මුහුදු රළ මගින් බල ශක්ති උත්පාදනය කරලීම පිළිබඳව තමන් සතු අත්දැකීම් සහ තාක්ෂණය ශ‍්‍රී ලංකාවට සැපයීමටත්, ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු රළ බල ශක්ති නිෂ්පාදනය සඳහා සහය ලබා දීමටත් තමන් සූදානම් බව පින්ලන්තයේ ඒ.ඩබ්ලිව්. බලශක්ති ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඞ් මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවසීය.

එලෙසම කර්මාන්ත, නගර සහ ප‍්‍රජාවන් සඳහා කසළ කළමනාකරණය සහ ප‍්‍රතිචක‍්‍රීකරණය පිළිබඳව හසළ අත්දැකීම් ඇති පින්ලන්තයේ ෆෝටම් කසළ විසඳුම් සමාගමේ ප‍්‍රධාන නිලධාරීන් සහ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන ¥ත පිරිස විශේෂ සාකච්ඡුාවක ද නිරත වූහ.

එහිදි හෙල්සින්කි නුවර ෆෝටම් කසළ විසඳුම් සමාගම් පරිශ‍්‍රයේ පැවති මේ සාකච්ඡුාවේ දී නවීන තාක්ෂණය කසළ විසඳුම් සඳහා යොදා ගන්නා ආකාරය සහ කසළ කළමනාකරණයේ නව ප‍්‍රවණතාවන් පිළිබඳව ද කරුණු සාකච්ඡුා කෙරිණි.

ඒ අතර පින්ලන්තය සිය නිදහසේ සිය වන වසර සමරන වකවානුවේ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණීම විශේෂයෙන් අගය කරන බව පැවසූ පින්ලන්ත සමාජ කටයුතු සහ සෞඛ්‍ය ඇමැතිනි පිරක්කො මත්තිලා මහත්මිය, පැවසීය. ඇය එසේ ස`දහන් කළේ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ප‍්‍රධාන ¥ත පිරිස සමග රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට එක් වෙමිනි.

එහිදි රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ පින්ලන්තයට හා ශ‍්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් ඇති බවත්, ඒ ඉතිහාස අත්දැකීම් මත මේ සේවාවන් එලෙසින්ම ඉදිරියට ගෙනයමින්, වත්මන ප‍්‍රවණතාවන්ට සරිලන පරිදි ශක්තිමත් කරලීම සම්බන්ධව අවධානය යොමු කරලීමට කාලය එළැඹ ඇති බවත්ය.

අකිලා නදීශානි බණ්ඩාර