‘‘අපගේ රජය ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ ඡුන්දයෙන් බලයට පත් වුවද, ජාත්‍යන්තරයේ ප‍්‍රසාදය දිනාගනු වස් ජාත්‍යන්තරය පිනවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ භයානක අනතුරක් දක්නට ලැබෙනවා. ඒකීය බව සිංහල භාෂා පිටපතේ පමණක් මුද්‍රණය කර එක්සත් බව පළවන යුනයිටඞ් ශ‍්‍රී ලංකාවක් බිහිකිරීමේ භයානක කූමන්ත‍්‍රණයක් පවතිනවා’’ යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගූණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප‍්‍රකාශ කරනු ලැබුවේ මහජන එක්සත් පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී -වර්තමාන දේශපාලන අර්බුදය හා ව්‍යවස්ථා සංශෝධනය” පිළිබඳව අදහස් පළ කරමිනි. මෙය මහරගම ඇල්හේන මාර්ගයේ පිහිටි එම කාර්යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද ප‍්‍රකාශ කළේය. -1972 ව්‍යවස්ථාව වෙනස් කරනා මොහොතේදී සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය නායක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා හමුවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින් වෙනම ප‍්‍රදේශයක් ද්‍රවිඩ ජනතාවගේ පාලනය යටතේ තැබීමට යෝජනා කළා. සියලූ ජාතිීන්ට ඇති සම අයිතිය පිළිගත යුතුයි යන්න තදින්ම විශ්වාස කරන සමසමාජ දේශපාලන දර්ශනය ගැඹුරින්ම ඇදහූ කොල්වින් ආර් ද සිල්වා මහතා මෙම ද්‍රවිඩ පක්ෂ නියෝජිතයිනට කරුණු පැහැදිලි කර පෙන්වූයේ රට පුරා එකම තැනකින් නිකුත් වන නීති පද්ධතියකින් තොරව රට පාලනය කළ හොත් ඉන් විශාල ගැටලූ රාශියක් නිර්මාණය වන බවයි. සුළු ජාතියකට හිමි සියලූ වරප‍්‍රසාද සහිතව එකම රටක ජීවත්වීමේ ඇති පහසුව ඔවුනට පෙන්වා දෙනු ලැබුවා. සමසමාජ දර්ශනය ගැඹුරින් විශ්වාස කළ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාද ඒකීය රටක ජීවත්වීමේ අගය පැහැදිලි කර දුන්නේ නම් ඒකීය රටක් විනා පළාත් කිහිපයකින් සැදුම්ලත් එක්සත් රටක් ජාතික සමගියට පිළියමක් නොවනු ඇති. එහෙත් ඒ සත්‍යය මේ රටේ ඩොලර්වලින් යැපෙනා ඇතැම් දේශපාලන නායකයිනට නොවැටහීම කනගාටුවට කරුණක්.”

-නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්  සම්පාදනය කිරීම සඳහා පැහැදිලි ජනවරමක් ලබා නොතිබූ වත්මන් රජය ඒ සඳහා උනන්නදු වන විට ජනාධිපතිවරයා පැහැදිලිවම කියා තිබුණේ ජනමත විධාරණයකට යොමු කෙරෙනා කවර යෝජනාවකට වුව තම මනාපයක් නොමැති බවයි. එසේ නම් ජනාධිපතිවරයා අකමැත්ත පළ කර  ඇති කවර යෝජනාවක් වුව පරාජය කළ යුතුයි. රටට ආදරයක්  ඇති සියලූ ජනතාව මෙම ව්‍යවස්ථාව පරාජය කරනු ඇති.

තමන්ගේ රටේ ස්වාධීනත්වය නොමැතිව යුරෝපීය ජනතාවගේ පාලනයක් යටතේ වසර එකසිය තිස් තුනක් පරාදීන ජාතියක් ලෙස ගෙවා ඇති කිසිවකු  මෙම නම ව්‍යවස්ථාව අනුමත නොකරනු ඇත. අප වැනි ස්වාධීන රටවලට අත පොවා මේ රට අවුරුදු ගණනාවක් ආ පස්සට රැුගෙගන යෑමට කිසිදු පුරවැසියකු කැමති නොවනු ඇති. එබැවින් ජනතාව කවර පක්ෂයකට අයත් වුවද මේ අවස්ථාවේදී   නව ආණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුදැයි. එය රටට අවශ්‍යදැයි අප කල්පනා කළ යුතු වෙනවා”

-මෙම අවස්ථාවෙදී රටේ සම්පත් විදේශිකයින්ට අලෙවි කිරීමේ සූක්ෂම වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. එදා හම්බන්තොටදී ක‍්‍රියාත්මක වූයේ ඊට එරෙහිව නැගුන මහජන විරෝධය මිස අනෙකක් නොවේ. එදින ලෝක තරුණ සමුලූවකට සහභාගිවීමෙ අරමුණින් ඇප ඉල්ලීම ඉදිරිපත් වුණේ. එහිදී සැකකරුවනට ඇප ලබා දීමේදී මහින්ද අමරවීර මහතා වෙතින් විරොධයක් එල්ල වූයේ නැත්නම් ඒ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයකට යොමු කරන්න පිළිවන්. ඔහුගේ නිර්දෝශිත්වය පළ කරන්න පිළිිවන්. එහිදී මෙම මන්ත‍්‍රීවරුන් අතිශය දුර්ලභ අවස්ථාවක් ප‍්‍රයෝජනයට ගනිමින් මෙම සමුලූවට සහභාගි වීම සඳහා ඊයේ ගූවන් මගීන් එරට බලා පිටත්ව ගියා.”

-එහෙත් එම මන්ත‍්‍රීවරු මෙම විරෝධතාවයට සහභාගී වූයේ පාර්ලිමේන්තූ මන්ත‍්‍රීවරු ලෙසයි. මෙහිදී ඔවුන් අත්අඩංගූවට ගැනීම කෙතරම්දුරට පවතින නීතියට එක`ගදැයි මා දන්නේ නැහැ. 1953 දී ක‍්‍රියාත්මක වූ හර්තාලයේදී කොපමණ පාර්ලිමේන්තු- මන්ත‍්‍රීවරු පිරිසක් ඊට එක්ව සිටියේද එහෙත් ඒ කිසිවකු පොලිස් භාරයට ගනු ලැබුවේ නැහැ. එසේම මේ රටේ සිටි දැඩි පාලකයෙක් වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඉන්දීය ගිවිසුම අවස්ථාවේදී එදා 1987 දී කොපමණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් විරෝධතාවයක් පැවැතිවුවද, ඒ කිසිදු මන්ත‍්‍රීවරයකු අත්අඩංගූවට ගැනීමට ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළේ නැහැ. එතුමා දැන සිටියා විරෝධතාවයක් අතරතූර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ගැවසීම සාමාන්‍ය සිදුවීමක් බව. එහෙත් ඒ පරම සත්‍ය ජේ.ආර්.ගේ බෑණා නොදැන සිටීම ජාතියේ අභාග්‍යයක්. එහෙත් අප මේ රජයේ කවර ජනතා විරෝධි ක‍්‍රියාවක් වුව සන්සුන්ව භාර ගැනීමට සූදානම් නැහැ. මේ රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ප‍්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට එක්ව හිටපු පාර්ලිමේන්තු සෝමවීර චන්ද්‍රසිරි, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සුලෝචන ගමගේ, මහරගම හිටපු නාගරික මන්ත‍්‍රී නිශාන්ත විමලචන්ද්‍ර යන මහත්වරුන්ද අදහස් පළ කළහ.

ගාමිණි සරත් ගූණවර්ධන – මහරගම