කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයෙන් ඉගෙනුම අවසන්කර  මොස්කව් පැටි‍්‍රස්  ලූමුම්බා විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ලැබූ බුද්ධප‍්‍රිය රාමනායක වසර දහයක් සෝවියට් රුසියාවේ විසූ ජීවිතයට ආයුබෝවන් කියා ලංකාවට පැමිණ 1995 වසරේ රුසියානු තානාපති කාරයාලයේ සංස්කෘතික අංශයේ තොරතුරු සම්බන්ධීකාරක තනතුරට පත් වුණේය. 1998 වසරේදී  සංස්කෘතික අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්වන රාමනායක මහතා ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සියලූම කාර්යයන් සඳහා නිල මට්ටමින් සහභාගීවන පුද්ගලයා බවටද පත්විය.    

*   උප්පැන්න සහතිකයෙන් ඔබට ලැබුණු නම ?
බුද්ධප‍්‍රිය ගීතානන්ද රාමනායක

*   අද ඔබව හඳුනන්නේ ?
බුද්ධප‍්‍රිය රාමනායක

*   උපන්න ගම්පළාත?
බත්තරමුල්ල, සුභූතිපුර. ඒත් ගම විදිහට සලකන්නෙ මාතර වැලිගම දෙනිපිටිය

*   උපන්දිනය කවදද ?
1965 ජූලි 13

*   පවුලේ කීවැනියා විදිහටද උපන්නේ ?
තුන්වැනියා. අපේ පවුලේ ඉන්නෙ අක්කයි ,අයියයි ,මමයි ,මල්ලියි

*   අම්මා තාත්තා කවුද කියමුද ?
අම්මා ඊඩා මුතුකුමාරණ රාමනායක. තාත්තා සිරිදියස් රාමනායක.

*    ඒ කාලේ ඔවුන්ගේ ආදායම් මාර්ගය වුණේ ?
අපේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා රැුකියාවක් කළේ නෑ.

*    කොහොමද ළමා කාලේ ?
මං පොඩි කාලේ හරි දඟයි කියනවා. නිතරම තාත්තගේ ගම දෙනිපිටියට යනවා. ආත්තම්මා එක්ක ගිහින් පොල්අතුමෝදර ගෙඟ් පීනනවා. ගමේ ළමයි එක්ක සෙල්ලම් කළා වගේම රණ්ඩුත් කළා.

*   ගමේදී ඔබේ රැුකවරණය ආත්තම්ම ?
නිවාඩුවට ගමේ ගියාම ආත්තම්මා  මාව අරන් ගමවටේම එක්ක යනවා. ඒ ගමන පටන් ගන්නෙ කඩ මණ්ඩියට ගිහින් තට්ටෙ වෙන්නම මගෙ කොණ්ඩෙ කපලා. අපේ ආත්තම්මා සාධාරණ චරිතයක්. කා එක්කත් මිත‍්‍රශීලියි. කරුණාවන්තයි.

*   ළමාවිය නිදහසේ ගෙවිලා ?
නිදහසත් එක්ක ගමට ගියාම තද විනයක් තිබ්බා. විදුහල්පතිවරයෙක් වුණ ලොකු තාත්තාගෙන් මාමාගෙන් ඔය දඟවැඩවලට දඬුවමුත් විඳලා තියෙනවා. ගමේ ගතකළ ජීවිතේ සුන්දරයි. එදා මහගෙදර පත්තු කරපු පැට්‍රෝල් මැක්ස් ලාම්පුවේ එළිය අදටත් මට මතකයි.

*   ඔබ ඉස්කෝලෙ යන්නේ ?
කොළඹ ඞී.එස් සේනානායක විද්‍යාලය.

*   කොහොමද ඒ කාලේ ?
පහේ හයේ පන්තිවලට යනකල්ම මම ඉස්කෝලෙ සාමාන්‍ය ශිෂ්‍යයෙක්. මගේ පාසල් කාලේ වෙනස් වෙන්න ගත්තෙ හයේ පන්තියෙන්.

*   ඇයි හයේ පන්තියේදි මොකද වුණේ ?
පාසලේ ක‍්‍රීඩා, ශිෂ්‍ය භට, සමිති සමාගම් වගේ බාහිර වැඩ ගොඩකට එකතු වුණා. ඒකෙන් පාසලේ ජනප‍්‍රිය චරිතයකුත් වුණා.

*   ඔබ  කළේ මොනවගේ ක‍්‍රීඩාද ?
අවුරුදු 13 න්,15න්,17න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළා. මලල ක‍්‍රීඩා කණ්ඩායම නියෝජනය කළා. කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායම් නියෝජනය කරලා ශිෂ්‍ය භට කණ්ඩායමේ ලාන්ස් කෝප‍්‍රල් තනතුර ලැබුවා.

*    එහෙම වෙද්දී ?
දැනුම මිනුම  කණ්ඩායමේ නායකයා, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්, සාහිත්‍ය සංගමයෙ සභාපති, බෞද්ධ ශිෂ්‍ය සංගමයේ උපසභාපති, සමාජ විද්‍යා සංගමයේ ප‍්‍රධාන සංවිධායක වගේ තනතුරු දැරුවා.

*  ඔබ පාසලේ කවුරුත් දන්න චරිතයක් වෙන්න ඇති ?
ලොකු චරිතයක් නෙවේ. ඒත් මං ඉස්කෝලෙන් අයින් වුණේ ළමයි ආදරේ කරන ජනප‍්‍රිය චරිතයක් විදිහට

*   ඔය දේවල් ඔහොම වෙද්දි ඉගෙනීම ?
ඉගෙනීමට අති දක්ෂ වුණේ නෑ. ඒත් අදක්ෂ වුණෙත් නෑ. 9 පන්තියේදී ඒ පන්තියට  අයත්  හැම පන්තියකින්ම දක්ෂම ළමයි තෝරලා 9 -ඨ කියලා පන්තියක් හැදුවා. මමත් ඒ පන්තියට තේරුණා

* ඔබේ ඉගෙනගන්න දක්ෂකමකුත් තිබිලා ?
දක්ෂකමකුත් තිබ්බා. හැම විෂයකටම ලකුණු හැට පහෙන් ඉහළ ගනිද්දී බුද්ධාගමටයි සිංහලවලටයි  ලකුණු 90 න් එහා ගත්තා. ඇත්තටම මට  ඉගෙන ගන්න  ඕන කමකුත් තිබ්බා. අම්මා නිතරම කිව්වෙ අනිත් හැම දෙයක්ම නැති වුණත් ඉගෙනගන්න දෙයක් කවදාවත් නැතිවෙන්නෙ නෑ කියලා.

*   ඔබේ ඉගෙනීමේ පිටිපස්සෙ හිටියෙ අම්මා ?
අම්මා තමයි අපි ඔක්කොගේම ඉගෙනීම පිටිපස්සෙ හිටියෙ. අම්මා තමයි මාව 4 ,5 පන්තිවලට යනකල් උදේ හවස ඉස්කෝලේ එක්ක ආවෙ ගියෙ. ඇත්තටම මගෙ ජීවිතේ හෙවණැල්ල වුණේ – අම්මා

*   ඔහොම කාලෙ ගෙවෙද්දි ?
ඔය කාලේ වෙද්දී මම පොත් කියවන්න පුරුදු වුණා. ”හීන්සැරයෙන්” තමයි මම කියවන්න පුරුදු වුණේ. ඊට පස්සෙ මඩොල්¥ව, අපේ ගම, මඟුල්කෑම වගේ පොත් දිගටම කියෙව්වා. අපේ තාත්තා වාමාංශිකයෙක් නිසා අපේ ගෙදරට සෝවියට් දේශය සඟරාව ආවා.

*   ඉතින් එහෙම වුණාම ?
මම ඔය කාලේ සෝවියට් දේශය කියවන්නත් පටන් ගත්තා. සෝවියට් දේශය කියවද්දී මට රුසියාව ගැන විශාල ආසාවක් ඇති වුණා. ඒ ආසාව තවත් වැඩිවුණා රුසියාවෙ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත මගේ පන්තියේ හිටපු චන්දන විතානගේ අක්කා නිවාඩුවට ආවාම එහෙ විස්තර කියනවා අහගෙන ඉඳලා.

*   ඔබ ඒ තරමට රුසියාවට ආදරය කළා?
මං රුසියාවට ආදරය කරන්න පටන් ගත්තේ අවුරුදු දහතුනෙන්. මගේ ජීවිතේ  පෙරළුම පටන් ගන්නෙ ඒකෙන්. මමත් හිතුවා කවදාහරි රුසියාවට යනවා කියලා.

*   මේ කාලෙ ඔබට ඉගෙනීමේ අරමුණක් තිබුණද ?
නොතේරෙන කාලෙ සර්කස් පැසිපියා බලන්න ගිහින් සර්කස් කාරයෙක් වෙනවා කියලා හිතුවා. ඊටත් කාලෙකට පස්සෙ හැමෝම බුදු හාමුදුරුවන්ට වැ`දුම් පිදුම් කරනවා දකිනකොට මමත් බුදුහාමුදුරුවො වෙනවා කියලා හිතුවා. ඒත් තේරෙන කාලේ මට  ඕන වුණේ නීතිඥවරයෙක් වෙන්න.

*   ඒ වගේ වෘත්තීයකට ඔබ ආසා කළේ ?
මම එතකොට විවාද කණ්ඩායමේ හිටියා. සංගම්වල තනතුරු දැරුවා. ඒ ලෙවල් පන්තියේදි ලංකා  ජාතික ශිෂ්‍ය සංගමයෙ කොළඹ දිස්ත‍්‍රික් ලේකම් හැටියට හිටියා. සමාජවාදය, ධනවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන නිතරම තර්ක කළා. තර්කවලින්  නිතරම දිනුවා.

*   ඉතින් ඔහොම කාලෙ  ගෙවෙනකොට ?
මම දැනුම හොයන්න විශාල ලෙස කියවන්න ගත්තා. මහජන පුස්තකාලයට හා සෝවියට් සංස්කෘතික මන්දිරයටත් යන්න එන්න පටන්ගත්තෙ වැඩිපුර කියවන්න පටන් ගත්තට පස්සේ.

*   ඒ කියන්නෙ කියවීමට ඇබ්බැහි වුණා ?
නොකියවා බැරිවුණා. කෑම කද්දීත් මට පොතක් පත්තරයක් කියවන්න  ඕන වුණා. හැම තිස්සේම මට හොඳ මතකයක් තිබ්බා. ඒ අසන දේවල් වගේම කියවන දේවල් ගැනත් මට හොඳ මතකයක් තිබ්බා. ඒ වගේම සමාජවාදී දේශපාලනය ගැනත් උනන්දුවක් තිබ්බා.

*   එහෙම උනන්දුවක් ඇතිවුණාම ?
සෝවියට් දේශයේ වගේ සාධාරණ සමාජ ක‍්‍රමයක් ඇයි අපේ රටට ගේන්න බැරි කියලා හිතුවා. ඒ සාධාරණත්වයට මං ගොඩක් ආසා කළා.

*    ඉතින් ඔහොම කාලය ගෙවෙද්දී ?
මම උසස් පෙළට වාණිජ අංශයෙන් ඉගෙන ගන්නවා. හැමෝම වගේ විද්‍යා අංශය තෝරාගත්ත නිසා මට හිතුණා වාණිජ අංශයෙන් විභාගෙ කළොත් මට විශ්ව විද්‍යාලයට යන්න තියෙන අවස්ථාව පුළුල් කියලා.

*    ඒ කාලෙ කොහොමද ?
මේ කාලේ තාත්තා අසනීප වෙනවා. ඉස්කෝලේ ඇරිලා හවස ඉස්පිරිතාලෙට ගිහින් තාත්තා ළඟ හිටියේ මම.  අපිට විභාගෙ කරන්න තිබ්බෙ 83 අවුරුද්දෙ. ජූලි කලබල ආව හින්දා විභාගෙ කල් ගියා. 83 ජාතිවාදය මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඔය අතරෙ මම මගේ අරමුණ ජය ගන්නත් මහන්සි වුණා.

*   අරමුණ කිව්වේ ?
කවදාහරි සෝවියට් දේශයට යනවා කියන එක. මම විභාගෙට තනියම මහන්සි වුණා. හැම විෂයකටම අදාළ ඇට්ලස් ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල ගෙනත් උත්තර ලිව්වා. ඒ අතරේ සෝවියට් සංස්කෘතික මන්දිරයට යන සම්බන්ධතාව මත සෝවියට් ශ‍්‍රී ලංකා තරුණ කවයෙ ලේකම් වෙනවා.

*   ඊට පස්සෙ ?
මම උසස් පෙළ පාස් වෙනවා. පත්තරේ දැකලා මොස්කව් ලූමුම්බා විශ්වවිද්‍යාලයට ඇති ශිෂ්‍යත්වයට ඉල්ලනවා. මට ලංකාවෙ නීති විද්‍යාලයට යන්න ලකුණු කීපයක් මදිවෙනවා. ඔය අතරේ රුසියානු ශිෂ්‍යත්වය සඳහා සම්මුඛ පරීක්ෂණයටත් යනවා.

*   ඒකෙන් මොකද වෙන්නේ ?
ඒ ගොල්ලන් අහන ප‍්‍රශ්නවලට මම හොඳට උත්තර දෙනවා. සෝවියට් දේශය පිළිබඳව ඒ වෙනකොට මම ලබා තිබූ දැනුවත්කම නිසා. මාස 9 කට පස්සෙ 1985  අවුරුද්දෙ ආර්ථික විද්‍යා විෂයෙන් පළමුවැනියා හැටියට මට පූර්ණ ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා මොස්කව් පැටි‍්‍රස් ලූමුම්බා විශ්වවිද්‍යාලයට

*   ඔබ ලූමුම්බා විශ්ව විද්‍යාලයට යන්නෙ?
1985 සැප්තැම්බර් මුල් සතියේ. ලංකාවෙන් විවිධ විෂයන් සඳහා තේරුණ  ශිෂ්‍යයන් 13 දෙනෙක් සමග එහෙ නේවාසිකාගාරෙ නැවතිලා ඉගෙන ගත්තෙ.

* හීනයක් ඉටු කරගත්තා ?
මම සෝවියට් දේශය ගැන දැනගෙන හිටියේ පොත පතින්. භක්තියෙන් සහ ආදරයෙන් ඒ අත්දැකීම් සුරැුකිව ළඟ තියාගෙන හිටියේ. මම දකින්න බලාපොරොත්තු වුණේ මගෙ හිතේ තිබුණ චිංගීස් අයිත්මාතව්ගේ පොත්වල තිබුණ සෝවියට් දේශය

*   ඉතින් ඔබ සෝවියට් දේශය දැක්කෙ ?
මට දකින්න ලැබුණෙ සමාජවාදයේ හොඳ නරක දෙපැත්තම. ඒ වගේම සොවියට් ජාතිකයෝ හැඟීම් පෙන්වන සංවේදී ජාතියක්. ඒ අයට අපි කළුද සුදුද දුඹුරුද කියලා  වැදගත් නෑ. අපි කාටත් ආදරණීය විදිහට සැලකුවා.

* ඉතින් කොහොමද එහෙ ජීවිතේ?
රටවල් 120 ක විතර ශිෂ්‍යයන් මේ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්තා. ප‍්‍රධාන භාෂාව රුසියන්. මුල් මාස 9 රුසියන් භාෂාව ලියන්නත් කතාකරන්නත් ඉගෙන ගත්තා. ඒ අය භාෂාව උගන්වන ක‍්‍රමය විශ්මයජනකයි. ඒ වගේමයි රුසියානු අම්මලාගේ ආච්චිලාගෙ හදවත් පොත්පත්වල වගේම මානුෂිකයි.

* ඔහොම කාලෙ ගෙවෙද්දී?
පළමු අවුරුද්දෙම මාව ලංකා ශිෂ්‍ය කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස පත් කළා. 89 අවුරුද්දේ මම ලංකා ශිෂ්‍ය සංගමේ නිතරගයෙන්ම ප‍්‍රධාන ලේකම් වෙනවා. අපි රුසියාවේ ඉගෙනගනිද්දී රුසියාවෙ රැුකියා කරන්න බෑ. අපි කරන්නේ විශ්වවිද්‍යාලෙ නිවාඩු දෙනකොට කෝච්චියෙන් එංගලන්තෙට යනවා.

* ඒ ගිහින්?
මාස දෙකක නිවාඩුව ඉවරවෙනකල් අපි රස්සා කරනවා. දුෂ්කර රැුකියා ලැබෙන්නේ. එංගලන්තේ හෝටල්වල, ආපනශාලාවල, රෙස්ටූරන්ට්වල පිඟන් හේදුවා. දවසට රස්සා දෙකක් කළා. මාස දෙක ඉවර වෙනකොට හොඳ වැටුපකුත් අරගෙන තමයි ආපහු රුසියාවට එන්නේ.

* ඉතින් ඊටපස්සෙ?
ඔය කාලෙදී විශ්වවිද්‍යාලෙ උත්තරීතර ශිෂ්‍ය සභාවෙ ආසියාව නියෝජනය කරන සාමාජීකයෙක් වුණා. 1989 දී මාව යවනවා 13 වැනි ලෝක තරුණ ශිෂ්‍ය උළෙල රුසියාව වෙනුවෙන් නියෝජනය කරන්න උතුරු කොරියාවට. එදා ඒ උළෙලට ලංකාවෙනුත් දේශපාලනඥයන් විශාල පිරිසක් පැමිණ සිටියා.

* ඒක ඔබට ලැබුණු වටිනා අවස්ථාවක්?
ඒ වගේම ලූමුම්බා විශ්ව විද්‍යාලෙ ලංකා ශිෂ්‍ය සංගමයෙ අවසන් සභාපති වුණේ මම. 1991 දී සෝවියට් දේශය බිඳ වැටෙනවා. එතකොට ලූමුම්බා නම වෙනස්වෙලා රුසියානු මිත‍්‍රත්ව විශ්වවිද්‍යාලය බවට පත්වෙනවා. ඔය අතරතුරේ පොත පතින් කියවා අසා දැන තිබූ රුසියාවේ වටිනා කියන තැන් දෑසින් දැක බලා ගන්නත් හැකිවුණා.

* ඔබ උපාධිය සම්පූර්ණ කරන්නේ?
අවුරුදු හතරහමාරකට පස්සෙ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ලබනවා. ඒත් එක්කම විශ්ව විද්‍යාලය මාව ආචාර්ය උපාධියකට තෝරා ගත්තා. ආචාර්ය උපාධියේ කාලය අවුරුදු තුනයි. නමුත් මම අවුරුද්දෙන් උපාධිය හැදෑරීම නතර කළා.

* ඒ ඇයි?
ඒ වෙනකොට සෝවියට් දේශය බිඳවැටිලා රුසියාව විදිහට රට අලූත් වෙලා. කාටත් ව්‍යාපාරික කටයුතුවලට අවස්ථාවක් ලැබෙනවා. 1992 අවසානේ ලංකාවෙන් ගිහින් හිටපු ශිෂ්‍යයෝත් ව්‍යාපාරික කටයුතු පටන් ගන්නවා. ලංකාවෙන් තේ අරන් ගිහින් රුසියාවේ විකුණන්න. මමත් ඔය ව්‍යාපාරෙට සම්බන්ධ වුණා.

* ඊට පස්සෙ?
1995 ජනවාරි වෙනකල් රුසියාවේ ව්‍යාපාරික කටයුතු කරලා ලංකාවට එනවා. ඒ ඇවිත් 1995 දෙසැම්බර් 27 වැනිදා මම විවාහ වෙනවා.

* ඇය කවුද
පෙපචුවා වසන්ති රාමනායක. ඇයත් ලූමුම්බා විශ්වවිද්‍යාලෙම වෛද්‍ය පීඨයේ ඉගෙනගන්න කාලේ අපි හඳුනා ගත්තේ. අද ඇය ඩර්ඩන්ස් රෝහලේ ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්.

* ලංකාවට ඇවිත් මොකද කළේ?
අද රුසියානු තානාපති සමන් වීරසිංහ මහතා මාත් එක්ක එකට ලූමුම්බා විශ්ව විද්‍යාලෙ ඉගෙනගත්ත මිතුරෙක්. ඔහු ඒ කාලේ ලංකා තානාපති කාර්යාලය එක්ක සම්බන්ධතා තිබ්බා. ඔහුගේ ඒ සම්බන්ධයෙන් මට ලංකාවෙ රුසියානු තානාපති කාර්යාලෙ සංස්කෘතික අංශයෙ තොරතුරු සම්බන්ධිකාරක තනතුර ලැබුණා.

* ඊට පස්සෙ
1998 අවුරුද්දෙ මට උසස්වීමක් ලැබුණා. ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස. ලංකාව හා රුසියාව අතර වීසා ඇරෙන්න සියලූම රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු සිද්ධවෙන්නෙ මේ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන්. ඒ වගේම ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සියලූම කාර්යයන් සඳහා නිල මට්ටමින් මම සහභාගි වෙනවා.

* ඔබ මේ රාජකාරියෙන් සතුටු වෙනවා?
හොඳටම සතුටු වෙනවා. රුසියාව වගේ බලගතු රටක් එක්ක රාජකාරි කරන්න ලැබීම ගැන. මෙතෙක් කාලයක් රටවල් පහ හයක් අත්කරගෙන සිටි අවස්ථාවක්  මේ වසරේ අපිටත්  ලබාගෙන, න්‍යෂ්ඨික ඉංජිනේරු විෂයට ලංකාවෙන් ළමයි දෙන්නෙක් යවන්න පුළුවන් වෙනවා. ඒ වගේම සුනාමි කාලෙත් මට විශේෂයි.

* ඒ කිව්වේ?
2004 දෙසැම්බර් 24 සුනාමි දවසේ පළවෙනි කාගෝ ගුවන් යානා දෙක ලංකාවට එන්නෙ රුසියාවෙන්. කවුරුත් මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරුව හිටපු වෙලේ මම ගුවන් තොටුපොළට ගිහින් ගුවන් යානා දෙක භාර ගත්තා ගුවන් යානයේ ආව පයිලට්ලට මගේ ක්‍රෙඩිට් කාඞ් එකෙන් මුදල් ගෙවලා හෝටල් කාමර පවා වෙන් කළා

* ඉතින් ඔහොම කලේ ගෙවෙද්දී?
1998 ඉඳලා 2017 වසර වෙනකල් මම ඉන්නෙ මා තනතුරේ. මේක තමයි ලංකාවෙ කෙනකුට යන්න පුළුවන් ඉහළම තැන. ඒ අතරතුරේ මම රුසියානු ශ‍්‍රී ලංකා වෙළෙඳ ව්‍යවසායකයන්ගේ සංගමේ උපසභාපති, රුසියානු, උපාධිධාරීන්ගේ සංගමේ උපසභාපති, රුසියානු ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමේ භාණ්ඩාගාරික තනතුරුත් දරනවා

* පවුලේ තොරතුරු කොහොමද?
මට පුතෙක් ඉන්නවා. නිකිත රාමනායක. ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසලේ 6 වසරේ ඉගෙන ගන්නවා.

* ගෙවා නිම කළ කාලය ගැන හිතෙන්නේ?
මම රුසියානු තානාපතිවරු හයදෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. මගේ රට වෙනුවෙන් මම කරන දේවල් ගැන සතුටුයි.

* ඔබට ලියනව නම්, කතා කරනවා නම්?
0777313110ට කතා කරන්නත්,  buddhi@ruscent.com ඊමේල් ලිපිනයට ලියන්නත් පුළුවන්.

බියංකා නානායක්කාර
ඡුායාරූපය :කනිෂ්ක බැද්දවලගේ

Untitled-13 Untitled-14 Untitled-15 Untitled-17 Untitled-16