන පරිසරයට, පවුලට, සමාජයට, නීතිරීතිවලට අනුව, යහපත හා අයහපත තෝරා ගෙන යහපත වෙනුවෙන් ක‍්‍රියාකාරී විය යුතු බව මනසට දැක්වෙන සංඥාවයි.

බෞද්ධ දර්ශනයේ ද, සවිඥානිකව ක‍්‍රියා කිරීම පිළිබඳව එනම්, සිතෙහි සමාධිය ඇති කරගැනීම පිළිබඳව බොහෝ ඉගෙන්වීම් ඇත. දීඝ නිකායේ සඳහන් වන සතර සතිපට්ඨාන සූත‍්‍ර මගින් කයෙහි ද, වේදනාවන්ගේ ද, සිතෙහි ද, සිතිවිලිවලද ධර්මයන්ගේ ද ඇති වීම, පැවතීම, නැතිවීම, මෙන්ම ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අවධානයෙන් සිටීම පිළිබඳව සඳහන් වේ. (කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනා* මෙහිදී ද සිදු කෙරෙනුයේ අවධානයෙන්, ක‍්‍රියා කිරීම සඳහා සිත පුරුදු කර ගැනීමය.   (Conscious mind)

අභිධර්මයේ භව නිමිති ලෙස ගෙන හැර දක්වන පරිදි, සත්වයන් තම තමන්ගේ භවයට අනුරූපව තම ඉන්ද්‍රියන් පිනවීම පිණිස ඇති කර ගන්නා වූ පුරුදු නිසා ඇති වන්නා වූ විපාක සිත් භවාංග සිත් ලෙස පැරණි මතකයන් ගබඩා කර තබා ගනී. අවශ්‍ය වූ විට නිරායාසයෙන් එ් එ් අවස්ථාවන් වෙනුවෙන් ලබාදීම අවිඥාණකව සිදුවේ .(Unconscious mind)
ජීවිතය යහපත් කර ගැනීම සඳහා අනුග‍්‍රහයක් ලෙස වර්තමාන දැනුම් පද්ධතිය මෙන්ම බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් ද බොහෝ සෙයින් වැදගත් වන බව ඉහත කරුණුවලින් පැහැදිලි වනු ඇතැයි සිතමි.

විශේෂඥ වෛද්‍ය
චන්දන හේරත්