නොබෙල් ත්‍යාගය මුලින්ම සංවිධානය කෙරුණේ ස්වීඩන් ජාතික නව නිර්මාණකරුවකු වන ඇල්ෆ‍්‍රඞ් නොබෙල් විසින් 1895 වසරේ දී. ඔහු ඉපැදුනේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී 1833 ඔක්තෝබර් 21 වැනි දා. ඔහුගේ පවුලේ බොහෝ දෙනා ඉංජිනේරුවරුන්. එසේම ඇල්ෆ‍්‍රඞ් නොබෙල් ද ඉංජිනේරුවෙක්, රසායනඥයෙක් සහ නව නිර්මාණකරුවකු ද වූයේ පවුලේ ආරයට යමින්. ඔහු 1894 දී යකඩ සකසන කර්මාන්තශාලාවක් මිල දී ගෙන බොහෝ ආයුධ නිර්මාණය කිරීමට පටන් ගත්තා. ඔහු එකල ප‍්‍රසිද්ධ වූයේ අවි ආයුධ නිෂ්පාදකයෙක් ලෙසයි. ඔහුගේ නව නිර්මාණ අතර බැලිස්ටයිට් නම් ද්‍රව්‍යය ඉතා වැදගත්. එය දුම් නොදමන පුපුරණ ද්‍රව්‍ය සැකසීමේ දී මූලික අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනවා. ඔහු කළ නව නිර්මාණ 355ක දායකත්වය නිසාම ඔහු විශාල ධනයකට හිමිකම් කියූවා. මේ නව නිර්මාණ කොතෙක් තිබුණත්, ඔහු ලෝකයා අතර ප‍්‍රසිද්ධ වූයේ ඩයිනමයිට් සොයා ගැනීම පිළිබඳවයි.

ලෝකයට, රටට හෝ සමාජයට වටිනා සේවයක් කළ උදවියට කෘතගුණ සැලකීමක් විදියට බොහෝ ත්‍යාග සහ සම්මාන පිරිනැමීම ආදි කාලයේ සිටම පැවත එන සිරිතක්. සුදුසු වුවත්, නැති වුවත්, රජවරුන්ට බැල මෙහෙවර කළ අයට ගම්වර සහ නොයෙකුත් පදවි තානාන්තර දීම රජ කාලයේ තිබුණ පුරුද්දක් වුවත්, වර්තමාන දේශපාලනයෙත් එය අඩුවැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එහෙත් සමහර සම්මාන ඉතාමත් සූක්ෂම ලෙස සලකා බලා, දැඩි පරිශ‍්‍රමයක් දරා සුදුස්සාටම ලබා දෙන්නට කටයුතු කරන ආයතන නැතුවාම නොවෙයි.

නොබෙල් ත්‍යාගය කියන්නේ ලොව කෙනකුට ලබන්න හැකි ඉහළම නම්බු නාමය කියලා කිව්වොත් බොහෝ නිවැරැුදියි. ලෝකයට සේවයක් කරන පුද්ගලයින්ගේ යටි සිතේ කොණක, තමන්ට කවදා හෝ නොබෙල් ත්‍යාගය ලැබේවි යැයි හෝ අවම වශයෙන් නිර්දේශයක් හෝ ලැබේවි යැයි පුංචි බලාපොරොත්තුවක් තිබෙනවා. ලංකාවට නොබෙල් ත්‍යාගය දුර්ලභ සිදුවීමක් වන්නේ ඇත්තෙන්ම ලෝකෙන් උතුම්ම රට වූවත්, අපි අනෙක් ජාතීන් හා සැසඳීමේ දී ඉතාම පහළ මට්ටමක සිටින නිසා.
නොබෙල් ත්‍යාගය සහ නොබෙල් පදනම පිහිටුවීම සිදු වූයේ විද්‍යාත්මක, අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය සහ සමාජයීය ප‍්‍රගමනයන් සඳහා ලොව පුරා සිදුකෙරෙන පර්යේෂණ සහ දායකත්ව වෙනුවෙන් අගැයීමක් කිරීමට සිදුකරන සම්මාන ප‍්‍රදානයක් ලෙසින්.

නොබෙල් ත්‍යාගය මුලින්ම සංවිධානය කෙරුණේ ස්වීඩන් ජාතික නව නිර්මාණකරුවකු වන ඇල්ෆ‍්‍රඞ් නොබෙල් විසින් 1895 වසරේ දී. ඔහු ඉපැදුනේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී 1833 ඔක්තෝබර් 21 වැනි දා. ඔහුගේ පවුලේ බොහෝ දෙනා ඉංජිනේරුවරුන්. එසේම ඇල්ෆ‍්‍රඞ් නොබෙල් ද ඉංජිනේරුවෙක්, රසායනඥයෙක් සහ නව නිර්මාණකරුවකු ද වූයේ පවුලේ ආරයට යමින්. ඔහු 1894 දී යකඩ සකසන කර්මාන්තශාලාවක් මිල දී ගෙන බොහෝ ආයුධ නිර්මාණය කිරීමට පටන් ගත්තා. ඔහු එකල ප‍්‍රසිද්ධ වූයේ අවි ආයුධ නිෂ්පාදකයෙක් ලෙසයි. ඔහුගේ නව නිර්මාණ අතර බැලිස්ටයිට් නම් ද්‍රව්‍යය ඉතා වැදගත්. එය දුම් නොදමන පුපුරණ ද්‍රව්‍ය සැකසීමේ දී මූලික අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනවා. ඔහු කළ නව නිර්මාණ 355ක දායකත්වය නිසාම ඔහු විශාල ධනයකට හිමිකම් කියූවා. මේ නව නිර්මාණ කොතෙක් තිබුණත්, ඔහු ලෝකයා අතර ප‍්‍රසිද්ධ වූයේ ඩයිනමයිට් සොයා ගැනීම පිළිබඳවයි.

මේ අතර 1888 දී ඇල්ෆ‍්‍රඞ් නොබෙල් ජීවත්ව සිටිය දීම ඔහුගේ මරණ දැන්වීම ප‍්‍රංශ පුවත්පතක් විසින් ප‍්‍රසිද්ධ කළ අතර එහි මාතෘකාව වූයේ මරණයේ වෙළෙන්දා මියගිය බවයි. ලෝකයා තමන් කෙසේ මතක තබා ගනීවි ද යන සැකය මත මේ සිදුවීම ඔහුට මහත් කම්පනයක් ගෙන දුන්නා. මෙය ඔහුගේ අන්තිම කැමැති පත‍්‍රය වෙනස් කිරීම දක්වා වද දුන් කාරණාවක් වුණා. 1896 දී, ඇල්ෆ‍්‍රඞ් නොබෙල් ඉතාලියේ සැන් රීමෝහි සිය මන්දිරයේ දී වයස 63 දී අවසන් හුස්ම හෙළුවේ මොළයේ රුධිරවහනය නිසා ඇති වූ සංකූලතා නිසා.

ඇල්ෆ‍්‍රඞ් නොබෙල් ජීවත්ව සිටිය දී අන්තිම කැමැත්ත කිහිප විටක් වෙනස් කළ අයෙක්, අවසානයේ දී 1895 නොවැම්බර් 25 වැනි දා සිය අවසාන අන්තිම කැමැත්ත ලෙස සටහන් කළේ සිය ධනය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෝහාරික වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, සහ සාමය යන අංශවලින් මානව සංහතියේ උන්නතිය උදෙසා සේවය කළ අයට වාර්ෂිකව ත්‍යාග ලබාදීම සඳහා භාවිත කරන ලෙසයි. මේ වෙනුවෙන් සිය ධනයෙන් සියයට 94ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 186ක් පමණ වෙන් කර තිබුණා. කෙසේ වුවත් ඔහු අන්තිම කැමති පත‍්‍ර කිහිපයක්ම ලියා තිබූ නිසා, මෙය 1897 වනතෙක් විසඳී තිබූ ගැටලූවක් වූයේ නැහැ. අවසානයේ දී ඔහුගේ අවසන් කැමති පත‍්‍රය ක‍්‍රියාවට නැංවීම භාරව තිබූ දෙදෙනා වන Ragnar Sohlman සහ Rudolf Lilljequist නොබෙල් පදනම පිහිටුවා ඔහුගේ අවසාන කැමැත්ත ප‍්‍රකාරව ත්‍යාග ලබාදීමට කටයුතු කළා.

ආචාර්ය පියල් ආරියනන්ද
ආචාර්ය පියල් ආරියනන්ද08

නොබෙල් ත්‍යාග කමිටුව 1895 දී පිහිටුවූවත්, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෝහාරික වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, සහ සාමය යන අංශවලින් මුලින්ම ත්‍යාග ප‍්‍රදානය සිදු වූයේ 1901 දී සිටයි. වසර 1980 වනතෙක් තැනූ සියලූම නොබෙල් ත්‍යාග පදක්කම් සැකසුනේ කැරට් 23 රත‍්‍රංවලින්, ඉන්පසුව එය කැරට් 18 දක්වා අඩුකර කැරට් 24 රන් ආලේපනයක් සිදු කරනවා. පසුගිය වසර වනවිට නොබෙල් ත්‍යාග 579 ක් දැන්දැන් ත්‍යාග පුද්ගලයින් කිහිප දෙනකු අතරේ බෙදී යෑම නිසා 911 දෙනකු අතරේ බෙදී ගොස් තිබෙනවා. නොබෙල් ත්‍යාග ප‍්‍රදානෝත්සවය සිදුවන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වුවත්, නොබෙල් සාම ත්‍යාග ප‍්‍රදානය සිදු වන්නේ නෝර්වේහි ඔස්ලෝ නගරයේදීයි. සෑම ත්‍යාගලාභියෙක්ම සිය ත්‍යාග ලෙස සහතිකයක්, රන් පදක්කමක් සහ නොබෙල් කමිටුව විසින් නියම කරන ලද පරිදි ඇමරිකානු ඩොලර් මිලියන එකක මුදල් ත්‍යාගයක හිමිකරුවකු වනවා.  මුලින් නියම කරන ලද විෂය පථයනට අමතරව දැන් ආර්ථික විද්‍යාව සඳහා ද නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබනවා.

භෞතික විද්‍යාව සඳහා ලොව පළමු නොබෙල් ත්‍යාගය පිරිනැමුනේ එක්ස් කිරණ සොයාගත් Wilhelm Röntgen විද්‍යාඥයා වෙතයි. රසායන විද්‍යාව සඳහා බොහොමයක් නම් යෝජනා වී තිබුණේ ඒ වනවිට රසායන විද්‍යාවේ පුනරුදයක් ඇතිවී තිබූ අවධියක් නිසා, කෙසේ වුවත් පළමු රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ තාපගතික රසායනය පිළිබඳ පර්යේෂණ පවත්වා ඒ වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් Jacobus vanzt Hoff නම් විද්‍යාඥයාටයි.

පිළිවෙලින් සාහිත්‍යය වෙනුවෙන් Sully Prudhomme ද, වෝහාරික වෛද්‍යා විද්‍යාව වෙනුවෙන් ජර්මානු වෛද්‍යවරයෙකු සහ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වූ ගලපටලය සඳහා ඖෂධයක් සොයා ගත් Emil von Behring ද,  සාම ත්‍යාගය රතුකුරුස සංවිධානය සහ ජිනීවා සම්මුතිය ආරම්භ කිරීමට දායක වූ Jean Henri Dunant සහ ප‍්‍රංශ ජාතික Frédéric Passy වෙත ද පිරිනැමුවා.

සාමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දී ඉදිරි වසරේ නොබෙල් ත්‍යාගය සඳහා නාමයෝජනා කැඳවීමට අයදුම්පත් 3000ක් පමණ යවනු ලබනවා. මේ අය අතර පර්යේෂකයන් සහ විද්‍යාඥයින්ගේ නම් බහුලව සඳහන් වනවා. නොබෙල් සාම ත්‍යාගයට රජයයන් සහ මීට පෙර සාමත්‍යාගය ලත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් වනවා.

මෙයට අමතරව නොබෙල් කමිටුව විසින් නොබෙල් ත්‍යාග ලැබීමට සුදුසු යැයි නම් කරන ලද 300 දෙනෙකුට අයැදුම්පත‍්‍ර වෙනම යවනු ලබනවා. මේ සියලූ ම අයදුම්පත් භාරගන්නා අවසාන දිනය එම වසරේ ජනවාරි 31 වනදායි.

මේ නාම යෝජනා කමිටුව වෙත යවනු ලබන සියලූම නම් ඉතා රහස්‍ය ලෙස තබා ගන්නා අතර කිසිවිටෙක මේ පුද්ගලයින් 3300 දෙනාගේ නම් ප‍්‍රසිද්ධ කරන්නේ නැහැ.  මේ වාර්තා අදාළ දිනයේ සිට අවුරුදු 50 ක් දක්වා සුරැුකිව තබා ගන්නවා.

අයදුම්පත් ලද පසු නොබෙල් කමිටුව විසින් නම් කරන ලද ආයතන විසින් සියලූම අයදුම්කරුවන්ගේ වාර්තා සකස් කරනවා. ඔවුන්ගේ බහුතර ඡුන්දයෙන් නොබෙල් ත්‍යාග ලාභියා තෝරාගනු ලබනවා. මෙය සෑම විටම අවසාන තීරණයක් වන අතර  තීරණය ලද වහාම ත්‍යාගලාභියා ප‍්‍රසිද්ධියට පත් කරනවා. මෙහිදී කිසියම් විෂය ක්ෂෙත‍්‍රයකින් නම් කෙරෙන්නේ උපරිම ලෙස ත්‍යාගලාභීන් තුන්දෙනෙකු පමණයි.

කෙසේ වුවත් කිසියම් ආයතනයක් ත්‍යාගය ලබන්නේ නම් ඒ සඳහා දායක වූ සියල්ලන්ට ත්‍යාගය ලැබෙනවා. නොබෙල් සාම ත්‍යාගය හැර, අන් සියල්ලම ප‍්‍රදානය කරන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී ඇල්ෆ‍්‍රඞ් නොබෙල්ගේ මරණ අනුස්මරණය දා වන දෙසැම්බර් 10 වනදායි. අදාල ත්‍යාග ලාභීන් සිය පර්යේෂණ පිළිබඳ දේශනයන් ඊට පෙර දිනවල දී කමිටුව හමුවේ ඉදිරිපත් කරනවා. නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ දේශනය දෙසැම්බර් 10 වන දින නෝර්වේ හි ඔස්ලෝහි දී පවත්වනු ලබන්නේ ඇල්ෆ‍්‍රඞ් නොබෙල් වෙත කරන ගෞරවයක් වශයෙන්. නොබෙල් ත්‍යාගයේ විශේෂත්වය වන්නේ එය ලබා දෙනු ලබන්නේ ස්වීඩනයේ රජතුමා අතින් වීමයි. නොබල් සාම ත්‍යාගය නෝර්වේ රජතුමා ඉදිරියේ දී සාම කමිටුවේ සභාපතිවරයා විසින් ත්‍යාගලාභියා වෙත ප‍්‍රදානය කරනු ලබනවා.

මේ දක්වා නොබෙල් ත්‍යාග ලාභීන්ගෙන් විද්‍යා හා තාක්ෂණ අංශවල දී කාන්තාවන්ට ත්‍යාග ලැබී ඇත්තේ ඉතාම අඩුවෙන්, භෞතික විද්‍යාවෙන් කාන්තාවන් දෙදෙනකු ද, රසායන විද්‍යාවෙන් සිවු දෙනෙකු ද, වෝහාරික වෛද්‍ය විද්‍යාවෙන් එකොලොස් දෙනෙකු ද සම්මාන ලබා තිබෙනවා. මේ අතර සුවිශේෂීතාවය වන්නේ විකිරණශීලීතාවය සොයා ගැනීම වෙනුවෙන් මාරි කියුරී විසින් 1903 දී භෞතික විද්‍යාව උදෙසා ත්‍යාගය දිනාගත් අතර විකිරණශීලී මූලද්‍රව්‍යයක් වන රේඩියම් සොයාගැනීම වෙනුවෙන් රසායන විද්‍යාව සඳහා ද ඇය විසින්ම 1911 දී නොබෙල් ත්‍යාගය දිනා ගැනීමයි. මෙය එකම පුද්ගලයෙකු විද්‍යාවේ අංශ දෙකකින් නොබෙල් ත්‍යාගය දිනා ගත් එකම අවස්ථාව ලෙස සනිටුහන් වනවා. එසේම මාරි කියුරිගේ ස්වාමියා වන පියරේ කියුරි භෞතික විද්‍යාව වෙනුවෙන් ද දියණිය අයිරීන් ජොලියට් කියුරී රසායන විද්‍යාව වෙනුවෙන් ද නොබෙල් ත්‍යාගය දිනා ගැනීම සුවිශේෂී කාරණයක්. මීට අමතරව රසායනික බන්ධන පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරමින් 1954 දී ලීනස් පෝලිං විසින් රසායන විද්‍යාව උදෙසා ත්‍යාගය දිනාගත් අතර 1962 දී නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්නේ න්‍යෂ්ටික අවි භාවිතයට එරෙහිව ගෙනගිය අරගලය වෙනුවෙන්. එසේම ට‍්‍රාන්සිස්ටරය සොයාගත් තිදෙනාගෙන් කෙනෙකු වන ජෝන් බාඞීන් 1956 දී ඒ වෙනුවෙන් ද, 1972 දී සුපිරි සන්නායකතාවය පිළිබඳ න්‍යාය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ද භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන්   පිදුම් ලැබුවා. ඉන්සියුලින් අණුක ව්‍යුහය සොයා ගැනීම වෙනුවෙන් Frederick Sanger 1958 දී සහ 1980 දී ඞීඑන්ඒ භෂ්ම සැකැස්ම සොයා ගැනීමට ක‍්‍රමයක් සම්පාදනය කිරීම වෙනුවෙන් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනාගනු ලබන්නේ එකම පුද්ගලයා දෙවරක් නොබෙල් ත්‍යාගය දිනූ ගොන්නට එකතු වෙමින්.

මේ දක්වා නොබෙල් සාම ත්‍යාගය දිනූ පුද්ගලයින් අතර නෙල්සන් මැන්ඩෙලා, ඩෙස්මන්ඞ් ටුටූ, අවුන් සාං සුකී, දලයිලාමා තුමා, යසිර් අර්ෆත්, සිමොන් ෆෙරෙස්, ජිමී කාටර්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, කොෆී අන්නන්, අල් ගෝර්, සහ බැරක් ඔබාමා සුවිශේෂී වනවා. මෙහිදී බැරක් ඔබාමාට ලබා දුන් නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ ආන්දෝලනයක් හට ගත්තේ ඔහු ඉදිරියට කළ හැකි සාම කටයුතු සඳහා සළකා බලමින්. නමුත් ඔහුගේ පාලන සමයේ ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ ලිබියාවට ගෙන දුන් හානිය පිළිබඳ සඳහන් කරමින් බොහෝ සිවිල් සංවිධාන පසුව ඔහුගේ ත්‍යාගයට විරෝධතා පළ කර සිටියා.

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූවන් අතර විකිරණශීලතාවය සොයාගැනීම වෙනුවෙන් මාරි කියුරී සහ පියරේ කියුරි, රැුහැන් රහිතව ගුවන් විදුලි තරංග සම්පේ‍්‍රෂණය වෙනුවෙන් ගුග්ලි එල්මෝ මාකෝනි, වායු නියමයන් සඳහා කළ දායකත්වය වෙනුවෙන් වැන් ඩර් වාල්ස්, ප‍්‍රකාශවිද්‍යුත් ආචරණය ඉදිරිපත් කිරීම සහ සාපේක්ෂතාවාදය ඇසුරින් භෞතික විද්‍යාවට කළ සේවය වෙනුවෙන් ඇල්බට් අයින්ස්ටයින්, පරමාණුක ව්‍යුහය නිර්ණයට දායක වීම වෙනුවෙන් නීල් බෝර්, ඉන්දියානු විද්‍යාඥ චන්ද්‍රසේකර වෙන්කටරාමන් සහ වෙනත් බොහෝ ප‍්‍රසිද්ධ භෞතික විද්‍යාඥයින් ඇතුළත්.

2017 වසර සඳහා දැනට වෝහාරික වෛද්‍ය විද්‍යාව සහ භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගලාභීන් නම් කර අවසන්. වෝහාරික වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මෙවර ත්‍යාගය දිනාගෙන ඇත්තේ ජීව ඔරලෝසුව, එසේත් නැතිනම් වයසට යෑම පිළිබඳ පර්යේෂණ සිදු කළJeffrey C’ Hall, Michael Rosbash සහ Michael W’ Young තිදෙනා විසින්. මේ පර්යේෂණය මුලින්ම සිදු කළේ පළතුරු මැස්සා උපයෝගී කරගෙනයි. මිනිසා ඇතුළු සියළුම බහු ෙසෙලික සතුන්ගේ ෙසෙලවල ඇතැම් කොටස් මේ ජීව ඔරලෝසුව වෙනුවෙන් ක‍්‍රියා කරනවා. මෙහිදී සිදු වන්නේ ජීවයේ රිද්මය සÛල මගින් බලාපොරොත්තු වීමයි. මෙය ජීවයේ අඛණ්ඩතාවය පාලනය කරන බවට දැන් සොයාගෙන තිබෙනවා. ජීව ඔරලෝසුවේ ආශ්චර්යය නම් එය ජීවියාට දවල් – ? වෙනස වැනි චක‍්‍රයක් ලෙස වෙනස් වන කරුණු බලාපොරොත්තුව සිටීමට උපයෝගී වීමයි. මෙහි දී නිදා ගැනීම, රුධිර පීඩනය සහ ශරීර උෂ්ණත්වය යාමනය, හෝමොන නිදහස් කිරීම වැනි සංකීර්ණ කාරණා සිදු කිරීම මගින් ජීවය පවත්වාගෙන යෑමට ඉවහල් වනවා. මේ පර්යේෂණය සනාථ කරනු ලැබුවේ නිදිකුම්බා ශාක පත‍්‍රවල පිබිදීම සහ නිද්‍රාව උපයෝගී කරගෙනයි. සාමාන්‍යයෙන් අඳුරේදී හැකිලෙන නිදිකුම්බා ශාක පත‍්‍ර දීර්ඝකාලයක් අඳුරේම තැබීමේ දී ඒවා පැය 24 කට වතාවක් දිගහැරෙන බව මේ විද්‍යාඥයින් සොයාගෙන තිබුණා. ඒ අනුව සිදු කළ පර්යේෂණ සහ වෙනත් අදාළ පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස ජීව ඔරලෝසුව යන සංකල්පය හා ඒ සම්බන්ධ න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවා.

භෞතික විද්‍යාව වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය දිනාගනු ලබන්නේ පසුගිය වසරේ මහත් ආන්දෝලනයක් ඇතිකළ ගුරුත්වාකර්ෂණ තරංග සොයාගත් Kip Thorne, Rainer Weiss සහ Barry Barish තිදෙනා විසින්.

රසායන විද්‍යාව සඳහා මෙවර නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබ ඇත්තේ Jacques Dubochet, Joachim Frank සහ Richard Henderson විසින් අධිශීත කළ අවස්ථාවේ ජීව අණුවල ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ව්‍යුහය  පැහැදිලි ලෙස රූපගත කළ හැකි ක‍්‍රමය සොයාගැනීම වෙනුවෙන්. මේ නිසා විවිධ වෛරස සහ ජීව අණුවල නියම ස්වරූපය අධ්‍යයනය කළ හැකි වෙනවා. මෑතක දී සොයා ගැනුණු සිකා වෛරසය Zika Virus මේ ආකාරයෙන් රූපගත කළ වෛරසයක්, ඒ නිසාම ඒ සඳහා ඖෂධ සොයා ගැනීම ද පහසු වුණා.

ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී ලෝකෙන් උතුම්ම රටේ උතුම්මයි සැලකෙන ජාතිය තවමත් නොනවතින අගතිගාමී අරගලයන්හි යෙදෙමින් පවතිනවා. අපේ රටේ කෙනෙක් කවදා හරි සැලකිය යුතු කාරණයක් උදෙසා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබාවි යැයි, අපි නෙත් අයාගෙන බලා සිටිනවා.

  ආචාර්ය පියල් ආරියනන්ද

Untitled-2 Untitled-3 Untitled-4