පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ‍පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මැතිවරණ කොමිසම, නීතිපතිවරයා සහ කථානායකවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
ඉකුත් දා පාර්ලිමේන්තුවේ සම්මත කළ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනතට එරෙහිව මේ වන විට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

රන්මලී සෝමසිරි