ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට දී ඉකුත් 06 දා පවත්වන ලද විරෝධතාවේ දී කලහකාරී ලෙස හැසිරුණු බවට අත්අඩංගුවට ගත් අයකුට පහරදුන් හම්බන්තොට සහකාර ‍පොලිස් අධිකාරීවරයා සම්බන්ධව මූලික විමර්ශනයක් කිරීම සඳහා ඔහු තාවකාලිකව මාතරට  මාරුකර යැවීමට ඊයේ (12) තීරණය කළ බව ජාතික ‍පොලිස් කොමිසමේ ‍ලේකම් ආරියදාස කුරේ මහතා ‘රිවිර’ට පැවසීය.

හම්බන්තොට සහකාර ‍පොලිස් අධිකාරී තුෂාර දලුවත්ත යන අය සම්බන්ධව මූලික විමර්ශනයක් කිරීම සඳහා ජාතික ‍පොලිස් කොමිසමේ නිලධාරීන් තිදෙනකු එම ප්‍රදේශයට යැවීමට තීරණය කළ බව ද ආරියදාස කුරේ මහතා කීවේය.
මේ සඳහා නිලධාරීන් තිදෙනකු ඊයේ පත්කළ බව ද ‍ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

සාලිය කුමාර ගුණසේකර