අපි පරණ විදිහට වැරදි කරමින් යනවාද ? අපේ අනාගත පරම්පරාවත් ඒ සමග නැති කරගන්නවාද? එහෙම නැත්නම් අපි අද කෙළින් ඉ`දන් මේ වෙනස ඇති කරලා මේ රට දියුණු කරනවාදැයි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය පක්ෂ මහ ලේකම් කබීර් හෂිීම් මහතා අරණායක උස්සාපිටියේදී පැවසීිය.

කබීර් හෂීම් මහතා එසේ  පැවසුයේ රුපියල් ලක්ෂ 300 ක වියදමින් මාවනැල්ල රිවිසඳ ජාතික පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ උත්සවයට එක් වෙමිනි.

එහිදී අමාත්‍ය කබීර් හෂීම් මහතා තවදුරටත් මෙසේද පැවසිීය.
මේ පරිපාලන ගොඩනැගිල්ල සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතාට කියලා මට කෝටි තුනක මුදලක් වෙන් කර ගැනිීමට හැකියාව ලැබුණා. එකක් මතක තියා ගන්න මේවා පැළවෙන මුල් ගල් නොවෙයි. මේවාගේ වැඩ ආරම්භ වුණාට පස්සේ මුදලූත් වෙන් වුණාට පස්සේ තමයි අපි උත්සවයක් ගන්නේ.

දෙවැනි කාරණය තමයි පාසලක තිබෙන ක‍්‍රිීඩාපිටිය මේකත් ශිෂ්‍යයන් එක්ක ඉතා ළඟින් සම්බන්ධ වෙනවා. අපි කල්පනා කළා අරණායක ප‍්‍රදේශයේ තිබෙන එකම ජාතික පාසලක් වශයෙන් මෙහි ක‍්‍රීඩාවට දායක වන වැදගත් කියලා ඒ නිසා අපි මේ ක‍්‍රීඩා පිටිය නවීකරණයට එක්කෝටි දස ලක්ෂයක් වෙන් කර තිබෙනවා.

මම විශේෂයෙන් කියන්න  ඕනෑ සමාජ සාධාරණත්වය ඇති කිරීම වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් සිදු කරගෙන යනවා. මෙතන ඉන්න දෙමව්පියන්ට, ගුරු මහත්වරුන්ට මේ රජය වෙනසක් ඇති කරන්නට බලයට පැමිණියා. වෙනස කියන දේ ඇගට එක පාරම තේරෙන්නේ නැහැ. ඇමෙරිකාවේ හිටපු ඔබාමා ජනාධිපතිවරයා 2008 පළමු වරට ජනාධිපති වෙන්නට තරග කරලා දිනුවාට පස්සේ එ් මහතා පැමිණ ජාතිය අමතලා සිදු කරන පළමු කතාවේදීි කිව්වා මම ජනාධිපතිකම භාර ගන්නේ මේ රටේ වෙනස්කම් ඇති කිරීමට කියලා.

ඒ මහතා ඒ කථාවේ කියනවා පළමු වැනි වසරේ අපි කරන වෙනස ඔබට දැනෙන්නේ නැති වෙයි කියලා. දෙවැනි වසරෙත් අපි ඔබට කරන වෙනස ඔබට දැනෙන්නේ නැති වෙයි. ඔබටත් ටික කාලයක් යනකම් අපි ඇති කරන වෙනස දැනෙන්නේ නැති වෙයි. ඒත් අපි ඒ ව්‍යායාමය ආරම්භ කරලා මේ රට වෙනස් කරන ක‍්‍රියාදාමයට යෙදෙනවා කියලා. ඒ නිසා රජයක් හැටියට වෙනසක් ඇති කිරීම ඉතා ලෙහෙසි දෙයක් නොවෙයි.

අපි පරණ විදිහට වැරදි කරමින් යනවාද ? අපේ අනාගත පරම්පරාවත් ඒ සමග නැති කරගන්නවාද ? එහෙම නැත්නම් අපි අද කෙළින් ඉ`දන් මේ වෙනස ඇති කරලා මේ රටේ ඔබ සියලූ දෙනාට ප‍්‍රතිඵල ලැබෙන ලෙසින් ඉස්සරහාට යනවද යන තීරණය තමයි තියෙන්නේ. ප‍්‍රධාන විනිශ්චයකරුවන් ලෙසත් ඔබ මහජනතාව වශයෙනුත් ඒ සිසු දැරියන්ගේ අනාගතයත් එක්ක හිතන්න ඔනෑ.

අධ්‍යාපනය සැම කෙනෙකුටම අයිති දෙයක්. මෙය සැබෑ කළේ බුදුන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේ තමයි ඒක වචනයෙන් සහ ක‍්‍රියාවෙන් හැමෝටම එය අයිති කරලා දුන්නේ. පරණ කාලේ පැවැති ක‍්‍රමය අනුව අධ්‍යාපනය හෝ වෘතියක් පවා කුලය මත බෙදිලා තිබුණා. ඒ ඒ කුලයට අයිති අය වෘත්තිය කළා. මේ කුල ක‍්‍රමය වෙනස් කරන්නේ බුදුන් වහන්සේයි. උන් වහන්සේ ධර්ම ඥාණය මුල් කර ගනිමින් ඒ කාලේ සැඩොල් කුලයකට අයිති සෝපාක කියන අයට සම අවස්ථා ලබා දුන්නා. එදා පටන් තමයි අධ්‍යාපන අයිතිය හැම කෙනෙකුම උදා වෙන්නේ.

1946 යේ දී මම නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයෙන් නිදහස් අධ්‍යාපනය උරුම කරලා දුන්නා. ජේ.ආර්. ජනාධිපතිවරයාගේ කාලයේ එතුමා පාසල් යන සෑම දරුවකුටම නොමිලේ නිල ඇ`දුම නොමිලේ පාසල් පොත් ඇතුළුව දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන මේ රටේ ක‍්‍රියාත්මක කළා. අද මේ රජය අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අපේ ගරු රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව නිදහස් අධ්‍යාපනය පසුව කරන ලොකුම විප්ලවය අපි ක‍්‍රියාත්මක කරලා තිබෙනවා.

සමහර දෙමාපියන් වුණත් මේ ගැන දන්නේ නැතිව ඇති. මෙ පාසලේ ඉන්න සෑම දරුවකුටම ලංකාවේ පාසල්වලට යන ලක්ෂ 45 ක දරුවන් වෙනුවෙන් අපි ගිය සතියේ සිට උරුම කළා සෞඛ්‍ය රක්ෂණයක් ළමයින් සෙල්ලම් කරනකොට වැටෙනවා, අත කඩා ගන්නවා. ලෙඩ වෙනවා, රෝහල් ගත වෙනවා, පාසල් යන දරුවන් උසස් පෙළ අවසන් වෙනකම් හදිසි අනතුරක් වෙනකම් රෝහල් ගත වෙනකම්ම ඒ වියදම දරන්නේ රජයෙන් කියලා ඔබ දැනුවත් විය යුතුයි. ඒක ඔබට ලොකු සහනයක්ද ? දෙමව්පියන්ට ඒ බර නැති වෙන්නේ නැහැ. අධ්‍යාපන අමා්‍යංශය ක‍්‍රියාත්මක කරන වැඩ සටහන  සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ඔබට සෞඛ්‍ය රක්ෂණයක් මෙ වෙද්දි හිමි වෙලා තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, පළාත් සභා මන්ත‍්‍රී උපුල් ශාමල් බණ්ඩාර, චමිල දිසානායක, අරණායක එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක නිමල් ජයසිංහ මහතාද සහභාගි වූහ.

එස්.වී. බණ්ඩාර කෑගල්ල

Untitled-7