නියමිත අයුරින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම හෝ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම උදෙසා ලබාදී තිබූ දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඊයේ (11) දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එසේ පැවසීය.

මේ සම්බන්ධයෙන් නීතියෙන් වරදකරුවකු කරනු ලබන තැනැත්තකුට දැනට නියම කෙරෙන්නේ රුපියල් දහසක මුදලක් වන අතර එය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

දිල්රුක්ෂි ග්‍රේරු