ඉදිකිරීම් කර්මාන්තයේ කම්කරු කොන්ත‍්‍රාත්, ද්‍රව්‍ය සැපයුම් කොන්ත‍්‍රාත්, ඉදිකිරීම් කොන්ත‍්‍රාත්, වෘත්තීය සේවා කොන්ත‍්‍රාත් නිවැරදිව සකස් කරන ලද ගිවිසුමක් අනුව කිරීම සියලූම පාර්ශ්වවලට වාසිදායකය. එමගින් අවදානම අවම කර ගත හැකියි.

එසේම එයින් වංචාසහගත ක‍්‍රියාවලට නීතියෙන් වැට බැෙ`දනවා. ගිවිසුම උල්ලංඝනය කරන්නේ නම් වැරදිකරුවන්ට දඩ ගෙවීමට  සිදු වේ. එනිසා ගිවිසුම් ගතවීමේදී විෂය අවබෝධය සහිත පවුලේ ඉංජිනේරුවරයාගේ උපදෙස් අනුව වගන්ති නිවැරදිව සකස්කර ගැනීම වඩාත් යෝග්‍යයි.

අපේ රටේ බොහෝ වෙහෙර විහාරවලට, දේවාලවලට සමහර ඉස්කෝලවලට පොදු වැඩවලට ගමේ නාන ළිඳට මිනිස්සු ඉඩකඩම් දුන්නේ අතපැන් වක්කරමින්. එහෙමත් නැත්නම්  ඕං ගනිල්ලා කියලා කටින් කියලා. හැබැයි ඒ මිනිස්සු කවදාවත් ඒ දුන්න දේවල් ඉල්ලා රණ්ඩුසරුවල් නොකළහ. ඒ විතරක් නෙමෙයි අදත් අපේ රටේ ජීවත්වෙන වැඩිහිටි අම්මලා, තාත්තලා ඉන්නවා පොතක ලියලා අත්සන් කරලා විවාහ නොවූ අය. හැබැයි හො`දට පවුල් කනවා ඉතාම සතුටින් ජීවත් වෙනවා හො`ද ¥දරුවෝ හදලා රටට දැයට දී තිබේ. මේ විදියට ඉඩකඩම් පැවරීම, ආවහවිවාහ කරගෑනීම්වලදී රෝම ලන්දේසි නීීතියෙන් ඔබ්බට ගිය ඉංග‍්‍රීසි නීතියෙන් ඔබ්බට ගිය ආචාර ධර්ම පද්ධතියක් මතයි වැඩ කළේ්. ඒ ආචාරධර්ම පද්ධතිය තුළ ජීවත් වෙන කොට මිනිස්සුන්ට හික්මීම තිබුණි.  සමාජ සම්බන්දතා මගින් ගැටුම් නිරාකරණය විය.

ඉස්සර අපේ රටේ හැමෝටම වගේ තමන්ගේ තරමට ගෙයක් දොරක් හදා ගන්න ඥානය තිබුණි. වැඩකරලා ප‍්‍රගුණ කර ගත්ත හැකියාවක් විය. අඩු තරමේ හැමෝම වගේ හේනට ගියාම කුඹුරට ගියාම ඉන්න පැලක් හදාගත්තෙ තනියම. බොහෝවිට මෙවැනි පැලක් හදාගන්න ශ‍්‍රමය යෙදුවේ ඒ ගොවියා සහ ගෙවිලිය පමණයි. ඔවුන්ට ඒක කජු කනවා වගේ වැඩකි. ඒ පැලට මැස්සක් හදාගන්න කෙනෙක් කුලියට ගෙනාවේ නැත. තම තමන්මයි කර ගත්තේ. මෙකී පරිචයයි මිනිස්සු තමන්ගේ ගේ හදද්දී යොදා ගත්තේ. බර ලීයක් ඔසවන්න සමහර වෙලාවට කීපදෙනෙක් අවශ්‍ය වෙන්න පුළුවන්. වහලය සෙවිල්ලන්න, වහලය හදන්න තනියම නොහැකිය. ඒකට ගමේ මිනිස්සු උදව් කළහ. කුලියකට නෙමෙයි. තමන්ගේ ඒකාට ජීවිතය පටන් ගන්න උදව් කරන්න. ඒ වැඩකරලා කයියක් බතක් කාලා ?බෝ වෙලා තමයි වැඬේ නවත්වන්නේ. ඒ තරම් උදව්පදව් කරන්න අපේ මිනිස්සු පෙලඹිලා සිටියහ.

ඉතිං දැන් කාලය ගෙවී තිබේ. අපි කාලය මැවූ වෙනසක අරුමේ අමිහිරි ලෙස බුක්ති වි`දිමු. මිනිසුන් මූලික ආචාරධර්මවලින් ඈත් වෙලා. ඒවා කෙරෙහි අවධානය යොමු කළත් යල් පැනපු අය තරමට සමාජය වෙනස් වී තිිබේ.. මිනිස්සුන්ගේ සාමුහිකකම මනුස්සකම බල්ලටම ගොස්ය. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට ගෙයක් දොරක් තනියම හදාගන්නවා කියන දේ හිතාගන්නවත් බැරිතරමට දුරස් කෙරුණකි. ගෙයක් පිළිබඳ සාමාන්‍ය දැනුම අවබෝධය මිනිස්සුන්ගෙන් ගිලිහීය. වෘත්තිකයන් දන්නේ තමන්ගේ විෂය ගැන පමණි. වෛද්‍යවරයෙක් ගෙදරක් ගැන නොදනී. නීතිඥයෙක් ගෙදරක් ගැන දන්නේ නෑ. බොහෝ වෙලාවට ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ නැති ඉංජිනේරුවෝ පවා ගෙදරක් ගැන නොදනී. බැංකුකරුවන්, කලාකරුවන් , ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු ගෙදරක් පිළිබඳව නොදනිති. අඩු තරමේ තමන්ගේ වැඩිහිටි පරම්පරාවල අයට තිබ්බ දැනුමෙන් කොටසක්වත් ඔවුන්ට නොමැත. අනෙක් උදවියගේත් ගෙදරක් පිළිබඳව තිබෙන දැනුමත් සතුටු දායක නැත. වාස්තු විද්‍යාඥයින් දන්නෙත් ගෙයක් ලස්සනට අ`දින්න පමණයි. නමුත් ඒ ගෙදර සුවදායක කරගන්න දන්නේ නැත.

ඒක හින්ද අප හැම දෙනාටම අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා තම තමන්ගේ ගෙදර දොර හදන්න අනෙක් අයගේ සහයෝගය ගන්න. උපදෙස් ගන්න, ද්‍රව්‍ය ගන්න, ශ‍්‍රමය ගන්න. ඉස්සර මිනිස්සු නිකන් උදව්පදව් කළාට අද සමාජයේ හැදිලා තියෙන විදියට නිකන් කරන්නේ නැත. ඒ වෙනුවට මුදල් ගෙවන්න  ඕනෑ. අනෙක් පැත්තෙන් ගෙවන මුදලට සාධාරණ පරිදි කාර්යය සිද්ධ වෙන්න  ඕනෑ. වැඬේ ඉවර කළාම ගෙවයිද ? ගෙවන ගාණට වැඬේ කරයි ද ?  ආදී දෙපාර්ශ්වය තුළම ඇති වෙන ගැටලූවලට සාධාරණය ඉෂ්ට වෙන්න  ඕනෑ. අන්න ඒක හින්දයි අද වෙන කොට නිවාස දේපළ අලවිය, මිලදී ගැනීම මෙන්ම ඉදිකිරීම් කොන්ත‍්‍රාත් කටයුතුවලදීත් යම් නීතිරෙගුලාසි යටතේ කළ යුතු වන්නේ. සිවිල්, අපරාධ නඩු සේම වාණිජ නඩුත් උසාවිවල පිරිලා. වාණිජ නඩු පන්දාහකටත් වැඩියි කියලා තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. ඒක හින්දම ලංකාව වර්ගීකරණයේ අසූපස් වෙනි ස්ථානය දක්වා පල්ලම් බැහැලා.

අප සුව පහසු නිවසක ජීවත්වෙනවා කියන කාරණයේ දී මුලින්ම කරන දේ තමයි සුදුසු ඉඩමක් ලබාගැනීම. ඒක මිලදී ගැනීමක් වෙන්න පුළුවන්, තැගී ලැබීමක් වෙන්න පුළුවන්.  ඒ කෙසේ වෙතත් ඔබ ඉඩම ලබාගත යුතුවන්නේ ඉඩමේ නිවැරදි නීත්‍යනුකූල අයිතිකරුගෙන්. නොඑසේ නම් ඔබ නීතිය ඉස්සරහ අසරණ විය හැක. ඔබ ඉඩමක් මිලදී ගැනීමේ සාධක අතර මෙය  ප‍්‍රමුඛ කරුණකි.

ඊළඟ පියවරක් තමයි නිවාස සැලසුමක් සකස් කර ගැනීම. ඒ සම්බන්ධයෙන් පවුලේ ඉංජිනේරුවරයාගේ වගේම වෙනත් අයකුගේ සේවය ලබා ගන්න. එහෙත් එ් පිළිබඳ ඇතිවන පුර්ව එකඟතාව වැදගත්. එය ගිවිසුමක් ලෙස සකස් කරගත හැකිය. එම ගිවිසුමේ අන්තර්ගත කරුණු අසබ අසබ විදියට විසඳා ගන්න බැලීමයි ගිවිසුමක මූලික මුලධර්මය. නැතිව ගේම් ගහන එක නෙමෙයි. දෙපාර්ශ්වයටම සමාන ප‍්‍රතිලාභ තිබිය යුතුයි.

නිවාස සැලසුමෙන් පසුව ඉදිකිරීම ස`දහා කොන්ත‍්‍රාත්කරුවකු සොයා ගන්න  ඕනෑ. සමහරු මේ ස`දහා ටෙන්ඩර් කරනවා. තවත් අය තමන් දන්න කියන කෙනකුට වැඬේ භාර දෙති. නිවාස සිහිනයේ වැඩිම වියදමක් යන්නේ මේ කටයුත්තට. ඒ  නිසා මෙහි මූලික එකඟතාවයේ, ගිවිසුමේ කටයුතු ඉදිකිරීම පිළිබඳව දැනුමක් තියෙන පවුලේ ඉංජිනේරුවරයා මගින් කර ගැනීම වඩා සුදුසු වන්නේ. ඉන් පසු තමා නීතිමය ගිවිසුමක් දක්වා එම ලියවිල්ල වර්ධනය කළ යුතුය. ලියවිල්ලේ අන්තර්ගතය නිවැරදිව සකස් කළ හැකි වන්නේ ඉංජිනේරුවරයාට පමණයි. ඒ ස`දහා ඔහු ජාතික හෝ ජාත්‍යන්තර හෝ ප‍්‍රමිතිගත ලේඛන උපකාර කරගනු ඇත. කොන්ත‍්‍රාත්කරුගේ නිශ්චිත කාර්යයභාරය කුමක්ද ? අයිතිකරු මුදල් ගෙවනවාට අමතරව කළ යුතු කාර්යය කුමක් ද? නිවාස සැලසුම්කරු සමග කොන්ත‍්‍රාත්කරු සම්බන්ධීකරණය කරන්නේ කෙසේද ?

උපදේශක ඉංජිනේරු : ඞී.එම්.එන්.ඒ. දිසානායක gtobhome@sltnet.lk
උපදේශක ඉංජිනේරු ඞී.එම්.එන්.ඒ. දිසානායක gtobhome@sltnet.lk

එකිනෙකාගේ වෙනස් වගකීම් මොනවාද? ආදී කරුණු මෙම ගිවිසුම්වල මූලික ලේඛනවලට ඇතුළත් කළ යුතුවේ. කොන්ත‍්‍රාත්තුවේ මූල්‍ය වටිනාකම, ව්‍යාපෘතිය ආරම්භ කරන අවසන් කරන දින මෙන්ම ගැටලූවක් මතුවන අවස්ථාවකදී බේරුම්කරණය කර ගන්නා ආකාරයත් රටේ කුමන නීතිය අනුව ගිවිසුම්ගත වෙන්නේද යන්නත් ස`දහන් කිරීම වඩාත් උචිත වේ.

සමහර අවස්ථාවලදී අයිතිකරු ද්‍රව්‍ය සපයන අතර කොන්ත‍්‍රාත්කරු ඉදිකිරීම් කාර්යයට අදාළව ශිල්පීන් සහ අත්උදව්කරුවන් ලබාදී කාර්යය කරන අතර තවත් තැන්වලදී ද්‍රව්‍යත් කොන්ත‍්‍රාත්කරුම යොදවයි. මේ අවස්ථා වෙනවෙනම තේරුම්ගන්න  ඕනෑ. ඒ අනුව ගිවිසුම වෙනස් කරගන්න  ඕනෑ.

ගල්, ගඩොල්, සිමෙන්ති, කළුගල්, කම්බි ආදී සියලූම අමුද්‍රව්‍යවල ප‍්‍රමිතියද සුවදායක නිවසක් ඉදිකිරීමේදී වැදගත් වෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.
කොන්ත‍්‍රාත්කරුට හෝ ඉදිකිරීම් ශිල්පීන්ට ගෙවීම් කරන විට නියමිත ක‍්‍රමවේදයකට අනුව බිල්පත් රිසිට්පත් සහිතව වගකිව යුතු තැනැත්තාටම ගෙවීම ගැටලූ අවම කරගැනීමට උපකාරී වේ.