ලංකාවට නවීනතම තාක්ෂණය සහිතව ස්වභාවික ද්‍රව වායුව හඳුන්වා දීමට ඉන්දියානු තෙල් සමාගමේ IOC මව් සමාගම වන පෙට්‍රෝ නෙට් එල්. එන් .ජී. ලිමිටඞ් සූදානම් බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රභාත් සිං මහතා එරට සංචාරයක නිරත මාධ්‍ය ආයතන දාහතක ප‍්‍රවෘත්ති සංස්කාරකවරුන් හා නියෝජ්‍ය කර්තෘවරුන් සමග පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී අනාවරණය කළේය.

ශ‍්‍රී ලංකාව තුළ දැනට භාවිත වන ද්‍රව පෙට්‍රෝලියම් වායුවLPG වෙනුවට ස්වභාවික ද්‍රව වායු තාක්‍ෂණය LNG සමග නව පර්යන්තයක් හඳුන්වා දීමට ශ‍්‍රී ලංකා රජය සමග සාකච්ඡුා කළ බවද මෙහිදී අනාවරණය විය.

ඉන්දියානු රජය මේ වනවිට මෙම සමාගම සමග එක්වී ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නළ පද්ධති ඔස්සේ ගෘහස්ථ පරිභෝජනයට මෙම ද්‍රව වායුව සපයා දෙමින් එය මහජන පරිභෝජනයට එක්කර ගැනීමට කටයුතු යොදා ඇත්තේය. ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඉහළ වගකීමක් සහිතව මෙම ද්‍රව වායුව නාගරික පරිභෝජනය සඳහා හඳුන්වා දී ඇත්තේය. මීට අමතරව කේරලයේ බස් රථ, දුම්රිය ඇතුළු බර වාහන ද ද්‍රව වායුව යොදා ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු ද මේ වනවිට අත්හදා බලා තිබෙන්නේය.

මෙරටට ස්වභාවික ද්‍රව ගෑස් හඳුන්වා දීමේදී කොළඹ වරාය ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශයක නැංගුරම්ලන නෞකාවක සිට ගෑස් සපයන අංගණය ඉදිකිරීමට අවධානය යොමුව තිබෙන්නේය. ඉදිරි දෙවසර තුළ ශ‍්‍රී ලංකාව තුළ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට පෙට්‍රෝ නෙට් එල්. එන්. ජී. ලිමිටඞ් බලාපොරොත්තු වෙයි.

ලෝකයේ හතරවැනි එල්.එන්.ජී. ගෑස් ආනයනකරු වන මෙම සමාගම යටතේ ඉන්දියානු තෙල් සමාගමද IOC පාලනය වන්නේය. ඉන්දියාවේ අයි. ඕ.සී. ඉන්ධන හල් විසිදහසක් තිබෙන අතර ඉන් හයදහසක්ම ස්වභාවික බලශක්තිය මගින් විදුලිය උත්පාදනය කරන ඒවාය. පෙට්‍රෝ නෙට් එල්. එන්. ජී. ලිමිටඞ් ආයතනය යටතේ ලංකාව තුළ අයි. ඕ.සී. ඉන්ධන පිරවුම්හල් දෙසීය දෙකක් පවත්වාගෙන යන්නේය.

ලෝකයේ දහසය වැනියට විශාල ගෑස් පරිභෝජනය ඇති ඉන්දියාව තුළ පමණක් නොව බංගලිදේශය, අන්දමන් ¥පත්, නිකෝබාර් හා මොරිසස් යන විදේශ රටවලද ස්වභාවික ද්‍රව වායුව සපයන ප‍්‍රධානම සැපයුම්කරු වන පෙට්‍රෝ නෙට් එල්. එන්. ජී. ආයතනය ශ‍්‍රී ලංකාවටද බලාගාර හා වාහන ධාවනය සඳහා මෙය හඳුන්වා  දීමට නියමිතව ඇත. ගෑස් කර්මාන්තය ආශ‍්‍රිත ඉදිකිරීම්, නියමිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුහුණුව හා ශ‍්‍රම බලකාය වැඩිදියුණු කිරීමටද නව ආයෝජකයන් හරහා මෙම ආයතනය බලාපොරොත්තු වන්නේය.

මීතේන් වායුව ඇතුළු ස්වභාවික වායු වර්ගවල සංකලනයක් ලෙස නළ මාර්ග ඔස්සේ ඉදිරියේදී ද්‍රව ස්වභාවික වායුව ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කිරීම පෙට්‍රෝ නෙට් එල්. එන්. ජී. ලිමිටඞ්හි බලාපොරොත්තුවයි.

තම සමාගම දැනටමත් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඇතුළු‍ ශ‍්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමග සාකච්ඡුා කර ඇති බවත් ඉදිරියේදී ද්‍රව වායු ශ‍්‍රී ලංකා පාරිභෝගිකයා වෙත නළ මාර්ග ඔස්සේ ලබා දීමට අවශ්‍ය ක‍්‍රියාවලිය සකස්කරමින් පවතින බවත් අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් ඊට වැයවන බවත් ප‍්‍රභාත් සිං මහතා වැඩිදුරටත් පැවසීය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
ඉන්දියා සංචාරයකින් පසු
tissaravindra@gmail.com

Untitled-6 Untitled-7