දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරට පත්කිරීමත් සමඟම එම සභාවේ ස්‌වාධීනත්වයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
වෛද්‍ය සභාවේ සාමුහික තීරණයන්ට පටහැනි වන ලෙස කරුණු දැක්‌වීමෙන් වළකින ලෙස එහි සෙසු සාමාජිකත්වය සභාපතිවරයාට දැනුම් දිය යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.
ඊයේ (11 දා) කොළඹ 07 ස්‌ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි රජයේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා එම අදහස්‌ පළ කළේය.