ඔහු සොදුරු මාධ්‍යවේදියෙකි. දුක් වි`දින ජනතා හදවත් ස්පර්ශ කරමින් පත්තර කලාවේ යෙදුණු ඔහු සැමවිටම අයුක්තිය, අසාධාරණය හමුවේ නොබියව සිය පෑන මෙහෙයවූ අපේ කාලයේ සැබෑ වීරයෙක් වූයේය. හිතට එක`ගව මාධ්‍ය කලාවේ යෙදෙන්නට නිදහස නැති වූ විට පත්තර ලොක්කන්ගේ දොරට පයින් ගසා ගෙදර ගිය ඔහු යළිත් අලූත් පත්තරයක් සම`ග ජනතාව අතරට ආවේය. තමා සංස්කරණය කළ පත්තර පිටු හරහා තරුණ පරපුරට නිර්මාණකරණයේ දොරටු විවර කර දුන් ඔහු කවියකු, පුවත්පත් කලාවේදියකු මෙන්ම පරිවර්තකයකු ලෙසද ජනතා හදවත් තුළ ලැගුම් ගත්තේය. ඔහු ලියූිසත්‍යවාදියකුගේ දිනපොත’ නොකියවූ පාඨකයෙකු එකල නොසිටි තරම් විය. එසේම ඔහු පරිවර්තනය කළිහ`ඩනු මැන නිදහස’ කෘතිය තරම් කතාබහට ලක්වූ පරිවර්තන කෘතියක් මෑත කාලයේ නොවූ තරම් විය. ඔහුගේ හෘදයාංගම ලේඛන ශෛලියට පෙම්බැ`දි සුවහසක් තරුණ පිරිස් ඔහුට හදවතින්ම ආදරය කළහ. ඒ අතරින් එක් සො`දුරු තරුණියක් ඔහුගේ විශේෂ ආදරය දිනාගන්නට සමත් වූවාය. ඇයද කිවි`දියකි, ලේඛිකාවකි, පුවත්පත් කලාවේදිනියකි. තමන් ලියූ කවි ඔහුගේ පුවත්පත් පිටුවල පළ වන විට ඇයට සතුටක් දැනිණි. ඔහුගේ ඇල්මබැල්ම, ගුරු හරුකම් ඔස්සේ සිය නිර්මාණ දිවියට ආලෝකයක් එක් කරගන්නට ඇය ආසා කළාය. එහෙත් තමා අප‍්‍රමාණ ලෙස ගරු කළ, ආදරය කළ මේ අපූරු මාධ්‍යවේදියා අනාගතයේ දිනෙක සිය ජීවන සහකරු බවට පත් වනු ඇතැයි ඇය සිතුවේ නැත.

එහෙත්, සිදුවූයේද එයමය. ඇයට සේම තවත් බොහෝ පිරිසකටිආදරණීය සුනිල් අයියා’ වූ සුනිල් මාධව පේ‍්‍රමතිලක නමැති ඒ සුවිශේෂී පුවත්පත් කලාවේදියාගේ පි‍්‍රය බිරි`ද ලෙස ඔහුගේ ජීවිතය හා බැ`දුණු ඇය සිය නිර්මාණ කටයුතු පසෙක ලා ඔහුගේ නිර්මාණ දිවිය රැුකගන්නට කැප වූවාය. මනෝරා ප‍්‍රභාති නම් වන ඇය ඔහුගේ දිවියේ මතක සුව`ද ආවර්ජනයට පසුගිය දිනෙක අප හා එක් වූවාය.

මේ සො`දුරු පුවත්පත් කලාවේදියාගේ බිරි`ද වන්නට තමාට ම`ග පෑදුණු අයුරු අප හා පවසමින් වසර ගණනකට පෙර ගෙවුණු යොවුන් වියේ මතක වෙත ඇය අප ගෙන ගියේ මෙසේය:

ර්‍ණඅපි ඉස්සර ඉ`දන්ම කැමතියි එයා ලියන දේවල් කියවන්න. මම ගෙදර ඉන්න කාලෙත් පත්තරවලට කවි ලිව්වා. ඒ කාලේ සුනිල් අයියා දිවයින පත්තරේ කවි පිටුව කළා. අටවෙනි පිටුවට එහෙම අපි ඒ කාලේ හරි කැමතියි. මමත් අටවෙනි පිටුවට කවි ලිව්වා. ඒ කාලෙ අපි පෞද්ගලිකව හ`දුනන්නෙ නැහැ. නමින් විතරයි දන්නෙ. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යනකොට රාජගිරියෙ නැවතිලා හිටියෙ. එතකොට සුනිල් අයියලගෙ පත්තර කන්තෝරුව තිබුණෙ මම යන එන පාරෙ. ඉතින් මම එතැනින් බැහැලා ඒ පත්තරේ වැඩ කරපු රෝහිත භාෂණ කියන මගෙ යාළුවට කවි එහෙම දීලා යනවා. එහෙම යනකොට සුනිල් අයියවත් දකිනවා. ඉස්සර අපි හරි ආසයි සුනිල් අයියව බලන්න. ඒ කාලෙ කවි ලියන අය එකතුවෙලා සංගමයක් හදාගෙන තිබුණා. ඒකෙ හිටපු චන්ද්‍රකුමාර වික‍්‍රමරත්න දවසක් කිව්වා සුනිල් අයියා කළුතරට එනවා කියලා. මට සුනිල් අයියව බලන්න  ඕන කිව්වාම චන්ද්‍රකුමාර ඇහුවා එක්කගෙන යන්නද කියලා. මම කිව්වා හා කියලා. ඉතින් එදා ගිහින් පොඞ්ඩක් කතා කරලා,  ර්‍ණමම අයියගෙ පිටුවට ලියනවා” කියලා ආවා.

දවසක් පත්තරේ වැඩ කරපු යාළුවො භාෂණලගෙ ගෙදර ගිය වෙලාවක කට්ටිය කියලා තියෙනවා සුනිල් අයියෙ ඔහොම ඉ`දලා බැහැනෙ, කසාදයක් බ`දින්න  ඕන නේද කියලා. එතකොට සුනිල් අයියා කියලා තියෙනවා  ර්‍ණඅර භාෂණ මල්ලි හම්බවෙන්න එන ගෑනු ළමයා වගේ එක්කෙනෙක් හම්බ වුණොත් බ`දිනවා” කියලා. එක දවසක් මම භාෂණ හම්බවෙන්න ගියා. ඒ වෙලාවෙ භාෂණ කෑමට ගිහින් තිබුණු නිසා මම දැන් එයා එනකං ඉන්නවා. එකපාරටම සුනිල් අයියා ආවා. ටිකක් බීලත් හිටියෙ. පොඞ්ඩක් ග`දත් ආවා. එක පාරටම ළ`ගින්  වාඩිවෙලා, පිටටත් එකක් ගහලා ඇහුවා,  ර්‍ණමනෝරා නංගි, අපි දෙන්නා බ`දිමුද?” කියලා. මම ඇහුවා,  ර්‍ණඅපෝ සුනිල් අයියෙ, පිහියෙන් අනිනවා වගේ මොනවද මේ කියන්නෙ?” කියලා. ඊටපස්සෙ  ර්‍ණනෑ, නෑ ඇත්තටමයි මං ඇහුවෙ, චුට්ටක් කතා කරන්න  ඕන ඔයත් එක්ක” කියලා කිව්වා.

මම මොකුත් උත්තරයක් දෙන්නෙ නැතුව ගිහින් මේ ගැන කැම්පස් එකේ යාළුවන්ට කිව්වා. ඒගොල්ලන්ට හරි සතුටුයි. හැමෝම කිව්වා  ර්‍ණකැමති වෙයං, කැමති වෙයං” කියලා. මම මේ ගැන ගෙදරටත් කිව්වා. අක්කලා ඒක අහලා හරි කැමති වුණා. සුනිල් අයියව දැකලා එහෙම නැති වුණාට අක්කලත් එයාට කැමතියි. අපේ තාත්තත් සුනිල් අයියගෙ තාත්තගෙ කවිවලට හරි කැමතියි. තාත්තා ඒ කවි එකතු කරගෙනත් හිටියා. ඉතින් ඔහොම ගිහින් ගිහින් මාස තුනක් වගේ කාලයකින් අපි බැන්දා. ඒ කාලේ අපි ඒ චරිතයට හු`ගක් ආදරෙයි. මට හිතුණා අපි ඒ ආදරය කරපු මනුස්සයව ඇත්තටම ආදරෙන් බලාගන්න දැන් මට පුළුවන්නෙ කියලා.”

ඔහුගේ ජීවිතය වෙනුවෙන් එසේ කැප වූ ඇයට සිතුවාටත් වඩා වැඩි වගකීම් ප‍්‍රමාණයක් දරන්නට සිදු වූ අයුරු ඇය සිහිපත් කරන්නේ උපේක්ෂා සහගත සිනා රැුල්ලක් ද මුව`ගට නගා ගනිමිනි.

ර්‍ණසුනිල් අයියා ඉතාම විශිෂ්ට ගණයේ පුවත්පත් කලාවේදියෙක් කියලයි මම හිතන්නෙ. මම වගේම අනෙක් අයත් එහෙම හිතන බව මම දන්නවා. හැබැයි ඒ පැත්තෙන් විශිෂ්ටයෙක් වුණාට ප‍්‍රායෝගික ජීවිතයෙදි නම් සුනිල් අයියා එච්චර විශිෂ්ටයෙක් නෙමෙයි. තනියෙන් එදිනෙදා ජීවිතයේ වැඩපළ ටික හරියට කරගන්න එයාට  ඕනකමක් හෝ උනන්දුවක් නැහැ. ඒකට තව කවුරු හරි කෙනෙක් ඉන්න  ඕන.

විවාහ වුණා හෝ පවුලක් වුණා කියලා ගෙයක්දොරක් ගන්න එහෙම වුවමනාවක් එයාට තිබුණෙ නැහැ. ඒ හැමදෙයක් ගැනම හිතන්න වුණෙත් මට තමයි. විවාහ වෙලා අම්මලත් එක්ක ටික කාලයක් ඉ`දලා, කාලයක් තිස්සෙ කුලී ගෙවල්වලත් ඉන්නකොට අපට මාධ්‍යවේදී නිවාස සංකීර්ණයෙන් ගෙයක් හම්බ වුණා. ඒකට ඉල්ලූම් කරන්නවත් උනන්දුවක් සුනිල් අයියට තිබුණේ නැහැ. මම ලියුම් දාලා සුනිල් අයියගෙන් බලෙන් අත්සන් අරගෙනයි ගේ ගත්තෙ. ඒකට අත්සන් කරන්නවත් එයා කැමති වුණේ නැහැ.

එයාව බොහොම අමාරුවෙන් කැමති කරවගෙන තමයි ඒ ගේ ගත්තේ. පුද්ගලික ජීවිතේ දේවල් එකතු කරන්න සුනිල් අයියාගේ උනන්දුවක් නැහැ. ඇ`දුමක් පැළ`දුමක් වුණත් හෝදලා මැදලා දුන්නෙ නැත්නං එහෙම අහුවෙච්ච එක තමයි ඇ`දගෙන යන්නෙ.

එක්කො ගෙදරට ඇ`දගෙන ඉන්න එකම ඇ`දගෙන යනවා. ඒ කිසි දෙයක් ගැන එච්චර හිතන්නෙ නැහැ. ගේ වෙනස් කරලා හදපු වෙලාවෙ වුණත් මම තමයි දුවලා පැනලා, බාසුන්නැහැලා හොයාගෙන ඇවිල්ලා හැමදෙයක්ම කළේ. එයා බාසුන්නැහැට මචං කිය කිය ඔහේ ඉන්නවා. ඒ එයාගෙ හැටි. ඒක මට පුරුදුයි. හැබැයි පුතාගෙ වැඩනම් හැමදෙයක්ම වගේ සුනිල් අයියා හොයලා බැලූවා. පුතාට කවලා පොවලා එයාව හො`දට බලාගත්තා. පුතාට ආරක්ෂාව දෙන එකත් හො`දට කළා. එයා කාලයක් රස්සාවකට යන්නෙ නැතුව ගෙදරත් හිටියනෙ. ඒ දවස්වල එයා තමයි පුතාව බලාගත්තෙ. පුතාට එයා හරිම ආදරෙයි.”

පුවත්පත් කලාවේදියකු ලෙස විසල් ප‍්‍රතිරූපයක් හිමි කරගෙන සිටි මේ ආදරණීය මිනිසාට පෙම් කළ යුවතියන් රැුසක් සිටි බවද ඇය පවසයි.

ර්‍ණමම වගේම තවත් ගෑනු ළමයි විශාල පිරිසක් සුනිල් අයියට ආදරේ කළ බව මම දන්නවා. හැබැයි ඒ ගැන මට ඉරිසියාවක් නැහැ. අනික සුනිල් අයියා ඒ වගේ දේවල් මගෙන් හැංගුවෙත් නැහැ. එයා එකක් හිතේ තියාගෙන තවත් එකක් කියන කෙනෙක් නෙවෙයි. ඉස්සර එයාව හම්බවෙන්න නිතර ගෑනු ළමයි එනවා. ඒ වෙලාවට ඒගොල්ලන්ට කතා කර කර ඉන්න ඉඩ ඇරලා මම තේත් හදලා දෙනවා. සමහරු මොන අදහසින් ආවද දන්නෙත් නැහැ. එයා පත්තරේ හිටපු කාලේ එහෙම නිතර හම්බවෙන්න ආපු ගෑනු ළමයි ගැන ගෙදර ඇවිල්ලා මට කියනවා. ඒ කාලෙ බදුල්ල පැත්තෙ ළමයෙක් දොදොල් එහෙම හදාගෙන නිතර ආවලූ සුනිල් අයියව බලලා යන්න.

ඒ ළමයා ගෙනාපු දොදොල් එයා ගෙදර අරන් එනවා. මමත් ඒවා කනවා. කාලයක් ගියාට පස්සේ ඒ සමහර ගෑනු ළමයි කසාද බැන්ද කියලා මෙයාට ලියුම් එවනවා. මම ඒවා එකතු කරලා තියාගෙන ඉන්නවා. එයා ඒ ලියුම් කඩන්නෙත් නැහැ. මම තමයි ඒවා කඩන්නෙත්. එයාගෙ කලින් තිබුණු පේ‍්‍රම සම්බන්ධතා ගැනත් මම දන්නවා. ඒවා ගැන මට ප‍්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම මාව හම්බ වෙන්න කලින් තිබිච්ච ඒවනෙ.

දිවයිනට එහෙම ලියපු ගෑනු ළමයෙකුත් එක්කත් මෙයාගෙ සම්බන්ධයක් තිබුණා. ඒ ළමයගෙ අම්මා නැති වුණු වෙලාවෙ මළගෙදර යමුද කියලා මෙයා මගෙන් ඇහුවා. ඉතින් මම කිව්වා  ර්‍ණමටනං එන්න බැහැ, ඔයා යන්න” කියලා.  ර්‍ණඔයා නැතුව මට යන්නත් බැහැ” කියලා එයත් ඒ මළගෙදර ගියේ නැහැ.”

ඔහුගේ ඒ ආදරණීයබවට මෙන්ම ඔහුගේ නිර්මාණ සියල්ලට ද තමා එදා සේම අදටත් බෙහෙවින් ආදරය කරන බව පවසන ඇය ඒ අතරින් සිය විශේෂ ආදරය දිනාගත් කෘතිය ගැන මෙසේ පවසයි:

ර්‍ණහ`ඩනු මැන නිදහස පොතට මම කියන්න බැරි තරම් ආසයි. ඒක හරි අපූරු පරිවර්තනයක්. ඒ වගේ වෙනත් පරිවර්තනයක් තවම පළ වෙලා නැහැ. ඒකෙ භාෂා රටාව හිතට වදිනවා. ව්‍යාකරණ දෝෂත් නැහැ. ඒ වගේම මහා පුදුමාකාර තරම් විදිහට සරලවනෙ ඒක ලියලා තියෙන්නෙ. ඒ සරල බව නිසාම ඒ කතාවේ ඉන්න බිකෝලා එහෙමපිටින්ම අපි ඇතුළට ආවා. ඒ පරිසරය ඇතුළට ගිහිල්ලා අපි රසවි`දින්නෙ. ඒ වේදනාවල් ඔක්කොම අපට දැනෙනවා. ඒක ඒ ලිවිල්ලේ දක්ෂකම.”

මේ සො`දුරු මිනිසා සම`ග ගත ගත කළ කාලය තුළ අත්වි`දින්නට ලැබුණු රසවත් සිදුවීම් ගැනත් ඇය මෙසේ සිහිපත් කරයි:

ර්‍ණඅපි විවාහ වුණාට පස්සෙ කවුරු හරි කෙනෙක් අපට මධුසමය ගත කරන්න හුන්නස් ෆෝල්ස් කියන හෝටලය ලෑස්ති කරලා තිබුණා. ඒිහිරු’ පත්තරේ පටන්ගන්න කාලෙ. කැට ව්‍යාපාරයක් පටන් අරගෙන තිබුණා. එදා මධුසමය ගත කරන්න යන අතරෙ සාරිය ඇ`දගෙන මමත් තෙල්දෙණිය ටවුන් එකේ කැට විකුණමින් හවස් වෙනකම් බස් ස්ටෑන්ඞ් එකේ හිටියා. ඔය වගේ තව හරි රසවත් දේවල් තියෙනවා.

ආ, ඔන්න තවත් දවසක් මරු වැඩක් වෙලා තියෙනවා. සුනිල් අයිය  ඕන කෙනෙකුට කතා කරන්නෙ මචං කියලනෙ. දවසක් කැලණි කැම්පස් එකේ හාමුදුරු කෙනෙක් කතා කරලා  ර්‍මේ සුනිල් මාධව අයියද?” කියලා මෙයාගෙන් අහලා තියෙනවා. ඉතින් මෙයා  ර්‍ඔව් මචං” කියලා කිව්වලූ.  ර්‍මම මේ සංගමයක වැඩකට කතා කළේ” කිව්වම හරි මචං” කියලා කිව්වලූ.  ර්‍මම අහවල් හාමුදුරුවො කතා කරන්නෙ” කිව්වාම මෙයා කිව්වලූ  අනේ සමාවෙන්න හාමුදුරුවනේ” කියලා. හැබැයි ටිකක් වෙලා යනකොට ආයිමත් හාමුදුරුවන්ට  ර්‍ඔව් බං”  ර්‍නෑ බං” කියලා කියන්න පටන්ගත්තලූ.”

අජිත් නිශාන්ත
ajith_vithana@yahoo.com

Untitled-16 Untitled-15 Untitled-14 Untitled-13