කලා නිර්මාණයක් බිහිවන්නේ සචේතනික මානව මැදිහත් වීමක් නිසාවෙනි. එදිනෙදා අප දකින පණ ඇති, පණ නැති දහසක් නිසල රූප ඇතත් අප තුළ කලාත්මක වින්දනයක් නිපදවන්නේ සිතා මතා සකස් කළ නිශ්චල ඡුායා රූපයයි. චලන රූප දහස් ගණනකින් සැදුණු ලෝකයක් අප අවට ඇතත්, එකී රූපයන් හි චලන සිතා මතා වියමනක ගෙත්තම් කිරීමට කරනු ලබන මානව මැදිහත් වීම සිනමාවතුළ හමුවේ.

මාලක දේවප‍්‍රියගේ ඔ්‍යෑ ඹභෘෑක්‍ෂෘෑෘ (බහුචිතවාදියා* සිනමා නිර්මාණය පේ‍්‍රක්ෂකයෙකු ලෙස මට අපූර්ව කලාත්මක වින්දනයක් ගෙන එනුයේ ඉහත කී මානව මැදිහත් වීමෙහි ලා මාලක විශද කළ ප‍්‍රතිභාව, සංයමය සහ ඖචිතයය නිසාම පමණක් නොවේ. තමාම තිරනාටක රචක හා අධ්‍යක්ෂක වන සිනමා නිර්මාණය සඳහා රූපයෙන් අඛා්‍යානයක් ගොඩනැඟීමෙහිලා සිය කැමරා අධ්‍යක්ෂ, ආලෝක ශිල්පියා සහ සංස්කරණ ශිල්පියා සමඟ අත්වැල් බැඳ ගමන් ගත් සාමූහික ගමනද ඊට හේතුවක් වී ඇත.

මෙම ලිපිය කියවන ඔබත් මමත් මේ නාගරික ජීවන රටාව තුළ මේ මොහොතේ ද හැල්මේ දුවන්නෙමු. මෙසේ හැල්මේ  දුවන අප වෙසෙන සමාජයත් එහි ඇති කඩි කුලප්පුවත් නොනසා එ් අයුරින්ම රූප රාමුවකට ගොනු කර ගැනීමටත්, එම වේග රිද්මය නොනැසෙන ලෙස රූප රාමු පිරිද්දීමටත් මාලක දක්වා ඇති බුහුටි බවකිි.

රැුකියා විරහිත තරුණයින්ගේ අහඹු නියැදියක් වූ මේ භද්‍ර යෞවනයා ජව බලැති වානේ තුරෙ`ගකු මත නැඟුන මහා නගරයක වීදී සරමින් එක් එක් කුටුම්භ තුලට හිස පොවන අයුරු අපට පෙනේ. විදේශයන්හි වෙසෙන නෑසියන් ලංකාවට එවන තෑගි බෙදා හැරීම ඔහුගේ රැුකියාවයි.එක් අතකින් පරිගණක තිරයෙන් මතුවන විදේශීය කාන්තා ශ‍්‍රමිකයින් ආදර කතා බහක පටලවා ගෙන ඔවුන් හරහා විදේශ ගත වීමට කරන වෑයමද විදේශගත සැමියන් එවන තෑගි හුදකලා තරුණ අඹුවන්ට, සොයුරියන්ට , ඥතීන්ට බෙදන අතරේ ඔවුගේ ඇෙඟ් එල්ලී ගොඩ යාමට දරනතවත් සටනකි. කෙනෙකුට ඇදහිය නොහැකි තරම් ආදර සබඳතා රැුසක් එක මොහොතක ගොඩනඟා ගැනීමෙන් ද, එකිනෙක නොගැටෙන ලෙස එ්වා කළමනාකරණය කර ගැනීමට ඔහු දරන වෑයම බිඳ වැටීමෙන් ද ඔහුම  පැටලෙයි. එහෙත් මේ චරිතය ගොඩනැඟීමේ දී අධ්‍යක්ෂ වරයා විශද කරන මානව දයාව ප‍්‍රශංසනීය වේ. තමාට එරෙහි වන කිසිදු බලවේගයක් කායික හිංසනයෙන් නොපෙළඹෙන මේ මානවකයා කෙරෙහි පේ‍්‍රක්ෂකයා තුළ උපදින්නේ අනුකම්පාවකි. තම ප‍්‍රථම පෙම්වතිය ඇයගේ නව පෙම්වතා සී.අයි.ඞී. එකේ ලොක්කෙක් යැයි කියා සසිතව පොලීසියට අල්ලා දෙනවා යැයි තර්ජනය කරන මෙහොතේ පවා ඔහු පෙරළා පහර දෙන්නේ වාග් ප‍්‍රහාරයෙන් පමණි.

ඇතැම් තැනක ඔහු පරිගණක තිරයේ මුණ ගැසෙන තරුණියකගේ ලැම පෙදෙස ඇසින් වැලඳ ගනිමින් ආදරයට පාත‍්‍ර වන ගැහැණිය එහා අන්තයේසිට තිරය මත ඊට අනුබල දීමත් හරහාලංකාව කෙතෙක් දුරට යෞවන අපේක්ෂා භංග කොට තිබේ ද?‘‘මට නං ලංකාව අරෙන්න  ඕන තැනක්. ඉන්දියාව උනත් කමක් නෑ’’. පේ‍්‍රක්ෂක සිනහව එ් මොහොතේ උත්සන්න උවද, සැබැවින්ම එ් මොහොත ජාතියක් වශයෙන් හඬා වැටෙන්නට කරන හැඟවුමක් නොවන්නේද?

මෑත කාලීනව අප නැරඹූ බොහෝ සිනමා කෘති වලට පොදු ලක්ෂණයක් වූයේ සීමීත දර්ශන තල කිහිපයක් භාවිතා කරමින් පුරුදු රූප රාමු නිතර නෙත ගැටීමෙන් වෙහෙස පේ‍්‍රක්ෂකයා වෙතට ලබා දීමයි. එ් හැම පසුබිමක් ම එහි ප‍්‍රතිබිම්බිත මොහොත මෙන්ම සමස්ත කෘතිය ඇයද සිටින රිද්මය හා ප‍්‍රමිතිය සමඟ ද එක්ව යමින් ඖචිතයය රකිමින් එකිනෙක ගැලපීමවිශේෂයෙන් සඳහන් කළ යුතු ප‍්‍රතිභාවකි. සුපිරි මහල් නිවසක ඉහළම තලයට සෝපානයෙන් ගමන් කොට, එහි නිවැසි සරාගී බිරිඳක හා මෙවුන්දමෙහි යෙදෙන ඊළඟ මෙහොතේ සිටිනුයේ ගුප්ත, ගූඪ ගෘහ නිර්මාණ අංග පසුබිම් වුන මහලූ මිනිසෙකු වසන නිවසක අඳුරු බරාඳයේය. ඊළඟ මෙහොතේ අප දකිනුයේ පහළ මධ්‍යම පාන්තික ගරා වැටුණු තට්ටු නිවාසයක, අත්හළ කොරිඩෝරයක කැඩුණු ජනෙල් රාමු පසුබිමේ ගඩොල් මතු වූ බිත්ති වලට පිටු පා තම මිතුරා සමඟ බිම දිග ඇදී සැර මත් දුමක් උරමින් සිටිද්දීය. තවත් විටක අවිවාහක මැදි වියේ පසුවන රූපත් බවේ නොමැකුණු ලකුණු ඇති අයිරාංගනීගේ ප‍්‍රභූ නිවසේ ගෘහ භාණ්ඩ සහිත විසිත්ත කාමරයේ අපට මුණ ගැසේ. අඳුරු අවන්හලේදී මදු විත තොල ගාන දසුන කැපී යන්නේ පිටිසර ගැමි නිවසක කෑම කාමරයකට සහ ඉන් ඔබ්බේ ඇති බැදි අකුලකටත්ය.තම මිතුරාගේ බිරිඳ සමඟ බිම කලාලයක් මත වැතිර සිටිය දී මිතුරා සසිත ගේ සොයුරිය සමඟින් අඳුරු බිම් ගෙයක බිත්තියකට හේත්තු වී ආදරය සොයයි. සසිතත්, මිතුරාත් ඔහුගේ ගුබ්බෑයමේ වැතිර සිහින මවති. සසිත ගේ පළමු පෙම්වතිය තමාට අහිමි වූ ලොව සොයන්නේ පැරණි වාමාංශිකයෙකු වූ සසිතගේ හාම්පුතාගේ වාහනයේ ආසනයක් මතයි.

මේ අයුරින් ළඟ ළඟ කැපී යන දර්ශන තල යා කිරීම හරහා අධ්‍යක්ෂවරයා වත්මන් නාගරික ප‍්‍රජාව තුළ නලියන වේගය තේමාවට උචිත අයුරින්ම උචිත රිද්මයෙන් පවත්වා ගෙන යාමට සමත් වීම තම ප‍්‍රථම සිනමා කෘතියෙන් ලැබූ විශිෂ්ට ප‍්‍රකාශනයක්බව කිව යුතුය. ඇතැම් තරුණ සිනමා කරුවන් ඔවුන්ගේ නිර්මාණ හරහා රූපරාමුවල ලැග ගෙන, සමස්ත කෘතියට අනුචිත රිද්මයක් පවත්වා ගෙන යමින් විදහා පාන නිරුවත හා සැසඳීමේ දී මාලකගේ රිද්ම රක්ෂන කෞශල්‍යය  ප‍්‍රශස්ත බව සඳහන් කරමි.

මහල් නිවාස සංකීර්ණයක වහළ සේ ගැනෙන බිම් තට්ටුව පුරා සසිත එක් මොහොතක විකාර ගීත කණ්ඩයක් ගයමින්, විප‍්‍රකාර නැටුමක යෙදෙමින් කරන රංගය විකාර රූපී අවස්ථාවක් ලෙස හද බැඳ ගනී. එවන් විප‍්‍රකාර නැටුමක් වත් නොනටා අපේ පරපුරේ තරුණයින් දිවි නසා නොගෙන මේ මොහොත කෙසේ පළවා හරින්න ද? තම රූප රාමුවේ සිටින නලූවන් දෙදෙනා, තිදෙනා හෝ නම් ඈතට සිව්දෙනා රූපය තුළ සමබර රටාවකට පිහිටුවමින්, රූප රාමුවේ සමබරතාව ගොඩනඟා ගනිමින් ඔවුන් ලවා අවැසි දෙබස් උචිත ලයකින් මතු කරවා ගැනීම සංයමයන් කළ අභ්‍යාසයකිි.පාත‍්‍ර නළු නිළියන්ගේ ආවේගකාරී හැසිරීම් කැමරාවට හසුකරවා ගැනීමේ දී ආවේගයට යට නොවී උචිත වේගය සහ රිද්මය පවත්වා ගෙන කැමරාවෙන් ග‍්‍රහණය කිරීම, මාලකත් කැමරා අධ්‍යක්ෂ වරයාත් සමාන්තර රේල් පීලී දෙකක එක රිද්මයට ගමන් කිරීමක් වැනිය.

පළමු පෙම්වතිය සමඟ කොල්ලූපිටිය හන්දියේ දී කරන අරගලය, මැදපෙරදිග තරුණියන් දෙදෙනෙකුට මැදිව බස් රථයෙන් බැස තිඹිරිගස් යාය හතර මං හන්දිය තරණය කරන දර්ශනය, අයිරාංගනීගේ නිවසේ නිදන ඇඳ මත දෙදෙනා අතර ඇති වන ගැටුම වැනි දර්ශන රූප ගත කර ඇති අයුරු කෘතහස්ත අධ්‍යක්ෂවරයෙකුගේ ප‍්‍රතිභාව පළ කරයි. මෙම චිත‍්‍රපටයේ එක් රූප රාමුවක් තත්පර 30 කට වැඩි වාරයක් තිබුණේ නම්, එ් නිදි යහනේ දර්ශනයයි. එහිදී ඉක්මන් ෙඡ්දනයකට නොගොස් සසිතගේ වියරුව එ් අයුරින් සාපේක්ෂව වැඩි වේලාවක් අපට පෙන්වීම මඟින් මේ සියලූ අලකලංචි වලින් වෙහෙසට පත් සසිත ගේ ඉසුඹුලෑමත්, බොහෝ වේලාවක් ඔහුගේ වේගයෙන්ම ඔහු හඹා ගිය පේ‍්‍රක්ෂකයින්ට මද විශ‍්‍රාමයක් දීමත් අරමුණු කළා වැනිය.

මේ චිත‍්‍රපටය තුල දේශපාලනය කතා කරයි. එ් චිත‍්‍රපට භාෂාවෙනි. කලාව සුවිශේෂ මානව පරිහරණ භාණ්ඩයක් වන්නේ එය, එකී අවශයතාව එ් අයුරින් පූරණය කරන හෙයිනි.

මාලකගේ සිනමා කෘතිය ගැන අධ්‍යයනකාමී අභ්‍යාසයක් පෙරටු කරගෙන විවරණයක යෙදෙන්නේ නම් මීට වඩා විශාල ලේඛන අවකාශයක් ලබා දිය යුතු වුවත්, මට සැබැවින්ම අවැසි වූයේ ඔහුට සුබ පැතීමටයි.

ඊ.එම්.ඞී උපාලි

Untitled-9 Untitled-10