අනතුර

මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළ රිය අනතුරුවලට මුහුණදීම හේතුවෙන් පුද්ගලයින් දෙදහස් දෙසීය අනූහත් (2297)කු මියගොස් ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙහි වැඩිම අනතුරු සංඛ්‍යාව යතුරු පැදි නිසා සිදුවී ඇති අතර, දෙවැනියට වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ අපරීක්ෂාකාරී ලෙස මහමග පයින් ගමන් කිරීමෙනි.