1926 වසරේදී ලොව පුරා පැතිර ගිය අමුතු කතාවක් විය. ඒ එලියනොර් සුගුන් නම් දැරියක ගැනය. එලියනොර් සුගුන්, රොමානියාවේ දහතුන් හැවිරිදි නූගත් ගැමි දැරියක වූවාය.

මල්වර වූ අවදියේ සිටම එලියනොර් අමනුෂ්‍ය ආත්මයක් ආරූඪ වීමේ ලක්ෂණ පෙන්වන්නට වූවාය. වරෙක ඇය තමන් සිටින කාමරය හරහා තම සිරුර වැරෙන් ඒ මේ අත විසි කළාය. ඇතැම් විටක අවට ඇති දෙයක් අතින්වත් නොඅල්ලා ගුවනේ පා කරවන්නට ඇයට හැකි විය. ඇගේ දෙමාපියන් සිතුවේ තම දියණියට දුර ඇති යමක් චලනය කරවීමට හැකි අධි මානසික බලයක් ඇති බවයි.

ඇතැම් විටෙක ඇගේ සිරුරේත් බෙල්ලේත් නියපොතුවලින් සීරූ සලකුණු, දත්වලින් සැපූ තුවාල දකින්නට තිබිණ. මේ තුවාල ඇය විසින්ම සිදු කරගත් ඒවා යැයි ඇගේ පවුලේ අය විශ්වාස කළේ නැත. මේ පිළිබදව සුගුන් පවුලේ වැඩිහිටියෝ ප‍්‍රදේශයේ පූජකවරයෙකුගේ උපදෙස් පැතූහ. පූජකයාගේ උපදෙස් මත එලියනොර් ගොරොවෙයිහි කන්‍යාරාමයට යවන ලද්දීය. එහිදී එලියනොර් වෙනුවෙන් පරිපූර්ණ යාතුකර්මයක් සිදු කළද, ඇය වටා වූ අද්භූත සිදුවීම් නම් නොකඩවාම සිදු විණ.

දිගින් දිගටම තත්වය මෙසේ පැවති හෙයින් කර කියාගත හැකි දෙයක් නැතිකමටම සුගුන් පවුලේ දෙමාපියෝ එලියනොර්ව මානසික රෝහලක් වෙත ගෙනගොස් හැරලූහ.  එලියනොර්ගේ වාසනාවකට ධනවත් ආදිපාදවරියක වූ සොයි වැසිල්කෝ සෙරෙකි නම් කාන්තාවට එලියනොර් ගැන අසන්නට ලැබී තිබිණ. එලියනොර්ගේ අධිමානසික බලය පිළිබඳව අධ්‍යයනය කරන්නට ආදිපාදවරියට වුවමනා විය. ආදිපාදවරිය එලියනොර්ව මානසික රෝහලෙන් මුදා ගෙන තම නිවසට කැඳවාගෙන ගියේ මේ අසාමාන්‍ය දැරියගේ අධිමානසික බලය පිළිබඳව අධ්‍යනය කිරීම වඩාත් පහසු කරගැනීම පිණිසය.

ආදිපාදවරියත් සමග ලන්ඩනයට ගිය එලියනොර් අද්භූත සිදුවීම් පිළිබඳ පර්යේෂණ පවත්වන්නන්ගේ සමාජයන්වල ප‍්‍රධාන පෙළේ පර්යේෂණ නිමිත්තක් බවට පත් වූවාය.

එම පර්යේෂණ සමාජවල සාමාජිකයෝ එලියනොර්ගේ දෑත් දෙපාවල හා ගෙලේ ඇති සීරීම් සලකුණුවල ඡුායාරූප ගත්හ. ඔවුන් සිතුවේ ඒවා ඇය විසින්ම ඇති කරගන්නා ලද කැලැල් බවය. එමෙන්ම ඔවුහු එලියනොර්ගේ අධිමානසික හැකියාවන් පිළිබඳව ආදිපාදවරිය ලැබූ අත්දැකීම්ද පටිගත කරගත්හ. එලියනොර් හා ආදිපාදවරිය පදිංචිව සිටි නිවසේ තිබුණු බරැුති ගෘහ භාණ්ඩ පවා ඉබේම මෙන් කාමර හරහා පාවී ගොස් තිබිණ.

වරක් ආදිපාදවරියගේ අඩි උස සපත්තුවක් ඉබේ විසිවී ගොස් බිත්තියෙහි වැදුණු බවත් මේසය උඩ තිබුණු තීන්ත බෝතලය පාවී ගොස් සාලයේ උන් අමුත්තන්ගේ ඇඳුම් මත තීන්ත ඉහිරවූ බවත් ආදිපාදවරිය ප‍්‍රකාශ කළාය.

එලියනොර් කිසිදා අකුරු ඉගෙන ගෙන නැති දැරියක වුවත් අද්භූත බලවේගය ආවේශ වූ අවස්ථාවන්හිදී ඉතා නිවැරදිව රොමානියානු බස ලිවීමේ හැකියාවක් ඇය වෙතට පැමිණෙයි. කිසිවෙකු විසින් ඇගේ දෑත මෙහෙයවෙන්නාක් මෙන් ඇය ඉතා නිවැරදි ව්‍යාකරණ සහිතව පැහැදිලි අත් අකුරින් ලියන්නට පටන් ගනී. වරක් ඇය මෙසේ ලියූ ලිපියක ආදිපාදවරියගේ පෞද්ගලික ලේකම් විසින් අස්ථානගත කර තිබුණු යතුරු කැරැුල්ලක් තිබෙන තැන ලියා තිබුණි.

මුල් කාලයේදී පර්යේෂකයින් විසින් ආදිපාදවරියගේ මේ ප‍්‍රකාශ සැක සහිතව සැලකූ නමුත් වැඩි කලක් ඒ සැකය රැු`දුණේ නැත. එලියනොර්ගේ මේ අද්භූත හැසිරීම් ඔවුන්ට ඇස්පනාපිටම දැක ගන්නට හැකි විය.

එලියනොර් ‘රොමානියාවේ භූත කෙල්ල’ ලෙසින් ප‍්‍රකට වූවාය.
1926 දෙසැම්බර් 12 වන දින ීමබා්හ ප්සක පුවත්පෙතහි එලියනොර් ගැන පළවූ ලිපියක මෙසේ සඳහන් විය.

‘‘එවෙලේ කණ්ඩායම විද්‍යාගාරය තුළ තේ පානය කරමින් සිටියහ. එලියනොර් තේ කෝප්පය ගෙන ඇගේ මුව ළඟට ගෙන ගියා පමණකි. ඇය වේදනාත්මක විලාපයක් පිට කළාය. ඇගේ ඇඳුමේ අත ඉහළට එසවිණ. ඇගේ බාහුවේ මස්වලටම කා වැදුණු මිනිස් දත් පහරක් දක්නට විය. කිසිවෙකු ඇයව සපා කෑවාක් මෙනි. ටික වෙලාවක් ගත වෙද්දී ඒ කැලල සුදු පැහැයට හැරෙන්නට විය. තවත් මොහොතකදී එය මුළුමනින් අතුරුදන් විය.’’

එලියනොර්ගේ කතාව මාධ්‍ය මගින් පැතිර යත්ම මනෝ චිකිත්සකයින් වෙත ඇයව යොමු කරන්නට බල කෙරිණ. ඒ අතරින් ඇතැමුන් පැවසුවේ එලියනොර් ළාබාල වියේදී මුහුණ දුන් ලිංගික හිංසනයක් අතවරයක් නිසා ඇගේ යටිසිත එයට දක්වන ප‍්‍රතිරෝධයක් වශයෙන් මේ අසාමාන්‍ය හැසිරීම් කෙරේ ඇයව යොමු කරවන බවය.

ආදිපාදවරිය විසින් හිතාමතාම එලියනොර්ගේ සිරුරෙහි සීරීම් කැලැල් ඇති කරවන බවද, එලියනොර්ගේ හිස පීරන මුවාවෙන් ආදිපාදවරිය ඇගේ හිසත් පිටත් තුවාල කරන අයුරු තමා දුටු බවද වරෙක හැන්ස් රොසේන්බුෂ් නම් වෛද්‍යවරයා ප‍්‍රකාශ කොට සිටියේය. ‘‘රොමානියාවේ භූත කෙල්ල’’, එලියනොර් හා ආදිපාදවරිය එකතු වී නිර්මාණය කරන ලද ව්‍යාජයකැයි ඔහු චෝදනා කළේය. ආදිපාදවරිය 1927 වසරේදී ඔහුට එරෙහිව නඩු පැවරුවාය.

පසු කලෙකදී එලියනොර් නැවතත් තමාගේ උපන් බිම වූ රොමානියාවට ගියාය. ඇගේ අද්භූත හැසිරීම් ක‍්‍රමයෙන් නැතිවී ඇය සාමාන්‍ය තත්වයට පත් වූ අතර විවාහ වී සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට වූවාය.

රොමානියාවේ භූත කෙල්ල හෙවත් එලියනොර් සුගුන්ගේ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් ඇය නොපෙනෙන ලෝකයක් පිළිබඳව ඉතිහාසයේ සටහනක් තැබූ බව නම් සැබෑය.

නිම්මි මුදිතා හේරත්

Untitled-18 Untitled-19 Untitled-20