වත්මන් දේශපාලන අර්බුදය මෙන්ම ඒකාබද්ද විපක්ෂයේ ඉදිරි දේශපාලන සැලසුම් සහ ඉදිරියේ පැවැත්වීමට යෝජිත මැතිවරණ පළිබඳවත් ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සමග රිවිරඉරිදා සංග්‍රහය සිදුකළ සාකච්ඡාවකි

ප‍්‍ර: පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වෙනසක් සිදුවෙන බවට රාවයක් තිබුණා. එවැන්නක් සිදුවුණේ නැහැනේ .
පි: ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවට ්එක්කාසු වුණු මන්තී‍්‍රවරුන් සමග අපේ දීර්ඝ සංවාදයක් තිබුණා. යම් යම් එකඟතාවයන්ට පැමිණ තිබුණා.  නමුත් මන්තී‍්‍රවරුන් පැති මාරු කිරීමක් කළේ නැහැ. එ් සඳහා පියවර ගත්තේ අරුන්දික ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා පමණයි. නමුත් රජය බලාපොරොත්තු වුණු ආකාරයට පළාත් සභා සංශෝධන පනතට තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න එ් අයට නොහැකි වුණා. තුනෙන් දෙක සම්පූර්ණ කරලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරු විසිදෙනාගේ සහයෝගයෙන්. මේ අවස්ථාවේ නම් වශයෙන් හෙළි නොකළත් රජයට සම්බන්ධව සිටින අපත් සමග එකඟතාවයන්ට පැමිණ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් එ් අවස්ථාවේ ඡුන්දය ප‍්‍රකාශ නොකර විරෝධතාව දැක්වූවා.

ප‍්‍ර: ආණ්ඩුවේ ඉ`දන් ආණ්ඩුවේ පනත්වලට ඡුන්දය ප‍්‍රකාශ කරනවාට වඩා පැති මාරු කිරීමක් සිදුවෙයි කියන අදහසයි තිබුණේ.
පි: අපි බලාපොරොත්තු වුණු එකඟතාවයන්ට පැමිණි වෙනස අත්‍යාවශ්‍ය මොහොතක වෙනවා. එ් ගැන කිසිදු සැකයක් නැහැ.

ප‍්‍ර: එ්කාබද්ධ විපක්ෂය මොන තරම් දේවල් කිව්වාත් ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් සහිතව ආණ්ඩුවට අවශ්‍යව තිබුණ දේ කරගත්තා.
පි: ඉතාම පැහැදිලිව එ්දේ සිද්ධ කරගත්තා. එහිදී ජාති පදනමක් මත ඇති කරගත්ත රජයට සම්බන්ධ මුස්ලිම් දේශපාලන පක්ෂ සහ ද්‍රවිඩ ජාතික පදනම මත බිහි කරගත්ත රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ වලට අවසාන මොහොතේ අති දැවැන්ත කප්පමක් දීලා, පනහට පනහේ ඉල්ලීම්වලට එකඟතාවය ප‍්‍රකාශ කරලයි මේ පනතට ඡුන්දය ලබා ගත්තේ. ඡුන්දය ඉල්ලන අවස්ථාව වන විට විශේෂයෙන් රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, රාවුෆ් හකිම් වැනි උදවිය ඡුන්දය ප‍්‍රකාශ කිරීම ප‍්‍රමාද කරමින් අගමැතිවරයා සමග සවස 6.30 වෙනතුරු සාකච්ඡුා කරමින් ඔවුන්ගේ ඉල්ලීම්වලට අවනත භාවය ලබා ගැනීමෙන් පසුවයි ඡුන්දය ප‍්‍රකාශ කළේ. මේ දෙයින් අති විශාල කප්පමක් දීලා ජාතික පදනමක් මත බිහිවුණු දේශපාලන පක්ෂවල ඡුන්දය ලබා ගත්ත බව හො`දින්ම පැහැදිලියි. මේ තුළ දැවැන්ත පරාජයකට ආණ්ඩුව මුහුණ දුන්නා වගේම තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කර ගත්තා.

ප‍්‍ර: විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාත් පත්ව සිටින ජනතා විමුක්ති පෙරමුණත් මේ ඡුන්දයේදී ආණ්ඩුවට පක්ෂව ඡුන්දය දුන්නා?
පි: ඔව්. ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු පනහකට ආසන්න තමන්ගේ දේශපාලන ඉතිහාසයේ ධනේෂ්වර ක`දවුරට, රෝහණ විජේවීර සහෝදරයා හඳුන්වන ආකාරයට අන්ත ප‍්‍රතිගාමී කඳවුරේ ඉන්න එක්සත් ජාතික පක්ෂයත් සමග පාර්ලිමේන්තුව තුළ ලොකු සන්ධානයකට එළැඹිලා ඉන්නවා. පහුගිය අවුරුදු දෙකහමාර තුළ ඔවුන් රජය විසින් ගෙනා කිසිදු ජනතා විරෝධී, වැදගත් පනතකට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරලා නැහැ. අද දෙගොල්ලෝ සන්ධානයකට එළැඹිලා ඉන්නවා.

ප‍්‍ර: කථානායකවරයා සම්බන්ධයෙනුත් විපක්ෂය සෑහෙන්න චෝදනා එල්ල කරන ආකාරයක් අපිට පහුගිය සතියේ පාර්ලිමේන්තුව ඇතුළේ දැක ගන්න ලැබුණා?
පි: ඉතාම නරක ආකාරයෙන් තමන්ගේ ධුරය හසුරුවන කථානායකවරයා බවට මේ කථානායකවරයා පත්ව සිටිනවා. හයට ලබා ගත යුතු ඡුන්දය කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව බොහෝ වෙලාවක් පාර්ලිමේන්තුව රැුස් කරලා, කතානායකවරයා පුටුවෙන් නැගිටලා ගිහින්, එ් අවස්ථාවට සහභාගි නොවී ඉ`දලා ඡුන්ද 150ක්, එහෙමත් නැත්නම් තුනෙන් දෙක සම්පුර්ණ වුණාට පසුවයි ඔහු ඡුන්දය ලබා ගත්තේ. මේ යන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන හෝරා කිහිපය. මෙවැනි තත්ත්වයක් තුළයි තුුනෙන් දෙක ලබා ගෙන අපි දිනුවා කියන්නේ. එ් කෙසේ වෙතත් තුනෙන් දෙකේ ඡුන්දය ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ මුහුණු දෙස බැලූවම මොන තරම් පරාජිත මුහුණු ද පාර්ලිමේන්තුවේ තිබුණේ කියලා හො`දට පෙනෙන්න තිබුණා.

ප‍්‍ර: පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන වැඩිම මන්තී‍්‍ර සංඛ්‍යාවක් ඉන්නේ එ්කාබද්ධ විපක්ෂයටයි කියලා ඔබතුමාලා නිතරම කියනවා. එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් 51 දෙනාවත් මේකෙදී පනතට විරුද්ධව ඡුන්දේ දීලා නැහැ කියන චෝදනාව තියෙනවා.
පි: එ්කාබද්ධ විපක්ෂයේ කැ`දවුම්කරු ප‍්‍රසන්න රණතුංග ඇතුළු මන්තී‍්‍රවරු තිදෙනෙක් මේ අවස්ථාවේ විදේශගතව සිටියා. විදුර වික‍්‍රමනායක මන්තී‍්‍ර‍්‍රවරයා බයිපාස් සැත්කමකට මුහුණ දී සිටිනවා. එවැනි යම් යම් ප‍්‍රශ්න ඇරෙන්න එ්කාබද්ධ විපක්ෂය තුළ කිසිදු බෙදීමක් නැහැ. මේ පනතට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට මන්තී‍්‍රවරු නොපැමිණීම හේතුවෙන් එ්කාබද්ධ විපක්ෂය ඇුතුළේ කිසියම් අවුලක් තියෙන බව අනුමාන කරනවා නම් එය නිවැරදි නැහැ.
අනෙක් කාරණය නම් ආණ්ඩුවට තුනෙන් දෙක ලබා ගැනීමේදී එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර ආසන 51 අවශ්‍ය නැහැ.

විපක්ෂයේ අනෙකුත් පක්ෂ දෙක වන ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය පනත් කෙටුම්පතකට සහාය දෙනවා නම් ආණ්ඩුවට තුනෙන් දෙක හදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් ඇති වෙන්නේ නැහැනේ.

ප‍්‍ර: විසිවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වීම තහවුරු කර තිබියදී, පාර්ලිමේන්තුවට ගෙනා පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම හරහා නැවතත් මැතිවරණය කල් දමා ගැනීමක් කළ බවයි එ්කාබද්ධ විපක්ෂය පවසන්නේ?
පි: ඔව්. මේ පනතෙන් කළේ කාන්තා නියෝජනයක් ඉස්සරහට දාලා පළාත් සභා මැතිවරණය කල් දමා ගැනීමක්. සැප්තැම්බර් මාසේ පළාත් සභා මැතිවරණ තුනක් පැවැත්වෙන්න තිබෙනවා. කාන්තා නියෝජනය ලබා දීම වගේ සුන්දර කතා පිටුපස්සේ සිද්ධ වෙන්නේ එ් දේ තමයි. කාන්තා නියෝජනය වැඩි කිරීමට එ්කාබද්ධ විපක්ෂය විරුද්ධ නැහැ. විසිවන සංශෝධනයෙන් ඡුන්දය වළක්වා ගන්න බැරි වුණ නිසා එ්කට දාපු වෙට්ටුව තමයි මේ කාන්තාවන් නාමයෙන් කළේ. ඡුන්දවලට මුහුණ දෙන්න තියෙන නිසයි මේ විදියයට උප්පරවැට්ටි යොදන්නේ. මේ විදියට මැතිවරණ නොපැවැත්වීම මගින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡුන්ද අයිතියයි මේ අහිමි කරන්නේ.

ප‍්‍ර: එ් කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයටයි මේ පනත මගින් බලපැමක් වුණේ?
පි: ඇත්තෙන්ම මේක නීති ක්ෂේත‍්‍රය තුළ බරපතළ ලෙස සංවාදයට ලක් වෙමින් තිබෙනවා. මෙයින් සිදුවුණේ අධිකරණ තීන්දුවක් අවඥවට ලක් කිරීමක්. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බරපතළ අගෞරවයක් සිදු  වෙලා තියෙන්නේ.
ප‍්‍ර: මේ සම්බන්ධයෙන් එ්කාබද්ධ විපක්ෂය ඉදිරි පියවර ගැනීමක් කරන්න බලාපොරොත්තු වෙනවාද?
පි: ඔව්. එ්කාබද්ධ විපක්ෂය කිනම් ඉදිරි පියවරකට යනවාද කියන කාරණය සම්බන්ධයෙන් මේ දිනවල නීති ක්ෂේත‍්‍රයේ අයත් සමග සාකච්ඡුා කරමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයත් තමන්ගේ නිරුවත වසා ගැනීමට ගත් නින්දිත උත්සාහයක් ලෙසයි අපි මෙය දකින්නේ.

ප‍්‍ර: ගිය සතියේ පාර්ලිමේන්තුුවේ අදහස් දැක්වීම්වලදී අගමැතිවරයා එක දවසක් කිව්වා ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පවත්වන බව. ඊළ`ග දවසේ කියනවා මාර්තුවලට පෙර මැතිවරණයක් පැවැත්වෙන බව.  හරියටම මැතිවරණයක් තියෙන්නේ කවදාද කියන කාරණය සම්බන්ධයෙන් ඔබලා දැනුම්වත්ද?
පි: අගමැතිවරයා නම් අද කිියන දේ නෙවෙයි හෙට කියන්නේ. ඊයේ කියපු එක අද වෙන කොට අමතක වෙලා වෙන කතාවක් කියනන්නේ. එ් නිසා අගමැතිවරයා කියන කාරණා සම්බන්ධයෙන් ගමේ භාෂාවෙන් කියනවා නම් තුට්ටුවකට විශ්වාස කරන්න එපා කියලා තමයි ජනතාවට කියන්න වෙන්නේ. මේ දවස්වල අගමැතිවරයාගේ ධුරයෙන් එදා රජ වාසලේ හිටපු අන්දරේගේ චරිතය තමයි රඟ දැක්වෙන්නේ. මොන මොන කතා කිව්වත් මැතිවරණයට මේ ආණ්ඩුව බයයි. මොකද ඔවුන් දන්නවා ජනමතය මොන වගේද තියෙන්නේ කියලා. එ් නිසා එක්සත් ජාතික පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්, ආණ්ඩුවට සහාය දෙන, ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට නොපැමිණි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායමටත්   ඕනේ මැතිවරණ කල් දා ගන්නයි.

ප‍්‍ර: නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එ්ම සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් අගමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් එ්කකාබද්ධ විපක්ෂයේ මතය කුමක්ද?
පි: නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි. එ් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට සාකච්ඡුා පැවැත්වීමේදී පාදක කරගන්න ලියවිල්ලයි ඔය ඉදිරිපත් කළේ. අපි සාකච්ඡුා මගින් සටන් කර රටට හිතැති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එ්මට උත්සාහ කරනවා.  රටේ එ්කීයභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා වන අතරේ ජේ. ආර්. ජයවර්ධන සම්මත කළ 1978 ව්‍යවස්ථාව අහෝසි විය යුතුයි.

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී ආණ්ඩුව විසින් ගනු ලබන තීන්දු තීරණ රට හමුවට ගෙන යන්නත්, එ්වා ජනතාව අතරේ සාකච්ඡුාවට බ`දුන් කිරීමටත් එ්කාබද්ධ විපක්ෂය පියවර ගන්නවා. රටට අහිතකර කිසියම් දෙයක් වෙන්න යනවා නම් එ් සම්බන්ධයෙන් පළමුවෙන්ම රට හමුවේ හෙළි කරන්නෙත් එ්කාබද්ධ විපක්ෂයයි.

සටහන – රන්මලී සෝමසිරි