ගිනිගත්හේන ප‍්‍රදේශයේ කේරළ ගංජා අලෙවි කරමින් සිටි ප‍්‍රධාන ජාවරම්කරුවෙකු සහ කේරළ ගංජා ළඟ  තබාගෙන සිටි තවත් සැකකරුවන් හයදෙනෙකු හැටන් සුරාබදු කාර්්‍යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සන්තකයේ තිබී කේරළ ගංජා මිලි ග‍්‍රෑම් 7,000ක් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් ගිනිගත්හේන ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22-28 කාණ්ඩයේ පුද්ගලයන් බව සුරාබදු නිලධාරීන් සඳහන් කරති.

දීපවාලි උත්සවය යෙදී තිබුණු ඊයේ දින (18) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

රංජිත් රාජපක්ෂ- හැටන්